Friday, July 31, 2015

අපි රනිල් පරාද කල යුත්තේ ඇයි

අපි රනිල් පරාද කල යුත්තේ ඇයි

කතෘ:යුතුකම     7/31/2015   No comments


-විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවේ ප්‍රකාශනයකි.

හිතවත් මව් වරුනි, පිය වරුනි, සහෝදර සහොදරියනි,

අප රටේ අනාගතය තීරණය කරනු ලබන අවස්ථාවක් අගෝස්තු දාහත දින අප හට ලැබෙනු ඇත. එදින අප සටහන් කරනු ලබන අපගේ චන්දයෙන් අපරට ඉංදියන් සාගරයේ පලස්තීනය වනවාද නැතහොත් සිංහලයින්ට මේලෝකයේ පවතින එකම රටතුල සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් භේදයකින් තොරව එකම රටක් එකම ජාතියක් ලෙස ජීවත්වනවාද යන්න තීරණයවනු ඇත.

වසර තිහක් පැවති ත්‍රස්තවාදය පරාජයකොට මර බියෙන් තොරව පාරේ තොටේ ගමන් බිමන් කිරීමට, දුවා පුතා පාසැල් යැවීමට, කුනින් පිරුනු මංමාවත් නගර හා ගම් සංවර්ධනයකොට, අනාගතයට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් සඳහා අඩිතාලම දමමින්, ඒක පුද්ගල ආදායම වැඩිකරමින් ශ්‍රී ලංකාව සංවර්ධනයකරා සීඝ්‍රයෙන් රැගෙනයමින් තිබුනු මොහොතක ඒ සඳහා රට ජාතියට නායකත්වය සැපයූ අසහාය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට අස්ථානයේ හොරා යැයි චෝදනාකොට ජන මනස විකුර්ති කලාවූ, විසි නම වතාවක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කලාවු, මහින්ද රාජපක්ෂ මහතාට කරනලද එකම චෝදනාවක්වත් ඔප්පුකරගත නොහැකිව තමාවෙත එල්ලවී ඇති මහ බැංකුවේ ගිගා මගඩිය යටපත කරගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරගත්තාවූ රනිල් වික්‍රමසිංහ නැවත්ත ජනවරමක් ඉල්ලමින් ඔබ අප හමුවට පැමින ඇත.

රට නැවත කොටියාට පාවාදීමට හා නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් බිහිකිරීමට හොර ගිවිසුම් ගසා දෙමල සහ මුස්ලිම් ජාතිවාදීන්ගේ බහුතර චන්දයෙන් ජනපතිවරණය දිනා එයට හිලව්වට හොර පාරෙන් අගමැතිකම ලබාගත්තාවූ රනිල; මේවනවිට ජාතික ආරක්ෂාව අන්තුරේ හෙලා ඇත. සාම්පූර් කඳවුර ඉවත් කිරීම, අදි ආරක්ෂිත කලාප ඉවත් කිරීම, මිලේනියම් සිටි දෙවන අදියර ක්‍රියාත්මක කරමින් බුද්ධි අංශ නායක හෙන්දා විතාරණ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ආදීන් දඩයම් කිරීම, කොටි ඩයස්පොරාව සතුටු කිරීම සඳහා මිනීමරු කොටින් හා කොටි දෙනුන් නිදහස් කරන අතරතුර තම ජීවිතය පරදුවට තබා කොටි මර්මස්ථාන වලට ප්‍රහාර එල්ලකල දිගු දුර විහිදුම් බලකා සෙබලුන් දංගෙඩියට යැවීම හා රටට කීර්තියක් ගෙනදුන් ඇවන් ගාර්ඩ් සමාගම සතු ආයුධ නෞකා හෙලිකිරීම ආදිය ඉතා ප්‍රසිද්ධියේ රටට කරනලද සාපරාධී අපරාධයන්වේ. ජාතික හෙළ උරුමය රජය සමග සිටීම රනිල්ට අවශ්‍ය ලෙස උතුර සහ නැගෙනහිර පාලනය කොටියාට නොදීසිටීමට හේතුවේ යැයි යන්න තවදුරටත් වලංගුනොවේ.

රජය භාරගත් විගස රටේ උත්තරීතර ආයතනය වූ අග විනිසුරු නීත්‍යානුකූල නොවන ආකාරයට බලයෙන් පහකර දැමීම, පාර්ලිමේන්තුවේ පරීක්ෂාවකින් පසුව දඬුවම්කරනලද හිටපු අග විනිසුරුවරියගේ දඬුවම් ඒකපාර්ශ්වික ඉවත් කිරීම, මුල්‍ය චෝදනාලාභියෙක් මුදල් ඇමති තනතුරට පත්කොට ඔහුට විරුද්ධව අධිකරණයේ තිබූ නඩුවට බලපෑම්වන ආකාරයට කටයුතුකිරීමට ඉඩහැරීම සහ එම තත්ත්වය සාක්ෂි කූඩුවට ලෝකයේ පලමු වතාවට චූදිතයෙකුට දුරකථනයක් රැගෙනයෑම දක්වා වර්ධනයවීම රටේ පවතින සාධාරණ නීතිය නිරූපනය කරන්නාවූ ආයතනයට කරනලද තදබල අපහාසයක්වේ.

නොදැනවත්වම හෝ ජනාධිපති විසින් මහ බැංකු ගිගා අක්‍රමිකතාවය පිලිබඳව රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධතාවය පිලිගෙන සහ එලිදක්වා ඇත. FCID නමින් ගෙස්ටාෆෝ වර්ගයේ ආයතනයක් බිහිකොට තමන්‍ට විරුද්ධ දේශපාලකයින් මුල්‍ය චෝදනාමත දඩයම් කරන අතරතුර ශ්‍රී ලංකාවේ වාර්තා වුනු දරුනුම මුල්‍ය අපරාධයට ඔහුගේ ඇති සම්බන්ධය හෙලි නොවනුවස් ඒපිලිබඳව කෝප් වාර්ථාව එලි දැක්වීම වාරණය කරගැනීමට ඔහු කටයුතු කර ඇත.

ජාතික ගීය විකුර්ති කරණය සහ ජාතික කොඩිය විකුර්ති කරණය සඳහා මොහු විසින් පිඹුරුපත් සකසන ලදී. තහනම් ත්‍රස්තවාදී කොටි සංවිධානයේ කොඩිය උතුර සහ නගෙනහිර භාවිතයට ඉඩදුන් අතර දකුණේ සිංහ කොඩිය භාවිතය පවා උසාවියන පොලිසියන් පහරකන තත්ත්වයේ අපරාධයක් බවට පත්කරනලදී. උදාහරණයක් ලෙස ගාල්ලේදී පැවැත්වුන පාකිස්ථානය හා තරඟයේදී සිංහ කොඩිය කොඩි කනුවේ එසවීමට ඉඩ නොදීම සටහන් කල හැක.
 
රජරට පවතින රෝගයක්වූ වකුගඩු රෝගයේ රෝගකාරකවූ ග්ලයිපොසේට් අඩංගු බහලුම් පහලොවක් ආනයන තහනම නොසලකා වරායෙන් නිදහස් කරගැනීමට ඒවා ආනයනය කරනලද මහරාජා සමාගමට අවසර දෙනලදී. කුඩු සහ එතනෝල් පිලිබඳව විශාල ගෝසාවක් මහින්ද රාජපක්ෂට එරෙහිව කලද ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම අනුව මෙහෙයුම්කර අත් අඩංගුවට පත් මහ කුඩුකරු වෙලේ සුදා ආරක්ෂා කිරීමේ පිලිවෙතකට මොවුන් අවතීර්ණ වී ඇතිබවට සැක මතුවෙමින් පවතී. කෝටි දෙකකට වැඩි මුදලක් ටයර් රවි නමැත්තෙකු හරහා හුවමාරු වීම මෙම තත්ත්වය ඇතිවීමට බලපා ඇතිබවට චෝදනා මතුවී ඇත. එසේම පසුගිය රජය වසර හයකට ගෙන්වූ එතනොල් ප්‍රමානයකට වඩා වැඩි එතනොල් ප්‍රමානයක් පසුගිය දින එකසිය පනහට ගෙන්වා ඇතිබවට චෝදනා ඉදිරිපත්වී ඇත.

මේනයින් බලන කල රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයක් බිහි වීම යනු ඒකීය ශ්‍රී ලංකාවේ අවසානය වන අතර කුඩු එතනොල් ආදී මත්ද්‍රව්‍ය වලින් සපිරි, මුල්‍ය වංචා සහ දූෂණය ඉහවහගිය, අසාධාරණ අවනීතිය රජයන්නාවූ සමාජයක් බිහිකර ගැනීමක්වේ. එබැවින් ඔබගේ වටිනා චන්දය අප රට වැනසීමට නොව රට සැනසීමට හා රැකීමට භාවිතා කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. එය ඔබ උපදින්නට ඉන්නාවූ අනාගත පරපුරට දෙන්නාවූ තිළිණයක් වනු ඇත.

ඔබාමාට මෙන් මහින්දට ගෙදර යා නොහැකි ඇයි?

ඔබාමාට මෙන් මහින්දට ගෙදර යා නොහැකි ඇයි?

කතෘ:යුතුකම     7/31/2015   4 comments

තම දෙවන ධූරකාලයෙන් පසු නීතියට ගරු කරමින් නැවත ඡන්දයට ඉදිරිපත් නොවන බව බැරක් ඔබාමා පැවසූ අතර එය මේ දින වල ශ්‍රී ලාංකික මාධ්‍ය සහ සමාජ ජාල තුල කතිකාවක් ගොඩනගා තිබේ. මහින්ද විරෝධීන් විසින් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට මෙය උගත යුතු පාඩමක් බවත් මහින්දට එල්ල කල කනේ පහරක් බවත් හුවා දැක්වීමේ උත්සාහයක නිරත වෙමින් ඇත.

ඔබාමාට මෙන් මහින්දට දෙවරකට පසු ගෙදර යා නොහැකි මන්දැයි විමිසිය යුතුය.
රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැති වූයේ මේ ලිපිය ලියන මා පාසලේ 9 පන්තියේ සිටියදීය. එතැන් සිට අවුරුදු 22ක්ම තවමත් එක්සත් ජාතික පක්ෂ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. ප්‍රේමදාස, ගාමිණි,ලලිත්,මල්ලිමාරච්චි වැනි එජාප පතාක නායකයින් කොටි සංවිධානය විසින් ඝාතනය කිරීමහේතුවෙන් ඇති වූ හිඩැස නිසා රනිල් වික්‍රමසිංහ වැනි ශ්‍රී ලාංකික ජාතිකත්වය ගැන අවබෝධයක් නැති පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂ නායකයා බවට පත්විය.

එංගලන්තයේ චර්චිල් දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෙදර යවනවා මෙන් හෝ ඔබාමා දෙවන වතාවෙන් පසු ගෙදර යවනවාක් මෙන් මහින්ද ගෙදර යැවිය නොහැක. එයට හේතුව විරුද්ධ පක්ෂයේ නායකයා රනිල් වීමයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් නොවුනා නම් මහින්ද ගෙදර යාම කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නොවනු ඇත. මහින්ද අවශ්‍ය වන්නේ රනිල් නැවතත් පරාජය කල යුතු නිසාය. සමහර විට රනිල් ජීවත් සිටින තුරුම එජාප නායකයා වී සිටිනු ඇති අතර ඉදිරියේදීත් ඔහුව පරාජ කල යුතුව ඇත.

එංගලන්තයේ චර්ච්ල්ගෙන් පසු පැමිණි ආණ්ඩුව තම රටේ හමුදාව යුධ අපාරාද කලා දැයි පරීක්ෂා කලේ නැත. හිට්ලර් යුද්ධයෙන් ලබා ගැනීමට උත්සාහ කල දේ නාසිවාදීන්ට යුද්ධයෙන් පසු සිදුකිරීමට ඉඩ දුන්නේ නැත. ඔබාමා ගෙදර ගිය පසු අල්කයිඩා සංවිධානය හිස ඔසවාවියැයි ඇමරිකානු ජනතාවට බියක් නැත. අල්කයිඩා සාමාජිකයින් වොෂින්ටනයට ගෙන්වා සැණකෙළි පැවැත්වීමට ඊළඟට පැමිනෙන ජනාධිපතිවරයා කටයුතු කරාවි යැයි ඇමරිකානුවන් සිහිනෙන්වත් සිතන්නේ නැත. කලින් ජනාධිපතිවරයා කරගෙන ආ සංවර්ධන කටයුතු අලුත් ආණ්ඩුවක් ආ පමණින් එංගලන්තයේ හෝ ඇමරිකාවේ නවතා දමනු නැත. ලෝකයේ මූලෝපායිකව ඉතාමත් වැදගත් ස්ථානයක වරායක් හා ගුවන් තොටුපොළක් ඉදිකලහොත් ඊළඟ ආණ්ඩුව එහි පුටු ටික ගලවාගෙන යාවි හෝ වසා දමාවියැයි බියක් ඒ රටවලට නැත. ගුවන් තොටුපලට හෝ වරායට නැව් නොඑන්නේ නම් වෙන රටක ආණ්ඩුවක් නම් කරන්නේ ඒවාට නැව් සහ ගුවන් යාන ගෙන ආ හැකි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමයි. නමුත් එහෙම ක්‍රමයක් ලංකාවේ නැත.

මේ කාරණා මෙසේ සිදුවෙද්දී රනිල් එජාපයේ නායකයාව සිටින තුරු එසේත් නැතිනම් ශ්‍රී ලාංකීය ජාතිකත්වය මත සිටගත් නාකයකු එම පක්ෂය බාර ගන්නා තුරු අපිට මහින්ද නැවත නැවතත් ගෙන ඒමට සිදුවනු ඇත.

- මතීෂ චාමර අමරසේකර


[යුතුකම පාඨක ලිපියකි
චායාරූපය ෆේස්බුක් පිටුවකින් උපුටාගත්තකි ]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

අනුර දිසානායකගේ යටත්විජිතවාදය

අනුර දිසානායකගේ යටත්විජිතවාදය

ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ වි පෙරමුණ එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල්   (1/4) මාක්ස්වාදී  පක්‍ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත්වෙමින් ඇත. එ ජා ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි. 


1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්‍ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්‍ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය. 

ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්‍ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති. 

අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද? 

මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්‍රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.

ජ  වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.

නලින් ද සිල්වා

2015 අගෝස්තු 01

රනිල්ගේ පොරොන්දු

රනිල්ගේ පොරොන්දු

1980 දී රනිල්ගේ වයස අවුරුදු තිහක් පමණ වී යැයි සිතමි. එකල තිබුණේ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනගේ ආණ්ඩුවකි. 1977 දී බලයට පත්වූ ජේ ආර් ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමට පොනේදු විය. මාමා පොරෙන්දු ඉටු කිරීමේ දක්‍ෂයෙක් විය. ඔහු අධර්මිෂ්ඨ භීෂණ රජයක් පිහිටුවී ය. අද යහපාලනය ගැන මැත දොඩන කුලියට කහින ධර්මසිරි බණ්ඩාරනායක එදා ජේ ආර්ට විරුද්ධව නාට්‍යයක් නිෂ්පාදනය කර ගැනීමට තරම් කොන්දක් නොමැතිව පරිවර්තන කෘතියක් ලෙස මකරාක්‍ෂයා නිෂ්පාදනය කෙළේ හොරණ විද්‍යාරත්නයෙන් ලැබුණු තුට්ටු දෙකේ මාක්ස්වාදී ආභාසයෙන් විය යුතු ය. පොතේගුරු කසිකබල් මාක්ස්වාදීන් වූ ඔවුහු කිසි දිනෙක ජාතිකත්වයක් සහිතව යටත්විජිත විරෝධී කලාකරුවෝ නොවූහ. ඔවුහු ද අවසාන විග්‍රහයේ දී බටහිර ගැත්තෝ වූහ. අද ඔවුන් රනිල් වැනි බටහිර ගැත්තකු සමග යම් ජාතිකත්වයක් ඇති මහින්ද රාජපක්‍ෂට විරුද්ධව දීිග කන්නේ ඔවුන්ගේ ජාතිකත්වයක් නැති කසිකබල් මාක්ස්වාදයේ හෙළුව ද ප්‍රදර්ශනය කරමිනි.
 

