Sunday, May 31, 2015

මම කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිඉම නොව එක කිරීමය්

අහන්න Mervin Perera ගේ ගීතයක්

ග්ලයිෆොසේට්, බටහිර විද්‍යාව හා දෙවියෝ

ග්ලයිෆොසේට්, බටහිර විද්‍යාව හා දෙවියෝ

ග්ලයිෆොසේට් තහනම පිළිබඳ ව බොහෝ දෙනා දැනටමත් කුලප්පු වී ඇත. එය ජාතික හෙළ උරුමයේ ආධාරය ඇතිව ඊනියා කැලණිය කණ්ඩායමේ  මැදිහත් වීමකින් කෙරුණක් බව කැනඩාවේ වෙසෙන බටහිර විද්‍යාඥයකු වූ චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා 2015 මැයි 27 වැනි දින අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියමින් පවසයි.  මෙහි දී කිවයුතු ප්‍රධානම කරුණ නම් කැලණිය කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් අද ක්‍රියාත්මක නොවන බව ය. එබැවින් ඊනියා කැලණිය කණ්ඩායමකට ජනාධිපති කෘමිනාශක කමිටුවක බලය අත්කර ගෑැනීමට හෝ වෙනත් දෙයකට හෝ අවස්ථාවක් නැත. ධර්මවර්ධන මහතාට අනුව ඊනියා කැලණිය කණ්ඩායමේ පුද්ගලයන් මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී ඇත.


මා කෘෂිරසායනික වකුගඩු රෝගය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසුනේ ඔහු සෞඛ්‍ය ඇමති ව සිටිය දී ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ සාකච්ඡාවට බැසිල් රාජපක්‍ෂ මහතා ද සහභාගි විය. ඒ සාකච්ඡාවේ දි විශේෂ දෙයක් සිදු නොවුනු බව ද සඳහන් කළ යුතු ය. ඉන්පසු කිසිම දවසක මට මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී නැත. එපමණක් නොව ඔහු ඊනියා පොදු අපේක්‍ෂක වූ දින සිට අද දක්වා ම මගේ නිර්දය විවේචනයට භාජනය වෙයි. එහෙත් ග්ලයිෆොසේට් තහනම් කරන බවට ඔහු කියන දෙයට අපේ ස්තුතිය හිමි විය යුතු වෙයි. 

මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා මෙන් නිසග සිංහල බෞද්ධ විරෝධියකු යැයි කීමට නො හැකි ය. ඔහු දේශීයත්වයට දේශීය දැනුමට කැමති ය. කෘෂිරසායනික වකුගඩු රෝගය ගැන ඔහු එදා සිට ම පැහැදිලි ප්‍රතිපත්තියක සිටියේ ය. අද ඔහු ග්ලයිෆොසේට් තහනම් කර ඇතැයි කියයි. එහෙත් ඔහුට ඒ තීරණය ක්‍රියාත්මක කිරීමට රවි කරුණානායක මහතා වැන්නන් හා බටහිරයන් ඉඩ දේවි ද? පසුගිය දා ග්ලයිෆොසේට් බහාලුම් (කන්ටේනර) රාශියක් වරායෙන් පිටතට ගනු ලැබුයේ කාගේ අණකින් ද? මෛත්‍රිපාල සිරිසේන මහතාට එය වැළැක්වීමට හැකි විණි ද? කෙසේ වෙතත් ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක කිරීමට සමස්ත ශ්‍රී ල නි පක්‍ෂය ම මෛත්‍රිපාල සිරිසේන මහතාට තම සහාය දිය යුතු ය. මේ තහනමට මෙරට ඊනියා විද්‍යාඥයන් විරුද්ධ වනු ඇත. දැනටමත් ඔවුහු ඒ සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීමට පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාද යොදා ගනිමින් සිටිති. ඔවුන්ගේ කසිකබල් රසායනික විද්‍යාවට අනුව වකුගඩු රෝගය ග්ලයිෆොසේට් ආසනික් දැලිසක් (ලැටිසක්) නිසා ඇති නො වේ. රවි කරුණානායකලා මේ ඊනියා විද්‍යාඥ්‍රන්ගේ සහාය ලබාගනු ඇත. දැලිස කතාව අප දැනගත්තේ දෙවියන්ගෙනි.   

එමෙන් ම ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් ඊනියා කැලණිය කණ්ඩායම හා ජාතික හෙළ උරුමය අතර සාකච්ඡා තබා හඳුනාගැනීමක්වත් සිදු වී නැත. මා හා ජාතික හෙළ උරුමය නායකයන් අතර සුහදත්වයක් නැත. මම ඔවුන් අවුරුදු තිහක පමණ කාලයක් දන්නෙමි. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු මට ඔවුන් හමු වී නැත. හමුවීමේ අවශ්‍යතාවක් ද නැත. ධර්මවර්ධන මහතා කෙතරම් දුරට කරුණු විකෘති කර ඇත් ද යන්න මේ සියල්ලෙන් පැහැදිලි වනු ඇත.

ග්ලයිෆොසේට් තහනම පිළිබඳ ව තවමත් ලිඛිතව ආණ්ඩුවෙන් කිසිවක් ප්‍රකාශ වී නැත. එසේ ලිඛිතව ග්ලයිෆොසේට් තහනම් කරන තෙක් ඒ වාචික ප්‍රකාශයකට පමණක් සීමා වෙයි. ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක නොකිරීමට මෙරට ඊනියා විද්‍යාඥයන් කටයුතු කරන බව අපි දැන සිටියෙමු. චන්ද්‍රසිරි ධර්මවර්ධන එහි පළමු වෙඩි මුරය පත්තු කර ඇත. මේ ඊනියා විද්‍යාඥයන්ට ඇති මූලික ප්‍රශ්නය කැලණිය කණ්ඩායම එකල නාථ දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණියකුගෙන් කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවත් එහි දී පස හා ජලය ද හේතුවන බවත් දැන ගැනීම ය. ඒ දෙවියන්ගේ ආධාරයෙන් ම ඒ සඳහා යාන්ත්‍රණයක් ද පසුව ඉදිරිපත් කෙරිණි. එයින් කියැවුණේ ආසනික් ග්ලයිෆොසේට් සමග දැළිසක් (ලැටිසක්) සාදන බවත් ආසනික් වකුගඩුවට ගොස් තැන්පත් වන්නේ එමගින් බවත් කැඩ්මියම් ද එහි දී  උත්තේජකයක් වන බවත් ය. 

ඊනියා  විද්‍යාඥයන්ට මෙතෙක් කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව මෙය යැයි කිසිවක් කියා ගැනීමට නොහැකි වී ඇත. ඔවුහු ඒ පිළිබඳ විවිධ කතන්දර කියන නමුත් ඔවුන් අතර එකඟත්වයක් නැත. චන්ද්‍රසිරි ධර්මවර්ධනට මහතාට ද කතන්දරයක් ඇත. එහෙත් එයට ඔහුගේ සොහොයුරු නන්දසිරි ධර්මවර්ධන මහතා හා තවත් පුද්ගලයකු හෝ දෙදෙනකු හෝ හැරෙන්නට අනෙක් අයගේ එකඟත්වයක් නැත. අද ඔවුන් බොහෝ දෙනකු රෝගයට හේතුව පානීය ජලය බව කියනු පෙනෙයි. ඒ සඳහා පිරිසිදු ජලය සැපයීම පිලිබඳ ව බොහෝ දෙනෙක් උනන්දු වෙති. එහෙත් මේ ඊනියා විද්‍යාඥයන් අමතක කරන කරුණ නම් ජලය රෝගයට එක් හේතුවක් බව පළමුවෙන් කීවේ නාථ දෙවියන් බව ය. එකල ම වැව් ජලය පානය කරන්නන්ට රෝගය නොවැළඳෙන බවත් එවකට කැලණිය කණ්ඩායම ප්‍රකාශ කෙළේ ය.

මේ ඊනියා විද්‍යාඥයන් ලෝකයේ ඉතා වැඩි පහසුකම් ඇති ආයතනවල විශ්වවිද්‍යාලවල සේවය කළත් ඔවුන් අතින් හරිහමන් ප්‍රවාදයක් හෝ සංකල්පයක් හෝ බටහිර විද්‍යාවට එකතු කෙරී නැත. ඔවුහු නිකම් ම නිකම් විද්‍යාඥයෝ වෙති. ඒ බොහෝ දෙනා සිංහල බෞද්ධයෝ වෙති. හීනමානයෙන් පෙළෙන මොවුහු බුදුදහම (බටහිර) විද්‍යාත්මක යැයි කියති. එමගින් තම බැරිකම වසාගැනීමට උත්සාහ කරති. බෞද්ධයකු නොවන කාලෝ ෆොන්සේකා මහතා බෞද්ධයනට බොරු වළවල් කපමින් තමන්ට නොතේරෙන කාළාම  සූත්‍රයක් හා යථාර්ථයක් ගැන කතාකරමින් බුදුදහම විද්‍යාත්මක කිරීමට උත්සාහ කරයි.  යථාර්ථවාදී පංචෙන්ද්‍රිය ගෝචර විද්‍යාවක් ගැන කතාකරන ඊනියා සිංහල බෞද්ධ විද්‍යාඥයෝ සිංහල බුද්ධාගමට විරුද්ධ වෙති. 

සිංහල බෞද්ධ බටහිර විද්‍යාඥයන්ට හරිහමන් සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ බටහිර විද්‍යාවට එකතුකිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ චින්තනය බටහිර විද්‍යාව පදනම් වන යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් වෙනස් වන බැවිනි.  ඊශ්‍රාලයේ පිරිසක් පසුගිය මැයි 27 දා කාලය වෙබ් අඩවියේ ලිපි සියල්ල ම පාහේ පිටපත් කරගැනීමට කටයුතු කර ඇතැයි අපි සිතමු. ඒ කුමක් වුවත් අපට අවශ්‍ය වන්නේ අපේ ම වූ දැනුමක් ගොඩනැගීමට ය. 

පැරණි සිංහල බෞද්ධයන් දෙවියන්ගෙන් ද දැනුම ලබාගත් බව සිතිය හැකි ය. අපිදු ඒ අනුව කටයුතු කෙළෙමු. අවාසනාවන්ත හේතු නිසා අද කැලණිය කණ්ඩායම ක්‍රියාත්මක නො වෙයි. එහෙත් අප අපේ දැනුමක් ගොඩ නැගීමේ කාර්යය අත්හැර  නැත. එහි දී අපි බටහිරව දැනුමට අවශ්‍ය විට විරුද්ධ වෙමු. චන්ද්‍රසිරි ධර්මවර්ධන නොදැන සිටියාට ප්‍රභාකරන් පැරදවිය නොහැකිය යන බටහිර දැනුම අපි ෙසෙද්ධාන්තික ව පරාජය කෙළෙමු. කාලෝ ෆොන්සේකා මහතා එකල පින්ලන්තයේ දී සිංහල විරෝධී පොත් ලීවේ පිනට නො වේ. 

කාලෝ ෆොන්සේකා මහතා මැයි 28 වැනි දා වටමඬලට මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන ලිපියක් ලියමින් මෙසේ කියයි. “ඛෙදජනක දේ වන්නේ 1914 වර්ෂයේ දී මාර්ටින් වික්රහමසිංහ සූරීන් වයස 24 දී අවබෝධ කරගත් දේ අවබෝධ කරගත නොහැකි වත්මන් ජාතික චින්තන ප්රාාඥයන් විසින් 21 වැනි සියවසේ දී රජරට වකුගඩු රෝග විනිශ්චය, ආවේශ වූ කාන්තාවකගේ සහ නාථ දෙවියන්ගේ අනුභාවයෙන් කිසි දු බුද්ධිමය ලඡ්ජාවකින් තොර ව සිදු කිරීම යි.” මා විසින් ලියන ලද බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ පොත එළිදැක්වීමේ දී දේශනයක් කිරීම සඳහා කාලෝ ෆොන්සේකා මහතාට ද ආරාධනය කෙළෙමු. ඔහු එදින නම් අපට විරුද්ධව කිසිවක් නො කීවේ ය. ඔහුගේ බුද්ධිමය අවංකභාවය එබඳු ය. 

වයස 24 දී මම ද බටහිර විද්‍යාව ප්‍රිය කෙළෙමි. ඒ වයසේ දී මා ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය දිනාගෙන සසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුල් වූයේ බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වීමට ය. එහෙත් වයස 25 දී සිංහලයන්ට බටහිර විද්‍යාඥයන් වීමට නොහැකි බව තේරුම් ගත්තෙමි. වයස 35 දී පමණ එයට හේතුවද මට දැනෙන්නට විය. මම බටහිර විද්‍යාවෙන් කැඩුණෙමි. මාර්ටින් වික්‍රමසිංහ මහතාටත් කාලෝ ෆොන්සේකා මහතාටත් වයස 80 දීත් සිංහලයන්ට බටහිර වි්‍යාඥයන් වීමට නොහැකි බවවත් සිංහලයන්ගේ චින්තනය බටහිර විද්‍යාවේ චින්තනයෙන් වෙනස් බවවත් තේරුම් ගැනීමට නොහැකි විණි.   

අපට බටහිර විද්‍යාව හා පොදුවේ බටහිර දැනුම පසුපස ගොස් අත්කරගත හැකි විමුක්තියක් නැත. අප අපේ ම වූ දැනුමක් ගොඩනගාගත යුතු ය. කෘසිරසායනික වකුගඩු රෝගය පිළිබඳ අපේ දැනුම එසේ ගොඩනගා ගත්තකි. ඊනියා ලාංකික විද්‍යාඥයන් එයට විරුද්ධ වීම පුදුමයක් නො වේ. ඔවුන්ගේ විරුද්ධත්වය අපේ ධෛර්යයට හේතු වේ. ඔවුහු වැඩ බැරි ටාසන්ලා පමණක් වෙති. මේ දැනුම් යුද්ධයේ දෙවැනි අදියරේ ආරම්භය වෙයි. අපි පේන අසමු. කේන්දර බලමු පංචෙන්ද්‍රිය ගෝචර නොවන ජීවීන් හා වස්තු ගැන විශ්වාස කරමු. අපට අපේ මග යෑමට ලජ්ජාවක් නැත. ලජ්ජා විය යුත්තේ බටහිර දැනුමේ දාසයන් වීමට ය. කාලෝ ෆොන්සේකා මහතා වැන්නෝ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකරෂණ හා වෙනත් එවැනි ප්‍රවාද විශ්වාස කරමින් නාථ දෙවියන්ටත් අපටත් හිනාවෙති. චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාට ලංකාව පැමිණි විටෙක හෝ කාලෝ ෆොන්සේකා මහතාට හෝ බටහිර විද්‍යාව ගැන වාචික ව වාදයකට එළඹෙන ලෙස අභියෝග කරමි. එය පට්ටපල් බොරුවක් බව දෙනෝදාහක් ඉදිරියේ මම පෙන්වමි. 

නලින් ද සිල්වා

2015 ජූනි 01

today'a news............

ශ‍්‍රීලනිප දුෂිතයන් අල්ල සූත්තරේ අර්ජුන කියයි.. ශ‍්‍රීලනිපයේ සිටින දුෂිත පුද්ගලයින් විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන බව ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔවුන් පක්ෂය ඇතුලේ සිටින ත්‍රස්තවාදීන් බවත් පක්‍ෂය බලයට එනවාට ඔවුන් කැමැති නැති බවත් පවසන ඔහු විස්ස සම්මත වීම වැළැක්වීමට ඔවුන් උත්සාහ කරන බවද සඳහන් කරයි.


