Saturday, August 1, 2015

කොටහේන ප්‍රහාරයේ ඇතැම් දර්ශන පටිගත වෙලා ?

කොටහේන ප්‍රහාරයේ ඇතැම් දර්ශන පටිගත වෙලා ?
ප්‍රහාරකයා පැතුම් ! ඉලක්කය සම්පත් !

කොළඹ, කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරනයේ යෙදී සිටි පිරිසකට නාදුනන කණ්ඩායමක් විසින් කළ වෙඩි තැබීම සන්බන්ධයෙන් මෙරට මාධ්‍ය විවිධ කරුණු සඳහන් කර තිබෙනවා.
මෙම වෙඩි තැබීම පිළිබඳ විමර්ශන කටයුතු රහස් පොලීසියට පවරා ඇති අතර දැනටමත් කීප දෙනෙක් ගෙන් ප්‍රශ්න කොට ඇති බව පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පෙන්වා දෙනවා.
මෙම සිදුවීම හේතුවෙන් කාන්තාවක් මිය ගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
ලංකාදීප පුවත්පත එම සිදුවීමේ දී ආමි සම්පත් නැමැති පාතාල සාමාජිකයා එහි සිටි බවත් එහිදී තුවාල ලැබුවේ නම් ඔහු සොයා ගැනීමට වෙහෙසෙන බවත් සඳහන් කර තිබෙනවා.
බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ මෙහෙයුමක් සිදු කළ නමුත් ඔහු ගැන තොරතුරක් නැති බවත් ඔහු තුවාල ලැබුවේ ද බේරුණේ ද යන්න පොලිසියට ප්‍රශ්නයක් බවත් ඉන් පෙන්වා දී තිබුණා.
බ්ලුමැන්ඩල් නිවාස සංකීර්ණය අසලින් සොයාගත් ඔහු පාවිච්චි කළ බව කියන හයිබ්‍රිට් වාහනයේ තිබී ටී 56 පතොරම් සොයා ගැනීම පිළිබඳවත් ලංකාදීප වාර්තා කර තිබෙනවා.
ලක්බිම පුවත්පතේ වාර්තාවට අනුව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ වෙඩි ප්‍රහාරය පාතාලයේ ගැටුමක ප්‍රතිඵලයක් බවයි.

පොලිස්පති නියමයෙන් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණක් පවත්වන බවද එහි සඳහන්.

එම ප්‍රහාරය වන විට රවි කරුණානායක මහතාගේ මාධ්‍ය කණ්ඩායමක් ද එම ස්ථානයේ සිටි බවත් එම වීඩියෝ පටවල මෙම ප්‍රහාරයේ ඇතැම් සිදුවීම් පටිගත වී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙනවා.
එම වාර්තාවේ කොටසක් පහතින්
කාන්තාව මියගොස් ඇත්තේ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.රවි කරුණානායක මහතාට සහය දැක්වූ එම අත් පත්‍රිකා බෙදාහැරීමේ කටයුත්ත සංවිධානය කර ඇත්තේ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකි. ‍

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව එම අත්පත්‍රිකා බෙදාහැරීමේ කණ්ඩායමේ සාමාජිකයන් ලෙස සංඛ සහ ආමි සම්පත් ඇතුළු පාතාලයට සම්බන්ධ කිහිපදෙනකුම සිට ඇත. ඒ බව එම අත්පත්‍රිකා බෙදාහැරීමට ගිය කිහිප දෙනකුම ‍පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.
‍පොලීසියට ලැබි ඇති තොරතුරුවලට අනුව මේ වනවිට තහවුරු වී ඇත්තේ රවි කරුණානායක මහතාට සහය දක්වමින් අත්පත්‍රිකා බෙදාහරිමින් සිටි පිරිස අතර සිටි සංඛ සහ ආමි සම්පත් ඇතුළු පාතාල සාමාජිකයන් කිහිප දෙනකු ඉලක්ක කර එම ප්‍රහාරය ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් එල්ල කර ඇති බවය.
ප්‍රහාරකයා පැතුම් !
හඳුනාගෙන ඇති ආකාරයට අනුව ප්‍රහාරය එල්ල කොට ඇතැයි පැවැසෙන්නේ පැතුම් නමැති පාතාල අපරාධකරු ඇතුළු සිව් දෙනකුගේ කණ්ඩායමකි. පැතුම් නමැත්තා දෙමටගොඩ චමින්ද නමැති පාතාල ප්‍රබලයාගේ ගෝලයෙක් බව ‍පොලීසිය කියයි. චමින්ද දින කිහිපයකට පෙර වරෙන්තුවකට බන්ධනාගාරගතව සිටී.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට විනාඩි පහ හයකට පෙර මුදල් ඇමැති රවි කරුණානායක මහතා අත්පත්‍රිකා බෙදාහරිමින් සිටි පිරිස අතරට පැමිණ සුහද කතාබහකද නිරතව සිට ඇතැයි ‍පොලීසිය කියයි.
වෙඩි තැබිම වන මොහොතේ රවි කරුණානායක මහතාගේ මාධ්‍ය කණ්ඩායමක්ද එම ස්ථානයේ සිට ඇත. ඒ අයගේ වීඩියෝ පටවල මෙම ප්‍රහාරයේ ඇතැම් සිදුවීම් පටිගත වී ඇති බැවින් එම වීඩියෝ පට ‍පොලිස් භාරයට ගැනීමට පියවර ගන්නා බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
පතොරම් ගැබ තුළ ටී 56 පතරොම් 22 ක්
ආමි සම්පත් සහ සංඛ නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනාට බ්ලූමැන්ඩල් තට්ටු නිවාස සංකීර්ණය තුළ නිවාස 3 ක් ඇති බව ‍පොලීසිය අනාවරණය කරගෙන තිබේ. එම නිවාස සංකීර්ණ භූමියේ නතර කර තිබුණු ආමි සම්පත් පරිහරණය කළ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක්ද ‍පොලිස් භාරයට ගෙන ඇත.
එම මෝටර් රථයේ ටී 56 පතරොම් ගැබක්ද තිබි හමුවී ඇත. එම පතොරම් ගැබ තුළ ටී 56 පතරොම් 22 ක් තිබි හමුවූ බව ‍පොලීසිය කියයි.
බත්තරමුල්‍ලේ පුද්ගලයකුට අයත් එම මෝටර් රථය ආමි සම්පත් කුලියට ගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

No comments:

Post a Comment