එ ජා ප ඊයේ උපන් පක්‍ෂයක් නො වේ. ගොන් කතා කීමෙහි ප්‍රසිද්ධ කිරඇල්ලලාට, තමන් විසින් මෙරටට ගෙන්වන ලද පාතාල කුඩ්ඩන් ට වෙනත් පාතාලයන් කරන වෙඩි තැබීම් සංධානයට පැටවීමට වෑයම් කරන රවිලාට මතක නැති වුවත් 1977 සිට 1994 දක්වා මෙරට පාලනය කෙළේ රනිල්ගේ මාමා ජේ ආර් හා වෙන්ඩ උපාධිධාරී සජිත්ගේ පියා ආර් ප්‍රේමදාස හා ටික කලකට මෙලෝ රහක් නැති විජේතුංග ය. එකල රනිල් යම් කාලයක අධ්‍යාපන ඇමති පදවිය දැරී ය.  අපකීර්තිමත් ධවල පත්‍රිකාව ගෙන ආවේ එකල බව චම්පකට හා අනුර දිසානායකට අමතක වීමට හේතුවක් නැත. ඔවුහු අද රනිල්ගේ චුවිං ගම් හප හපා සිටිති. රනිල්ලා අනුරලා 87 -92 භීෂණය ගැන වගකිවයුත්තෝ වෙති. පාතාලය සමග එ ජා ප නායකයන්ගේ සම්බන්ධය ඉතා ඇත අතීතයට යයි. මැතක දී වුවත් ගෝනවල සුනිල් සමාව හා රනිල් අතර සම්බන්ධය මැදි වයසේ අය ද දනිති.

ධවල පත්‍රිකාවට අමතරව දිනකට රුපියල් දහයක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා වැඩ වර්ජනය කළ ජූලි වර්ජකයන් මහපාරට ඇද දැමුවේ ජේ ආර් ය. ජූලි වැඩවර්ජකයන් කී දෙනෙක් සිය දිවි නසා ගත්තෝ ද? ඔවුන්ගෙන් කී දෙනකුගේ දරුවන්ගේ අනාගතය ජේ ආර් කා දැමුවේ ද? රාජ්‍ය සේවය කප්පාදු කරන ලද්දේ රනිල්ලාගේ ආණ්ඩු විසිනි. පොදුවේ ගත්කල එ ජා ප ආණ්ඩු රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බැඳී සිටියි. නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක උපාධිධාරීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙහි උපාධි ප්‍රදානය කිරීමට තීරණය කෙළේ රනිල්ලාගේ ආණ්ඩුවකිනි. අනුර දිසානායකට හා චම්පකට ත්‍රීමාවිතාන මතක ද? අඩුම තරමෙන් රතන හිමියන්ට මතක ද? කරු පරණවිතානට මතක ද? 

රනිල්ගේ පොරොන්දු තවත් ව්‍යාජ පොරොන්දු පමණ ය. රාජ්‍ය සේවය කප්පාදු කිරීමට, රාජ්‍ය වැය අඩු කිරීමට, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය  කප්පාදු කිරීමට බටහිර යටත්විජිතවාදීන් සමග එකඟත්වයනට පැමිණ සිටින පක්‍ෂයක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් ගැන කතාකරන විට නිදහස් අධ්‍යාපනය නගා සිටුවීමට කතාකරන විට ඔවුන් කරන රැවටිල්ල අපට තේරුම් ගත හැකි ය. ඇතැම් තරුණ තරුණියන් මේ කිසිවක් නොදන්නවා විය හැකි ය. එහෙත් ඔවුන්ට වුව ද දැනුවත් වීමට තවත් සති දෙකක පමණ කාලයක් ඉතිරි වී ඇත.  

1977 -– 1994 කාලය හඳුන්වනු ලැබුයේ දහහත් අවුරුදු ශාපය ලෙස ය. රනිල් ඉල්ලන්නේ ශාපය අඩු තරමෙන් මාස හැටකින් දිර්ඝ කර රට දෙමළ ජාතිවාදීීන්ට පාවාදීමට ය. අප ඔහුගේ බොරු පොරොන්දූවලට රැවටිය යුතු නො වේ. රනිල්, අනුර චම්පක එකතු වී තවත් භීෂණයකට මුල පුරනු ඇත. 

නලින් ද සිල්වා

2015 ජූලි 31


මැ කො දේශපාලනයට

මැ කො දේශපාලනයට

මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලනයට අවතීර්ණ වී ඇත. ඔහු එසේ කර ඇත්තේ අද ඊයේ නො වේ. පෞද්ගලික ව ජනමාධ්‍යවෙිදීන් සමග කරන සාකඡාවල දී ඔහු ඇතැම් ජනමාධ්‍යවෙිදීන්ට ජාතික මතවාදවලින් බැහැරවීමට උපදෙස් දී ඇත. ජාතික මතවාදවල ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගෙන් කිහිප දෙනකු පමණ ය. මැතිවරණ කොමසාරිස් තම බලය අයුතු ලෙස යොදා ජනමධ්‍යවේදීන්ට බලපෑම් කරන්නේ ඇයි? 


කිසිම පුද්ගලයකු අපක්‍ෂපාති නැත. අපි සියළු දෙනාම යම් පමණකට අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵල වෙමු. අපට අපේ දෙමව්පියන්ගෙන් ලැබුණු දේශපාලන ආගමික හා වෙනත් සංස්කෘතික මතවාද වෙයි. අප කිහිප දෙනකුට අපට ලැබුණු බටහිර ගැති ලිබරල්/මාක්ස්වාදී අධ්‍යාපනයෙන් කැඩී වෙන්වීමේ වාසනාව තිබුණ ද බොහෝ දෙනෙක් බටහිර අධ්‍යාපනයෙහි හිරකරුවෝ වෙති. මැතිවරණ කොමසාර්ස් ද අයත්වන්නේ දෙවැනි ගණයට ය. ඒ දෙවැනි ගණයට අයත් පිරිස බහුතරය බැවින් ද ඔවුන්ට බටහිර ආධිපත්‍යයික ආරක්‍ෂාව ලැබෙන බැවින් ද මෙරට ඊනියා අපක්‍ෂපාතීත්වය තීරණය වන්නේ ඔවුන් අතිනි. මැතිවරණ කොමසාරිස් තමා අපක්‍ෂපාති යැයි සහතිකයක් ලබන්නේ මේ තුට්ටුවක් නොවටිනා අනුකාරක පඬියන් අතිනි. 

ජනවාරි 8 වැනි දා උතුරු පළාතේ පැවැත්වූ ජනාධිපතිවරණය පිළිබඳ ව ඇතැමුන් තුළ ඇත්තේ පහන් සිතිවිලි නො වේ. එහෙත් ඔවුහු තම මත ප්‍රසිද්ධියේ නොකියති. උදේ වරුවේ ඡන්දය දැමීමේ ප්‍රතිශතය 23ක් පමණ වුව ද සවස් යාමය වන විට එය හැත්තෑගණනකට ඉහළ ගියේ කෙසේ ද යන්න අදත් නොවිසඳි ප්‍රශ්නයකි. විවිධ පුද්ගලයන්ට ඒ සඳහා විවිධ හේතු ඉදිරිපත් කළ හැකි ය. එහෙත් එකී සිද්ධිය පිළිබඳ ව හැකි ඉක්මණින් පරීක්‍ෂණයක් පැවැත්වීම මෙරට දේශපාලනයට හිතකර ය.

මැතිවරණ කොමසාරිස් පසුගිය දා ප්‍රකාශයක් කරමින් දේශපාලනඥයන් තම වාසිය සඳහා ජාතිවාදී හැඟීම් ඇවිස්සීමෙන් තොරව කටයුතු කිරීමේ වැදගත්කම සඳහන් කර ඇත. බැලූ බැල්මට මෙය යහපත් ප්‍රකාශයකි. එහෙත් මේ ප්‍රකාශය බටහිරයන් විසින් ඇතිකරනු ලැබූ දෙමළ ජාතිවාදයේ දෙමළ ජාතික සංධානයට බලපාන්නේ නො වේ. එය බලපාන්නේ නම් විසඳී ඇති ප්‍රශ්නයක් නැවතත් මතුකරමින් (ටී එන් ඒ සන්නිය ලිපිය කියවන්න) දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම යම් පියවරක් ගැනීමට මැතිවරණ කොමසාරිස් ඉදිරිපත් විය යුතු ය. දෙමළ ජාතියක් යනුවෙන් වෙන ම ජාතියක් ඇති බව, ඔවුන්ට ස්වයංනිර්ණ අයිතිය ඇති බව හා තවත් එවැනි දෙමළ ජාතිවාදී හැඟීම් අවුස්සන ප්‍රකාශ ඇතුළත් එකී මැතිවරණ ප්‍රකාශය පිළිබඳ මැතිවරණ කොමසාරිස් නිහඬ ඇයි?

අප බොරු පඬියන් වීමට උත්සාහ කළත් මෙරට ජාතිවාදීන් ලෙස අධිපති බටහිර මතවාදය විසින් හැඳින්වෙන්නේ සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතළොස්සකි. මැතිවරණ කොමසාරිස් වෙස් මුහුණක් පැළඳ ගත්ත ද, ඔහුගේ ඊනියා අපක්‍ෂපාතී ප්‍රකාශය ඒ අතළොස්සට විරුද්ධව ය. මැතිවරණ කොමසාරිස් එංගලන්තයට ගොස් ඇතැයි සිතමු.  එංගලන්තයේ ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානින්ට ඇති අයිතිවාසිකම් හා වරප්‍රසාද මෙරට සිංහල බෞද්ධයන්ට තිබේ ද? මැතිවරණ කොමසාරිස් උත්සාහ කරන්නේ බටහිර ලිබරල්/මාක්ස්වාදී මතවාදවල පිහිටෙන් සිංහල බෞද්ධයනට තිබෙන සොච්චමත් නැති කිරීමට ය. ඒ මතවාදවල කිසිම අපක්‍ෂපාතීත්වයක් නැත. 

මැතිවරණ කොමසාරිස් තවත් ප්‍රකාශයක් කරමින් පන්සල්වල දේශපාලනය කිරීමට විරුද්ධ වී ඇත. ඔහු ගෙදරින්, පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් ලැබූ අධ්‍යාපනය හේතුවෙන් මෙරට ඉතිහාසය නො දනියි. මෙරට පන්සල් දේශපාලනයෙන් වියුක්ත වූ යුගයක් ගැන මැතිවරණ කොමසාරිස් දන්නේ ද? එංගලන්ත ඉතිහාසය ගැන දන්නේ නම් එහි පල්ලිවල තිබූ හා තිබෙන දේශපාලනය ගැන අවබෝධයක් මැතිවරණ කොමසාරිස්ට තිබිය යුතු ය. ආගම රාජ්‍යයෙන් වෙන්විය යුතු බවට බටහිර අධ්‍යාපනයෙහි සඳහන් වන්නේ තවත් ඊනියා විද්‍යාත්මක පට්ටපල් බොරුවක් ලෙස ය. විශ්වවිද්‍යාලයේදී පට්ටපල් බොරු උද්භිද විද්‍යාව හදාරා එයින් කැඩීමට නොහැකි වූ අයකුගෙන් සිංහල බෞද්ධයනට යහපතක් වේ යැයි බලාපොරොත්තු විය නො හැකි ය. 

නලින් ද සිල්වා

2015 ජූලි 31

මෛත්‍රිපාලගේ සැලසුම් ජන බලයට යටයි

මෛත්‍රිපාලගේ සැලසුම් ජන බලයට යටයි

මෛත්‍රිපාල හැකි කමක් ඇත්නම් ජනවාරි 9 වැනි දා කළ දේ අගොස්තු 18/19 වැනි දා ද කරනු ඇත. ඔහු හැකිනම් රනිල් පික්පොකට් අගමැති කරනු ඇත. එසේ නොහැකි නම් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද නොවන අයකු අගමැති කරනු ඇත. එහි දී මුදල් ලබාදීම්  ශ්‍රී ල නි පක්‍ෂයෙන්් මන්ත්‍රීන් බා ගැනීම්, ආදිය සැලසුම් කෙරෙන බව රහසක් විය නො හැකි ය. 


පික්පොකට් ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස සේවය කළ ශ්‍රී ල නි පාක්‍ෂිකයන් කිහිප දෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වය පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන අතින් තහනම් වීම ගැන ප්‍රමෝදයට පත්විය යුතු නො වේ. මෛත්‍රිපාල සිරිසේන එසේ කෙළේ එමගින් ශ්‍රී ල නි ප  මධ්‍යම කාරක සභාව රැස් නොකර සිටීමට ඔහුට අවස්ථාව ලැබෙන බැවිනි. යථාකාලයේ දී මේ සියළු දෙනා පික්පොකට් ආණ්ඩුවක සාමාජිකයන් වීමට නියමිත ය.  

ජනතාවට මෛත්‍රිපාල සිරිසේනගේ හා ඔහුගේ විජාතික උපදේශකයන්ගේ සැලසුම් පැරදවිය හැකි ය. පළමුවෙන් ම කළ යුත්තේ සංධානයට මන්ත්‍රීවරුන් 125 දෙනකුට වැඩි සංඛ්‍යාවක් ලබා දී මන්ත්‍රින් බා ගැනීමට ඇති ඉඩකඩ අවම කිරීම ය. එවිට බොහෝ විට මෛත්‍රිපාල සිරිසේනට සංධානයෙන් අගමැති කෙනකු පත් නොකර සිටීමට නොහැකි වනු ඇත. දෙවනුව මනාප සටනේ දී මහින්ද සමග නොසැලී සිටින අයට පමණක් මනාප දීමට ඉටාගත යුතු ය. චන්ද්‍රිකා, මෛත්‍රිපාල ආදීන් සමග හොර රහසේ කටයුතු කරන සංධානයේ අපේක්‍ෂකයන්ට මනාපයක් නොදිය යුතු ය. ඔවුන්ට මනාප දී ඔවුන් මන්ත්‍රීවරුන් වුවහොත් ඔවුන් සමග ද එකතු වී මහින්ද රාජපක්‍ෂ අගමැති නොවන බවට මෛත්‍රිපාල සිරිසේන වග බලා ගනු ඇත. අද බටහිරයන්ට හා ඉන්දීයයන්ට අප රට ලේ විලක් බවට පත්කිරීමේ අවශ්‍යතාව ඇත. රට අස්ථාවර කිරීම ඔවුන්ගේ අරමුණ වෙයි. එහෙත් අපට කරුණු තේරුම් ගෙන කටයුතු කිරීමෙන් ඔවුන් පරාජය කළ හැකි ය. 

මෙය ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමක් නො වේ. පක්‍ෂයට ද්‍රොහිකම් කර පක්‍ෂය ඝාතනය කළ සෝමාරාම පරදවා ශී්‍රී ල නි පක්‍ෂය ශක්තිමත්ව යළි බිහිකර ගැනීමකි. එහි දී පක්‍ෂය යළි ඉපදෙනු ඇත්තේ මහින්ද රාජපක්‍ෂ සමග මිස ඝාතකයන් සමග නො වේ.  මෛත්‍රිපාල සිරිසේන හා ඔහුගේ උපදේශකයන් සැලසුම් කෙළේ මහින්ද රාජපක්‍ෂට නාම යෝජනා නොදී සිටීමට ය. එහෙත් මහජන බලය හමුවේ මෛත්‍රිපාල සිරිසේනට එසේ නොදී සිටිමට නො හැකි විය.

ජනතා අවශ්‍යතාව නිසා ම මහින්ද රාජපක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංධාන නායකත්වයට පත් විය. එය ද මෛත්‍රිපාල සිරිසේනගේ කැමැත්ත නිසා සිදු වූවක් නො වීය. මෛත්‍රිපාල සිරිසේනගේ අකමැත්ත තිබිය දීම ජනතාව මහින්ද රාජපක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංධාන ලැයිස්තුවේ නායකත්වයට පත් කර ගත්හ. 