මහින්ද එනවාට කවුරුත්ම කැමති නෑ.. ඔහුට ඇත්තේ  ගොස් පිනක් දහමක් කරගෙන සිටීමයි.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්‍ෂක තනතුරට කිසිම හේතුවක්‌ නිසාවත් සම්බන්ධ කර නොගන්නා ලෙස ද්‍රවිඩ, මුස්‌ලිම් ඇතුළු සුළු පක්‍ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේෂ ඉල්ලීමක්‌ කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවැසීය.
මෙම තත්ත්වය අනුව මහින්ද රාජපක්‍ෂ මහතා කළ යුතුව ඇත්තේ පන්සලට ගොස්‌ පිනක්‌ දහමක්‌ කර ගැනීම පමණක්‌ යෑයි පැවසූ දිසානායක මහතා මහින්ද රාජපක්‍ෂ මහතා කිසිම හේතුවක්‌ නිසාවත් සම්බන්ධ කර ගැනීමට රජයේ මැති ඇමැතීන් අකමැති බවද පැවැසීය.
– දිවයින


ජනපති මෛත‍්‍රී ඝාතනයට ගෝඨා සැලසුම් කලා.. ඔහු අත්අඩංගුවට ගත යුතුයි.. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඝාතනය කිරීමට සැලසුම් කල බව නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.
හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය රජයේ බොහෝ ඝාතනයන් සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වගකිව යුතු බවත් ජාතික විධායක සභාවේදීද තමන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව සඳහන් කල බවත්ය.
4,523 Viewers 

ශ‍්‍රීලනිපය දෙකඩ වී නෑ.. ගෙඩිය පිටින් මහින්දටයි.. කිහිප දෙනෙක් එජාප කටු කනවා.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දෙකඩ වී ඇති බවට හිටපු ජනාධිපතිනිය කර ඇති ප්‍රකාශය සාවද්‍ය බව ශ්‍රීලනිපයේ ම ඇතැම් මන්ත්‍රීවරු පවසති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක සහ එස් එම් චන්ද්‍රසේන බීබීසීය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ ශ්‍රීලනිපය දෙකඩ වී නැති බවයි.
මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමීප ආධාරකරුවෝ වෙති.
එක්සත් ජාතික පක්ෂයේ ‘විවිධ වරදානවලට යටත් වුනු කිහිප දෙනෙකු’ සිටින නමුත් රටේ බහුතර ජනතාවගේ මතය එය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක කියා සිටියේය.
‘ඒ වරදාන වලට යටත් වුනු අය අද ගම් මට්ටමින් ප්‍රතික්‍ෂේප වෙමින් යනවා. ඒ අයට රැස්වීම් වලට පවා යන්න පුළුවන් කමක් නැහැ. ජනතාවගේ විරෝධය විශාල වශයෙන් මතු වෙලා තියෙනවා.’ ටී බී ඒකනායක මන්ත්‍රීවරයා පැවසීය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාගෙවත් පක්ෂයක් නෙමෙයි. ඒක ජනතාවගේ පක්ෂයක්. අද මේ රටේ ජනතාව ඉතාමත් නිවැරදි තැනක ඉන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්නේ නැතිව ජනතාවගේ අභිමතය පරිදි කටයුතු කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තියෙනවා.’ ඔහු තවදුරටත් කියා සිටියේය.
ශ්‍රීලනිපය දෙකඩ වී ඇති බව හිටපු ජනාධිපතිනිය පවසන්නේ නම් ‘ඊට වගකිව යුත්තේ ද ඇය විසින්ම’ බව, එම ප්‍රකාශය ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන ප්‍රකාශ කරයි.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වශයෙන් පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව. නමුත් එතුමිය මේකට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ වගේ අපට පෙනෙන්නේ.’ ඔහු පැවසීය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘තවම’ කැඩී නැති බව ඔහු තවදුරටත් කියා සිටියේය.
– BBC


රුපියල ඉතිහාසයේ උපරිම බාල්දුවට ලක්වේ.. ඇමරිකානු ඩොලරයට 140 ආසන්නයි.. ඉතිහාසයේ වාර්තා වන දැවැන්තම කඩා වැටීම වාර්තා කරමින් මේ වන විට අමෙරිකානු ඩොලරය ශී‍්‍ර ලංකා රුපියල් 140කට ආසන්න වෙමින් තිබේ.
නවතම ශී‍්‍ර ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 134.70ක් හා විකුණුම් මිල 137.95කි.
කෙසේ වෙතත් විදේශ විනිමය මාරු කිරීමේදී බැංකුවලින් ඊට අයකරන සියයට එකක පමණ අතිරේක ගාස්තුවද සහිතව අමෙරිකානු ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 139කට වැඩි මිලක් ගෙවිය යුතුය.
මෙය මෙතෙක් ඉතිහාසයේ අමෙරිකානු ඩොලරය ඉදිරයේ ශ‍්‍රී ලංකා රුපියල වාර්තාකල දැවැන්තම කඩා වැටීමයි.

දෙහිවල බීච් පාටිය...

දෙහිවල බීච් පාටිය...

(යකා තවමත් එහෙමමය!)


මීට වසර ගණනාවකට ඉහතදී හික්‌කඩුව මුහුදු වෙරළේ සංවිධානය කර තිබූ එක්‌තරා 'පාටියක්‌' රටේ විශාල ආන්දොaලනයක්‌ ඇති කිරීමට සමත් විය. මත්පැන්, තහනම් මත්ද්‍රව්‍ය සහ නිරුවත් අනඟ රැඟුම්වලින් අනූන වූ ඒ ගැන බොහෝ මාධ්‍ය රටට හෙළි කළෝය.

පසුගිය සතියේද එවැනිම 'පුවතක්‌' ගැන වාර්තා වී තිබිණි. ඒ හික්‌කඩුවෙන් නොව දෙහිවලිනි. මේ පාටිය පැවැත්වුණේ හික්‌කඩුව සිද්ධියෙන් වසර ගණනාවකට පසුව වුවද සංකල්පයේ වෙනසක්‌ තිබුණේ නැත.

අපේ රටට 77 වර්ෂයේදී විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසු ආරම්භ වූ මේ ජරාජීර්ණ වෙනස්‌ සංස්‌කෘතික සංකල්පය එවක්‌ පටන් නිරන්තරයෙන්ම සංවර්ධනය වූවා මිස අසාර්ථක ව්‍යාපෘති බවට පත් වූයේ නැත. රටේ සංවර්ධනය අඩාලව පවතින විට පවා මේ සංස්‌කෘතික හෝදාපාළුවට උසස්‌වීම් ලැබුණේ එහෙයිනි. විවෘත ආර්ථිකයකට මානුෂික මුහුණුවරක්‌ දෙන්නට යෝජනා කළ යුගයක්‌ද විය. මානුෂික මුහුණුවර නම් වෙස්‌ මුහුණු තුළ ද "යකා" සිටියේ දත් විළිස්‌සාගෙනය.

රටේ කැසිනෝ පනත් සම්මත කරගන්නට උත්සාහ දරන විටත් "යකා" සිටි බව අමතක කළ යුතු නැත. දෙහිවල බීච් පාටිය පැවැත්වෙන්නේ යකාට එරෙහිව සටන් වදින්නෙමු යෑයි කියන යුගයක ආරම්භයේදීම ය.

වර්තමානය වන විට යකා ගෙනා කට්‌ටඩියා නැත. යකා බඳින්න කතා කළ කට්‌ටඩියන්ද නැත. එහෙත් ආතුරයන් හිසේ කෙස්‌ ගාණටය. "බීච් පාටි" අපිට කියන්නේ ඒ ආතුරයන් ගැනය.

ලැබෙන තොරතුරුවලට අනුව බීච් පාටිය ගැන මුලින්ම ආරංචි වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවටය. වැටලීම කරන්නේද සුරාබදු නිලධාරීන්මය. එම නිලධාරීන් වැටලීම සිදුකරන විට එල්. එස්‌. ඩී., එක්‌ස්‌ටසි, ගංජා, කේරල ගංජා ආදී වශයෙන් වූ තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර "ආතල්" ගනිමින් සිටි තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක්‌ සිටි බව කියෑවේ.

පාටියක්‌ වැටලීමට සිදුවන්නේ යම් නීති විරෝධී හෝ සදාචාර විරෝධී යමක්‌ එතැන සිදුවන්නේ නම් පමණි. සැබැවින්ම සිදුව තිබුණේ ද එයමය. වැඩේ "නරකට" සිදුවන බවට ආරංචි ලැබෙන්නේද මාසයකට දෙකකට කලිනි. ඒ "ෆේස්‌බුක්‌" සමාජ ජාලා වෙබ් අඩවිය හරහාය. ප්‍රචාරණය සිදුව තිබුණේ තනිකරම ෆේස්‌බුකිය හරහාය. තරුණියන්ට (කාන්තාවන්ට) සහ ගැහැනුත් නොවන පිරිමිත් නොවන අයට නොමිලයේ පාටියට ඇතුළු විය හැකිව තිබිණි. පුරුෂ පක්‍ෂයෙන් රුපියල් එක්‌දහස්‌ පන්සියයක අයකිරීමකි. ඇතුළු වූ පසු බියර් ටින් එකකින්, බ්ලැක්‌ ලේබල්වලින් ආරම්භ වන මත්වීමෙහි උපරිමය මත්ද්‍රව්‍ය දක්‌වා ගලා යයි. තාලයට අඩිය තබමින් නටන නැටුම, ඇඳුම් ගැලවී ශෘංගාරය මුසුවූ කැබරේ ඩාන්ස්‌ ද ඉක්‌මවන පරාසයකට ගමන් කරයි. එළිවන ජාමයේ බොහෝ ජෝඩු සිටින්නේ වැල්ල යහන කර ගනිමිනි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් කළ නිලධාරීන් කියන ආකාරයට අත්අඩංගුවට පත් සියලු දෙනා අවුරුදු 17-20 අතර පසුවීම විශේෂත්වයකි. සංස්‌කෘතික සෝදාපාළුවේ තරම ගැන කියන්නට වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත. මීට පෙරද ගල්කිස්‌ස වෙරළේ මෙවැනිම පාටියක්‌ පැවැත්විණි. එදිනද වැටලීමක්‌ සිදුවිය. එලෙසින්ම වාර්තා නොවන තවත් මේ ආකාරයේ ආතල් සාද රට පුරා පැවැත්වෙන බව කිව යුතුය. ඒ සඳහා පෙළගැසී සිටින්නේ ද නාඹර තරුණ තරුණියන් බව කිව යුතුය. අප දන්නා පරිදි මේ ආතල් ගැනීමෙහි පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළෝ සමහර ඇමැති පුතුන් ය. ක්‌ලබ්වලදී, හෝටල්වලදී ගුටි කෙළගැනීමෙහි සිට මත්ද්‍රව්‍ය විකිණීමෙහි පෙරමුණ ගත්තේද එවැනි පිරිසකි. සුපිරි පැලැන්තියේ "පොඩි පොඩි කෑලි" කොපි කිරීමට පුරුදුව සිටින පහළ පංතියේ අයට බීච් පාටි "සුපිරි ආතල්" බවට පත්වන්නේ එහෙයිනි.
ෆේස්‌බුකිය ඇතුළු බොහෝ සමාජජාල වෙබ් අඩවිවලත් විවිධ වීඩියෝ දර්ශනත් පරිකල්පනය කර බොහෝ දේ අත්හදා බැලීමට යැම විනාශය කරා ඇදී යැමක්‌ බව තරුණ තරුණියන්ට අවබෝධ කරදීමට ගැළපෙන දේශපාලන සංස්‌කෘතියක්‌ද නිර්මාණය වී නැත. සංස්‌කෘතිය, සදාචාරය සභ්‍යත්වය මේ කවර දේ ගැන වුවද රටේ දේශපාලනඥයන් කෑ මොර දුන්නද ඒ සඳහා නිසි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වීද නැත.

ශිරන්ති අද FCIDයට.. සිරිලිය සවියේ 222222222v මෙන්න ඇත්ත

ශිරන්ති අද FCIDයට.. සිරිලිය සවියේ 222222222v මෙන්න ඇත්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහාතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දනියේ කොළඹ පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. මෙසේ ඇය කැඳවා ඇත්තේ සිරිලිය සවිය බැංකු ගිණුමේ සිදුවී යැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලාබ ගැනීම සඳහායි.
මෙම ගිණුම සම්බන්දයෙන් එල්ල වී ඇති චෝදනා ගැන හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක මෙසේ පැහැදිලි කිරීමක් වෙයි.
[1]. ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ප්‍රකාශයක් සටහන් කරගනීමට නියමිතව ඇත්තේ “සිරිලිය සවිය” සම්බන්ධයෙනුයි.
[2]. එජාපය මගින් එතුමියට කර ඇති චෝදනාව වූයේ “සිරිලිය සවිය” බැංකු ගිණුමේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජාතික හැඳුනුම්පත් අංකය 222222222V යනුවෙන් සඳහන් වීම යි.
[3]. “සිරිලිය සවිය” පුණ්‍යාධාර සංවිධානය සඳහා මහජන බැංකුව විසින්ම ගිණුමක් ආරම්භ කරන ලෙස, සිරිලිය සවිය පුණ්‍යාධාර ආයතනය වෙත ආරාධනා කර ඇත. එනම් ඕනෑම වාණිජ බැංකුවක් කැමතියි තමන් ගාව වැඩි මුදලක් තැන්පත් වෙනවාට. ඒ අනුව මහජන බැංකුව විසින් ස්වෙච්ඡාවෙන්ම අදාල සිරිලිය සවිය ගිණුම විවෘත කර දෙයි.
(i). ගිණුමක් විවෘත කිරීමේදී හැඳුනුම්පත් අංකයක් සටහන් කරගන්නේ අදාල තැන්පත් කරුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමටයි. එවකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය රටේ පළමු කාන්තාව “First Lady” ලෙස හැඳින්වුණ නිසා ඇයගේ අනන්‍යතාවය අමුතුවෙන් තහවුරු කරගැනීමට මහජන බැංකුවට අවශ්‍ය වී නෑ. ඒ අනුව මහජන බැංකුවේ “information system” එකේ අදාල “text box” හිස්ව තැබීමට නොහැකි නිසා සිරිලිය සවිය හි මුදල් පරිපාලනය කළ එම් ජේ ඒ කුමාරි මහත්මියගේ හැඳුම්පත් අංකය ලෙසට 111111111V  ලෙසටත්, ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හැඳුනුම්පත් අංකය 222222222V ලෙසටත් සඳහන් කර තිබේ.
(ii). ජාතික හැඳුනුම්පත සටහන් කරගත යුතුමයැයි නීතියක් නොමැතිනම් සහ ගිණුම් භාරකාරීත්වය අමුතුවෙන් සනාථ කරගැනීමට අනවශ්‍ය නිසා එය ඔවුන් නොසලකා හැරියා විය හැකියි.
(iii). ජාතික හැඳුනුම්පත් අංක එලෙස සටහන් කිරීම තමන් අතින් සිදුවූ අතපසු වීමක් ලෙස සඳහන් කරමින් මහජන බැංකුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලිපියක් යවා ඇත.
උපුටා ගැනීම – mahinda.info

රනිල්ගේ තර්ක

රනිල්ගේ තර්ක

රනිල් වික්‍රමසිංහ මා දන්නා තරමින් නීතිඥයකු වුව ද උසාවියට ගොස් නඩුවලට පෙනී සිටීමේ පළපුරුද්දක් ඇති අයකු ලෙස ප්‍රසිද්ධ නැත. ඔහුගේ දේශපාලන ජීවිතයත් සමග නීතිඥ වෘත්තිය කරගෙන යෑම අපහසු නිසා එසේ වූවා දැයි නො දනිමි. එහෙත් දේශපාලනයෙහි යෙදී සිටිය දී ම සාර්ථක ව නීතිඥ වෘත්තියෝ යෙදුණු අය වෙති. රනිල් නීතිඥ වෘත්තියෙන් බැහැර වී සිටින්නේ ඔහුගේ හැකියාවන් ගැන ඔහුට අවබෝධයක් තිබෙන නිසා විය හැකි ය. 


තර්කයෙන් ලබාගත හැකි වාස්තවික සත්‍යයක් නැත. වාස්තවික වූ සත්‍යයක් නැති තැන තර්කයෙන් නොව කිසිම මෙවළමකින් වාස්තවික සත්‍යයක් ලබාගත නො හැකි ය. ගණිතමය සත්‍යයක් නම් තර්කයෙන් ලබාගත හැකි ය. එහෙත් එය ද පුනරුක්තියක් පමණකි. තර්කයෙන් නිගමනය කෙරෙන දේ ගණිතමය සත්‍ය ලෙස සැලකෙයි. අනෙක් අතට තර්කය යන්න ද උද්ගමනයෙන් ලබාගන්නකි. උද්ගමනයෙන් ලබාගන්නා තර්කය ඇසුරෙන් අපි නිගමනය කරමු. එහි ඇති පරස්පරය රනිල් වික්‍රමසිංහටවත් බෝධි ධනපාලටවත් තේරෙන්නේ යැයි නො සිතමි. ඒ කෙසේ වෙතත් දෙදෙනාම තර්ක කරති. 