සංධානයට ආසන 125ක් පමණ ලැබුණහොත් මෛත්‍රිපාලට ජනබලයට පිටුපා මහින්ද රාජපක්‍ෂ අගමැති නොකර සිටීමට නො හැකි වනු ඇත. අද කළ යුත්තේ මෛත්‍රිපාලලාගේ සැලසුම් ගැන කල්පනා කර ඔවුන්ට තම අපේක්‍ෂා මුදුන්පත් කර ගැනීමට අවස්ථාව ලබා නො දීම ය. ජනතා බලයට අවසානයේ දී මෛත්‍රිපාලට යටවීමට සිදුවනු ඇත. එහෙත් එතෙක් ඔහු බටහිර හා ඉන්දීය සැලසුම් ක්‍රියාත්මක කර රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද නොවන වෙනත් ශ්‍රී ල නායකයකු හෝ  අගමැති ලෙස පත්කිරීමට හැකි සෑම උත්සාහයක් ම දරණු ඇත. 

අප සැම විට ම සතුරාගේ සැලසුම්   අධ්‍යයනය කර ඒ පරාජය කිරීමට ක්‍රියා කළ යුතු ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස කටයුතු කරනතාක් මහින්ද රාජපක්‍ෂට විවිධ බාධක ඇති කරනු ඇත. අද කළ යුත්තේ අගොස්තු 19 වැනි දාට පසු මෛත්‍රිපාල සිරිසේන ආපසු පුලස්තිපුරයට යැවීමට ක්‍රමයක් කල්පනා කිරීම ය.

නලින් ද සිල්වා 

2015 ජූලි 30

Sunday, July 26, 2015

මෛත්‍රී සමග ඇති අමනාපයට වඩා ඔහු සමග ඇති මිතුදම දිගයි - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

මෛත්‍රී සමග ඇති අමනාපයට වඩා ඔහු සමග ඇති මිතුදම දිගයි - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙරට දේශපාලන පිටියේ සුවිශේෂී චරිතයකි. තිස් වසරක් තුළ ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදය පරාජය කරමින් ඉතිහාසයේ නම සනිටුහන් කිරීමට සමත් වුවද. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා පරාජයට පත්වූයේ බොහෝ චෝදනාවන්ටදලක්වෙමිනි. දැන් මහින්ද රාජපක්ෂ නම නැවතත් කතාබහට ලක්වන්නේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම උදෙසා දේශපාලන සටන් බිමට අවතීර්ණවී සිටින බැවිනි. මේ වත්මන් දේශපාලනය පිළිබඳව ඔහු සමග කළ සාකච්ඡාවකි.

අරලියගහ මැදුරෙන් ජනාධිපතිකම අතහැර හිමිදිරි අලුයම මෝටර් රථයක නැග අවසන්වරට රටේ ජනතාවට ආචාර කර නික්ම යන මොහොතේදී නැවත දේශපාලනයට එනවා කියලා නිකමටවත් සිතුණද?

මම එදා අරලියගහ මැදුරෙන් නික්ම වුණු දවසේ නැවත දේශපාලනයට පැමිණෙන අදහසක් තිබුණේ නැහැ. ඒ වගේම මම හිතුවේ නැහැ, එදා ගෙදර ආපු මාව නැවත ඉල්ලගෙන මේ තරම් ජන ගංගාවක් මැදමුලනට එයි කියලා.

මම හිතුවා ටිකක් විවේක ගන්න ඕනේ කියලා. මම ගෙදර ආපු දවසේ ඉඳන් මිනිස්සු මාව බලන්න ආවා. මම බලන්න ආපු සමහරු මාව දැකලා අඬනවා. මට වඳිනවා. රට භාරගන්න කියනවා. මාව බලන්න ආපු සෙනග වෙනුවෙන් මේ පාර දෙපස කඩ දාන්නත් පටන් ගත්තා. සමහරු දන්සල් දෙන්නත් පටන් ගත්තා.
මම හැමදාමත් මේ රටේ දරුවන්ට වගේම සියලු ජාතීන්ට ආදරය කළා. සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියලා මම බෙදීමක් කළෙත් නැහැ. මාව බලන්න මේ හැම ජනකොටසක්ම ආවා. ඔවුන්ගේ සිත්වල මහා දුකක් තිබෙන බව මට වැටහුණා. මට ඔවුන් ආරාධනා කළා ඔවුන්ගේ ගම්වලට පැමිණෙන්න කියලා. ඉන්පසුවයි මම රට පුරා පන්සල්වලට යන්න පටන් ගත්තෙ. අපේ මහා සංඝ රත්නය මා වෙනුවෙන් බෝධි පූජා පැවැත්තුවා. ඒ බෝධි පූජාවලට මට ආරාධනා කළාම මම කොහොමද නොගිහින් ඉන්නෙ. බුදු දහම කොහොමත් මගේ ජීවිතයට ඉතා සමීපයි. පන්සල් වෙහෙර විහාර මට අමුතු දෙයක් නොවෙයි.

නැතුව මම පන්සල්වලට ගියේ දේශපාලනය කරන්න නෙමේ.දිනේෂ්ලා, වාසුලා, විමල්, ගාමිණී, උදය වගේ අපේ පැත්තේ ක්‍රියාශීලි දේශපාලන නායකයෝ කීපදෙනෙක් මා වටා එක්වෙන අසීමිත ජන ගංගාවට අවශ්‍ය පෙළගැස්ම නුගේගොඩින් ආරම්භ කළා. ඒ වගේම තමයි පළාත් සභාවල අපගේ මන්ත්‍රීතුමන්ලා සියයට අනූනමයක්ම මට නැවත දේශපාලනයට එන්න කියලා ආරාධනා කළා. 

සමහරු නම් කියන්නේ මන්ත්‍රීවරයෙකු, ඇමැතිවරයෙකු, අගමැතිවරයෙකු, ජනාධිපතිවරයෙකු වෙලා සිටි ඔබ නැවත මේ මන්ත්‍රීවරයෙකු වෙලා පාර්ලිමේන්තුවට රිංගන්න හදන්නේ බලයට ඇති කෑදරකම නිසා කියලයි?
මොන බොරුවක්ද? මමද බලයට කෑදර? එහෙම නම් අවුරුදු දෙකකුත් තියාගෙන මම මැතිවරණයකට යනවද? මැතිවරණයකට නොගියා නම් මම තාම ජනාධිපති. මට අවශ්‍ය වුණේ ජනතාවගේ කැමැත්ත බලන්නයි. ජනතාව මාව එපා කිව්වාම මම ගෙදර ගියා. ඉන්පසු ජනතාව නැවත ආපසු මාව බලන්න ඇවිත් රට බාරගන්න කියනවා. මම මොකද කරන්න ඕනේ. ජනතා ඉල්ලීම අහක දාන්න ඕනෙද? අනිත් කාරණාව ජනවාරි 08 දා මම පරාජය වුණේ උතුරේ ඡන්දවලින් පමණයි. දකුණේ ඡන්දවලින් මම පරාදවුෙණ් නැහැ. මේ අයමනෙ කිව්වේ මාව පරාද කළේ අවුරුදු දෙකක කුමන්ත්‍රණයකින් කියලා. ඒ කුමන්ත්‍රණයට මගේ කරට අත දාගෙන හිටපු අයත් හවුල් වුණා. මම මිනිසුන් පිළිබඳව දැක්වූ අසීමිත විශ්වාසය තමා ඔවුන්ම මාව පරාද කරන්නත් යොදාගත්තේ.

අනික රනිල් අගමැති වුණේ ජනතාවගේ කැමැත්තෙන්ද? නෑ. ඒත් මම 70 වේ ඉඳල මැතිවරණවලට මුහුණ දෙනවා. ජය පරාජය මට පුරුදුයි. මම ජනතාවට ද්‍රෝහිකම් කළා නම්, හොරකම් කරලා තියෙනව නම් මට මෙහෙම නැවත ජනතාව අතරට යන්න පුළුවන්ද? මම අහන්නෙ ඇයි මම එනවට මේ අය මේ තරම් බය කියලයි. 


ඔබ නැවත බලයට ආවොත් ඔබ වටා සිටි නොයෙකුත් දූෂිතයින් නැවත ඔබ වටා එකතුවෙන බවට, විරුද්ධ පාක්ෂිකයින් විවිධ මත ජනතාවට පවසනවා?

එහෙම අය කවුරුත් දැන් මා වටා නැහැ. ඒ සමහරු දැන් දේශපාලනයෙත් නැහැ. මා වටා හිටපු අන්තවාදීන් අද අලියට එකතු වෙලා. මට දැන් ඔය කා ගැනත් හොඳ වැටහීමක් තිබෙනවා. ඒ නිසා මම බලයට ඇවිත් රටේ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරවනවා. ඇමැති ද, මන්ත්‍රී ද තමන්ගෙ කෙනාද, පුතාද, බාප්පද කියලා දැන් මම බලන් නැහැ. වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. 

එදා ඔබගේ ආණ්ඩුවේ ඇමැතිකම් දැරූ සමහර අය නීතියේ ආධිපත්‍යය අතට ගෙන ක්‍රියා කළා. මාධ්‍ය ආයතනවලට පැමිණ පහර දුන්නා. විධායක ජනාධිපතිව සිටි ඔබට එදා ඇයි එවැනි අයට දඬුවම් දෙන්න බැරිවුණේ?

ඔය කියන ඇමැතිවරයාට නිසි දඬුවම එදා එම මාධ්‍ය ආයතනයට පහර දෙන්න ගිය අවස්ථාවේදීම ලැබුණනෙ. එයා රතු පාට නාගෙනයි ඒ මාධ්‍ය ආයතනයෙන් එළියට ආවේ. මම හිතුවේ ‍ලේ කියලා. ඔළුවත් පැලුවා. එහෙම දඬුවමක් ලබපු කෙනාට මම ආයිමත් දඬුවම් කරන්න ඕනෙද? ඔහුට අද වන විටත් කළ වැරදිවලට නිසි දඬුවම් ලැබි තිබෙනවා. 

වර්තමානය වන විට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභිබවා නැගී සිට ඇති බවක් පෙනෙන්නට ඇතැයි මා පැවැසුවහොත්....?

මට නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. ඔවුන්ට අද රාජ්‍ය බලය තිබෙන නිසයි ඔබට එහෙම පෙනෙන්නේ. ජනතා බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගයි. එය 17 දාට රටටම දැකගන්න ලැබෙයි. ඔවුන් අද අසීමිත ලෙස ‍පොලිස් බලය, රාජ්‍ය බලය, මාධ්‍ය බලය පමණක් නොවෙයි ධනේශ්වර පන්තියේ බලය මතුකරගෙනයි කටයුතු කරන්නේ. 

ලක්ෂ 62ක ජනවරමකින් මීට මාස 7කට පෙර පිහිටුවූ රජය පිළිබඳව ඔබට ඇති ප්‍රධානම විවේචනය මොකක්ද?

මම විතරක් නමෛයි, වෙනසක් කරන්න ආපු මේ යහපාලන ආණ්ඩුව ගැන අද මුළු රටම විවේචන ඉදිරිපත් කරනවා. සමහරු අද දුක් වෙනවා රටට වෙච්ච දෙයක් කියලා.

නීතියේ ආධිපත්‍යයට අද මොකද වෙලා තියෙන්නේ, කැලෑ නීතිය රජ කරනවා. අපේ කා‍ලේ විනිසුරුවරයෙකුටවත් බලපෑම් කරලා නැහැ. නමුත් අද අධිකරණයටත් බලපෑම් කරනවා. අද බලන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මොනතරම් පීඩාවකට මේ අය පත්කර තියෙනවද කියලා. බොරු චෝදනාවලට අපේ මන්ත්‍රීතුමන්ලා හිරේ විලංගුවේ දැමුවා. රාජ්‍ය සේවකයාට තිබූ ගෞරවාන්විත පිළිගැනීම විනාශ කළා. රජයේ සේවකයින්ගෙන් පළිගැනීම් කළා. රැකියාවලින් දොට්ට දැමුවා. අල්ලස් හෝ දූෂණ කොමිසමට පමණක් රජයේ නිලධාරීන් 800ක් පමණ මේ වන විට ගෙන්වා තිබෙනවා.


රටක් පාලනය කරන විට ජාත්‍යන්තර සබඳතා ඉතා වැදගත් වෙනවා. නමුත් ඔබ ජනාධිපතිව සිටියදී අනුගමනය කළ විදේශ ප්‍රතිපත්ති නිසා අපට හිතවත් බොහෝ මිතුරු රාජ්‍ය විරසක වුණා නේද? විශේෂයෙන් ඉන්දියාව?

ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයේ නමක් ඇතිකරන්න හැකිවුණේ මටයි. සාර්ක් සමුළුව, ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය සමළුව ඔබට මතක ඇතැයි කියලා මම හිතනවා. ලෝකයේ රාජය නායකයින් කීදෙනෙක් ලංකාවට ආවද? ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී අපි පවත්වපු ආකාරය ගැන අදත් මුළු ලෝකයම කතා කරනවා. 

හැබැයි මම කවදාවත් විදේශ රාජ්‍යයන් ඉදිරියේ දණින් වැටුණේ නැහැ. රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඔවුන්ට අත‍පොවන්න දුන්නේ නැහැ. මට ත්‍රස්තවාදය අවසන් කරගත හැකි වුණෙත් ඒ නිසයි. අද සමහරුන්ට මේවා මතක නැහැ. රටක් ලෙස අපි ස්වාධීනව නැගිටින විට අපි ගැන විරසක භාවයක් ඇතිකරගත් විදේශ රාජ්‍ය තිබෙන්නට පුළුවන්. නමුත් මට වැදගත් වූයේ අප උපන් මාතෘ භූමිය පමණයි. සමහරු කියනවා මම චීනයට ගැතිවුණා කියලා. මම චීනයෙන් ණය ආධාර ගන්නවා වගේම ඇමෙරිකාවෙනුත් එංගලන්තයෙනුත් ණය ගත්තා.

මම ඉන්දියාව සමග තරහක් ඇති කරගත්තේ නැහැ. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා පවා මට කතා කළා. මට සුබ පැතුවා. නරේන්ද්‍ර මෝදි පමණක් නොවෙයි හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මැතිතුමා සමගත් අපි ඉතාමත් සුහදව කටයුතු කළා. 

ඔබතුමාගේ පාලන කාලයේ කළ නොයෙක් ව්‍යාපෘති අසාර්ථක ව්‍යාපෘති බවට ඇතමුන් පෙන්වා දෙනවා. නැව් නැති වරායවල්, ගුවන් යානා නැති ගුවන් තොටු‍පොළවල් හැදූ බවට කොපමණ චෝදනා නැගෙනවද...?

අද, අධිවේගී මාර්ග අසාර්ථකද, සිවිල් ගුවන් සේවා අසාර්ථකද...? හම්බන්තොට වරාය ගමු. මේ වරාය හැදුවේ හදපු ගමන් නැව් ගේන්න නෙමේ. ක්‍රමානුකූලවයි රටේ සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන්නේ. ඉතා හොඳ මුහුදු මාර්ගයක් ඉලක්ක කොටයි හම්බන්තොට වරාය හැදුවේ. ඒ වරායට නැව් එන ක්‍රමවේදයත් අපි පටන් අරගෙනයි තිබුණේ. මේ අය තමයි මේ ව්‍යාපෘති විනාශ කරන්නේ. අද මෙම ව්‍යාපෘතිවලින් විශාල ආදායමක් ලබනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා වියලුවේදී කිව්වා මේ වරාය පුද්ගලීකරණය කරනවා කියලා. අමතක කරන්න එපා මත්තල ගුවන් තොටුපළ වහලා තිබුණත් මේ රටට මුදල් ලැබෙන බව. මොකද කිසියම් ගුවන් යානාවක් අපගේ ගුවන් සීමාවේ පියාසර කරන විට අපිට මුදල් ලැබෙනවා. 

ඔබ ගොඩනගන්න බලා සිටින නව ආණ්ඩුවෙන් ජනතාවට ලැබෙන විශේෂ සහන මොනවද...?

විශේෂයෙන් තරුණයාගේ අනාගතය ගොඩනැගීම, රටේ සාමය, නීතියේ ආධිපත්‍ය සුරැකීම, කුඩු එතනෝල්වලින් රට මුදවාගැනීම, රටේ සාරධර්ම සුරැකීම අපගේ අරමුණයි.

අපි මේවා කිව්වාම එක්සත් ජාතික පක්ෂය මේවා එකතු කරගෙන දැන් දෙන්න පුළුවන්නම් දීලාම දානවා. ඒ නිසා මේවා දැන්ම කියන එකත් නුවණට හුරු නැහැ. කොහොම වුණත්, තවදුරටත් කියනවනම්, රාජ්‍ය සේවයේ ගෞරවය රැකීම, අවම වැටුප 25000 කිරීම, විශ්‍රාමිකයන්ට සහන සැලසීම, ‍පොලීසියට උසස් වීම් ලබාදීමේ නව වැඩපිළිවෙළක් හඳුන්වා දීම, ආරක්ෂක අංශ සඳහා නවීන පුහුණුවීම් ලබාදීමට අපි බලා‍පොරොත්තු වෙනවා. මේ ආණ්ඩුව අපේ හමුදා අඩු කරන්න විශාල වැඩපිළිවෙළක් කරන්න යනවා, විදේශවලින් අද මේ ආණ්ඩුවට බලපෑම් කරනවා, හමුදාව අඩු කරන්න කියලා. ඒවා වහාම නතර කොට හමුදා සේවයේ වැටුප් තල වෙනසකට ලක්කොට අසාධාරණකම් ඉවත්කිරීමට මා බලා‍පොරොත්තු වෙනවා. රබර් මිල, වී මිල වැඩි කිරීම.රනිල් නම් කියනවා තේවලට 90ක් දෙනවා කියලා. මම කියනවා ‍පොරොන්දු වූ 80 දෙන්න කියලා. අද නුවර තේ කිලෝව රුපියල් 43 යි. ඒ නිසාම මේ ගොවි ජනතාවගේ ආර්ථිකය නගාසිටුවන්න ඕනේ. ඒ වගේම තමයි ව්‍යාපාර කඩාවැටීම. වහාම ව්‍යාපාර නගාසිටුවිය යුතුයි. අපි ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලා‍පොරොත්තු වෙනවා. තව ගොඩක් තියෙනවා ඒවා පසුව රටට කියන්නම්.

ඔබ පැහැදිලි කළේ සංවර්ධන අභියෝගය ජයගන්න ආකාරයයි. නමුත් මුළු ලෝකයම අපිට ඇඟිල්ල දිගු කරන දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් දෙන්න සැලැස්මක් නැද්ද...?

අපි ඒ සඳහාත් තීන්දුවක් ගෙන තිබෙනවා, අපි තමයි දෙමළ ජනතාවට ඡන්ද බලයක් දීලා ඔවුන්ගේ ජීවිතවලට අභය දානයක් දුන්නේ. එම දෙමළ ජනතාවට එකඟ විය හැකි විසඳුමක් අපි දෙන්න අවශ්‍යයි. හැබැයි ඔය දෙමළ නායකයින්ට එකඟ වෙන්න හරි අමාරුයි. ඔවුන් හදන්නේ එයාලගේ රාජධානි හදාගෙන ඒවායේ., රජ කරන්නයි. ඒ සඳහා ඉඩ තියන්න මට බැහැ. උතුරේ ජාතිවාදයට වඩා කුල පීඩනයක් තිබෙනවා. ඒ ජනතාව ඒවාටත් මුහුණ දෙනවා. මේ සියල්ල හරිහැටි වටහාගෙනයි අපි ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ. අපි උතුරු හා නැගෙනහිර පළාත් පසුගිය අවුරුදු පහ තුළ අතිවිශාල සංවර්ධනයකට ලක් කළා.

පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්, යුද හමුදාව හා මහින්ද රාජපක්ෂ මහතා සමග රහස් ගිවිසුමක් ඇතිකරගෙන බලයට එන්න හදනවා කියලා දෙමළ ජාතික සන්ධානය චෝදනාත් එල්ල කළා නේද...?

මගේ දේශපාලන ඉතිහාසයේ කවමදාකවත් මම රහසේ කුමන්ත්‍රණ කරලා නැහැ. රහස් ගිවිසුම් මා තුළ නැහැ. අපේ පක්ෂය කුමන්ත්‍රණ කරලා නැහැ. කිසිවෙකු සමග මම රහස් ගිවිසුම් ඇතිකරගෙන නැති බව ජනතාව දන්නවා. මම විවෘත මිනිහෙක්. පළිගැනීම් මා ළඟ නැහැ. මගේ විවෘතභාවය තමයි ලොකුම දුර්වලකම වුණේත්. නමුත් මට ජනතාව රවට්ටන්න බැහැ. ජනතාවට බොරුවක් කරන්න බැහැ. අපි මේ මාතෘභූමියට ණයගැතියි. ඒ නිසා රටේ ජනතාවට මම කියන්නේ දෙමළ මුස්ලිම් කියලා බියවෙන්න එපා. අපි රට තුළ අන්තවාදයට ඉඩ තියන්නේ නැහැ. හැම කෙනෙකුගේම අයිතිවාසිකම එකහා සමානයි. විශේෂත්වයක් කාටවත් නැහැ.

මෙවර මැතිවරණයේදී විපක්ෂය නම් කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය අන්ත පරාජයක් ලබන බවයි. ඔබගේ විශ්වාසයට අනුව ඔබගේ සන්ධානයට ආසන කීයක් හිමිවෙයිද...?

ආසන 117කට වැඩි සංඛ්‍යාවක් අපි ලබාගන්නවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ පාලනය මේ දින 100 කට වැඩි කාලය තුළ ජනතාව හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. වෙනසක් කියලා ඡන්්ද දුන්නු අයට පහුගිය කා‍ලේ රටේ ඇතිවූ වෙනස කුමක්ද කියලා අද තේරිලා තිබෙන්නේ. බොහෝ දෙනා මට අද කතා කරනවා එක්සත් ජාතික පක්ෂයේ මේ දුර්වල පාලනය ගැන. ඒ නිසා අගෝස්තු 17 දාට රටේ ජනතාව සන්ධානය ඉහළින්ම දිනවලා පෙන්නාවි.

සන්ධානය ජයග්‍රහණය කළත් ඔබට අගමැතිකම නොදෙන බව ජනාධිපතිවරයා මුළු රටටම කිව්වා. ඔබට නිකම්ම නිකන් මන්ත්‍රීවරයෙක් වෙන්න වෙයිද...?

එය බලාගන්න අගෝස්තු 17 වෙනකම් ඉමුකෝ. මොකටද අපි කට ඉස්සර කරගන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය හමුවේ කළ ප්‍රකාශයෙන් ඔහු ඔබ කෙරේ දැඩි විරසක භාවයකින් සිටින බව පෙනෙන්නට තිබුණා. ඔබ තුළත් ඔහු කෙරෙහි එවැනිම විරසකභාවයක් ඇති නේද...?

එහෙම කිසිම දෙයක් නැහැ. මාව දැක්කම එහෙම හිතෙනවද...? අඩුම තරමින් මගේ ප්‍රකාශයකින්වත් මම එතුමාට චෝදනා කරලා නැහැනේ. ඒ ප්‍රකාශය මම ඒ තරම් ගණන් ගන්නේ නැහැ. ඔහුගේ හිතේ තිබුණු දේවල් තමයි එළියට දැම්මේ. මගෙ කිසිම විරසක බවක් ඔහු කෙරේ නැහැ. අපි හැමෝම මෛත්‍රී කරන්න ඕනෑ.

එළැඹෙන මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කර ඔබ අගමැති වුණා යැයි අපි සිතමු. එහිදී ජනාධිපති හා අගමැති වන ඔබ අතරේ ඇති අමනාපකම් රටේ පාලනයට අහිතකර ලෙස බලපායි නේද?

දැන් රනිල් අගමැති කරලා, රටේ පාලනය හරියට කරනවද? අපි ගොඩනගපු රට මේ මාස 6ට විනාශ කළා. දැන් අපිට නැවත රටට පණ දෙන්න වෙලා.

ජනාධිපති හා මා අතරේ අමනාපකමකට වඩා ඉතා දිගු මිතුදමක් තිබෙනවා. අමතක කරන්න එපා අපි එකට වැඩ කළ අය. ඈත්වෙලා හිටියේ ටික දවසයි. ඒ නිසා රටේ අනාගතය ගොඩනැගීමට කිසි ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සකස් කරද්දී ඔබට ඉතා හිතවත්ව සිටි කිහිප දෙනකුට නාම යෝජනා ලැබුණේ නැහැ. කවුද ඒ තීරණය ගත්තේ?

පක්ෂයේ නායකයා තීරණයක් ගත්තාම අපිට ඊට එකඟ වෙන්න සිදුවෙනවා. ඒක ප්‍රශ්නයක් තමයි. නමුත් තීරණවලට අපිට බලපෑමක් කරන්න බැහැ.

නිදහස් පක්ෂයේ නායකත්වය බාරදීම ගැන අද කනගාටු වෙනවාද?

කිසිම කනගාටුවක් නැහැ. මම එහෙම පක්ෂයක් භාර දුන්නට කවුරුවත් එහෙම පක්ෂයක් භාර දෙනවද? ඉතිහාසයේ නායකයෝ එහෙම කරලා තියෙනවද? හැබැයි පක්ෂය ආරක්ෂා කරගන්න එක සභාපතිගේ වගකීම. මට ඕනනම් තිබුණා මැතිනිය එක පාරක් පක්ෂයේ ‍ලේකම්ලා අයින් කරලා පක්ෂය රැකගත්තා වගේ දෙයක් කරන්න. මම එහෙම කළේ නැහැ. දැන් මේ තහනම් නියෝග ගෙනල්ලා. මොන විහිළුවක්ද? එහෙම තහනම් නියෝගයක් ගත්ත එක පක්ෂයට කැළලක්. මොකද පක්ෂයේ සභාපතිව ඉවත් කරන්න අපේ කාගේවත් වුවමනාවක් නැහැ.

මම හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙක්. මම දින 7න් පක්ෂය බාර දුන්නා. ඉතිහාසයේ කිසිම නායකයෙක් එහෙම පක්ෂය බාරදීලා නැහැ. මට පක්ෂය ගන්න වුණේ සටන් කරලා. මම ඇමෙරිකාවේ ඉන්න කෙරීට වඩා ප්‍රජාතන්ත්‍රවාදය සුරකින මිනිසෙක්. ඒ නිසානේ ඔවුන්ට මාව ප්‍රශ්නයක් වුණේ. මාව පරාද කරන්න කටයුතු කළේ.

ගිරුවාපත්තුවේ ජන නායකයා ගිරුවාවේ ජනතාව අතහැර මහ මැතිවරණයට කුරුණෑගලට පැනලා ගියා කියලා ඔබට ලොකු චෝදනාවක් මේ දිනවල විපක්ෂයෙන් එල්ල කරනවා?

මම ගිරුවාපත්තුවේ මිනිහා නිසයි මේ රටම ආදරය කරන්නේ. ගමේ සුවඳ මා ළඟ තියනවා. මම ගැමියෙක්. එය හංගන්න මට ඕනේ නැහැ. ගිරුවාව වගේම කුරුණෑගලත් මට මගේ ගම වගෙයි. කුරුණෑගලින් විතරක් ‍නෙවෙයි රත්නපුරෙන්, අනුරාධපුරයෙන්, ගම්පහිනුත් මට මැතිවරණයට තරග වදින්න ආරාධනා කළා. මම තීරණයක් ගන්නටත් පෙර කුරුණෑගල අපේ නායකයින් ටී.බි. ඒකනායක, සාලින්ද, ජොන්ස්ටන් වගේ ඇමැතිවරු මුල්වෙලා ප්‍රකාශයක් නිකුත් කළා මම කුරුණෑගලින් ඉල්ලනවා කියලා.

ගිරුවායේ ඉඳලා කුරුණෑගලට යන එකත් ඓතිහාසිකයි. මොකද රුහුණත් රාජධානියක්. ඒ වගේම රාජධානි 4ක් තිබුණු ප්‍රදේශයකට තමයි කුරුණෑගල අයිති වෙන්නේ.

ඒ වගේම හම්බන්තොටට බොහෝ සමාන දේශගුණයක් තමයි කුරුණෑගල සමහර ප්‍රදේශවලත් තියෙන්නේ. කුරුණෑගල ප්‍රදේශයේ මම විශාල සංවර්ධනයකුත් කර තිබෙනවා. කුලියාපිටිය නගරයට ඔබට ගිහින් බලන්න පුළුවන්.

මේ දිනවල ඔබ මැතිවරණ වේදිකාවේ කියන කාරණයක් තමයි රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 25,000ක් කරන බව. ඒ වගේම ඔබ තවත් ‍පොරොන්දු ජනතාවට ලබා දෙන බව පවසනවා. ඔබ ජනාධිපති වෙලා සිටි වසර 10 තුළ ඇයි මේ දේවල් කරන්න බැරිවුණේ?

මාගේ වසර 10ක පාලන කාලය තුළ තරම් මේ රටේ රාජ්‍ය සේවකයින්ට සෞභාග්‍යය කැන්දවූ ඉතිහාසයක් තියෙනවද? එදා මම රට භාර ගන්නකොට රාජ්‍ය සේවකයින් හිටියේ ලක්ෂ 3යි. මම එය ලක්ෂ 15ක් දක්වා වැඩි කළා. එදා තිබූ සොච්චම් වැටුප අද තිබෙන ගානට වැඩි කළේ මමයි. අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට මම වැඩි කළ මුදල මේ අයට තාම දීගන්න පුළුවන් වුණාද? මම හැමදාම මේ රටේ රාජ්‍ය සේවය ආරක්ෂා කළා.

එක්සත් ජාතික පක්ෂය විකුණා දැමූ රාජ්‍ය සම්පත් මම නැවත රජයට ගත්තා. එයාර් ලංකා, සතොස, රක්ෂණ, ගෑස්, වතු සමාගම් ඇතුළු ආයතන හැට අටක් තුට්ටු දෙකට විකුණුවා. මම ඒවා නැවත අරගෙන එම ආයතනවල දියුණුවට අවශ්‍ය අංගසම්පූර්ණ ගොඩනැගිලි, නවීන පහසුකම් ලබාදෙමින් උගත්, තරුණ තරුණියන්ට ඒවායේ රැකියා දොරටු විවර කර දුන්නා.

හිටපු ජනාධිපතිවරයා ලෙස ඔබට අවශ්‍ය සියලු ආරක්ෂාව ලබාදී ඇති බව ආණ්ඩුව පවසා තිබෙනවා. නමුත් ඔබගේ ආරක්ෂාව මදි බවට ඔබගේ පාර්ශ්වය දිගින් දිගටම කරුණු පවසනවා. ඔබට මරණීය තර්ජනත් එල්ල වන බවට වැඩිපුර කතා කරනවා. මෙය මැතිවරණය ජයග්‍රහණය කිරීමට භාවිත කරන එක තුරුම්පුවක්ද?
අද මම ඉන්නේ දැඩි අනාරක්ෂිත බවක බව රටම දන්නවා. ත්‍රස්තවාදීන් නැති කිරීම නිසා මමත්, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ සියලු දෙනාටම මේ තර්ජනය තිබෙනවා. මෙහෙම තිබියදී මට ලබාදී ඇති ආරක්ෂක රථවල අඩුවක් තිබෙනවා. මම දැන් දිනපතා රැස්වීම්වලට යනවා. ජනතාව විශාල උත්සාහයක් ගන්නවා මට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න. කොහොම වුණත් මොන තර්ජනය තිබුණත් මම රටේ ජනතාවගේ ඉල්ලීම වෙනුවෙන් ආරම්භ කළ මේ පියවර පස්සට ඇද දමන්නට කිසිවෙකුටත් බැහැ. මොන ආරක්ෂාව නැති වුණත් රටේ ජනතාව මට ලබාදෙන ආරක්ෂාව ගැන මම ඉතා සතුටු වෙනවා. 

ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීම පිළිබඳව මෙවර මැතිවරණයෙන් ඔබගේ පාර්ශ්වය වැඩිපුර කතා කරනවා. මිනිසුන්ගේ ඡන්දය ගන්න කළ හොරකම් වහගන්න යුද්ධය ගැන නැවත කතා කරනවා කියලා මේ නිසාම ඔබටත් ඔබගේ පාර්ශ්වයටත් ඇඟිල්ල දිගුවෙනවා?

ත්‍රස්තවාදය අවසන් කිරීම ගැන අපිට කතා කරන්න අයිතියක් නැද්ද? අද දකුණේ කෑගහන අයට නිදහසේ බියක් සැකයක් නැතිව උතුරට යන්න හැකිවී තිබෙන්නේ අපි ත්‍රස්තවාදයෙන් රට මුදවාගත් නිසා නොවේද?
එදා අපේ ගම්වලට මළමිනී ආපු හැටි මතක නැද්ද? බස් රථයේ, දුම්රියේ, වගේම ප්‍රධාන නගරවල බෝම්බ පිපිරුණා. පාසල් මුර කළා. මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා ඝාතනය කළා. උදේට ගෙදරින් ගිය තාත්ත අම්මා හවසට ගෙදර එයිද කියලා දරුවෝ හිටියේ දෙගිඩියාවක. මම මේ අතීතය මතක් කරනවා නොවෙයි. මේවා කියන්න වෙන්නේ අද අපේ අයට මේවා අමතක වෙලා නිසයි.

ත්‍රස්තවාදය පරාජය කිරීම මතක් කරලා ඡන්දය ගන්න අපිට අවශ්‍ය නැහැ. නමුත් අපි රට වෙනුවෙන් කළ කාර්යයන්වලදී එය ප්‍රධානයි. මම අදටත් විශාල සැනසීමක් ලබන කාරණාවක් තමයි ත්‍රස්තවාදයෙන් රට බේරගන්න හැකියාව ලැබිම ගැන. විශේෂයෙන් අපේ තරුණ තරුණියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ලැබිම ගැන.

ඔබගේ රජය පැවැති කා‍ලේ මංමාවත් ඉදිකරමින් රටේ මහා සංවර්ධනයක් ඇති කළ බව බොහෝ දෙනා පිළිගන්නවා. නමුත් ඒ සංවර්ධනයට මුවාවෙලා ඔබගේ රජය ජනතා මුදල් කොල්ලකා ඇති බවට වාර්තා පවා ආණ්ඩුව රටට ප්‍රසිද්ධ කළා. සමහර සංඛ්‍යා‍ලේඛන පවා ඉදිරිපත් කළා. 

පුද්ගලයෙක් විනාශ කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ප්‍රධාන එක තමයි මරා දැමීම. අනෙක් ක්‍රමය චරිත ඝාතනය. මේ අය අද කරන්නේ දිගින් දිගටම චරිත ඝාතනය කිරීමයි. හැබැයි මතක තියාගන්න ඕනේ 1956 සිටම මේ වාමාංශික නායකයන්ගේ ප්‍රතිරූපය විනාශ කර දැමුවා. බණ්ඩාරනායක මහතාගේ වගේම මැතිනියගේ පවා චරිත ඝාතනය කළානේ. එපමණක් නොවේ ධර්මපාලතුමාගේ ප්‍රතිරූපයත් විනාශ කළේ හොරා කියන වචනය පාවිච්චි කරලයි. මේ හොරා කියන වචනය මට අලුත් දෙයක් නොවෙයි. මේ කුමන්ත්‍රණයේ ආරම්භයේ සිටම මේ වචනය පාවිච්චි කරමින් තමයි මාව විනාශ කරන්න හැදුවේ. 

අපි කළ සංවර්ධනය මෙයාලට කරගන්න බැරිවුණු නිසයි මෙහෙම චෝදනා කරන්නේ. අපි ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තියට ළංවෙන්නවත් මෙයාලට හැකිවුණාද? අපි සියලු දේ කළේ ජනතාව අතරේ මුදල් ගැවසෙන ආකාරයටයි. හැම ගමකටම සංවර්ධනය රැගෙන ගියා. ගමේ පාර, පාලම, රෝහල, පාසල හදනකොට ඒ කොන්ත්‍රාත්තු ලබාදුන්නේ ගමේ කොන්ත්‍රාත්කරුවන්ටයි. එයින් ගමේ ඉන්න මේසන්බාස්ට, වඩුබාස්ට අත්උදව්කරුවන්ට මුදල් ලැබුණා. සෘජු හා වක්‍ර රැකියා මොනතරම් මේ සංවර්ධන ව්‍යාපාර හරහා රටේ ඇතිවුණාද? අපි අධිවේගී මාර්ග කීපයක් හැදුවා. අපි නාස්ති කළා, දූෂණය කළා කියන අය අද මේ මැතිවරණ කාලයේ එහාට මෙහාට කරදරයක් නැතිව යන්නේ අපි පාරවල් මෙහෙම හදපු නිසා නොවේද?

රටේ අනාගත පරපුර වෙනුවෙන් ඔබ බොහෝ සංවර්ධනයන් රට තුළ කළත් ජනාධිපතිවරණයේදී තරුණ ඡන්ද ඔබෙන් ගිලිහුණා නේද?

එයට හේතුව තමයි තරුණයන්ට එක්සත් ජාතික පක්ෂයේ පාලනයේ අත්දැකීම් නැතිකම. ටයර් සෑයවල්වල තරුණයෝ මැරුණු හැටි, බටලන්ද වධකාගාරය, රැකියාවලින් දොට්ට දැමීම, පහරදීම්, නූතන තරුණයා දන්නේ නැහැ. ඒ නිසයි තරුණයා වෙනසක් කරන්න ඡන්දය දුන්නේ. 94 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිනේ රට පාලනය කළේ. මම හිතනවා පසුගිය මාස 6ක කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ පාලනය මොන වගේද කියලා තරුණයෝ වටහා ගන්න ඇති කියලා. හෙට දවසෙත් මේ යහපාලනය කියලා එකතු වෙලා ඉන්නෙත් එකම කට්ටියක්. එදා බටලන්ද වධකාගාරය පවත්වාගෙන ගිය අය සහ මෙරට තරුණ තරුණියන් හැට දාහක් මරා දැමීමට දායක වූ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් තමයි මේ යහපාලන පෙරමුණ කියලා අලුත් විදිහට කතා කරන්නේ. හැබැයි ඒ අයගේ සැඟවුණු ඉතිහාසය අප අමතක කළ යුතු නෑ.

පානුක රාජපක්ෂ

අන් අයට බලන්න SHARE කරන්න

199

Thursday, July 23, 2015

එකවරක්‌ පැරදුණු මහින්ද ගෙදර යායුතු නම් 19 වරක්‌ පැරදුණු රනිල් රට හැර යා යුතුයි

එකවරක්‌ පැරදුණු මහින්ද ගෙදර යායුතු නම් 19 වරක්‌ පැරදුණු රනිල් රට හැර යා යුතුයි
- නිමල් ලන්සා

ආනන්ද නිශ්ශංක - කටුනායක

අද වනවිට කුඩු, එතනෝල් කන්ටේනර් පිටින්ම බහිනවා. මේ අය කරන්නේ අපිට හොරු දූෂිතයෝ කියා කියන එක මතුර මතුර ඉන්නවා විතරයි. මේවා ගැන කථා කිරීමට මා ඕනෑම මාධ්‍යයකින් විවාදයකට ඒමට සැදී පැහැදී සිටිනවා, යෑයි බස්‌නාහිර පළාත් ඇමැති නිමල් ලන්සා මහතා පැවැසීය.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් මෙවර මහ මැතිවරණයේ අපේක්‍ෂකයන් වන ප්‍රසන්න රණතුංග, සරත් කුමාර ගූණරත්න, නිමල් ලන්සා, උපුල් රජිත ප්‍රනාන්දු යන අයගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක්‌ කටාන ආසනයේ ජ.නි.පෙ. මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහතාගේ සංවිධානයෙන් මහින්ද දිනවමු තේමාව යටතේ කටුනායකදී පැවැති අවස්‌ථාවේදී ඊට සහභාගි වෙමින් නිමල් ලන්සා මහතා මෙම අදහස්‌ දැක්‌වීය.

එහිදී ලන්සා මහතා මෙසේ ද කීවේය. මෙවර බස්‌නාහිරෙන් පාර්ලිමේන්තුවට යැමට හැකි ඉතා දක්‍ෂ තරුණ තරුණියන් විශාල පිරිසකගේ නම් කුහක ලෙස කපා දැම්මා. පාරම්පරික මන්ත්‍රීවරුන් යෑයි සිතාගෙන සිටින දේශපාලකයන් පිරිසක්‌ මහවැලි කේන්ද්‍රයේ සිට දින හතරක්‌ පුරාවටම නිදිමරාගෙන ඒ කටයුත්ත කළා.

ඒ සියලුදෙනා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය සමඟින් එක්‌ව ඒ කටයුත්ත කළ බවට දැනගැනීමට ලැබිලා තිබෙනවා. මෙහෙමත් දේශපාලනයක්‌ මොකටද.

කටානෙන් එ.ජා.ප.යෙන් එළියට පැමිණි 'වන්සොට්‌' කටානේ ජනතාවටත්, පැදුරටත්, නොකියාම රත්නපුරයට පැන්නා.

සැබැවින්ම ඔහු වන්සොට්‌ කෙනෙක්‌මයි. කටානෙන් එකවරයි, රත්නපුරෙන් එක්‌වරයි. මෙවර ගම්පහින් දිවුලපිටියෙන් 'වන්සොට්‌ම' ගෙදරම තමයි.

ඒ මදිවට මේ යෝධයා හැමතැනම කියනවා මහින්ද පැරදුණා නම් ගෙදර යන්න ඕනේ කියා. එහෙමනම් දහනව වතාවක්‌ එක දිගටම පැරදුන රනිල් වික්‍රමසිංහ රටත් අත් හැරලා යා යුතුයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා - පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් අගමැති කරවීම ගැන කථාකරන මෛත්‍රීපාල ජනාධිපතිවරයා තම සභාපති කමත් පක්‍ෂයත් පාවාදෙමින් කටයුතු කරමින් සිටිනවා. එදා 'නහී වේරේන වේරානි' උතුම් බුද්ධ වචනය ඉදිරියට ගෙන එමින් ජනාධිපතිවරණයෙන් ජයගෙන බුද්ධ වචනයටත් පයින් ගහලා වෛරයෙන් ඒකාධිපතියෙක්‌ බව ඔප්පුකරමින් එක්‌ මොහොතකින් රනිල්ව අගමැති කළා.

එදා ජනාධිපතිවරණයේදී මුහුණු පොත හරහා තරුණ මනසට බොරු පොම්ප කරලා තරුණයන් මංමුලා කළාට නැවත ඔවුන් රැවටෙන්නේ නැහැ. රනිල්ලා මෙවර මහින්ද භීතිකාව මත වැඩ අරඹා ගෑස්‌වලින් රුපියල් සීයක්‌ තවත් අඩු කරලා. තව ටික කලකට මැතිවරණය කල්ගියානම් ගෑස්‌ සිලින්ඩරයකින් රුපියල් පන්සීයක්‌ විතර අඩුකර ගන්නත් තිබුණා.

තව ඉදිරියේදී තව මොනවා හෝ අඩුකරයි. හැබැයි බැරිවෙලාවත් රනිල් දිනුවොත් අඩු කරන හැමදේම ක්‍ෂණයකින් ගෑස්‌ වේගයෙන් වැඩි වෙනවා නිසැකයි.

මෙම ජනහමුවේදී මෙවර සන්ධාන අපේක්‍ෂක සරත් කුමාර ගුණරත්න, උපුල් රජිත ප්‍රනාන්දු යන මහත්වරුද වත්මන් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිස්‌චන්ද්‍ර, ලලන්ත ගුණසේකර, මෙරිල් පෙරේරා යන අයද අදහස්‌ දැක්‌වූහ.

මා ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී කියා බොරු කටකතාවලට ප්‍රචාරයන්ට රැවටෙන්නට එපා

මා ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී කියා බොරු කටකතාවලට ප්‍රචාරයන්ට රැවටෙන්නට එපා
කුරුණෑගල දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ

නැවත මේ රටේ මව්බිමට පණ දෙන්න යන ගමනක්‌ අරඹා තියෙනවා

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

"මැතිවරණයක්‌ එන විට බොරු කටකතා පතුරවනවා. බොරු ප්‍රචාර ගෙනියනවා. මා ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී කියා හැඳින්වීමට කටයුතු කරනවා. ඒ බොරු ප්‍රචාර හා කටකතාවලට රැවටෙන්න එපා කියා මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා" යෑයි හිටපු ජනාධිපති හා එ.ජ.නි. සන්ධානයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ අපේක්‌ෂක මහින්ද රාජපක්‌ෂ මහතා පසුගියදා (20 දා) ගාල්ලේ දී පැවසීය.

එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ අපේක්‌ෂක මනුෂ නානායක්‌කාර මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ගාල්ල නගර ශාලාවේ පැවැති ජනහමුවකට එක්‌වෙමින් මහින්ද රාජපක්‌ෂ මහතා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය.

නැවත මේ රටේ මව්බිමට පණ දෙන්න යන ගමනක්‌ අපි ආරම්භ කොට තියෙනවා. ඒ නිසා අපි ඉතා කල්පනාකාරීව තින්දු ගතයුතු වෙනවා. හදිස්‌සි වෙලා තීන්දු ගන්න බැහැ. අපි යුද්ධය ඉවර කරලා මුළු රටම සංවර්ධන වැඩබිමක්‌ බවට පත්කළා. අධිවේගී මාර්ග ඉදි කළා. ඒ අධිවේගී මාර්ගයේ යන ගමන් අපට බනිනවා. අධිවේගී මාර්ගය නිසා ගාල්ල නගරය ප්‍රධාන මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වෙලා තියෙනවා. අද ඇතමුන් කොළඹ ඉඳලා ගාල්ලට එනවා කෑමට කොළඹට යනවා. මේ වගේ තත්ත්වයක්‌ තමයි තිබුණේ. අද ගාලු උරුමයට කොළඹින් තමයි පත්කරලා තියෙන්නේ. රුපියල් එක්‌ලක්‌ෂ හැත්තෑපන් දහසේ වැටපුකට වාහනත් දීලා. අපේ කාලේ වැටුප් ගත්තේ නැහැ. මේක තමයි ගාල්ලට ලැබෙන සැලකිල්ල. අපි ගාල්ලේ ගංවතුර උවදුර නැති කළා, පාරවල් හැදුවා, ගාල්ල නගරය සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කළා. නමුත් මේ ආණ්‌ඩුව මගින් අපි කරපු දේවල් විනාශ කරනවා.

මහින්දෝදය විද්‍යාගාරවල නම් කපලා ඒවාට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ඒවා නතර කරලා. අපි ලබාදීලා තිබුණු නිදහසත් සංවර්ධනයත් අතුගාලා දමනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ආරම්භ කරපු සංවර්ධන යෝජනා ක්‍රම 58000 ක්‌ නතර කරලා. මුදල් රාජ්‍ය ඇමැතිවරයාගෙන් අහපු ප්‍රශ්නයකට තමයි ඔහු මේ බව කියන්නේ. මව් සායන නතර කරලා, ගමට පනදීම සඳහා ආරම්භ කරපු මේ සංවර්ධන ව්‍යාපෘති නතර කරලා. අද ගමේ බෝක්‌කුවක්‌, ඇළ වේල්ලක්‌ හැදෙන්නේ නැහැ. කුඩා ව්‍යාපාරිකයන් අසරණ වෙලා. ඔවුන්ට යන එන මන් නැතිවෙලා. එක්‌ ලක්‌ෂ පනස්‌ දහසකට පමණ රැකියා නැතිවෙලා තියෙනවා. ගල් කඩන පුද්ගලයාගේ ඉඳලා වඩු කාර්මිකයා දක්‌වා රැකියා නැතිවෙලා. අධිවේගී මාර්ගයේ වැඩ නතර වීම නිසා විශාල පිරිසකට තිබූ වක්‍ර රැකියා අහිමි වෙලා.