රනිල්ගේ තර්කයකට අනුව මහින්ද රාජපක්‍ෂ ජනතාව විසින් ප්‍රතික්‍ෂෙප කෙරී ඇත. එබැවින් මහින්ද රාජපක්‍ෂ අගමැතිකමට සුදුසු නො වේ. පසුගිය ජනාධිපතිවරණයෙහි දී ජනතාව ඡන්දය දී ඇත්තේ මෛත්‍රිපාල ජනාධිපති කිරීමටත් රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමටත් ය. රනිල්ට අනුව රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමට නො හැකි ය. රනිල් තිස්වතාවක් පමණ පැරදීමෙන් පසුව අගමැති කම පික්පොකට් ගැසුවේ ය. ඔහු මහින්දට කියන්නේ ද අගමැතිකමට ඉදිරිපත් නොවී අගමැතිකම පික්පොකට් ගැසීමට ද? 

රනිල් අගමැතිකමට පත්කෙරුණේ දි මු අගමැතිව සිටිය දී ම ය. මෛත්‍රිපාල ජනාධිපති වී රනිල් අගමැති ධුරයට පත් කෙළේ  දි මු අස්නොකර ය. අද ඔවුන් කියන්නේ මෛත්‍රිපාල ජනාධිපති වූ විගස දි මු අස්කර අදාළ ,ලිපිය ලිපි ගොනුවේ දමාගත් බව ය. මේ කතා කිව යුත්තේ කොණ්ඩෙ බැඳපු චීනුන්ට ය. එහෙත් අද එවැනි චිනකු වරාය නගරයෙහිවත් සොයා ගැනීමට නො හැකි ය. රනිල් අගමැතිකම පික්පොකට් ගැසුවේ ය. අපි ඒ බව ජනවාරි 9 වැනි දා සිට ම කියමු. එහෙත් ජනමාධ්‍යවේදීන්ට අප කියන දේ නො ඇසයෙි. ඔවුන්ට ඇසෙන්නේ මෙතෙක් නිහඬ ව සිටි සරත් නන්ද සිල්වා අඩු තරමෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයක් නොලබා ඒ බව කීමට පටන්ගැනීමෙන් පසුව ය. කෙසේ වෙතත් දැන් ජනතාවට ඒ බව ඇසෙන්නට සැලැස්වීම ගැන ජනමාධ්‍ය පඬියන්ට ස්තුතිවන්ත විය යුතු ය. 

අප මෙතෙක් කල් සිතා සිටියේ ජනවාරි 9 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් බව ය. එදින ජනාධිපතිවරණයක් මෙන් ම අගමැතිවරණයක් ද පැවැත් වූ බව රනිල් අපට කියා දෙයි. ඔහුගේ තර්කයට අනුව මෛත්‍රිපාල ජනාධිපතිවරණයේ දී රනිල් අගමැති කරන බවට පොරොන්දු වී ඇත. රනිල් අගමැති පදවියට පත්කෙරී ඇත්තේ ජනතාවට දුන් ඒ පොරොන්දුව අනුව ය. පොරොන්දු ඉටුකළ හැකි ඒවා, ඉටුකළ නොහැකි ඒවා ආදී වශයෙන් වර්ග කළ හැකි ය. 

රනිල් අගමැති කරන බවට මෛත්‍රිපාල පොරොන්දු නො වී ය. ඔහු පොරොන්දු වූයේ රනිල් විධායක අගමැති ලෙස  පත්කරන බව ය. ඔහුට එය කළ නොහැකි ය. ජනාධිපති සතු විධායක බලතල ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්ුවටවත් අගමැතිට පැවරිය නො හැකි ය. ඒ සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය ය. පසුගිය දා ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට අනුව ඒ බව දැන් කොල්ලො කුරුට්ටෝ ද දනිති. 

සෝභිත හිමියන් කෙසේ අනුශාසනා කළත් උන්වහන්සේ තැටිය කොපමණ රත්කළත් සරත් විජේසූරිය නිර්මාල් දේවසිරි වැනි ඇදුරන් කෙතරම් ගිනි පිම්බත් ලැබී ඇත්තේ කොත්තු රොටියකි. තිබී ඇත්තේ සද්දය පමණකි. ඒ බව ද කොල්ලෝ දනිති. රනිල්ට අද විධායක බලතල නැත. ඒ බලතල පාර්ලිමේන්තුවට ද නැත. ඒවා තවමත් ජනාධිපති සතු ය. රනිල්ට ඒ පිලිබඳ ව ඇත්තේ සතුටක් යැයි කිව නො හැකි ය. 

මෛත්‍රිපාල ජනාධිපතිවරණයේ දී රනිල් අගමැති කරන බවට පොරොන්දු විණි යැයි සිතමු. එහෙත් මෛත්‍රිපාල එය නීත්‍යානුකූල ව කෙළේ ද? නැත, ඔහු පික්පොකට් අගමැතිවරයකු පත් කෙළේ ය. ඒ නිසා රනිල්ට තමා අගමැති යැයි නීත්‍යානුකූලව කීමට නො හැකි ය. අනෙක් අතට ජනාධිපතිවරණයකින් පසුව අගමැති වෙනස් වීම අවශ්‍ය නො වේ. රනිල් ජනාධිපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් අතර වෙනස මීළඟ මැතිවරණයට පෙර දැනගන්නේ නම් මැනවි. ඔහු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව නව ජනාධිපතිවරයකු ද පත්කරන ලෙස ඉල්ලා සිටීමට වැඩි ඉඩකඩක් වෙයි. මෛත්‍රිපාල සිරිසේන ඒ පිළිබඳ තම අවධානය දැන් සිට ම යොමු කරන්නේ නම් මැනවි.

නලින් ද සිල්වා

2015 මැයි 31

ගෝඨා සිංගප්පූරුව‍ට....

ගෝඨා සිංගප්පූරුව‍ට....

කතෘ:යුතුකම     5/31/2015   No comments
සිංගප්පූරු රාජ්‍ය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී නාගරික සංවර්ධනය සහ ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම පිළිබද දැනුම ලබා දෙන ලෙස, එරට විදේශ ඇමති කේ. ශන්මුගම් මහතා ගෝඨාට දැනුම් දී තිබේ.

වර්තමාන ලෝකයේ මිලේච්ඡ ත්‍රස්තවාදය තමන් ගේ භූමිය තුළදී මැඩ පැවැත්වීමේ එකම විජයග්‍රහණය වාර්තා කළ එකම රට වන්නේ ද ශ්‍රී ලංකාව ය. එයට විශාල ජීවිත වන්දියක් ගෙවන්නට සිදු වූ බව නොරහසකි.

පසුගියදා සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ 1976 දොරේඅප්පා ඝාතනය වූයේ තමන් ගේ පාලන ප්‍රදේශයකදී බව ය. දොරේඅප්පා ඝාතනය සිදු කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. එය ද පිස්තෝල ප්‍රහාරයකිනි.ඉන්පසු 80 දශකයේ මුල, යාපනයේ අපරාධ සිදු කරන සාමාජිකයන් '11 දෙනා ගේ පිස්තෝල කල්ලිය' පිළිබද පුවත් එකල ගුවන් විදුලියෙන් ප්‍රචාරය කෙරෙනු මට මතක ය.
එකල ද සරත් ෆොන්සේකා මහතා 'ප්‍රභාකරන් ගේ කල්ලිය' දැක දැක ඉන්නට ඇත.
ඒ අනුව පැහැදිලි වන්නේ නො තිබුණු LTTE සංවිධානයක් වර්ධනය වී, නාවුක, ගුවන් සහ පාබල වශයෙන් සියලු ක්ෂේත්‍රවලින් සන්නද්ධ වන තෙක්, සරත් ෆොන්සේකා මහතාට තම සිතැගි ඉටු කර ගන්නට, දශක ගණනක් මග බලා සිටින්නට සිදු ව තිබෙන බව ය.
එය ද ගෝඨා ‍ගේ ආරාධනය ලැබෙන තුරු ය.
සියලු සැලසුම් සාර්ථක ව දියත් කළ සිංහල ප්‍රමුඛ ශ්‍රී ලාංකික මොළකරුවෝ, අවසානයේ LTTE ත්‍රස්තවාදය යුදමය වශයෙන් අවසන් කළ හ.

එතැන් සිට සිදු විය යුතු ව තිබුණේ කුමක් ද?

රට මූලෝපායික වශයෙන් සංවර්ධනය කෙරෙන අතරේ, අවම වශයෙන් දකුණු ආසියානු කලාපයේ ත්‍රස්තවාදී කටයුතු මර්දනය කිරීමේ වගකීම ශ්‍රී ලාංකික හමුදාවේ නායකත්වයට පැවරීම ය. ආරක්ෂක සේවා උපදේශකයන් ලෙස ඔවුන් ‍ගේ දැනුම ඉහළ මිල ගණනට අලෙවි කළ හැකි දැනුම් පද්ධතියක් සහිත ආයතන බිහි කිරීම ය.
නිදර්ශනයක් වශයෙන් LTTE ත්‍රස්තවාදීන්ට අදහා ගන්නට නො හැකි වූ arrow boat දේශීය සංකල්පය පිළිබද තාක්ෂණික දැනුම සදහන් කළ හැකි ය.

එහෙත් සිදු වූයේ කුමක් ද?

සරත් ෆොන්සේකා මහතා නො ගැලපෙන දේශපාලනයකට ඇද දමා, යුද ජයග්‍රහණය ද බලු කුණක් බවට පත් කිරීම ය. අද විවිධ කබරු, විටින් විට පැන බලුකුණ ඇද ගෙන දුවති. නපුංසක දේශපාලුවන් රොත්තක් මැදට වැටුණු සරත් ෆොන්සේකා මහතා දැන් අයාලේ යන දේශපාලන විහිඵකාරයකු බවට පත් ව තිබේ.
යුද්ධයට අතරමැදි ව දිවි කැප කළ සියලු අය ගේ ජීවිතවලට අර්ථයක් දිය හැකි වන්නේ, එය ජයග්‍රහණයක් ලෙසින් ම ඉදිරි පරපුරට පැවරීමෙන් පමණි.
අද ජීවිත පරදුවට තබා දිනා ගත් මහා යුද ජයග්‍රහණය ගැන උදම් අණන සරත් ෆොන්සේකා මහතාට එද‍ා, දොරේඅප්පා ඝාතනයෙන් පසු පැනගිය ප්‍රභාකරන් පසුපස එළවා ගොස් මරා දමන්නට සිතක් පහළ නො වූයේ ඇයි?
ඔහුට අණක් අවශ්‍ය ව තිබිණි.
ඒ අණ මෙදා ඔහුට සැබැවින්ම දෙන ලද්දේ, ගෝඨා විසිනි.
ගෝඨා නො වන්නට, සරත් ෆොන්සේකා-වසන්ත කරන්නාගොඩ ගැටුම පවා කළමනාකරණය වන්නේ නැත. එසේ සිදු නො කළේ නම්, අද රනිල්ලාට සමරන්නට යුද ජයග්‍රහණයක් උදා වන්නේ ද නැත‍.

කවර චෝදනා එල්ල වුව ද, ගෝඨා දේශීය නාගරික සංවර්ධනයට නූතන අර්ථකථනයක් ලබා දුන් අයෙකි. එය ද ඔහු ගේ සැළසුම්වල ඵලයකි. 2014 වර්ෂයේදී අමෙරිකාවේ නිව්යෝක් නගරයේ දකුණු ආසියානු කටයුතු පිළිබද සම්මන්ත්‍රණයක් පැවැත්වුණු අතර, ඊට පාදක වී තිබුණු විශේෂ මාතෘකාවක් වූයේ, ගෝඨා ගේ නාගරික සංවර්ධන වැඩපිළිවෙල ය.
රටක් වශයෙන් සිදු කළ යුතු ව තිබුණේ, ජයග්‍රාහී සැලසුම් ඉදිරියට ගෙන යන අතරේ, රටේ අවභාවිතයන් අවම කර ගැනීම ය. එහෙත් අද සිදු ව තිබෙන්නේ, සියල්ල අතරමග අත්හැර දමන ලද තත්ත්වයෙන් තබා ගන්නට ය.
වසර 20ක් බලය අල්ලන්නට බැරි ව ගෙදරට නාකි වෙමින් සිටි එක්සත් ජාතික පක්ෂයට අද අවශ්‍ය වී තිබෙන්නේ රට ගොඩ නැගීම නො ව, පක්ෂය ප්‍රතිසංවිධානය කර ගැනීම ය. ඒ සදහා එක්සත් ජාතික පක්ෂයේ නො වන, සියලු නූතන දේ විනාශ කළ යුතු යයි සිතන අමන ප්‍රතිපත්තියක් ඔවුහු දැන් අනුගමනය කරමින් සිටිති‍.
අද ශ්‍රී ලංකාව, ගෝඨා හිරගෙදරට යවන්නට මග බලමින් සිටී.
සිංගප්පූරුව, ගෝඨා රාජ්‍ය විශ්වවිද්‍යාලයට බදවා ගන්නට මග බලමින් සිටී.
වෙළෙදපළ ආර්ථිකයේ අනභියෝගී කේන්‍ද්‍රස්ථානය බදු සිංගප්පූරුව, නූතන රාජ්‍ය සංකල්පය භාවිත කරන ආකාරයෙන් සිටිනුයේ, ශ්‍රී ලංකාවට වඩා ගව් සිය ගණනක් ඉදිරියෙනි.

රනිල් වික්‍රමසිංහ යනු උගතකු නො ව, බටහිර හුළං පාරට වැනෙන පඹයෙකි.

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

යහපාලන ආණ්ඩුව සමලිංගික වූයේ කෙසේද?


යහපාලන ආණ්ඩුව සමලිංගික වූයේ කෙසේද? 

 

කතෘ:යුතුකම     5/31/2015   No comments
ජාත්‍යන්තරය හමුවේ සමලිංගික සේවනයට පක්‍ෂව
පෙනී සිටියේ කෙසේදැයි ආණ්ඩුව රට හමුවේ පැහැදිලි කළ යුතුයි - ජා.නි.පෙ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය කාරක සභාවේදී සමලිංගික සේවනයට අදාළ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි වත්මන් ආණ්ඩුව රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

අද(31) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

‘‘ඊනියා යහපාලකයන් ගෙවී ගිය කෙටි කාලය තුළ මේ රට අස්ථාවර කළා පමණක් නොවෙයි, සංස්කෘතිකමය වශයෙන් ද විනාශය කරා රැගෙන යමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය පිළිබඳ කාරක සභාවේදී රුසියාව විසින් යෝජනාවක් ඉදිරිපත් කළා ‘එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩයේ සිටින සමලිංගික පවුල් සඳහා වරප‍්‍රසාද ලබාදෙමින් සිටිනවා. එසේ ලබා දෙන වරප‍්‍රසාද අහෝසි කළ යුතුයි’ කියලා. එසේම එම යෝජනාවේ සඳහන් වෙනවා, ‘සමලිංගිකභාවය පිළිගැනීම හෝ පිළිනොගැනීම පිළිබඳව එක් එක් රටට ස්වාධීන තීරණයක් ගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ ඒ රටේ පවතින සංස්කෘතියට සාපේක්‍ෂව තමයි ඒ පිළිබඳ තීරණයක් ගත යුත්තේ’ කියලා.

ශ‍්‍රී ලංකාව ඉතාමත් අවාසනාවන්ත විදිහට එම යෝජනාවට විරුද්ධ වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව එහිදී පෙනී සිටින්නේ සමලිංගිකභාවයට, සමලිංගික පවුල්වලට පක්‍ෂව. මේක ඉතාමත් බරපතළ තත්ත්වයක්. එක්සත් ජාතීන්ගේ කාරක සභාවකදී ශ‍්‍රී ලංකාව සමලිංගිකත්වයට පක්‍ෂව පෙනී සිටීම, ඊනියා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය තීරණවල වෙනසක්ද? කියා අපි අහනවා.

අපේ රටේ දණ්ඩ නීති සංග‍්‍රහය අනුව මේ සමලිංගික සම්බන්ධතා නීතියෙන්ම තහනම්කර තිබෙන දෙයක්. දැන් මේ ආණ්ඩුව සමලිංගික සම්බන්ධතා පිළිගන්නා ප‍්‍රතිපත්තිමය තීරණයකට පැමිණ ඇති බවයි පෙනෙන්නේ. අපි මේ ඊනියා යහපාලන ආණ්ඩුවෙන් අහනවා, ‘මේ ප‍්‍රතිපත්තිමය තීරණය ගත්තේ කොතැනදීද?’ කියලා. මේ ප‍්‍රතිපත්තිමය තීරණය ගනු ලැබුවේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඔහුගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් පැවති කමිටුවකදීද? එසේ නොමැති නම් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති කමිටුවකදීද? සමලිංගික සේවනය පිළිගැනීමේ ප‍්‍රතිපත්තිමය තීරණය ගනු ලැබුවේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, රාජිත සේනාරත්න, චම්පික රණවක යන ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදීද? එසේ නොමැති නම් අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ ජාතික විධායක සභා රැස්වීමකදීද? ආණ්ඩුව මේ පිළිබඳව වහාම ප‍්‍රකාශයක් කළ යුතුයි. මේක හංගලා, ජනතාවට කොලේ වහලා යන්න දෙන්න බැහැ.