තේ දලු කිලෝවක්‌ රුපියල් 80 කට දෙනවා කීවා. නමුත් ඒ මිල ලැබෙනවාද? රබර්වලට කියපු මිල ලැබෙනවාද? අපි බලයට පත්වූ ගමන් තේ කිලෝවක්‌ සඳහා රුපියල් 90 ක්‌ ලබා දෙනවා. රබර්වලට රුපියල් 350 ක්‌ හා 380 ක මුදලක්‌ ලබා දෙනවා. රැකියා අවස්‌ථා ලක්‌ෂ දොළහක්‌ බිහිකරනවා. රජයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 25000 ක්‌ කරනවා. දැන් ඔය වැටුපට එල්ලලා තියෙන දීමනා එකතු කරනවා. මේවා නිකන් කියන කතා නෙමෙයි. ආර්ථික විශේෂඥයන් සමඟ කතා කරලා මෙම තීන්දු ගත්තේ.

දැන් බලන්න වී මිල පහත වැටිලා. එජාපය කවදාවත් කෘෂි ආර්ථිකය ගොඩනඟන්න වැඩ කළේ නැහැ. ඒ අය කෘෂි ආර්ථිකය ගැන විශ්වාසයක්‌ තියන්නේ නැහැ. අපි කෘෂි ආර්ථිකය ගොඩනඟනවා. ඇත්තටම දැන් මේ ගැන හිතන්න කාලය ඇවිත්. ධීවරයා ගැන බලනවා. රනිල් ඇඹුල් තියපු මාළු ගැන කියනවා. එයා කන දේවල් මම කන බව කියනවා. අපි රට සංවර්ධනය කරනකොට මෙයා කියන්නේ සංවර්ධනය කළාට කෝටි ගණන් ගහලා කියා කියනවා. මා ඇමරිකානු ඩොලර් බිලියන 18000 ක්‌ හොරකම් කළා කියා කියනවා. අපේ රටට නිදහස ලැබුණු දිනයේ සිට වියදම් කරලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 23 යි. මේ කියන විදියට මම අවුරුදු පහේ ඉඳලා තමයි මේ ගැහිල්ල ගහලා තියෙන්නේ. බොරුවක්‌ වුණත් පිළිගන්න විදියට කියන්න ඕන. මේ අයට ගණන් බැහැ. විභාගය අසමත් වෙලා දෙවියන් කුලප්පු වෙලා මේ විදියට කියනවා ඇති.

අපි සුළු ජාතිකයන්ට විරුද්ධ නැහැ. පලස්‌තීනය ගැන කතා කළේ මම. රනිල් අස්‌වර් මන්ත්‍රීතුමාට කියලා තිබුණා පලස්‌තීනය ගැන කතා කරන්න එපා කියලා කඳවුරුවල හිටපු මුස්‌ලිම්වරු අපි නැවත පදිංචි කළා. කුරිරු යුද්ධය අවසන් කළා. නමුත් දැන් රට දෙකඩ කඩන්න හදනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්තාවක තියෙනවා කොටි සල්ලි එකතු කරනවා කියලා. නමුත් දැන් කඳවුරුවල ඉන්න හමුදාව අඩුකරලා, සොල්දාදුවන් වැඩියි කියලා කියනවා. දැන් නාගදීපයට යන්න ඉස්‌සෙල්ලා ඒ පන්සලේ නායක හාමුදුරුවන්ට දුරකථන ඇමතුමක්‌ දීලා තමයි යන්නේ තත්ත්වය විමසලා. ඒ වගේ තත්ත්වයකට රට පත්වේගෙන එනවා.

අද කොළ අලි හා රතු අලි එකතු වෙලා තියෙනවා. මාධ්‍ය නිදහස තියෙනවලු, සමහර මාධ්‍ය මට බැනලා තමයි පටන්ගන්නේ. අවසන් කරන්නෙත් මට බැනලා. මාධ්‍ය අයිතිකරුවන් තමයි මේවා කරන්නේ.

ඇත්තටම ජනවාරි 09 වැනිදා තනතුරු දමලා ගියේ සන්තෝෂයෙන්. නමුත් ජනතාව ඇවිත් මාව හමුවුණා. නුගේගොඩදී ආරම්භ කරපු රැළියේ සිට අවසානය දක්‌වා මනුෂ අපිත් සමඟ හිටියා. ඔහු අපට ලොකු ශක්‌තියක්‌ වුණා. මට ජනතාව කීවේ දේශපාලනය අත්හරින්න එපා නිවාඩු ගත්තා ඇති. නැවත එන්න කිවා. දැන් හැම ආසනයකටම රැස්‌වීම් දමලා දැන්. වෙනදා හෙලිකොප්ටර් තිබුණා. දැන් යන්නේ කාර් එකෙන් ඇත්තටම එය මට හොඳ අත්දැකීමක්‌ වුණා. මම පාරේ යනකොට මට පේනවා නගරවල ඇති සංවර්ධනය. පොල් අතු නිවාස නැහැ. නව නිවාස ඉදිවෙලා. අලුතින් ගමනක්‌ යන්න පාර පෙන්නුවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌ සන්ධානයේ අපේක්‌ෂක මනුෂ නානායක්‌කාර මහතා

මහින්ද නැති රටක්‌ අපට වැඩක්‌ නැහැ. අද එදා තිබූ වැඩබිම මුඩු බිමක්‌ බවට පත්වෙලා තියෙනවා. මා මුල ඉඳලාම අරන් ගියේ මහින්ද කොඩිය. දැන් අපට තියෙන්නේ අවසන් ජයග්‍රහණය ලබා ගන්න. ඒ මහින්ද මහත්තයා අගමැති කරන එක. ඒක තමයි අන්තිම අවස්‌ථාව. මහින්ද පරාජය වූ පසු ඇතමුන් ඔහු අත්හැරලා ගියා. ඇමැතිකම් ගත්තා, අපේ ලැයිස්‌තුවේත් ඒ වගේ අය ඉන්න පුළුවන්. ඒ අය ගැන අවධානය යොමු කරන්න. මේ වගේ කණ්‌ඩායම් තුනක්‌ හිටියා. අප්පච්චි මළෝ කණ්‌ඩායම, මහින්දට ආදරය කරපු කණ්‌ඩායම, අනික්‌ කණ්‌ඩායම තමයි සුළං හමන පැත්ත දෙස බලාගෙන හිටපු කණ්‌ඩායම. මේ අය හිටියේ මඩේ හිටවපු ඉන්නක්‌ වගේ. ඒ නිසා මේ අය තෝරා බේරාගෙන ඡන්දය දෙන්න.

දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විඡේලාල්ද සිල්වා, එ.ජ.නි. සන්ධානයේ අපේක්‌ෂකයන් වන බද්දේගම සමිත හිමියන් හා චන්දිම වීරක්‌කොඩි, ඒ. ජී. සී. පියසිරි, චන්න සාලිය මෙන්ඩිස්‌, අනුර ප්‍රදීප් යන මහත්වරු සහ අපේක්‌ෂිකා ගීතා කුමාරසිංහ මහත්ම මහත්මීහුද කතා කළහ.
 

 
Powered By -

අබුෂුරා සයිලානි


අබුෂුරා සයිලානි
බොහෝ දුර සිතන්නට යමක්‌

අයිඑස්‌අයිඑස්‌ (ISIS) ත්‍රස්‌තවාදී කණ්‌ඩායම වර්තමානය වනවිට සැලකෙන්නේ ලොව වෙසෙන අතිශය කුරිරු සහ අන්තවාදී ත්‍රස්‌ත කණ්‌ඩායම ලෙසය. ඔවුන් ඉතා ම්ලේච්ඡ හා දරුණු ගණයේ වධ හිංසනයන්ට ලක්‌කරමින් සිය විරුද්ධවාදීන් ඝාතනය කෙරෙන ආකාරය දැක්‌වෙන වීඩියෝ පට නිරන්තරයෙන්ම අන්තර්ජාලයට එක්‌වෙනු දැකිය හැකිය. අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තයන්ගේ මුස්‌ලිම් රාජ්‍ය ගොඩනැගීමේ අන්තවාදී සිතියමට ශ්‍රී ලංකාවද අයත්ය. ඒ වෙනම රටක්‌ ලෙස නොව ඉන්දියාවේම කොටසක්‌ ලෙසය.

ඉන්දියාව, පාකිස්‌තානය වැනි රටවලද අයිඑස්‌අයිඑස්‌ මෙහෙයුම් යම් පමණකට ක්‍රියාත්මක වේ. එංගලන්තය, ඔස්‌ටේ්‍රලියාව, ඇතුළු බටහිර රටවල පුද්ගලයන් පමණක්‌ නොව ආසියාතික රටවල බොහෝ දෙනෙක්‌ අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ද ලැබේ.

පසුගිය දිනවල තොරතුරු වාර්තා වුණේ "ෂර්පාස්‌ නිලාම් මුෂින්" හෙවත් "අබුෂුරා සයිලානි" නම් ගලේවෙල පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයකු ද අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ව ඇති බවය. පසුගිය දිනවල "සයිලානි" මියගොස්‌ තිබුණේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් එල්ල කළ ප්‍රහාරයකිනි. ඒ අනුව සැලකිය හැක්‌කේ මේ මොහොත වන විට මෙරට වෙසෙන අන්තවාදී අදහස්‌ දරන පුද්ගලයන්ද අයිඑස්‌අයිඑස්‌ සංවිධානයට එක්‌වෙමින් සිටින බවය. මෙය ළඟ ළඟම එන නොව මුවවිටට පැමිණ ඇති අනතුරක්‌ බව කිව යුතුය. අයිඑස්‌අයිඑස්‌ ගරිල්ලන්ට එක්‌වූ බව කියන සයිලානිගේ පවුලේ උදවිය ද අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ සිදුකරන්නට යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ පොලිසියට උපදෙස්‌ දී ඇති බවක්‌ ඊයේ කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා තිබිණි. මෙම සිදුවීම අවතක්‌සේරු කළ හැකි මට්‌ටමේ එකක්‌ නොවන බව ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. එය අගය කළ යුතු වැඩකි.

නැති ත්‍රස්‌තවාදයක්‌ ගැන කියමින් රට ඇල්ලීමට තැත්කරනවා යෑයි කියමින් මේ ගැන අවදියෙන් සිටින ජාති හිතෛෂීන් අවඥවට ලක්‌කරන මහත්වරු මේ මොහොතේ සිට හෝ කබ කඩා අවදිවිය යුතු බව අපි කියමු.

ඉන්දීය ඔත්තු සේවාව විසින් මීට මාස කිහිපයකට පෙර මහනුවර පදිංචිකරුවන් දෙදෙනකු වන අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනෙක්‌ චෙන්නායි සහ බැංගලෝරයේ පිහිටි ඊශ්‍රායල් සහ ඇමරිකානු කොන්සල් කාර්යාලවලට ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ යෑයි අනාවරණය කරගනු ලැබීය.

අයිඑස්‌අයිඑස්‌ ක්‍රියාකාරකම් ඉතා වේගයෙන් ලොව පුරා පැතිර යන වේගයට සමාන්තරව ඒ ගැන තොරතුරු ද ලොව පුරා හුවමාරු වෙමින් තිබේ. ලොව පුරා බොහෝ රටවල බුද්ධි අංශ මෙම තොරතුරු පාදක කරගනිමින් අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌ත ක්‍රියා විමර්ශනය කිරීමේ ඒකක (ෂීෂී DESණ) ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව පවා මෙම විමර්ශන කටයුතු සිදුකරමින් සිටී. එහෙත් අපේ විශ්වාසය අනුව අපේ රටේ මේ වන විටත් මේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය ඒකකයන් ස්‌ථාපිත වී නැත. එවැනි ඒකකයක්‌ තිබිණි නම් මේ වන විටත් "සයිලානි" මක්‌කම වන්දනාවේ යන බව කියමින් සිරියාවට ගොස්‌ අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තයන් සමග එක්‌වීමේ සුල මුල සොයාගත හැකිව තිබිණි. අන්තවාදී ත්‍රස්‌ත කණ්‌ඩායම්වලට එක්‌වන පුද්ගල ව්‍යාප්තිය දම්වැලක පුරුක්‌ මෙනි. සයිලානි පමණක්‌ නොව තවත් කීදෙනකු රටින් පිටව ගොස්‌ ඇත්දැයි සෙවීමට තරම් යාන්ත්‍රණයක්‌ තවමත් ක්‍රියාත්මක වී නැත.

 


 දැන් හෙළිවන කරුණු අනුව අපේ රටේ ආරක්‍ෂක අංශ සයිලානි පිළිබඳව තොරතුරු සෙවීම ආරම්භ කරන විට ලෙබනනයේ බුද්ධි අංශ සහ ජාත්‍යන්තර පොලිසිය ද ඔහු ගැන බොහෝ තොරතුරු සොයාගෙන අවසන්ය. ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයකු සිරියාවේ අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තවාදී සංවිධානයට එක්‌වීමේ සිදුවීම රටේ ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙය "සයිලානිට" පමණක්‌ හුදකලා කළ හැකි සිදුවීමක්‌ ලෙස අපි නොදකිමු. සයිලානි මේ ගැන තමාගේ ෙµaස්‌බුක්‌ අඩවියේ ද සඳහන් කර තිබුණු බවක්‌ කියෑවේ. ෙµaස්‌බුක්‌ වෙබ් අඩවිය හරහා අයිඑස්‌අයිඑස්‌ ක්‍රියාකලාපය අනුමත කරන බොහෝ පිරිසක්‌ "සයිලානි"ට මුණගැසෙන්නට ඇත. බාහිර සමාජයේ තවත් අය සමග මේ ගැන බෙදාහදා ගන්නට ඇත. සයිලානි සමග එකඟ වූ අයිඑස්‌අයිඑස්‌ ක්‍රියාකලාපය අනුමත කරන කණ්‌ඩායමක්‌ද ඔහු සමග සිටින්නට ඇත. සයිලානි පමණක්‌ මේ සිදුවීමේ හුදකලා චරිතයක්‌ නොවන බව අප කියන්නේ එබැවිනි.

එල්.ටී.ටී.ඊ. ය පරාජය කළ පමණින්ම අර්බුදය අවසන්ව නැති බවත්, රටේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ ඇති බවත් යුද්ධය අවසන් වුවද බෙදුම්වාදය අවසන්ව නැති බවත් අප නිරන්තරයෙන්ම කියන්නේ එහෙයිනි. සුළු සිදුවීමක්‌ ලෙස බැහැර නොකොට ගලේවෙල "අබුෂුරා සයිලානි" සිදුවීම පිළිබඳව අවධානය යොමු කළයුතුය. ත්‍රස්‌තවාදය අපේ රටට එන්නේ එල්.ටී.ටී.ඊ. වේශයෙන්ම පමණක්‌ම නොවන බව සිහිපත් කරමු.
 


නායකයා තෝරා ගැනීම

නායකයා තෝරා ගැනීම
ඇස්‌ රතුවිතානගේ සිකුරු දැක්‌ම

රටේ ව්‍යවස්‌ථාදායකය හා විධායකය ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේය. එය පාර්ලිමේන්තුව තුළ ව්‍යqහගත වුවද එහි ක්‍රියාකාරකම්වල හොඳ නරක දෙකටම මුහුණ දිය යුත්තේ සමස්‌ත සමාජයේ සියලු අංශයන් නියෝජනය කරන ජනතාවය. මේ නිසාම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව පූජනීය වශයෙන් සැලකිය යුතු ප්‍රධාන කරුණු දෙකක්‌ ඇත. ඉන් පළමු වැන්න රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කිසිසේත් කඩ නොකරන අන්දමින් කටයුතු කිරීමට සෑම දේශපාලන පක්‍ෂයක්‌ම වගබලා ගැනීමයි. දෙවැන්න සෑම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන අන්දමින් කටයුතු කිරීමයි. මේ සිද්ධාන්ත දෙක කඩකළහොත් ප්‍රජාතන්ත්‍රවාදය පමණක්‌ නොව රටේ පැවැත්මද අනතුරට පත්වනු ඇත. මෙවැනි අවස්‌ථා පිළිබඳ සමකාලීන ඉතිහාසයේ ඇති වූ වැදගත් ෙ€දවාචක පෙන්වා දිය හැකිය.