ශ‍්‍රී ලංකාව වසර 2500කට අධික කාලයක් බුදු දහම මත පදනම්ව ගොඩනැගුණු සංස්කෘතියක් තිබෙන රටක්, බෞද්ධ සම්ප‍්‍රදායන් පවතින රටක්. ඒ වගේම හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික සංස්කෘතීන්වලින් පෝෂණය වූ රටක්, ආසියාතික සංස්කෘතියක් පවතින රටක්. මේ සියලූ සංස්කෘතීන්හි මූලික තැනුම් ඒකකය පවුල. ජාත්‍යන්තරය ඉදිරියේ සමලිංගිකත්වයට පක්‍ෂව, සමලිංගික පවුල්වලට පක්‍ෂව යමින්, මේ එන්නේ සංස්කෘතික ආක‍්‍රමණයක්. මේ සංස්කෘතික ආක‍්‍රමණය හරහා ‘පවුල’ කියන අපේ සංස්කෘතියේ මූලික තැනුම් ඒකකය විනාශ කිරීමටයි සූදානම් වෙන්නේ.

රටේ දේශපාලන අස්ථාවරත්වය හැදුවා වගේ, ආර්ථිකය විනාශ කළා වගේ, නව ලිබරල්වාදයට ගැලපෙන සංස්කෘතියක් හදලා බුදු දහමින්, හින්දු දහමින්, ඉස්ලාම් දහමින්, කතෝලික දහමින් ඔප් නැංවුණු අපේ අපේ සංස්කෘතිය විනාශකර දමන්නයි මේ අය සූදානම් වන්නේ. ‘සමලිංගිකත්වයට එරෙහි මේ රුසියානු යෝජනාවට’ සියලූ දකුණු ආසියාතික රටවල් පක්‍ෂව ඡන්දය දුන්නා. නමුත් ශ‍්‍රී ලංකාව පමණක් ඊට විරුද්ධ වුණා.

‘ඇප දිය නොහැකි වරදක්’

දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 වගන්තිය අනුව ‘අස්වාභාවික වැරදි’, 365(අ) වගන්තිය අනුව ‘පුරුෂයන් අතර තදබල අශෝභන ක‍්‍රියා’ යනුවෙන් මෙම සමලිංගික සේවනය අපරාධ වරදක් ලෙස දක්වා තිබෙනවා. දණ්ඩ නීති සංග‍්‍රහයේම දක්වා තිබෙනවා, සමලිංගික සේවනය, ‘ඇප දිය නොහැකි වරදක් කියලා. ඒ වගේම යමිකිසි කෙනෙක් සමලිංගික සේවනයට අනුබල දෙනවා නම් ඒකත් දණ්ඩ නීති සංග‍්‍රහය අනුව අපරාධ වරදක්.

ඊනියා යහපාලන ආණ්ඩුව පැහැදිලිව සමලිංගික සේවනයට අනුබල දී තිබෙනවා. ඒ අනුව මේ ආණ්ඩුව රටේ නීතිය උල්ලංඝනය කර තිබෙනවා. එසේම මෙරට විදේශ ප‍්‍රතිපත්තිය හෑල්ලූවට ලක්කර තිබෙනවා.

රුසියාව අපේ රටට ඉතා මිතුරු රාජ්‍යයක්. එවැනි මිතුරු රටක් ගෙන එන යෝජනාවකදී මෙතරම් විරුද්ධ වීමෙන් පෙනෙනේ කුමක්ද? ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා අපේ රටට එන ප‍්‍රශ්නවලදී එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රුසියාව ඉතා වැදගත්. එම ප‍්‍රශ්නවලදී රුසියාවේ සහයෝගය ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කරලීමේ දිශාවටයි මේ ඊනියා යහපාලකයන් ගමන් කරමින් සිටින්නේ.

මෙතැනදී සිදුවන්නේ දැවැන්ත සංස්කෘතික ආක‍්‍රමණයක්. එය මේ ඊනියා යහපාලන ආණ්ඩුව දැනුවත්ව සිදු කෙරෙන සංස්කෘතික ආක‍්‍රමණයක් බව ඉතා පැහැදිලියි. මේක අගමැති රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග‍්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්‍ෂ රත්මලාන ආසන සංවිධායක උපුල් ශාන්ත සන්නස්ගල යන මහත්වරු එකතු වෙලා හෝ තනි තනිව හෝ ගත්තු තීරණයක් වෙන්න පුළුවන්. නමුත් ‘මේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය, සමලිංගික පවුල් පිළිගන්න තැනට පත් වුණේ කොහොමද?’ කියන බරපතළ ප‍්‍රශ්නයට මේ ආණ්ඩුවේ බලධාරීන් වහාම පිළිතුරු දිය යුතුයි’’

-අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-05-31

දැන් ශ‍්‍රීලනිපයක් නෑ.. බෝඞ් ලෑල්ලක් තියෙනවා..

දැන් ශ‍්‍රීලනිපයක් නෑ.. බෝඞ් ලෑල්ලක් තියෙනවා.. අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වූ එකක් වී ඇති බව පස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.
අභාවප‍්‍රාප්ත රෙජී රණතුංග මහතාගේ හත් වැනි ගුණසමරුවට එක්වෙමින් ඔහු සඳහන් කලේ පාක්ෂිකයන් නැති පක්ෂයයකින් වැඩක් නැති බවයි.
තව දුටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පක්ෂ නායකත්වයට ගම්මට්ටමේ පාක්ෂිකයන් ශක්තිමත් කිරීමේ වැඩ සටහනක් නැති බවත් තමන් තම පියාගේ අඩිපාරේ යමින් තමන් ශ්‍රීලනිප බහුතර පාක්ෂික මතය වෙනුවෙන් පෙනී සිටිමින් පාක්ෂිකයන් ආරක්ෂා කරන්න බවත්ය.

‘මහින්ද පන්සල් නොයනු’ – අනුරාධපුරයේ විරෝධතා..

‘මහින්ද පන්සල් නොයනු’ – අනුරාධපුරයේ විරෝධතා.. වෙහෙර විහාරස්ථාන දේශපාලන කටයුතු සඳහා යොදාගන්නෙ බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ඊයේ අනුරාධපුර බස් නැවතුම් පළ ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වින.
මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අපි පුරවැසියෝ සහ වීදියේ විරෝධය සංවිධාන එක්ව පවත්වා තිබූ අතර දූෂිත දේශපාලනඥයින් ආරක්‍ෂා කිරීමට හිටපු ජනාධිපතිවරයා උත්සහ දරන බවට ද විරෝධතාකරුවන් චෝදනා කලහ.

සමලිංගික සේවනයට ශ‍්‍රී ලංකා රජය පක්‍ෂ වේ… ප‍්‍රවර්ධනයට සූදානම්…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය කාරක සභාවේදී සමලිංගික සේවනයට අදාළ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි වත්මන් ආණ්ඩුව රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.
බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.
‘ඊනියා යහපාලකයන් ගෙවී ගිය කෙටි කාලය තුළ මේ රට අස්ථාවර කළා පමණක් නොවෙයි, සංස්කෘතිකමය වශයෙන් ද විනාශය කරා රැගෙන යමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය පිළිබඳ කාරක සභාවේදී රුසියාව විසින් යෝජනාවක් ඉදිරිපත් කළා ‘එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩයේ සිටින සමලිංගික පවුල් සඳහා වරප‍්‍රසාද ලබාදෙමින් සිටිනවා. එසේ ලබා දෙන වරප‍්‍රසාද අහෝසි කළ යුතුයි’ කියලා. එසේම එම යෝජනාවේ සඳහන් වෙනවා, ‘සමලිංගිකභාවය පිළිගැනීම හෝ පිළිනොගැනීම පිළිබඳව එක් එක් රටට ස්වාධීන තීරණයක් ගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ ඒ රටේ පවතින සංස්කෘතියට සාපේක්‍ෂව තමයි ඒ පිළිබඳ තීරණයක් ගත යුත්තේ’ කියලා.
ශ‍්‍රී ලංකාව ඉතාමත් අවාසනාවන්ත විදිහට එම යෝජනාවට විරුද්ධ වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව එහිදී පෙනී සිටින්නේ සමලිංගිකභාවයට, සමලිංගික පවුල්වලට පක්‍ෂව. මේක ඉතාමත් බරපතළ තත්ත්වයක්. එක්සත් ජාතීන්ගේ කාරක සභාවකදී ශ‍්‍රී ලංකාව සමලිංගිකත්වයට පක්‍ෂව පෙනී සිටීම, ඊනියා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය තීරණවල වෙනසක්ද? කියා අපි අහනවා.
අපේ රටේ දණ්ඩ නීති සංග‍්‍රහය අනුව මේ සමලිංගික සම්බන්ධතා නීතියෙන්ම තහනම්කර තිබෙන දෙයක්. දැන් මේ ආණ්ඩුව සමලිංගික සම්බන්ධතා පිළිගන්නා ප‍්‍රතිපත්තිමය තීරණයකට පැමිණ ඇති බවයි පෙනෙන්නේ. අපි මේ ඊනියා යහපාලන ආණ්ඩුවෙන් අහනවා, ‘මේ ප‍්‍රතිපත්තිමය තීරණය ගත්තේ කොතැනදීද?’ කියලා. මේ ප‍්‍රතිපත්තිමය තීරණය ගනු ලැබුවේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඔහුගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් පැවති කමිටුවකදීද? එසේ නොමැති නම් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති කමිටුවකදීද? සමලිංගික සේවනය පිළිගැනීමේ ප‍්‍රතිපත්තිමය තීරණය ගනු ලැබුවේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, රාජිත සේනාරත්න, චම්පික රණවක යන ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදීද? එසේ නොමැති නම් අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ ජාතික විධායක සභා රැස්වීමකදීද? ආණ්ඩුව මේ පිළිබඳව වහාම ප‍්‍රකාශයක් කළ යුතුයි. මේක හංගලා, ජනතාවට කොලේ වහලා යන්න දෙන්න බැහැ.
ශ‍්‍රී ලංකාව වසර 2500කට අධික කාලයක් බුදු දහම මත පදනම්ව ගොඩනැගුණු සංස්කෘතියක් තිබෙන රටක්, බෞද්ධ සම්ප‍්‍රදායන් පවතින රටක්. ඒ වගේම හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික සංස්කෘතීන්වලින් පෝෂණය වූ රටක්, ආසියාතික සංස්කෘතියක් පවතින රටක්. මේ සියලූ සංස්කෘතීන්හි මූලික තැනුම් ඒකකය පවුල. ජාත්‍යන්තරය ඉදිරියේ සමලිංගිකත්වයට පක්‍ෂව, සමලිංගික පවුල්වලට පක්‍ෂව යමින්, මේ එන්නේ සංස්කෘතික ආක‍්‍රමණයක්. මේ සංස්කෘතික ආක‍්‍රමණය හරහා ‘පවුල’ කියන අපේ සංස්කෘතියේ මූලික තැනුම් ඒකකය විනාශ කිරීමටයි සූදානම් වෙන්නේ.
රටේ දේශපාලන අස්ථාවරත්වය හැදුවා වගේ, ආර්ථිකය විනාශ කළා වගේ, නව ලිබරල්වාදයට ගැලපෙන සංස්කෘතියක් හදලා බුදු දහමින්, හින්දු දහමින්, ඉස්ලාම් දහමින්, කතෝලික දහමින් ඔප් නැංවුණු අපේ අපේ සංස්කෘතිය විනාශකර දමන්නයි මේ අය සූදානම් වන්නේ. ‘සමලිංගිකත්වයට එරෙහි මේ රුසියානු යෝජනාවට’ සියලූ දකුණු ආසියාතික රටවල් පක්‍ෂව ඡන්දය දුන්නා. නමුත් ශ‍්‍රී ලංකාව පමණක් ඊට විරුද්ධ වුණා.
‘ඇප දිය නොහැකි වරදක්’
දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 වගන්තිය අනුව ‘අස්වාභාවික වැරදි’, 365(අ) වගන්තිය අනුව ‘පුරුෂයන් අතර තදබල අශෝභන ක‍්‍රියා’ යනුවෙන් මෙම සමලිංගික සේවනය අපරාධ වරදක් ලෙස දක්වා තිබෙනවා. දණ්ඩ නීති සංග‍්‍රහයේම දක්වා තිබෙනවා, සමලිංගික සේවනය, ‘ඇප දිය නොහැකි වරදක් කියලා. ඒ වගේම යමිකිසි කෙනෙක් සමලිංගික සේවනයට අනුබල දෙනවා නම් ඒකත් දණ්ඩ නීති සංග‍්‍රහය අනුව අපරාධ වරදක්.
ඊනියා යහපාලන ආණ්ඩුව පැහැදිලිව සමලිංගික සේවනයට අනුබල දී තිබෙනවා. ඒ අනුව මේ ආණ්ඩුව රටේ නීතිය උල්ලංඝනය කර තිබෙනවා. එසේම මෙරට විදේශ ප‍්‍රතිපත්තිය හෑල්ලූවට ලක්කර තිබෙනවා.
රුසියාව අපේ රටට ඉතා මිතුරු රාජ්‍යයක්. එවැනි මිතුරු රටක් ගෙන එන mussammilaයෝජනාවකදී මෙතරම් විරුද්ධ වීමෙන් පෙනෙනේ කුමක්ද? ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා අපේ රටට එන ප‍්‍රශ්නවලදී එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රුසියාව ඉතා වැදගත්. එම ප‍්‍රශ්නවලදී රුසියාවේ සහයෝගය ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කරලීමේ දිශාවටයි මේ ඊනියා යහපාලකයන් ගමන් කරමින් සිටින්නේ.
මෙතැනදී සිදුවන්නේ දැවැන්ත සංස්කෘතික ආක‍්‍රමණයක්. එය මේ ඊනියා යහපාලන ආණ්ඩුව දැනුවත්ව සිදු කෙරෙන සංස්කෘතික ආක‍්‍රමණයක් බව ඉතා පැහැදිලියි. මේක අගමැති රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග‍්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්‍ෂ රත්මලාන ආසන සංවිධායක උපුල් ශාන්ත සන්නස්ගල යන මහත්වරු එකතු වෙලා හෝ තනි තනිව හෝ ගත්තු තීරණයක් වෙන්න පුළුවන්. නමුත් ‘මේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය, සමලිංගික පවුල් පිළිගන්න තැනට පත් වුණේ කොහොමද?’ කියන බරපතළ ප‍්‍රශ්නයට මේ ආණ්ඩුවේ බලධාරීන් වහාම පිළිතුරු දිය යුතුයි’’
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

ජනවාරි 08 ජනවරම ලැබුනේ මටත් අගමැති වීමටයි.. මා ධුරයෙන් ඉවත් කරන්න කිසිවෙකුට බෑ..

ජනවාරි 08 ජනවරම ලැබුනේ මටත් අගමැති වීමටයි.. මා ධුරයෙන් ඉවත් කරන්න කිසිවෙකුට බෑ.. පසුගිය ජනවාරි 08 වැනිදා ජනවරම ලැබුනේ තමාට අගමැති වන්නටත් සමගම යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ කිසිවෙකුට තමා අගමැති ධූරයෙන් ඉවත් කළ නොහැකි බවත් එසේ කල හැක්කේ ජනතාවට පමණක් බවත්ය.
එන මහ මැතිවරණයේදී රටේ අගමැති විය යුත්තේ කවුදැයි ජනතාවට තිරණය කළ හැකි යයිද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අගමැතිගේ තවත් එකක් අමූලික බේගලයක් බව මහින්ද කියයි.. මෙන්න නිවේදනය..

අගමැතිගේ තවත් එකක් අමූලික බේගලයක් බව මහින්ද කියයි.. මෙන්න නිවේදනය.. පසුගිය රජයේ මහා මාර්ග ඇමතිවරයාව සිටියදී රුපියල් බිලියන 28ක මුදලක් අවභාවිතයේ යොදවා ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් තමනට එල්ල කරන ලද චෝදනාව වත්මන් ආණ්ඩුවේ නොහැකියාව වසාගන්නට දමාගසන බොරුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා පවසයි.
ඒ මහතා විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.
මහාමාර්ග අමාත්‍යංශයේ රු. බිලියන 28 ක් අවභාවිත කිරීම පිළිබද  අගමැතිවරයා කළ චෝදනාව
මා මහාමාර්ග අමාත්‍යවරයා හැටියට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ව්‍යාපෘති 28ක් සදහා රුපියල් බිලියන 55 ක ණයක් ලබාගෙන තිබුණු අතර මෙයින් රුපියල් බිලියන 28 කට සිදු වූ දෙයක් සොයාගැනීමට නොහැකි බවත් එම මුදල මා විසින් හෙළිකොප්ටර් වල ගමන් කිරීමටත් දන්සැල් පැවැත්වීමටත් යොදාගත්තා විය හැකි බවටත් අග්‍රාමාත්‍ය වරයා ඊයේ චෝදනා කර සිටියේ ය. මෙය ආණ්ඩුව පැත්තෙන් මට එරෙහිව දිගටම පවත්වාගෙන යන අවලාද ව්‍යාපාරයේම  තවත් කොටසක් වන අතර මාගේ ආණ්ඩුව මහාමාර්ග ඉදිකිරීම් ක්‍ෂේත්‍රෙය් ලැබූ ජයග්‍රහන අවමානයට පත් කිරීමේ උත්සාහයක් ද වේ. මා යටතේ පැවති මාර්ග  සංවර්ධන අධිකාරිය විසින් මහාමාර්ග ව්‍යාපෘති 28 ක් සදහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් බිලියන 55 ක දිගු කාලීන ණයක් ලබාගත් බව සත්‍යයකි.
නමුත් අගමැතිවරයා සදහන් කරන රුපියල් බිලියන 28 එකී රුපියල් බිලියන 55 ක දිගු කාලීන ණය පහසුකමේ කොටසක් නොවේ. එය මාර්ග සංවර්ධන අධිකාරියත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවත් අතර සාකච්ඡා කරගන්නා ලද වෙනම කෙටිකාලීන ණයකි. මෙකී බිලියන 28 ක කෙටි කාලීන ණය උපයෝගී කර ගන්නා ලද්දේ ජපානායේ ජයිකා ආයතනය හා ආසියානු සංවර්ධන බැංකුව වැනි විදේශීය ආයතන විසින් මුදල් ප්‍රතිපාදන  සපයන මහාමාර්ග  ව්‍යාපෘති වල දේශීය කොටස ගෙවීමටත් පවතින මහාමාර්ග වල නඩත්තු කටයුතු වැනි කාරණා සදහාය. මෙම කෙටිකාලීන ණය මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දෙනමෙන් ද එකී මුදල 2015 අයවැයෙන් පියවීමට පියවර ගන්නා බවද කියමින් මහා භාණ්ඩාගාරය විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ලිඛිතව දන්වා තිබුණී. සියලුම මහා මාර්ග ව්‍යාපෘති මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් හා ටෙන්ඩර් කමිටු විසින් තක්සේරුවකට ලක් කරන අතර ගෙවීම් සිදු කරන්නේ වැඩ කෙරෙන ප්‍රමාණය අනුවය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත් ණය පහසුකම් වලින් මහාමාර්ග  සංවර්ධන අධීකාරිය කර ඇති වැඩ පාර්ලිමේන්තුවේ කොප් කමිටුවට ද  විමර්ශනය කර බැලිය හැක. මහාමාර්ග ව්‍යාපෘති 28 ක් සදහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඊට කලින් ලබා ගත් රුපියල් බිලියන 55 ක දිගුකාලීන ණය පහසුකම  යටතට වැටෙන ව්‍යාපෘති වලින් ඇතැම් ඒවා තවමත් සම්පූර්ණ කර නැති අතර එකී මුලු මුදලද සම්පූර්ණයෙන්ම භාවිතා වී නැත. මෙතැන ඇත්තේ එක ණයක් නොව දෙකක් බව සැලකිය යුතුය. අග්‍රාමාත්‍යවරයා සදහන් කල රුපියල් බිලියන 28 ක කෙටි කාලීන ණය මුදල  මුලුමනින්ම පියවීමට මගේ අවසන් අයවැයෙන් ප්‍රතිපාදන සපයා තිබුණු අතර එයට පාර්ලිමේන්තු අනුමැතිය ද ලැබුණි. අග්‍රාමාත්‍යවරයා දැන් මේ රු. බිලියන 28 මුදල ගැන විවිධ කථා ගොතමින් සිටින්නේ මම 2015 අයවැයෙන් මෙම ණය සම්පූර්ණයෙන්ම පියවීමට වෙන්කල ප්‍රතිපාදනය ඔහුගේ ආණ්ඩුව විසින් අවභාවිතයට ලක් කොට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ගෙවීමට නියමිත මුදල පියවීමට නොහැකිව හිරවී සිටින නිසා විය හැක.
මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධීපති

ශ‍්‍රිලනිපයෙන් 90%ක් මහින්ද සමඟයි… අලූත් පක්‍ෂයකින් අපි මහින්ද අගමැති සටනට ගේනවා..

ශ‍්‍රිලනිපයෙන් 90%ක් මහින්ද සමඟයි… අලූත් පක්‍ෂයකින් අපි මහින්ද අගමැති සටනට ගේනවා.. හිටපු ජනාධිපති මහින්ද රාජඵක්‍ෂ මහතා එළැඹෙන මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස ශ‍්‍රිලනිපය ඇතත් නැතත් තරඟ කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
කෙසේ වෙතත් ශ‍්‍රීලනිපය දෙකඩ කලේ යයි එල්ල විය හැති චෝදනාවෙන් නිදහස් වීම සඳහා අවසන් මොහොත දක්වාම ශ‍්‍රිලනිප අගමැති අපේක්‍ෂකත්වය ලබා ගැනීම සඳහා උත්සාහ දරන බවද කී ඔහු එසේ නොලැබනේනේ නම් මහින්ද රාජපජක්‍ෂ මහතා කරඟ කරන්නට මේ රටේ  ඕනෑ තරම් පක්‍ෂ ඇතැයිද සඳහන් කරයි.
ශ‍්‍රීලනිපය කා අත තිබුණත් පාක්‍ෂිකයන් සියයට 90කටත් එහා සිටින්නේ මහින්ද මහතා සමඟ බැවින් ඉදිරි මැතිවරණයට  ඕනෑම ක‍්‍රයයක් යටතේ තරඟ කරන්නට සූදානම් යයිද කියා සිටියේය.

මහින්ද පන්සල් යනකොට අනුරලාට රිදෙන්නේ ඇයි

මහින්ද පන්සල් යනකොට අනුරලාට රිදෙන්නේ ඇයි ?

කතෘ:යුතුකම     5/31/2015   No comments
මහින්ද රාජපක්‍ෂ පන්සලේ දේශපාලනය කිරීම පිළිබඳ අනුරලා අතිශය කළබල වී තිබෙන බවක් පේනවා. ඇත්තට මේ කළබල වී තිබෙන්නේ අනුර විතරක් නෙවෙයි. අනුර කතා කරන්නේ ඔහුගේ ස්වාමියා වන රනිල් හා ඇබිත්තයා වන මෛත්‍රී වෙනුවෙන්. පන්සල්වලට මහින්ද දැක ගැනීමට එන සෙනග දැක්කහම ඕනෑම දේශපාලන විරුද්ධවාදියෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා.

අනුර කුමාර මහින්දගේ පන්සල් යෑමට එරෙහි ව ඉදිරිපත් කරන තර්කය තමයි පන්සල කියන්නේ හැමෝගෙම තැනක් ඒ නිසා මහින්ද පන්සල් ගිහිං ඒක ඔහුගේ දේශපාලනයවෙනුවෙන් යොදා නොගත යුතුයි කියන එක. මෙම තර්කය ඉදිරිපත් කරන කොට අනුර ම එම තර්කයට එරෙහි ප්‍රති තර්කයක් ගොඩ නගනවා. එනම් පන්සල හැමෝගෙම නම් මහින්ද පන්සල් ගියා කියල තියෙන ප්‍රශ්නය මොකක් ද? අනුරටත්, රනිල්ටත් මෛත්‍රීටත් පන්සල් යන්න පුළුවන් නේ. ඔවුන්ට තියෙන්නේ මහින්ද වගේ ම පන්සල් ගිහිං බෝධි පූජා තියන්න. ප්‍රශ්නය ඉවරයි. හැබැයි තමන්ගේ පන්සල් යෑම සිය ස්වාමිවරුන්ගේ හිත බිඳවනවා කියල හිතල නොකර අනිත් අයටත් පන්සල් යන්න එපා කියන්නේ පන්සලට තියෙන ආදරේට නෙවෙයි කුහකකමට.

සමාජය කියන්නේ දේශපාලන ආයතනයක්. දේශපාලනය කියන්නේ සමාජ ආයතනයක්. මේක කොයි අතටත් ඇත්ත. සමාජ දේශපාලන කතිකාව අන්‍යෙන්‍ය වශයෙන් පෝෂණය වෙනවා. ඕනෑම සමාජ-දේශපාලන දේහයකට යටින් දිවෙන ආගමික අංශයක් තිබෙනවා. දැන් බ්‍රිතාන්‍ය, නවසීලන්ත හා ඕස්ට්‍රෙලියාව වගේ රටක් ගත්තත් එහි දේශපාලනය ආගම හා රැජින වෙන් කරන්න බෑ. රැජින තමයි මේ රටවල සාම්ප්‍රදායික නායකයා. මේ රටවල් ජනරජ වුනාට රාජ්‍යත්වය තාමත් මෝරල් ඔතොරිටි එක සපයන්නේ. ඒ රාජ්‍යත්වය උපදෙස් ලබන්නේ ඇන්ග්ලිකන් පල්ලියෙන්. එතකොට ඇමරිකාවේ ජනපතිවරු දිවුරුම් දෙන්නේ බයිබලයට අත තබල. එහි අර්ථය තමයි දේශපාලනයෙ දී අපි බයිබලයට අනුගත වෙනවා කියන එක. ඩොලරයේ තියෙන්නේ 'ඉන් ගෝඩ් වී ට්‍රස්ට්' කියල (අපි දෙවියන් විස්වාද කරමු).
අනුරල දේශපාලනය කරන්න පන්සල් යන්න එපා කියන්නේ මෙහෙම ලෝකයක. ලංකාවේ පන්සල මෙරට ශිෂ්ටාචාරයෙන් ගලවන්න බෑ. වසර 2500 ක්ම මේ ශිෂ්ටාචාරය කැරකුනේ පන්සල වටේ. ගමක න්‍යෂ්ටිය පන්සල. පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වාම පන්සල සමීප ව බැඳිලා තිබෙනවා. පන්සල තමයි ගමක සමාජ ජීවිතය සකසන්නේ. මිනිස්සු එකතුවෙලා පන්සල ගොඩ නගන්නේ එම සමාජ අවශ්‍යතාවය නිසා. පන්සල කියන්නේ ගමක තාර්කික පිහිටීමක්. මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. මිහිදු හිමියන් දේවානම්පයිතිස්ස සමගත් කළේ දේශපාලනයක්. එතැන් පටන් ම ලංකා සමාජය හා පන්සල දේශපාලනික ව බැඳිල තිබුණා ගලවන්න බැරි තරමට. මේ රටට එරෙහි ව පැමිණි සියළු විදේශ ආක්‍රමණවල දී පන්සල කේන්ද්‍රකරගෙනයි ජනබලය ගොඩ නැගුනේ.දුටුගැමුණු විසින් ආක්‍රමණික එළාරට එරෙහි යුද්ධය මෙහෙය වූයේ පන්සලේ. ථෙරපුත්තාභය වැනි භික්‍ෂූන් පවා යුද්ධයට ගියා. මේ අතර, යුද්ධයෙන් පරාජය ව මියැදුනු එළාරට ගෞරව පිණිස දුටුගැමුණු රජු විසින් කළ සියල්ල කළෙත් පන්සලෙන් ලද විනයෙන්. මේ අතර, රාජ්‍ය නායකයා තෝරන ගැටළුවල දී පන්සලයි මැදිහත් වුනේ. ඇතැම් නායකයින් සුදුසු නොවන බව දැනුනහම පන්සල අතේ තමයි අවසන් තීරණය තිබුණේ. ලජ්ජතිස්ස වෙනුවට ථුල්ලත්තන තොරන්නේ පන්සල. මෙවැනි පන්සලක් තමයි අනුර කුමාර මහින්දට කියන්නේ දේශපාලනයට යොදාගන්න එපා කියල.

-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

රනිල් මෛත්‍රිපාල ගැටුම

රනිල් මෛත්‍රිපාල ගැටුම

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර ගැටුමක් පැන නැගී ඇත. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙනි. එය අද ඊයේ පැන නැගුණක් ද නො වේ. එහෙත් එක්තරා අයුරකින් ගත්කල එය සාකච්ඡා කළ යුත්තක් ද නො වේ. ඒ අවසානයේ දී රනිල් ජයග්‍රහණය කරන බැවිනි. එහෙත් සංධානයේ කිසිවකු මෙවැනි ගැටුම් පිළිබඳ සුළුවෙන් වුවත් අවධානය යොමු නො කිරීම ප්‍රශ්නයකි. 


මේ ප්‍රශ්නය සංධානයට වැදගත් වන්නේ විසිවැනි සංශෝධනය හා රනිල්ට එරෙහිව ගෙන ඒමට බලාපොැරාත්තු වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි. විසිවැනි සංශෝධනය කුමක් දැයි තවමත් කිසිවකු දන්නා බවක් පෙනෙන්නට නැත. එහි අන්තර්ගතය හරිහැටි දන්නේ කවු ද? දෙමළ හා මුස්ලිම් නියෝජනත්වය වැඩි කිරීම සඳහා මන්ත්‍රි සංඛ්‍යාව තිහකින් ඉහළ දැමීමට සාකච්ඡා වෙයි. සමානුපතික ක්‍රමය වෙනුවට මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට සමරුන්ට අවශ්‍ය ය. 

චම්පක, ප්රාජිත හා එස් බී දිසානායක යන ඇමතිවරුන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී හකීම් සමග විස්ස සම්බන්ධයෙන් ගැටුණු බව වාර්තා වෙයි. එහෙත එය ඔවුන් අතර වූ ගැටුමක්වත් විස්ස සම්බන්ධයෙන් වූ ආරවුලක්වත් නො වේ. ඒ ගැටුම රනිල් හා මෛත්‍රිපාල අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ව වූ ගැටුමකි. ඒ එක්තරා ආකාරයකින් ගතහොත් ආණ්ඩුවේ ඉන්දීය පාර්ශ්වය හා බටහිර පාර්ශ්වය අතර  වූ ගැටුමකි. එහෙත් එයට ඉන්දියාව සෘජුව සම්බන්ධ යැයි එයින් නො කියැවෙයි.  

මෙහි දී එස් බී හුදෙක් මෛත්‍රිපාලගේ ආධාර කරුවකු පමණක් වෙයි. මෛත්‍රිපාල, ප්රාජිත, චම්පක හා රතන හිමියෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල්දැමීමට කටයුතු කරති. ඒ් ඔවුන් තවමත් මැතිවරණයකට සූදානම් නැතිවීම නිසා ය. රනිල්ට ඉක්මණින් මැතිවරණයක් අවශ්‍ය ය. ඔහුට අනුව ඉක්මණින් මැතිවරණයක් පැවැත්වීම එ ජා පක්‍ෂයට වාසි සහගත ය. මහින්ද කණ්ඩායමට ද ඉක්මණින් මැතිවරණයක් අවශ්‍ය ය. ඒ අතර මහින්දට මෙන් ම මෛත්‍රිපාලට ද විස්ස අවශ්‍ය ය. එහෙත් එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය නො වේ.

මේ කිසිවක් රට ගැන කල්පනා කර ගන්නා තීරණ නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයට මිශ්‍ර ක්‍රමය වාසි සහගත වන අතර, එ ජා පක්‍ෂයට සමානුපාතික ක්‍රමය අවශ්‍ය ය. විස්ස පිළිබඳ තීරණ ගැනෙන්නේ ඒ අනුව ය. ඒ අතරට රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාව ද පැමිණ ඇත. රනිල් එයට අකමැති බව අමුතුවෙන් කිවයුතු නො වේ. එබැවින් ඔහු විශ්වාසභංගය ගෙනෙන්නේ නම් විස්සට විරුද්ධ වන බව කියයි. පැහැදිලිව ම බටහිරයෝ ද විශ්වාසභංග යෝජනාවට අකමැති වෙති. එබැවින් ඒ සියල්ලෝ ම මෛත්‍රිපාල මගින් බලපෑම් කරති. විස්ස අවශ්‍ය නම් විශ්වාසභංගය ඉවත්කර ගන්නා ලෙස ඔවුහු කියති. නිමල් සිරිපාල එයට එකඟ වනු ඇත. 