වර්ෂ 1947 බිහි වූ පාකිස්‌තාන දේශය කොටස්‌ දෙකකින් සමන්විත විය. එනම් බටහිර පාකිස්‌තානය හා නැඟෙනහිර පාකිස්‌තානයයි. ඉන්දීය උප මහද්වීපය දෙකට බෙදා පාලන දෙකක්‌ ඇති කිරීම නිසා මේ තත්ත්වය ඇති විය. නොබෙදුනු ඉන්දියාවේ බෙංගාල හා පන්ජාබය යන ප්‍රාන්ත හින්දු මුස්‌ලිම් ජන අනුපාතය අනුව බෙදා වෙන්කරන ලදී. වර්තමාන බංගලාදේශය නමින් හැඳින්වෙන නැඟෙනහිර බෙංගාලයේ ජනගහනය අති විශාල විය. බටහිර පාකිස්‌තානය නමින් හැඳින්වූ කොටසේ පන්ජාබය හැරුණු විට සින්ද් හා වයඹදිග දේශසීමා ප්‍රාන්තද ඇතුළත් විය. මෙහි මුල සිටම පාලන බලය හිමිව තිබුණේ බටහිර පාකිස්‌තාන පාලකයන්ටය. මෙම පාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට හමුදා ඒකාධිපතිත්වය පාකිස්‌තානය පාලනය කළේය. මේ නිසා ඇති වූ උද්ඝෝෂණ හමුවේ හමුදා පාලකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමට සිදු විය. ඒ අනුව 1970 වර්ෂයේ දී නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වා දෙන ලදී.

නව ව්‍යවස්‌ථාව අනුව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්කර ගන්නා ලද්දේ ජන අනුපාත අනුවය. වංග භාෂාව කතා කරන නැඟෙනහිර පාකිස්‌තානය හෙවත් බෙංගාලය බහු ආසනයක්‌ විය. මැතිවරණයේදී බෙංගාලයේ පාර්ලිමේන්තු ආසන සියල්ලම පාහේ දිනා ගැනීමට අවාමී ලීග් පක්‍ෂය සමත් විය. මේ නිසා පාර්ලිමේන්තු බහුතරය ඔවුන්ට හිමි වූයේ නිතැතිනි. කෙසේ වුවද බෙංගාලයේ අවාමී ලීග් පක්‍ෂ නායක සීග් මුජබීර් රහමන්ට අගමැති ධුරය දීමට බටහිර පාකිස්‌තාන බලවතුන් අකමැති විය. මේ දරදඬු තීරණයේ ප්‍රතිඵලය අතිශයින්ම ෙ€දජනක විය. දෙපාර්ශ්වය තුළ ඇති වූ දරුණු සිවිල් යුද්ධය දසමසක්‌ පමණ පැවැති අතර ලක්‍ෂ දහයකට අධික බෙංගාල වැසියෝ මරුමුවට පත් වූහ. ලේ ගංගාවක්‌ මැදින් රට දෙකඩ වී බංගලාදේශය හා පාකිස්‌තානය යනුවෙන් 1972 දී රාජ්‍යයන් දෙකක්‌ බවට ප්‍රකාශයට පත් කෙරිණි. මේ තත්ත්වය උදා වූයේ මහජන ඡන්දයෙන් පත් වූ බහුතරයට බලය පැවරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසාය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස පවත්වා ගැනීමට අපොහොසත් වුවහොත් සිදු විය හැක්‌කේද එවැනිම දරුණු තත්ත්වයන්ය. අපට ආසන්න ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදය පවතින ලෝකයේ විශාල රට ලෙස පිළිගැනෙයි. සෑම මැතිවරණයකින්ම පසුව ඉන්දියාවේ ව්‍යවස්‌ථාවට අනුව අගමැතිවරයකු තෝරා පත් කරන්නේ පාර්ලිමේන්තුවේ සභාද්වයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. පාර්ලිමේන්තුවේ අගමැතිවරයා කවුදැයි මුලින් තීරණය වී තිබුණත් එය ස්‌ථිර වන්නේ රාස්‌ට්‍රපති (ජනාධිපති) සිය නිල මුද්‍රdව තබා යෝජිත නාමය අනුමත කිරීමෙන්ය. ඕස්‌ටේ්‍රලියාවේද අගමැති ධුරයට පුද්ගලයකු තෝරා ගන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරන අයකු පාර්ලිමේන්තු සහාද්වයේ මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙනි.

පුරා හත් අවුරුද්දක්‌ අගමැති ධුරය දැරූ බොබ් පෝක්‌ සහ ඔහුගේ මුදල් අමාත්‍ය පෝල්පීකින් අතර 1992 දී මතබේදයක්‌ ඇති විය. ඒ මත බේදයට අනුව මුදල් අමාත්‍ය පෝල්පීකින් අගමැති ධුරය අපේක්‍ෂා කළේය. මේ නිසා පාර්ලිමේන්තු සභාද්වයේ රැස්‌වීමකදී අගමැති ධුරයට ඉදිරිපත්ව සිටින බොබ් පෝක්‌ට හා පෝල්පීකින්ට පක්‍ෂ විපක්‍ෂව ඡන්දය විමසන ලදී. මෙහිදී හිටපු අගමැති වැඩි ඡන්ද 01 කින් මුදල් අමාත්‍යවරයාට පරාජය විය. මේ අනුව මුදල් අමාත්‍ය පෝල්පීකින්ට අගමැති ධුරය හිමි විය. එය පාර්ලිමේන්තුවේ පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. මේ ආකාරයටම 2008 වර්ෂයේදී එවකට අගමැති ධුරය හෙබවූ කෙවින් රඩ් හා නියෝජ්‍ය අගමැති ජූලියා ගිලාර්ඩ් අතර අගමැති ධුරයට තරගයක්‌ ඇති විය. එහිදී ජූලියා ගිලාර්ඩ් අගමැති පදිවියට පත් වූ නමුත් වසර දෙකකට පසු මන්ත්‍රීවරුන් බහුතරය ජුලියා ගිලාර්ඩ්ට අකමැතිවීම නිසා කෙවින් රඩ් නැවත අගමැති පදවියට පත්විය.

මහ බ්‍රිතාන්‍යයේද දිගු කලක්‌ බලයේ සිටි කොන්සර්වෙටිව් පාලනය පරාජය කොට කම්කරු පක්‍ෂයට බලය ලබා දුන්නේය. එහි අගමැති වූයේ ටෝනි බ්ලෙයාර් ය. සෑහෙන කාලයකට පසු ටෝනි බ්ලෙයාර් මන්ත්‍රීවරුන් ගේ අප්‍රසාදයට පත් විය. ඒ නිසා ඔහුට අගමැති ධුරය අහිමි විය. අප මෙහි සඳහන් කළේ පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය රට රටවල ක්‍රියාත්මක වීමේ පූර්වාදර්ශයන්ය. සෑම දේශපාලන පක්‍ෂයකම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නිතරම ස්‌ථාපිත වී තිබිය යුතුය යන්න ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහාර්ලාල් නේරු තුමා දැඩිව විශ්වාස කළේය. පක්‍ෂ සංවිධාන රාජ්‍ය පාලනයට මැදිහත් වූ විට ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටී ප්‍රජාතාන්ත්‍රික ඒකාධිපතිත්වයක්‌ ඒක පාර්ශ්වික පාලනයක්‌ බිහිවන්නේය යන්න නේරුතුමාගේ විශ්වාසය විය.

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වී තිබුණි. ඊට හේතුව වූයේ 'කඩිමුඩියේ' ඇති කර ගත් පක්‍ෂ ක්‍රමය නිසාය. පක්‍ෂ කීපයක මන්ත්‍රීවරුන් හා පක්‍ෂවලට අයත් නැති මන්ත්‍රීවරුද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටියහ. අප මුලින් සඳහන් කළ අන්දමට එක්‌සත් ජාතික පක්‍ෂය බිහි වූ ආකාරය බලමු. ලංකා ජාතික සංගමය, සිංහල මහ සභාව, ලංකා මුස්‌ලිම් ලීගය, උතුරු පළාත නියෝජනය කළ දෙමළ මන්ත්‍රීවරුන් සිවු දෙනකුද එක්‌ කරගෙන පිහිටුවා ගත් පක්‍ෂය එක්‌සත් ජාතික පක්‍ෂය විය. මෙම පක්‍ෂය පිහිටුවා ගැනීමෙන් පසු 1947 මැතිවරණයේදී එයට ජයගත හැකි වූයේ පාර්ලිමේන්තු මුළු ආසන 95 න් 42 ක්‌ පමණි. මුලින් සඳහන් කළ උතුරේ මන්ත්‍රීවරු සිවුදෙනාම මැතිවරණයේදී පරාජය විය. රජයක්‌ පිහිටුවා ගන්නා ලද්දේ ඉතා අමාරුවෙනි. එසේ වුවද වසර 4 ක්‌ ගත වීමට පෙර සිංහල මහ සභාවේ නායක එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා තවත් මන්ත්‍රීවරුන් පිරිසක්‌ සමඟ රජයෙන් ඉවත් වී ගිය අයුරු අප පසුගිය සතියේදී සාකච්ඡා කළෙමු.

මේ සිදුවීමෙන් පසු බණ්‌ඩාරනායක මහතා එවක රජයේ දැරූ සභානායක පදවිය පැවරුණේ සර් ජෝන් කොතලාවල මහතාටය. 1952 මාර්තු මාසයේදී ඩී. ඇස්‌. සේනානායක අගමැතිතුමා හදිසියේ අභාවප්‍රාප්ත විය. එවකට අග්‍රාණ්‌ඩුකාරවරයා වූ සෝල්බරි ස්‌වාමිවරයා අගමැති අභාවප්‍රාප්ත වන විට නිවාඩුවක්‌ සඳහා එංගලන්තයට ගොස්‌ සිටියේය. අග්‍රාණ්‌ඩුකාර ධුරයේ වැඩ බැලුවේ අග්‍රවිනිශ්චයකාර ඇලන් රෝස්‌ මහතාය.

අගමැති අභාවයෙන් පසු අගමැති ධුරය සර් ජෝන් කොතලාවල මහතා අපේක්‍ෂා කළද සෝල්බරීසාමි අග්‍රාණ්‌ඩුකාරවරයා වැඩබලන අග්‍රාණ්‌ඩුකාර ඇලන් රෝස්‌ මහතාට දැනුම් දුන්නේ "තමන් ඉක්‌මනට ආපසු ලංකාවට පැමිණෙන බැවින් අගමැති ධුරය පිළිබඳ තීරණ නොගන්නා" ලෙසය. ඉන් දින දෙකක්‌ ඇතුළත සෝල්බරි සාමිවරයා ලංකාවට පැමිණියේය. ඔහු පැමිණි පසු ඩී. ඇස්‌. සේනානායක මහතාගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත් කළේය. එහිදී ඔහු කියා සිටියේ දිවංගත අගමැතිවරයා මේ අභිප්‍රාය පිළිබඳ තමන් දැනුවත් කර තිබූ බවය. ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු ඔහුගේ රජයේ කැබිනට්‌ මණ්‌ඩලයද ප්‍රකාශයට පත් කළේය. සභානායක පදවියට පත් කරන ලද සර් ජෝන් කොතලාවල මහතා දිවුරුම් දීමට පැමිණියේ නැත. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකු දින 2 ක්‌ තිස්‌සේ කරන ලද 'හෙට්‌ටු' කිරීම්වලින් පසු සර්. ජෝන් කොතලාවලට සභානායක පදවිය භාර ගැනීමට සිදු විය.

මේ තත්ත්වය දේශපාලන කුමන්ත්‍රණයක හා එජාපයට අනිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන කාල පරිච්ඡේදයක ආරම්භයක්‌ විය. විවිධ හැල හැප්පීම් හා කුමන්ත්‍රණ හමුවේ ඩඩ්ලි සේනානායක මහතාට අගමැති පදවිය දැරීමට සිදු වූයේ වසර 1 1/2 ක්‌ පමණි. 1953 සැප්තැම්බර් මාසයේ සර් ජෝන් කොතලාවලට අගමැති ධුරය බාරදී ඩඩ්ලි සේනානායකයන් දේශපාලනයෙන් ටික කලකට විශ්‍රාම ගත්තේය. මෙම පෙරළිය එජාපයට පමණක්‌ නොව මුළු රටටම අනිෂ්ට ප්‍රතිඵල උදා කළේය. අර්ධ ඒකාධිපති ස්‌වරූපයක්‌ ගත් සර් ජෝන් කොතලාවලගේ පාලන කාලය තුළ එතෙක්‌ නොතිබූ අර්බුද රැසක්‌ නිර්මාණය කළේය. 1955 වන විට අගමැති සර් ජෝන් පමණක්‌ නොව එජාපයද රටේ ජනතාවට තිත්ත වී තිබුණි. 1956 සිදු වූ යුග පෙරළියට මූලික හේතුව වූයේද සර් ජෝන්ගේ අර්ධ ඒකාධිපති පාලනයයි.

එහෙත් මේ "පිල්ලිය" එතැනින් නැවතුණේ නැත. අනෙක්‌ පක්‍ෂවලටද "බෝවන්න" පටන් ගත්තේය. එතෙක්‌ එක්‌තරා ප්‍රමාණයකට ස්‌ථාවරව සිටි වාමාංශික පක්‍ෂද කැබලි කැබලිවලට කැඩෙන්නට පටන් ගත්තේය. කෙසේ වුවද 1965 වර්ෂයේදී බලයට පත් ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එජාප සභාග රජය වසර පහක කාලයක්‌ පැවැතියද එහි අවසන් වසර දෙක තුළදී පක්‍ෂ අභ්‍යන්තර ආරවුල් කරළියට එමින් තිබිණි. අගමැති ඩඩ්ලි සේනානායක හා නියෝජ්‍ය නායක රාජ්‍ය අමාත්‍ය ඡේ. ආර්. ජයවර්ධන මහතා අතර මත භේද වර්ධනය වෙමින් මතුවන්නට විය. මේ අර්බුදයේ ප්‍රතිඵලය වූයේ 1970 මැතිවරණයේදී එජාප අන්ත පරාජයක්‌ ලබා පාර්ලිමේන්තුවේ මුළු ආසන 151 න් 17 ක්‌ පමණක්‌ හිමිකර ගැනීමට සමත්වීමය. එයින්ද ආසන 4 ක්‌ නැඟෙනහිර පළාතටද තවත් ආසන 4 ක්‌ කොළඹ නගරයටද අයත් ඒවාය. මේ පරාජයෙන් පසු ඡේ. ආර්. ජයවර්ධන විපක්‍ෂ නායක ධුරයට පත් වූ අතර ඩඩ්ලි සේනානායක නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අගමැති විය. පරාජය ලැබුවද ඩඩ්ලි - ඡේ. ආර්. අර්බුදය නිම නොවූයෙන් දෙපාර්ශ්වයනට ප්‍රශ්නය විස¹ ගැනීම සඳහා අලුත්කඩේ අධිකරණයට යැමට සිදු විය.

මේ සියල්ලට හේතු වූයේ පක්‍ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොතිබීමය. මේ සියලු කරුණු ආදර්ශයට ගනිමින් පක්‍ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යැම පක්‍ෂ නායකත්වයේ වගකීමය. එමෙන්ම තම පක්‍ෂයේ පාක්‍ෂිකයන්ගේ හා ජනතාවගේ මතයට ප්‍රජාතාන්ත්‍රිකව යටත් විය යුතුය. පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන් බහුතර කැමැත්තෙන් තම පාර්ලිමේන්තු නායකයා තෝරා ගැනීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙහි සඳහන් ක්‍රමවේදයයි. විපක්‍ෂයද විපක්‍ෂ නායකයා තෝරා ගත යුත්තේ ඒ ක්‍රමයටමය. මේ මූලික සිද්ධාන්ත පිළිනොගත හොත් හෝ වෙනත් ක්‍රමවලින් නායකත්වය යමෙකු පිට පැටවීමක්‌ සිදු වුවහොත් ඒකාධිපතිත්වය කරා රට ගමන් කිරීම නොවැළැක්‌විය හැකිය.