එහෙත් විස්ස ගෙන ඒමට එ ජා ප සහාය දේවි යැයි එයින් නො කියැවෙයි. මෛත්‍රිපාල, චම්පක, ප්රාජිත කණ්ඩායම විස්ස සම්මත කිරීමෙන් තොරව පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට බොරු ඝෝෂාවක් නගති. මෛත්‍රිපාල, මහින්ද, රනිල් යන තිදෙනා අතරෙන් ජනබලය අතින් දුර්වල ම මෛත්‍රිපාල ය. ඔහුට ඇත්තේ විධායක බලතල පමණ ය. එහෙත් එයින් කළහැකි දේ සිමාසහිත ය. එහි ප්‍රතිඵලයක් ලෙස බටහිරයන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලකල විට මෛත්‍රිපාලට කරන්නට වෙනත් දෙයක් නැත. රතන හිමියන්ගේ පාගමන් කතාබහට සීමා වනු ඇත. 

අප දේශපාලනයේ එදිනෙදා සිදුවන දෙයින් නොමග යා යුතු නො වේ. එහෙත් සිංහලයන් පුරුදු වී ඇත්තේ එදනෙදා සිද්ධි පිටුපස යෑමට ය. ප්‍රධාන ප්‍රශ්නය විස්සවත් විශ්වාසභංග යෝජනාවවත් නොව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය.   

නලින් ද සිල්වා

2015 මැයි 31

Saturday, May 30, 2015

තවත් හංගන්න දෙයක් නෑ.. ශ‍්‍රීලනිපය දැන් දෙකඩයි.. ලංකාවෙ ලොකුම කුඩුකාරයො, කසිප්පුකාරයො දැන් ඉන්නේ ශ‍්‍රිලනිපයේ..

තවත් හංගන්න දෙයක් නෑ.. ශ‍්‍රීලනිපය දැන් දෙකඩයි.. ලංකාවෙ ලොකුම කුඩුකාරයො, කසිප්පුකාරයො දැන් ඉන්නේ ශ‍්‍රිලනිපයේ.. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද වන විට දෙපළු වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් ඇය කියා සිටියේ මෙරට සිටින ලොකුම කුඩු මුදලාලිලා, ලොකුම කසිප්පු මුදලාලිලා දැන් ඉන්නේ ශ‍්‍රිලනිපයේ බවයි.

තවත් ගිණියම් වාදපිටියක්.. බන්දුල-රවි මහ බැංකු බැඳුම්කර ගැන හැප්පේ…

තවත් ගිණියම් වාදපිටියක්.. බන්දුල-රවි මහ බැංකු බැඳුම්කර ගැන හැප්පේ… ඇමරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කර ඇත්තේ අධික පොලියක් යටතේ යයි පෙන්වා දීමට සූදානම් බවත් ඒ සඳහා  ඕනෑම නාලිකාවක ප‍්‍රසිද්ධ විවාදයකට අභියෝග කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් මුදල් ඇමති රවි කරුණානායකට හෝ නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වට කරන ලද අභියෝගය මුදල් ඇමති රවි කරුණානායක විසින් පිලිගෙන තිබේ.
ඒ අනුව දෙරණ වාදපිටිය වැඩසටහනෙන් ඒ සම්බන්දයෙන් වූ විවාදය පැවැත්වෙන බව එම නාලිකාව සඳහන් කරයි.

ශ‍්‍රීලනිපය ඇත්තේ ඩාලි පාරේ නොවේ.. ඇති තැන මහින්ද කියයි…

ශ‍්‍රීලනිපය ඇත්තේ ඩාලි පාරේ නොවේ.. ඇති තැන මහින්ද කියයි… තමනට ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමේ උවමනාවක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපජෂ මහතා පවසයි.
අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසේ පැවති රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ තමනට අවශ්‍ය ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරනු දැකීම බවයි.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත්තේ කොළඹ, ඩාලි පාරේ පක්ෂ කාර්යාලයේ නොව පංචමහා බලවේගය එක් රැස්වන තැන යයිද ඔහු එහිදී කියා සිටියේය.

මහපොළ ආධාරය ඉල්ලා වෛද්‍ය සිසුන් මහ පාරේ


මහපොළ ආධාරය ඉල්ලා වෛද්‍ය සිසුන් මහ පාරේ

 

2009 වසරේ ඇරඹි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා අත්හිටුවන ලෙස සහ පෙබරවාරි සිට මැයි දක්වා මහපොළ ශිෂ්‍යාධාර මුදල් නොලැබීමට විරෝධය පල කරමින් වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් අද විරෝධතාවයක නිරත විය.
කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවය පැවැත්වීය.

අක්කර 500 ජනතාව හමුව....





මහින්ද මහතා වාරියපොළ දී....

අභ්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැහැ

අභ්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැහැ

මෛත්‍රිපාල වැඩ කරන්නේ ගනුදෙනුව අනුව ය. එය සියවසේ ප්‍රධානම ගනුදෙනුව වෙයි. එ ගනුදෙනුව අනුව මෛත්‍රිපාල රනිල්ට අවශ්‍යතාක් මේ පික්පොකට් ආණ්ඩුව පවත්වාගෙන යා යුතු ය. ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ල නි ප මන්ත්‍රීන් සැපයිය යුතු ය. අවශ්‍ය පරිදි ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට ගර්ජන තර්ජන කළ යුතු ය. ඔවුන්ට දේශපාලන අල්ලස් දිය යුතු ය. විශ්වාසභංග යෝජනා තම විපක්‍ෂ නායකයා ලවා කඩාකප්පල් කළ යුතු ය. 


දෙවනුව ගනුදෙනුවට අනුව ඊනියා සංහිඳියාවක් ඇති කළ යුතු ය. ජාතික කොඩිය වෙනස් කිරීමට කැබිනට්ටුව කමිටුවක් පත්කර ඇත්තේ ඊනියා සංහිඳියාවේ නමිනි. ඇතැම් විට සංහිඳියාවේ නාමයෙන් සිංහයා නැතිවීමට ඉඩ ඇත. ඊනියා යුද්ධයේ සිදු වී යැයි කියන යුද්ධාපරාධ ගැන පරීක්‍ෂණය කිරීම සඳහා අභ්‍යන්තර කමිටුවක් පත්කළ යුතු ය. මෛත්‍රිපාල සිරිසේනට මේ එකක්වත් නොකර සිටිය හැකි ද?

ඔහු ඒ සියල්ල කිරීමට බැඳී ඇත. එසේ නොකළහොත් මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂක ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ඔහුම කියා ඇති  ඔහුගේ බෙල්ල මිරිකනු ඇත. ඒ රනිල් විසින් කෙරේ යැයි අපි විශ්වාස නො කරමු. එහෙත් යම් අයුරකින් මෛත්‍රිපාලට ජනාධිපති තනතුරේ වැඩ කටයුතු කරගෙන යෑමට බැරි වුවහොත් රනිල් ජනාධිපති වනු ඇත. 

ඊනියා යුද්ධයේ අවසාන දින දෙකේ දී එංගලන්ත හා ප්‍රංශ විදේශ ඇමතිවරු මහින්ද රාජපක්‍ෂ හමුවීමට ඇඹිලිපිටියට ගොස් හමුදා මෙයෙහුම් වහාම නතර කිරීමට කීවෝ ය. එහෙත් මහින්ද ඔවුන් ආපසු තම මව්රටවලට ආපසු යැවුවේ ඔවුන්ගේ ඉල්ලීමට අවනත නොවී හොඳ පාඩමක් ඉගැන්වීමෙනි. ඔවුන් ආපසු ගියේ ඉන් එහාට සිදුවන සියල්ල ගැන මහින්ද වගකිවයුතු බවට තර්ජනයක් ද කරමිනි. 

මහින්ද තර්ජනය සතපහකට ගණන් නොගත්තේ ය. ඊනියා යුද්ධය ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු යැයි අද  බටහිරයෝ කියති. රනිල් දිගට ම බලයේ සිටියහොත් ඊනිය පරීක්‍ෂණය සිදුකර, වරදකරුවන් කර  මහින්දට, ගෝඨභායට හා ඇතැම් රණවිරුවන්ට ජාත්‍යන්තර යැයි කියාගන්නා නඩු විභාගයක දී දඬුවම් නියම කෙරෙනු ඇත. මහින්දගෙන් පළිගැනීමට, ඊනියා රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීමට, වඩාත් ම අවභ්‍ය බටහිරයන්ට ය. මෛත්‍රිපාල එහි දී ඒජන්තයකුගේ භූමිකාව මනාව රඟපායි. එහෙත් ඒ රඟපෑම සිංහල බෞද්ධයනට අහිතකර ය. 

බටහිරයන්ට යන දිල්ලියක යැමට යැයි  කීමට මහින්දට හැකිවූවාට මෛත්‍රිපාලට  නො හැකි වනු ඇත. ඔහුට ගනුදෙනුවක් ඇත.  ඒ ගනුදෙනුවට අපේ ස්වෙරෙීභාවය යට කළ යුතු නො වේ. ඊනියා යුද්ධය ගැන පරික්‍ෂණ පැවැත්වීමට ලංකාව බැඳී නැත. කොටින් සමග අපි යුද්ධයක් නො කෙළෙමු. අප කෙළේ හමුදාව මගින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම ය. 

එය යුද්ධයක් වන්නේ නම් 1971 දී හා 1987 –- 91 කාලයෙහි දී  හමුදාව ජ වි පෙට විරුද්ධව යොදා ගැනීමත් යුද්ධ විය යුතු ය. එවැනි යුද්ධයක් ගැන අප අසාවත් ඇත් ද? අප කොටි ත්‍රස්තවාදය මර්දනය කිරීම ගැන ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයක් කරන්නේ නම් ජ වි පෙ පරාජය කිරීම සම්බන්ධයෙන් ද එවකට තිබූ නීති උපයෝගී කරගනිමින් හෝ නැතිව හෝ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණ පැවැත්විය යුතු ය.          

බටහිරයන්ට පරීක්‍ෂණයක් කළ යුතු ම නම්, ඒ වෙනුවෙන් තිස්වසරක ත්‍රස්තවාදය යොදාගත යුත නම්, පුළුවන්  නම් එසේ කරන මෙන් මෛත්‍රිපාලට හා රනිල්ට අභියෝග කරමු. අද කළ යුත්තේ අහිංසක දෙමළ ජනයා මිනිස් පළිහක් මෙන් යොදා ගනිමින් මානව අයිතිවාසිකම් කැඩූ කොටින්ට හා ඔවුන්ට අනුබල දුන් සියල්ලන්ට එරෙහි ව පරීක්‍ෂණයක් පැවැත්වීම ය. 

නලින් ද සිල්වා

2015 මැයි 30

තවත් හංගන්න දෙයක් නෑ.. ශ‍්‍රීලනිපය දැන් දෙකඩයි.. ලංකාවෙ ලොකුම කුඩුකාරයො, කසිප්පුකාරයො දැන් ඉන්නේ ශ‍්‍රිලනිපයේ..

තවත් හංගන්න දෙයක් නෑ.. ශ‍්‍රීලනිපය දැන් දෙකඩයි.. ලංකාවෙ ලොකුම කුඩුකාරයො, කසිප්පුකාරයො දැන් ඉන්නේ ශ‍්‍රිලනිපයේ.. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද වන විට දෙපළු වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් ඇය කියා සිටියේ මෙරට සිටින ලොකුම කුඩු මුදලාලිලා, ලොකුම කසිප්පු මුදලාලිලා දැන් ඉන්නේ ශ‍්‍රිලනිපයේ බවයි.

ඡන්දෙට කලින් තවත් කට්ටියක් ඇතුලට දානවා

ඡන්දෙට කලින් තවත් කට්ටියක් ඇතුලට දානවා පසුගිය රජයේ දේශපාලනඥයන් සහ ඉහළ තනතුරු දැරූ පුද්ගලයන් හැටදෙනකු (60) දූෂණ හා වංචාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙන බව නීතිය හා සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පැවසීය.
තොරතුරු සම්බන්ධව මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව හෙතෙම කීය.
හෙළිවී ඇති තොරතුරුවලට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ප්‍රබල දේශපාලනඥයන් සහ හිටපු නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි අමරතුංග මහතා වැඩිදුරටත් කීය.
– දිවයින

මහින්ද අගමැති කරනවාට මං විරුද්දයි.. එන ඡන්දෙට මං ශ‍්‍රීලනිපයෙන් කැළණියට ඉල්ලනවා..

මහින්ද අගමැති කරනවාට මං විරුද්දයි.. එන ඡන්දෙට මං ශ‍්‍රීලනිපයෙන් කැළණියට ඉල්ලනවා.. එළැඹෙන මහ මැතිවරණයේදී හිටලූ ජනාධිපති මහින්ද රාජඵක්‍ස මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස තරඟ කරනවාට තමන් විරුද්ද බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.
ඔහු පවසන්නේ තමන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ කැලණිය ආසනයෙන් ශ‍්‍රිලනිපයෙන් එම මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

සෝමවංශගේ පක්‍ෂය මැතිවරණයට සූදානම්…

සෝමවංශගේ පක්‍ෂය මැතිවරණයට සූදානම්… ජවිපෙන් ඉල්ලා අස්වූ එහි හිටපු ජවිපෙ සෝමවංශ අමරසිංහ මහතා ලබන ජූලි මාසයේ පවත්වන ඔහුගේ නව පක්‍ෂ සම්මේලනයෙන් පසු ඉදිරියට පැවැත්වෙන සියළු සෑම මැතිවරණ සඳහා තරඟ වදින්නට තීරණය කර ඇත.
අමරසිංහ මහතා පවසන්නේ ජූලි මසදී නව දේශපාලන පක්ෂය ආරම්භ සඳහා දැනටමත් බොහෝ කටයුතු අවසන් කර ඇති බවත් නව පක්‍ෂය රටට නව දැක්මක් මෙන්ම යා යුතු දිශානතියද පෙන්වනු ඇති බවත්ය.

මහින්දට එජනිස අපේක්‌ෂකත්වය දෙනවාද තීරණය විධායක සභාවට


මහින්දට එජනිස අපේක්‌ෂකත්වය
දෙනවාද තීරණය විධායක සභාවට


කුෂාන් සුබසිංහ

ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට එජනිස යටතේ තරඟ කිරීමට අවස්‌ථාව දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය විධායක සභාව හමුවට යොමු කිරීමට එජනිස පක්‍ෂ නායකයන් එකඟතාවකට පැමිණ ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්‍ෂ මහතාට එජනිස යටතේ නාමයෝජනා ලබාදීම ප්‍රතික්‌ෂේප කිරීමෙන් පසුව එම පක්‍ෂ නායකයන් මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය 27 වැනිදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එජනිස පක්‍ෂ නායකයන් අතර ජනපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුවේදී ජනපතිවරයා එසේ ප්‍රකාශ කර ඇති අතර අගමැති අපේක්‌ෂකයකු නම් කිරීමද එහිදී ප්‍රතික්‌ෂේප වී ඇත.

එජනිස නායකයන් ඊට පසු දින හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ අතර එහිදී හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් එජනිස යටතේ මහමැතිවරණයට තරග කිරීමට කැමැති බවයි.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට එජනිස යටතේ තරග කිරීමට අවස්‌ථාව ලබාදීම සඳහා විධායක සභාවේ වැඩි බහුතරයක්‌ තීරණය කළහොත් ඉදිරි මහ මැතිවරණයේදී ඒ මහතා සන්ධානය යටතේ තරග කිරීම අනිවාර්යයෙන් සිදුවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර මහතා පැවැසීය.
 

යළි නිවැරැදි කළ නොහැකි ජීවිත අත්දැකීමක කතාවක්‌!

යළි නිවැරැදි කළ නොහැකි
ජීවිත අත්දැකීමක කතාවක්‌!


අප ඔහුට අසංක යෑයි කියමු. අ.පො.ස. උසස්‌ පෙළ විභාගය සමත් වීමෙන් පසු ඔහු සවුදි අරාබියේ ජෙඩා නුවර පිහිටි සුපිරි වෙළෙඳසලක සේවයට පැමිණියේ විදේශ රැකියා ඒජන්සියක්‌ මාර්ගයෙනි. ඒ 2006 වසරයි. තම සේවය දක්‍ෂ අයුරින් ඉටුකිරීම හේතුවෙන් සේවා උසස්‌ වීමක්‌ ලද අසංකට දිනක්‌ සිය සේවා ස්‌ථානයෙහි ප්‍රධානියකුගෙන් කැඳවීමක්‌ ලැබිණි. ඒ වාර්ෂිකව සේවා ස්‌ථානයෙහි සිදුකරනු ලබන රුධිර පරීක්‍ෂණයෙහි වාර්තාව ලබා දීමටයි.

"ඔයාගේ ලේ වල පොඩි ප්‍රශ්නයක්‌ තියෙන බව දැනුම් දීලා තියෙනවා. කෝකටත් තව පාරක්‌ ලේ පරීක්‍ෂා කරමු" තමා හමුවීමට පැමිණි අසංකට සේවා ප්‍රධානියා එලෙස පැවසීය. රුධිර වාර්තාවද ඔහු අතට ලැබුණද අසංක එහි සඳහන් කර තිබූ කිසිවක්‌ පිළිබඳ දැන නොසිටියේය.

සේවා ප්‍රධානියා එතැන් සිට අසංකට සිය නේවාසිකාගාරයෙහිම රැඳී මීට විවේක ගන්නා ලෙසත් පිටතට නොයන ලෙසත් උපදෙස්‌ ලබා දුන්නේය. ඔහුට ඇති රෝගී තත්ත්වය පිළිබඳව සඳහන් නොකළද අවශ්‍ය කෑම බීම හා පහසුකම් නේවාසිකාගාරයටම ලැබිණි.

දින කිහිපයකට පසු සේවා ආයතන ප්‍රධානියා අසංකට පවසා සිටියේ ඔහුට එච්.අයි.වී. වෛරසය ශරීරගතවී ඇති බවකි. එච්.අයි.වී. යනු කුමක්‌ දැයි අසංක ඒ වන විටත් දැන නොසිටියේය. ඒ අනුව එච්.අයි.වී. යනු කුමක්‌ දැයි විමසූ විට ඒඩ්ස්‌ රෝගය යෑයි ප්‍රධානියාගෙන් පිළිතුරු ලැබිණි. ඒ වන විට ඒඩ්ස්‌ යනුවෙන් රෝගයක්‌ ඇති බවට හා එය මාරාන්තික බව අසා තිබූ අසංකට එම වදන දැඩි කම්පනයක්‌ ගෙන දෙන්නක්‌ විය.

"ඒ මොහොතේ මට දැඩි වේදනාවක්‌ හා කම්පනයක්‌ දැනුණා. අසංක කියයි.

පසුගියදා එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගය පිළිබඳව කටයුතු කරන එක්‌තරා ආයතනයකදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වී ඒඩ්ස්‌ රෝගී වෛරසය සමග ජීවත්වීම පිළිබඳව සිය අත්දැකීම් මාධ්‍යවේදීන් හමුවේ හෙළිකළ අසංක එහිදී මෙම කරුණු අනාවරණය කළේය.

පසුව "දිවයින ඉරිදා සංග්‍රහය" හා සාකච්ඡාවකට එක්‌ වූ ඔහු කියා සිටියේ තමාට එච්.අයි.වී. ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූයේ අවදානම් ලිංගික හැසිරීම්වල යෙදීම නිසා බවයි. අසංක පාසල් වියේ සිටම සම ලිංගික ඇසුරට යොමුවී සිටි අයෙකි. වයස අවුරුදු 12 දී තමා හා එකට නිදාගත් තම ලොකු අම්මාගේ 16 හැවිරිදි වියෑති පුත්‍රයා නිසා තමන් එම ඇසුරට පෙලඹුණු බව සඳහන් කළ අසංක කෙසේ වුවද තමන් විදේශ රැකියාවකට යන විට එච්.අයි.වී. වෛරසය ශරීරගතවූ අයකු බව රුධිර පරීක්‍ෂණවලදී තහවුරු වී නොතිබූ බව ප්‍රකාශ කළේය.

ඔහුට අනුව එම වෛරසය තමාට ශරීරගත වී ඇත්තේ ඡේඩා නුවර සුපිරි වෙළෙඳසලක සේවය කරමින් සිටියදී සමාජ ශාලා හා නිවාසවල පැවැති උත්සවවලට සහභාගි වූ අරාබි ජාතික පිරිමින් සමග ලිංගික ඇසුරක්‌ පැවැත්වීමෙන් පසුය.

එවැනි ඇසුරක්‌ පැවැත්වීමේ අවදානම තමා ශ්‍රී ලංකාවේ සිටියදී හෝ සවුදි අරාබියට පැමිණීමෙන් පසු අවබෝධ කරගෙන නොසිටි බව පැවසූ අසංක එවැනි ඇසුරකට තමන් සමග වෙළෙඳසලෙහි සේවය කළ විවාහක දරුවන්ද සිටින ශ්‍රී ලාංකීය පුද්ගලයන් පවා යොමු වී සිටි බව සඳහන් කළේය.

එච්.අයි.වී. ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූ බව අසංක දැනගත් පසු ඔහු තම සමීපතම යහළුවන්ටද ඒ බව පවසා ඇති අතර ඔවුන් මාර්ගයෙන් නේවාසිකාගාරයේ සිටි ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු කෙටි කලකින්ම අසංක පත්ව සිටි තත්ත්වය දැනගත්තේය. කෙසේ වුවද තමන් සමග සේවය කළ කිසිදු මිතුරෙකු මෙම තත්ත්වය මත තමාව කොන් කිරීමට හෝ අපහාස කිරීමට නොපෙලඹුණු බවත් ඔහුට සාමාන්‍ය අයෙකු ලෙස සැලකූ බව අසංක කීවේය.

අසංක සේවය කළ සුපිරි වෙළෙඳසලෙහි ප්‍රධානීන්ද ඔහුට වෙනස්‌කම් නොකළේය. එහෙත් දිනක්‌ ඔහුව කැඳවූ එම ප්‍රධානීන් ශ්‍රී ලංකාවට නැවත යැමට සූදානම් වන ලෙස ඔහුට දැනුම් දුන්හ. ඒ වන විට වසර දෙකක පමණ කාලයක්‌ තම සේවා ස්‌ථානයෙහි සේවය කර තිබූ අසංක එහිදී දැඩි අසීරුතාවකට පත්වූයේ ඔහු විසින් රැකියාවෙන් නිවාඩු ලබා නිවසට යන විට රැගෙන යැම සඳහා එකතු කර ගෙන තිබූ ඇඳුම් පැළඳුම්, ඉලෙක්‌ට්‍රොනික්‌ හා විද්යුත් උපකරණ, රෙදි සේදීමේ යන්ත්‍රය හා ශීතකරණය රැගෙන යැමට නොහැකි වන බව දැන සිටීම නිසාය.

රුපියල් ලක්‍ෂ හතරක්‌ පමණ වටිනා භාණ්‌ඩ හා ඇඳුම් පැළඳුම් ඒ වන විට අසංක විසින් මිලදී ගෙන තම නේවාසිකාගාරයෙහි තබා තිබිණි.

කෙසේ හෝ කඩිනමින් අසංකව ශ්‍රී ලංකාවට යෑවීමට ඔහුගේ සේවා ස්‌ථානයෙහි ප්‍රධානීන් කටයුතු කිරීම නිසා තමන් වසර දෙකක්‌ මුළුල්ලේ රැස්‌කර ගෙන තිබූ භාණ්‌ඩ අතහැර දැමූ අසංක තම මිතුරෙකු ලවා රුපියල් 20,000 කට චොක්‌ලට්‌ තොගයක්‌ ගෙන්වාගෙන ඒවා හා සිය ඇඳුම් පෙට්‌ටියත් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකාවට පැමිණ පසු ඔහු තම රෝගී තත්ත්වය පවුලෙහි කිසිවෙකුටත් අනාවරණය නොකළේය. වැඩිමහල් සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ අසංකගේ පියා කම්කරු රැකියාවක නිරත වූ අයෙකු වන අතර මව ගෘහණියකි. වයඹ පළාතේ ප්‍රධාන නගරයක ඔවුන් පදිංචිව සිටී.

අසංක නිවසට පැමිණි මාස කිහිපයක්‌ ගතවූ පසු තම නගරයෙහි පිහිටි පුද්ගලික රෝහලකින් නැවත රුධිර පරීක්‍ෂාවක්‌ සිදුකර ගත්තේය. එවැන්නක්‌ කර ගන්නා ලෙසට සවුදි අරාබියේ ඔහු සේවය කළ සේවා ස්‌ථාන ප්‍රධානීන්ද ඔහුට ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව එම පුද්ගලික රෝහල අසංකට රුධිර පරීක්‍ෂණ වාර්තාව ලබාදී නගරයේ පිහිටි ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස්‌ මර්දන වැඩසටහන් සායනය වෙත ගොස්‌ වෛද්‍යවරයකු හමුවන ලෙසට දැනුම් දුන්නේය.

එම සායනය වෙත යොමු වූ අසංකව පරීක්‍ෂා කළ එහි වෛද්‍යවරයා ඔහුට එච්.අයි.වී. ඒඩ්ස්‌ වෛරසය ශරීරගතවී ඇති බව තහවුරු කළේය. ඒ බව දැනගත් මොහොතෙහි කම්පනයට පත් වුවත් එම වෛද්‍යවරයා සිත හදාගන්නා ලෙසත් භාවනා කරන ලෙසත් උපදෙස්‌ දුන්නා. එහෙත් සවුදි අරාබියේදී පළමු වරට එච්. අයි. වී. වෛරසය ශරීරගත වූ බව පැවසූ අවස්‌ථාවේදී දැනුණු කම්පනය මට එහිදී දැනුණේ නැහැ. ඒ එම අවස්‌ථාව වන විට මා සිත යම් පමණකට හදාගෙන තිබුණ නිසා" අසංක කියයි.

බුදුදහමෙහි අන්තර්ගත ධර්ම කරුණු තමා දැන සිටි අතර ඒවා වඩාත් අධ්‍යයනය කිරීමට රෝගී තත්ත්වය පිළිබඳව දැනගත් පසු තමා පෙලඹුනු බව අසංක සඳහන් කළේය.

අසංක අනතුරුව කොළඹ පිහිටි ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස්‌ මර්දන වැඩසටහන් කාර්යාලය වෙත ගොස්‌ ඇති අතර ඒඩ්ස්‌ රෝගීන් වෙනුවෙන් කටයුතු කළ එච්. අයි. වී./ ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වී මියගිය වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මිය නායකත්වය දුන් ඒඩ්ස්‌ සන්ධානයේ වැඩමුළුවලටද සහභාගි විය.

එම වැඩමුළුවලදී තම රෝගී තත්ත්වය මත මානසිකව නොවැටී මනස ශක්‌තිමත් කර ගැනීම පිළිබඳව බොහෝ කරුණු තමා විසින් ඉගෙන ගත් බවත් ඒඩ්ස්‌ රෝගීන් කෙට්‌ටු, මුහුණ මළානික වී ගිය පිරිසක්‌ බවට තමන් තුළ මුලින් ගොඩනැගී තිබූ ප්‍රතිරූපය එම වැඩමුළු හරහා වෙනස්‌ වූ බව අසංක සඳහන් කළේය.

කල්ගතවත්ම ඒඩ්ස්‌ සන්ධානයේ ව්‍යාපෘති සහකාර තනතුරට පත් අසංක ගම් නගර වෙත ගොස්‌ තමා මෙන්ම එච්.අයි.වී. වෛරසය ශරීරගත වූ තරුණ හා වැඩිහිටි අයට රෝගී තත්ත්වය හා ඒ හේතුවෙන් මනස නොවැටී තබා ගැනීම පිළිබඳව දේශන පැවැත් වූයේ තම පුද්ගලික අත්දැකීම් පිළිබඳ විස්‌තර කරමිනි.

අද ඔහු කොළඹ තදාසන්න ප්‍රදේශයක කාර්යාලය පවත්වාගෙන යන එච්. අයි. වී. / ඒඩ්ස්‌ සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ වී එච්. අයි. වී. නිවාරණ කටයුතුවල යෙදී සිටී.

එච්. අයි. වී. ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූ අයට මෙන්ම එම වෛරසයට ගොදුරු විමේ අවදානමක්‌ පවතින පිරිස්‌වලට එච්. අයි. වී. ඒඩ්ස්‌ පිළිබඳව එය වළක්‌වා ගන්නා අයුරු හා එම වෛරසය සමග ජීවත් වන අයුරු ඔහු පැහැදිළි කර දෙනුයේ සමාජ සේවකයකු ලෙසිනි.

"මා අද කරන සේවය ගැන ඉතාමත් තෘප්තිමත්. මේ වන විට මම තායිලන්තය, ඔස්‌ට්‍රේ‍ලියාව, නවසීලන්තය ඇතුළු ආසියා ශාන්තිකර කලාපීය රටවල් ගණනාවකට ඒඩ්ස්‌ වැඩමුළු සඳහා ගොස්‌ තිබෙනවා. එම රටවල ඒඩ්ස්‌ ක්‍රියාකාරීන් හමුවී ඔවුන් සමග මිතුදමක්‌ ඇතිකරගෙන තිබෙනවා" අසංක කියයි.

ඉතා විශාල වැටුපක්‌ තම සංවිධානය හරහා තමාට නොලැබුණද තමන් ලබන වැටුපෙන් තම මවට හා පියාට උදව් උපකාර කිරීමට හැකි වී ඇති බවද අසංක අප හා ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 23 දී එච්.අයි.වී. වෛරසයට ගොදුරු වූ අසංක තම රෝගී තත්ත්වය පවුලේ අයගෙන් මුලින්ම පවසා තිබුණේ තම වැඩිමල් සොයුරියන් තිදෙනාගෙන් තුන්වැනියාටය. ඒ සවුදි අරාබියේ සිට මෙරටට පැමිණ මාස කිහිපයක්‌ ගතවූ පසුවයි. ඒ බව දැනගත් පසු ඇය දැඩි ලෙස කම්පා වී හඬා වැළපුණු බවත් රෝගී තත්ත්වය රහසක්‌ වශයෙන් තබා ගත් බවත් අසංක කීවේය.

ඔහු තම මවට මෙම රෝගය පිළිබඳව පවසා ඇත්තේ වසර කිහිපයක්‌ ගතවූ පසුවය. මවට මුලින් එම රෝගය පිළිබඳ අවබෝධ නොවූ නමුත් පසුව අවබෝධ වූ පසු ඇයද හඬා වැලපුණු බව අසංක ප්‍රකාශ කළේය. කෙසේ වුවද මෙරට තම පාසල් වියේ මිතුරන්ට හෝ තම පියාට මෙන්ම වැඩිමල් සොයුරියන් දෙදෙනාට තවමත් අසංක සිය රෝගී තත්ත්වය පිළිබඳව ප්‍රකාශ කර නැත.

අසංක මෑතකදී දැඩි ලෙස කම්පාවට පත් වූයේ තම රෝගී තත්ත්වය පිළිබඳව මුලින්ම ප්‍රකාශ කළ සොයුරිය පිළිකා රෝගයට ගොදුරුව මියයැම නිසාය. තමාට ජීවත්වීමට අවශ්‍ය ධෛර්යය ලබාදුන් තම සොයුරිය හදිසියේ වියෝ වීම තමන් දැඩි කම්පනයකට පත්කළ බව ඔහු පවසයි.

මියයැමට පෙර ඇය අසංකගේ අත ගෙන "මල්ලි අද මේ වගේ තත්ත්වයක ඉන්න එක ගැන මම සතුටු වෙනවා" යෑයි ප්‍රකාශ කර ඇත.

එච්.අයි.වී. ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූවකු වසර 50 ක්‌ පමණ කාලයක්‌ ජීවත් කළ හැකි බෙහෙත් වර්ග දැන් පැවැතීම නිසා තමා බෙහෙත් වර්ග නිසි කලට ගැනීම, ව්‍යායාම, ආහාර ක්‍රමානුකූලව ගැනීම යන වෛද්‍ය උපදෙස්‌ කොතරම් කාර්යබහුල වුවද පිළිපදින බවත් තමාව දකින කිසිවකු මේ එච්.අයි.වී. ආසාධිතයකු යෑයි මොහොතක්‌වත් නොසිතන බව අසංක කියයි.

අසංකට අනුව ඔහු මාස තුනකට වරක්‌ තම රූපය පැහැපත්ව තබා ගැනීම සඳහා ෆේෂල් දැමීමට මෙන්ම දිනපතා ක්‍රීම් ආලේප කිරීමට හුරු වී සිටී.