සංවාද සටහන
- ජයසූරිය උඩුකුඹුර
 
 
Powered By -

ඔක්‌කොම එකතුවෙලා ආවත් මම තනියම විවාදයට සූදානම්

ඔක්‌කොම එකතුවෙලා ආවත් මම තනියම විවාදයට සූදානම්
- බැඳුම්කර සිද්ධිය ගැන ඇමැති සේනසිංහගෙන් අභියෝගයක්‌

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විපක්‍ෂයේ ඕනෑම ජගතෙකුට තමන් සමග විවාදයකට එන මෙන් අභියෝග කර සිටින්නේ යෑයි අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ඩිව් ගුණසේකර හෝ ජී.එල්. පීරිස්‌ ආදී ඕනෑම අයකුට මෙය විවෘත අභියෝගයක්‌ බව සේරසිංහ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියි.

විපක්‍ෂයේ පිරිස්‌ විසින් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ නොයෙකුත් කරුණු ගෙනහැරපෑවද තමා මෙන්ම අගමැතිවරයාද ඒ පිළිබඳව විවාදයකට හෝ සාකච්ජාවකට එන ලෙසින් කළ ඉල්ලීමට කිසිවෙකු ප්‍රතිචාර නොදක්‌වන්නේ යෑයි සේරසිංහ මහතා සඳහන් කරයි. එසේම මේ සම්බන්ධයෙන් තමන් සමග විවාදයකට පැමිණීමට සූදානම් යෑයි අභියෝග කළ ඩිව් ගුණසේකර, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ සහ සුසිල් ප්‍රේමජයන්ත යන කිසිවෙකුත් මේ දක්‌වා එවැන්නක්‌ සඳහා ඉදිරිපත් නොවූ බවත් අවශ්‍ය නම් අදාළ මාතෘකාව යටතේ වෙන වෙනම හෝ නැතිනම් මේ සියලු දෙනා සමග තමන් තනිවම වුව විවාදයට සූදානම් බවත් සේනසිංහ මහතාගේ අභියෝගයේ සඳහන් වේ.

මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාගේ රජය වැඩ අල්ලන්නේ බැඳුම්කර වංචාව ගැන පරීක්‍ෂණයෙන්


මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාගේ රජය වැඩ අල්ලන්නේ
බැඳුම්කර වංචාව ගැන පරීක්‍ෂණයෙන්

- හිටපු නියෝජය අමාත්‍ය ලසන්ත අලගියවන්න

මාධ්‍ය නිදහස ලබා දෙන බව කියූ, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන බවට ජනතාව ඉදිරියේ සපථ කළ එජාපය අද ඒ සියල්ල අමතක වූ ලෙසින් මහා බැංකු බැඳුම්කර වංචාව වසන් කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්‌ම කරන බව හිටපු නියෝජය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව හෙවත් කෝප් වාර්තාව සඳහා වාරණ නියෝගයක්‌ ඉල්ලා සිටිමින් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් ගොනු කරන ලද පෙත්සම සඳහා කෝප් කමිටු සාමාජිකයන් අධිකරණයට කැඳවූ අවස්‌ථාවට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අලගියවන්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කතා කළ ඒ මහතා, දූෂණ... දූෂණ... කියමින් පැවති ආණ්‌ඩුවට බොරු චෝදනා එල්ල කළ, එජාපයට අද දෛවෝපගත ලෙසින් එම චෝදනාවන්ටම ලක්‌වෙන්න සිදුවෙලා. ඒවා ජනතාවට හෙළිවෙනකොට එය වසන් කිරීම සඳහා අධිකරණයට පවා යන තත්ත්වයට මේ පිරිස පත්වෙලා. ඇත්ත මොකක්‌ද කියන එක ජනතාව දන්නවා. අගෝස්‌තු දහ අට වෙනිදා, මහින්ද රාජපක්‌ෂ අගමැතිතුමා පිහිටුවන රජයේ පළමු කාර්යභාරය ලෙස මහා බැංකු බැඳුම්කර වංචාව ගැන අපි පරීක්‌ෂණ කරනවා. වැරදිකරුවන්ට දඬුවම් ලබා දී, මහජනතාවට රටට අහිමිවූ ඒ මුදල් යළිත් අය කරගන්න අපි ක්‍රියා කරනවා. බැඳුම්කර වංචාවෙන් දැනටමත් රුපියල් කෝටි 5000 කට අධික පාඩුවක්‌ රටට සිදුවෙලා තියෙනවා. මෙහෙම වංචා කරන අයට අගෝස්‌තු දහ අට වෙනිදට ජනතාව හොඳට සලකාවි යෑයි පැවසීය. මේ අවස්‌ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතාද සහභාගී විය.
 

බැඳුම්කර නිකුතුවට අදාළ කෝප් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට පැනවූ තහනම අහෝසියි


බැඳුම්කර නිකුතුවට අදාළ කෝප් වාර්තාව
ප්‍රසිද්ධ කිරීමට පැනවූ තහනම අහෝසියි

සරත් ධර්මසේන

ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කථානායකවරයා පත්කළ පොදු දේපළ පිළිබඳ කාරක සභාවේ (කෝප්) අනු කමිටුව විසින් සකස්‌ කර ඇතැයි කියන වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය පැනවූ වාරණ නියෝගය ඊයේ (23 දා) අහෝසි කරන ලදී.

කොළඹ අතිරේක දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා විසින් ඉකුත්  17 දා එම නියෝගය පනවනු ලැබුවේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කෝප් කාරක සභාවට එරෙහිව නඩුවක්‌ පවරමින් කළ ඉල්ලීමක්‌ අනුවය.

එදා තමා කළ ඉල්ලීම අස්‌කර ගන්නා බව සේනසිංහ මහතා ඊයේ සිය නීතිඥවරයා මගින් දිසා අධිකරණයට දන්වා සිටියේය. කෝප් කාරක සභාවට පැනවූ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සලකා බැලීම සඳහා මෙම නඩුව අතිරේක දිසාවිනිසුරු සුමිත් පෙරේරා මහතා හමුවේ කැඳවා තිබිණි.

සේනසිංහ මහතා මෙම නඩුව පැවරුවේ කෝප් කාරක සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා ඇතුළු සාමාජිකයන්ට එරෙහිවය. සේනසිංහ මහතාද 'කෝප්' කාරක සභාවේ සාමාජිකයෙකි.

ඔහු නඩුවෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තුව දැන් අහෝසි කර ඇති බැවින් එය කවදා හෝ පාර්ලිමේන්තුවේ සභාගත කරන තුරු ප්‍රසිද්ධියට පත් කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක්‌ බවයි.
 

බැඳුම්කර වංචාව බාධාවකින් තොරව

බැඳුම්කර වංචාව බාධාවකින් තොරව යළි කරලියට

620575258coaurt-Lකෝප් වාර්තාව සම්බන්ධයෙන් පනවා තිබු අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට කොළඹ දිසා අධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා අද නියෝග කළේය.
ඒ අදාල වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබාදීමට කර තිබූ ඉල්ලීම පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා අද (23) ඉල්ලා අස්කරගත් බැවින්ය.
වගඋත්තරකාර පාර්ශවවලට නැවත ජූලි 30 වැනිදාට පිළිතුරු ලබාදීමට නියෝග කෙරුණු අතර කෝප් වාර්තාවේ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ආදිය තහනම් කරමින් මෙම අතුරු තහනම පසුගියදා කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබුණි.

සුජීව හත් පොළේ ගාගෙන‘

සුජීව හත් පොළේ ගාගෙන‘

downloadභාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව (කෝප්) ප්‍රසිද්ධ කිරීම වළක්වන ලෙස අධිකරණයට පෙත්සමක් ගොනු කළ අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා නැවත ඉල්ලා අස්කරගැනීමෙන් මනාප ක්‍රමයෙන් වාසි ගැනීමට ගිය ඔහු අදාළ සිද්ධිය හත්පොළේ ගාගෙන ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා කොළඹදී අද (23) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද තීරණය කළ හැකිවන්නේ මහාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත් ඔහු පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය පිළිබඳ කෝප් වාර්තාව පසුගියදා එළිදැක්වූවා නම් එය දැනට මහජනතාව අතට පත්වී තිබෙන බවත් එජාප ප්‍රාඥයා වන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කරන්නට ගිය සුජීව සේනසිංහ මහතා පඹගාලක පැටලී ඇතැයිද කීවේය.

අපි එක්‌සත් ජාතික පක්‍ෂයත් එක්‌ක මීට පස්‌සේ ගනුදෙනු වලට සූදානම් නෑ

පි එක්‌සත් ජාතික පක්‍ෂයත් එක්‌ක මීට පස්‌සේ ගනුදෙනු වලට සූදානම්

11060161_10152858436796467_8967680674245199264_n- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

මේ රටේ සිදුකළ මහාම හොරකම තමයි මහ බැංකුවේ හොරකම. එහි වටිනාකම රුපියල් කෝටි හයදාස්‌ පන්සීයට වැඩියි.

“එදා රනිල් මොකටද අගමැතිකම ගත්තේ… අපේ පක්‍ෂයට බලය තියෙද්දි එයා විනාඩි පහෙන් දඩිබිඩියට දිවුරුම් දුන්නා.ඒ උත්සවයට ආපු ඒ වනකොට හිටපු අගමැති බලාගෙන ඉන්නවා. එතුමා අස්‌ කරලා නෑ. අස්‌ කරන්න අමතක වුණා. සහෝදරවරුනි ඒවා ගැන අපි මේ වෙලාවේ කල්පනා කරන්න ඕනෑ. ඒක නිසා අපි එක්‌සත් ජාතික පක්‍ෂයත් එක්‌ක මීට පස්‌සේ ගනුදෙනු වලට සූදානම් නෑ.

අපිට ආසන එකසිය දාහතක්‌ දෙන්න. අපි ජාතික ආණ්‌ඩුවලට යන්නේ නෑ. අපි ජාතික ආණ්‌ඩු හදන්න ඉඩ තියන්නේ නෑ. ඒ නිසා තමුන්නාන්සේලා අපිට ඡන්දෙන් ලබාදෙන ආසන එකසිය දාහත අපිට හොඳටම ඇති.” හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ අදහස්‌ පළ කළේ පෙරේදා (21 දා) වැලිගම නගර මධ්‍යයේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ජය තහවුරු කිරීමේ මහජන රැලියක්‌ අමතමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද පැවැසීය. 
අද වෙනකොට එක්‌සත් ජාතික පක්‍ෂය දින සීයට ඇවිත් දින එකසිය අසූවක්‌ ඉඳපු එකේ ප්‍රතිඵල ඔබලාට පේනවා. දැන් මොකක්‌ද වෙලා තියෙන්නේ. අපි යෝජනා කරලා මුදල් පවා අනුමත කළ කප්පරතොට වරාය දැන් හදනවද? නෑ. එතකොට අර කොටවිල නව නගරය හදලා ඉවරත් නෑ. එහෙනම් එයාලා රජයක්‌ බාර ගත්තේ මොකටද? දැන් මේ ජනතාවට පැවැති රජය බොරු පොරොන්දු දීලා දීලා බලය අරගෙන මොනවද අපට දෙනවය කීව දේවල්වලින් දුන්නේ.
හැම දේම දෙනවය කීවා. අන්තිමට දුන්නේ කොත්තමල්ලී…. ඒකත් වැඩි කළා. දවස ගානේ බඩුමිල රුපියලෙන් රුපියල මිල වැඩි වනවා. හේතුව වැරදි මූල්‍ය කළමනාකරණයෙන් ඩොලරය ඉහළ ගිහින් රුපියල බාල්දු වනවා. ඒ නිසා පිටරටින් එන හැම භාණ්‌ඩයකම මිල දවස ගානේ වැඩි වනවා. නමුත් එයාලාගේ රැවටිල්ල අදත් ඇවිල්ලා කරනවා. අද මම අහගෙන හිටියා අමු තේ දලු කිලෝවට රුපියල් අනූවක්‌ දෙන්න කතා කරනවා. අසූවක්‌ දෙන්න බැරිවෙච්ච අයට අනූවක්‌ දෙන්න පුළුවනිද? බෑ.
දැන් පොල්ගෙඩියේ මිල කීයද? පොල් බෑය කීයද? අසූවට දෙනවය කීව පරිප්පු අද කීයද? මෙයාලා ජනතාව රැවැට්‌ටුවා. දීපු දෙයක්‌ නෑ. මම එදා සමෘද්ධියට තුන් දාහක්‌ දුන්නා. කොහොමද අර පින් පඩිය? කවුද මේ සල්ලි පික්‌ පොකට්‌ ගැහුවේ? වෙනින් කවුරුත් නෙමෙයි රනිල්.
මේ රටේ සිදුකළ මහාම හොරකම තමයි මහ බැංකුවේ හොරකම. එහි වටිනාකම රුපියල් කෝටි හයදාස්‌ පන්සීයට වැඩියි.
පැවැති රජයේ ඒ වගේ අපරාධකාරයෝ ටිකක්‌ තමයි හිටියේ. ඒ සල්ලි අපට තිබුණා නම් රට වටේම සංවර්ධනය කරන්න තිබුණා.
ඊටත් වඩා බරපතළ අපරාධය තමයි අපි එක්‌ සේසත් කරපු රට කඩලා දාලා ජාතික ආරක්‍ෂාවට ඇති කරපු තර්ජනය. එය මහා භයානක තත්ත්වයක්‌ විය හැකියි.
ඇමරිකාව රාජ්‍ය ලේකම්වරයාගේ වාර්තාවේ බොහොම පැහැදිලි ලෙස කියනවා ත්‍රස්‌තවාදීන් ලංකා භූමියේදී පරාජය වුණා. නමුත් පිටරටදී එයාලා පැරදිලා නෑ, කියන කාරණය. ඒ නිසා එයාලාගේ යම් යම් උත්සාහයන් තියෙනවා. මාව ගෙදර යෑවීමේ ගෞරවය ගැන ඇමරිකාව කියනවා ඔවුන්ටයි එය හිමි විය යුත්තේ කියලා. ඊට පස්‌සේ එංගලන්තය කියනවා එයාලටත් එහි යම් ගෞරවයක්‌ හිමිවිය යුතුයි කියලා. නෝර්වේ රාජ්‍යයත් කියනවා එයාලත් සයිඩ් එකෙන් හිටියා කියලා. ඉතින් ඒකට කමක්‌ නෑ.
දැන් අපි දන්නවා මොකක්‌ද වෙන්නේ කියලා. දැනටමත් මෙයාලා සිතින් පරාජය වෙලා. පරාජය පිළිඅරගෙන රනිල් වික්‍රමසිංහ සහ පිරිස දැන් කියනවා එයාලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් සම්බන්ධ කරගෙන ජාතික ආණ්‌ඩුවක්‌ හදා ගන්නවා කියලා.
ඇයි දෙයියනේ එහෙනම් මමත් කියන්න එපායෑ අපිත් යූ.ඇන්.පී. එකත් එක්‌ක ජාතික ආණ්‌ඩුවක්‌ හදනවය කියලා. මම එහෙම කියන්නේ නෑ. ඒ මම දිනන හින්දා. රනිල් අරහෙම කියන්නේ එයා පරදින හින්දා.
අන්න ඒ නිසා අපි හදන්නේ අලුත් ආණ්‌ඩුවක්‌. ඒ හදන ආණ්‌ඩුවට තමුන්නාන්සේලාගේ සුපුරුදු නායකයා ඇතුළු මේ සිටින සුපුරුදු හිතවත් මහජන නියෝජිතයන් වැඩිපුර ගණනක්‌ පාර්ලිමේන්තුවට එවන්න මනාප තුනම පාවිච්චි කරන හැටියට මම මතක්‌ කරනවා.