මෑතකදී ඔහුට තමන් සමග සවුදි අරාබියාවේ සුපිරි වෙළෙඳසලෙහි සේවය කළ මිතුරකු හමුවූ අතර ඔහු තමා මේ වන විට රෝගය නිසා මියගොස්‌ තිබිය හැකි බව හෝ රෝගය නිසා සිය දිවි නසා ගන්නට ඇතැයි අනුමාන කළ බව පැවසූ බව අසංක කියා සිටියේ සිනහමුසු මුහුණෙනි.

එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වූ කිසිවකු සියදිවි නසා ගන්නවා තබා ඒ පිළිබඳව සිතීමටවත් අවශ්‍ය නැහැ. ඔවුනට නිරෝගී දිවි පෙවෙතක්‌ ගත කිරීමට හැකි වාතාවරණයක්‌ අද තිබෙනවා. ඔවුන්ද මා මෙන් ජීවිතය ජයගෙන සමාජයට සේවයක්‌ කළ යුතුයි." අසංක පවසයි.

සැබැවින්ම අසංකගේ එම උපදෙස එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වූ අයට පමණක්‌ නොව වෙනත් දරුණු රෝගාබාධ වලට ලක්‌ව මානසිකව බිඳ වැටී සිටින අයට ධෛර්යයක්‌ වන බව නොඅනුමානය.

විශේෂ ස්‌තුතිය - කොළඹ යූ. එන්. ඒඩ්ස්‌ ආයතනයේ වෛද්‍ය - දයානාත් රණතුංගට

ඒමන්ති මාරඹේ

සියලු සාකච්ඡා අසාර්ථකයි මෛත්‍රීගෙන් මහින්දට ඉඩක්‌ නෑ

සියලු සාකච්ඡා අසාර්ථකයි මෛත්‍රීගෙන් මහින්දට ඉඩක්‌ නෑ

පසුගිය සතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සෑම අතින්ම වැඩ අධික අවිවේකී සතියක්‌ බව පැහැදිලිය. එක්‌ අතකින් බොහෝ දුර බැහැර වෙහෙසකර ගමන් බිමන් රාශියක්‌ යෙදී තිබීම ඊට හේතු විය. තවත් අතකින් දීර්ඝ ලෙස කාලය වැය වූ දේශපාලන සාකච්ඡා ද ගණනාවක්‌ම තිබිණි. ඒ සියල්ලටම වඩා ජනාධිපතිවරයාට වෙහෙසකර කටයුත්තක්‌ වී තිබුණේ විවිධ පාර්ශ්වයන් සමඟ කරන ලද සාකච්ඡාවලදී මතු වූ තර්ක විතර්ක වාද විවාද කරුණු කාරණා විමසා බලා ඉතා සුපරික්‍ෂාකාරීව සහ ඉවසීමෙන් යුතුව අවසන් තීන්දුවකට පැමිණීමය. ගමන් බිමන්, වෙහෙසකර සාකච්ඡා, තර්ක විතර්ක මැද මෛත්‍රී නිරවුල්ව අවසන් තීන්දුවකට පැමිණීම පසුබිමේ දක්‌නට ලැබුණු සිදුවීම් ජාලය මෙසේ පෙළගැසී තිබිණි.



20 වැනි සංශෝධනය කාගේත් මාතෘකාවලු

පසුගිය සතියේ පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව කොයි කවුරුත් එක්‌ව කතාබහ කළ පොදු මාතෘකාව වී තිබුණේ 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයයි. එය ජයග්‍රහණය කළ යුතු බව ශ්‍රීලනිපය ද කීවේය. රජය ද කීවේය. ජවිපෙය ද ඊට පක්‍ෂව කතා කළේය. රාජිත ද කතා කළේය. රතන හිමියෝ ද පක්‍ෂව අදහස්‌ කීහ. සෝභිත හිමියෝ ද 20 වහාම සම්මත කරගත යුතු බව කීහ. එහෙත් ප්‍රශ්නයක්‌ව තිබුණේ ඒ සම්බන්ධයෙන් තනි මතයකට මේ කණ්‌ඩායම්වල අදහස්‌ යොමුකර ගත නොහැකි වීමය. ඒ තරමටම අතුරු යෝජනා මේ සැමටම තිබිණි.

එක්‌සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය වුණේ කල් ගනිමින් කෙසේ හෝ මේ යෝජනාව සාදා කැබිනට්‌ අනුමැතිය ගෙන පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට වඩා ඉක්‌මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යැමටය. එජාපයේම ඒ සඳහා කාලවකවානු ද තිබිණි. ලබන මස 9 වැනිදා වන විට 20 වැනි සංශෝධනය, පාර්ලිමේන්තුවට දමා සම්මත කර, 14 වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඔවුන්ගේ ඉලක්‌කය වූහ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතරත් අගමැති රනිල්ගේ පාර්ශ්වය අතරත් පැනනැඟී තිබුණේ අසමාන අදහස්‌ නිසා දේශපාලන කරලිය තුළ තිබූ කතිකාව අතිශයින් සංවාදශීලී වූහ. එක්‌ අතකින් පසුගිය සතිය උණුසුම් වී තිබුණේ ද මේ කාරණා නිසාය.

මහින්ද ඉල්ලන්න මෛත්‍රී හමුවෙලා

සඳුදා හවස 3.30 ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දිස්‌ත්‍රික්‌ නායකයන්ගේ හමුවක්‌ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාලගේ ප්‍රධානත්වයෙනි. නිමල් සිරිපාල, චමල්, අනුර යාපා, සුසිල්, ඩලස්‌ ඇතුළු දිස්‌ත්‍රික්‌ නායකයෝ විශාල පිරිසක්‌ පැමිණ සිටි අතර මහනුවර, රත්නපුර, ත්‍රිකුණාමලය නායකයෝ පැමිණ සිටියේ නැත.

සාකච්ඡාවේ මාතෘකාව ඉදිරි මැතිවරණ ජයග්‍රහණයයි. ශ්‍රීලනිපය පැත්තෙන් ඊට අවතීර්ණ වන ආකාරය පැහැදිලි කරමින් ජනාධිපති මෛත්‍රී කතා කළේය.

"අපි එකතුවෙලා පක්‍ෂය දිනවන්නයි වැඩ කරන්න ඕන. සමහර අය කියනවා මම අරයට නාමයෝජනා දෙන්නේ නෑ. මෙයාට නාමයෝජනා දෙන්නේ නැහැ ආදී විවිධ කතා. එහෙම දෙයක්‌ නෑ. මම ලේකම්තුමාට උපදෙස්‌ දුන්නා සියලුම දෙනා නාමයෝජනාවලට කැඳවන්න කියලා. සම්මුඛ පරීක්‍ෂණ තියන්න ඕන..."

"ජනාධිපතිතුමනි, අපිට බැරිද හිටපු මන්ත්‍රීවරු නාමයෝජනා මණ්‌ඩලවලට කැඳවන්නේ නැතුව වෙන විදියකට තෝරාගන්න" නිමල් සිරිපාල ඇසුවේය.

ඔව් ඒක ඇත්ත. ඔයාලා එයාලත් එක්‌ක කතා කරල කැමැත්ත අකැමැත්ත ලබාගන්න. අපි හොඳ විදියට ඒක කරමු.

මේ සාකච්ඡාවේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිටියේ ඉතා හොඳ නම්‍යශීලී තත්ත්වයකය. ඉන් උද්දාමයට පත් වූ දිස්‌ත්‍රික්‌ නායකයෝ තව තවත් යෝජනා ඉදිරිපත් කළහ.

ජනාධිපතිතුමනි, මෙතන ඉන්න අයට ඔබතුමාට කියන්න විවිධ අදහස්‌ තිබෙනවා. අපි හිතේ එකක්‌ තියාගෙන හංගගෙන වෙන එකක්‌ කතා කරන්න ඕන නැහැ. අපි මේ වෙලාවේ විවෘතව තම තමන්ගේ අදහස්‌ කතා කරමු. එළියේ තැන තැන කතා කරනවාට වඩා මෙතන කතා කරන එක හොඳයි නේ. අනුර යාපා කීවේය.

"අපි සන්ධානයේ පක්‍ෂ එක්‌කත් කතා කළා. අනිත් එක අපි සන්ධානයේ නායකයන් විදියට ඔබතුමාව හමු වී කතා කරනවා. ඊට පස්‌සේ හිටපු ජනාධිපතිතුමාවත් හමුවෙලා ඒ ගැන සාකච්ඡා කරනවා. මේ ගැන කතා කරන්නයි අපට ඕන..." සුසිල් ප්‍රේමජයන්ත කීවේය.

මම දිස්‌ත්‍රික්‌ සමුළුවලට යනව නේ. ඒවයිදීත් විවිධ මත පළවෙනවා තමයි ජනාධිපති කීවේය.

පියසේන ගමගේ කතා කළේය. ඔහු කතා කළේ මනූෂ ගැනය. නොමනාපයෙන් කතා කළ ඔහුව සන්සුන් කළේ ජනාධිපතිය.

මේ අතරතුර ඩලස්‌ කතා කළේය. මේ ගැන මීට වඩා ගැඹුරු ප්‍රවේශයකින් කතා කළ යුතුයි කියා ඔහු යෝජනා කළේය. "20 වැනි සංශෝධනය ගැන අපේ ස්‌ථාවරය පැහැදිලි කරගමු. 20 සම්මත කළත් ඡන්දය තියන්නේ පරණ ක්‍රමයට කියල ඡේ. වී. පී. එක කියනවා. යූ. ඇන්. පී. එකත් කියනවා."

"අපේ අයත් එක එක අදහස්‌ කියනව නේ ඔය ගැන" ජනපති කීවේය.

ඒ වුණාට ශ්‍රීලනිපයේ අපි කවුරුවත් 20 වන සංශෝධනයට විරුද්ධ නැහැනේ. මැතිවරණ ක්‍රමය වෙනස්‌ වෙනවට අපි කැමතියි. ඩලස්‌ කීවේය. නිමල් හා අනුර ඒ බැව් තහවුරු කළහ.

මේ ආණ්‌ඩුව දැන් කුණුවෙලා. ආණ්‌ඩුව විසුරුවාහරින එක තමයි හොඳ... කුමාර වෙල්ගම කීවේය.

මේ අයුරින් කතාබහ යන අතරතුර ඩලස්‌ තවදුරටත් සාකච්ඡාව ගැඹුරට ගෙන යමින් මෙසේ කීවේය.

"ජනාධිපතිතුමාට ලැබුණ ඡන්ද ලක්‍ෂ 62 ඇතුළේ වෙන වෙන අයගේ ඡන්ද තියෙනවා. යූ. ඇන්. පී. ඡන්ද ලක්‍ෂ 40 ක්‌ ඇති. දෙමළ, මුස්‌ලිම්, හෙළ උරුම ඡන්දත් ඒ අතරේ තියෙනවා. ජනාධිපතිතුමයි හිටපු ජනාධිපතිතුමයි එකට හිටියා නම් අර ලක්‍ෂ 58 යි මෙතන ටිකයි එකට එකතුවෙනවා. එහෙම වුණොත් අපිට පැහැදිලි ජයග්‍රහණයක්‌ ලැබෙනවා. අපිට තියන ප්‍රශ්නය ඔබතුමයි මහින්ද මහත්තයයි ඊට සූදානම්ද කියන එක විතරයි. ගමේ මිනිස්‌සු ඒ ගැන කදිම අදහසක්‌a දරනවා. අපේ ගමේ ඉන්න අවුරුදු 28 ක්‌ විතර ඡන්දපල නියෝජිතයා ලෙස වැඩ කරපු ධනපාල අයියා කරපු විග්‍රහයක්‌ මම කියන්නම්. ඔබතුමා උරණ වෙන්නේ නැත්නම්. ඒක දැන් ජයතිලකගේ විග්‍රහයට වඩා ප්‍රබලයි.

නැහැ... මම උරණ වෙන්නේ නෑ ඔයා කියන්න... මෛත්‍රී හිනාවෙමින් කීවේය.

ධනපාල අයියාගේ දේශපාලන විග්‍රහය

ධනපාල අයියා දවසක්‌ ආවා මම හම්බ වෙන්න. මම ඇහුවා මොනවද ධනපාල අයියේ වෙන්නේ කියලා. මිනිහා කිව්වා... "මහින්ද රාජපක්‍ෂ මහත්තයා කෙළවා ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට අගමැතිකම දෙන්නේ නැතුව. ඒ වගේම මේ පාර මෛත්‍රීපාල මහත්තයා කෙළවා ගන්නෙත් මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැති නිසා. ඕකයි ඇත්ත..."

ඩලස්‌ එසේ කී විට මෛත්‍රී ඇතුළු සියල්ලෝම ඊට කොක්‌හඬලා සිනාසෙන්නට පටන් ගත්හ. එහිදී මෛත්‍රී, නිමල් සිරිපාල දෙසට හැරී මෙසේ කීවේය.

"නිමල්... දන්නවද ඇත්තටම එහේ ඔය ධනපාල කියල කෙනෙක්‌ නැතුවත් ඇති...."

"අනේ නැහැ සර්.... මම ඔබතුමා කඹුරුපිටියට ආපු වෙලාවක ධනපාල අයියව මුණගස්‌සවන්නම්කෝ..." ඩලස්‌ කීවේය.

පසුගිය සතිය ආරම්භය වන විට අපි දුටුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නම්‍යශීලිත්වයයි. අනුන්ගේ මතවලට කන් දෙමින් කල්පනාකාරීව පසුවන ආකාරයයි. මේ හැසිරීම නිසා දේශපාලන කරලියේ හුඟදෙනෙක්‌ සිතා සිටියේ දැන් මෛත්‍රී - මහින්ද සමගියකට හොඳ වේලාව කියාය. මහින්දත් මෛත්‍රීත් එකතු වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කරන්නට පියවර ගනීවි යෑයි සිතූ සැබෑ ශ්‍රී ලංකා පාක්‍ෂිකයෝ මේ නිසා අප්‍රමාණ ලෙස සතුටට පත්ව සිටියහ.

එහෙත් මේ තත්ත්වය නිසා දේශපාලනිකව කැළඹීමට ලක්‌ව සිටි පිරිසක්‌ ද මේ අතර සිටියහ. ඒ අන් කිසිවකු නොව, එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රබලයෝය. යම් හෙයකින් මෛත්‍රී - මහින්ද සමගියක්‌ ඇති වී දෙපාර්ශ්වය එක්‌වී මැතිවරණයකට පැමිණියහොත් එය තම පක්‍ෂයට කවරාකාරයක තර්ජනයක්‌ ද යන්න එක්‌සත් ජාතික පක්‍ෂ නායකයෝ හොඳින් දැන සිටියහ.

මේ අතරතුර එක්‌සත් ජාතික පක්‍ෂයට ද විස¹ ගන්නට බොහෝ ගැටලු තිබිණි. 20 වන සංශෝධනය යථාර්ථයක්‌ වුවහොත් ඉන් පක්‍ෂයේ ජයග්‍රහණයට ලැබෙන රුකුලට වඩා වැඩි අවාසි ගණනාවක්‌ බිහිවන බව තර්ක කළ නායකයෝ ද එජාපයේම සිටියහ. සියල්ලටම වඩා හොඳ කාරිය ආණ්‌ඩුව විසුරුවා හැර ඉක්‌මන් මහ මැතිවරණයකට යැම බව ඔවුහු තර්ක කරමින් සිටියහ.

මේ අතරතුර පාර්ලිමේන්තුවේදී එජාප නායකයාට එරෙහිව අත්සන් කරමින් යන විශ්වාසභංගය ගැන ද සැක සංකා එජාප නායකත්වයට තිබිණි.

හිටපු අගවිනිසුරුගෙන් දේශපාලන බෝම්බයක්‌

මෙසේ එජාපය දැඩි විචිකිච්ඡාවකින් සිටින අතරතුර හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා කළ කතාවකින් මේ රටේ දේශපාලන කතිකාවම කැළඹී ගියේය. ඔහු මේ යහපාලන ආණ්‌ඩුව පතුරුහරිමින් තම කතාව කළා යෑයි කිවහොත් නිවැරැදිය.

සරත් නන්ද සිල්වා මහතාගේ විවේචනයට කාරණා කීපයක්‌ම පාත්‍ර විය. අගමැතිවරයාගේ ක්‍රියාකලාපය, ඔහුගේ පත්වීම, ඔහු විසින් මෙහෙයවනවා යෑයි කියන මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, එහි බිහිවීම, එයට වගකිවයුතු වන පොලිස්‌පති, එමගින් කරන අපරාධ පරීක්‍ෂණ ආදී සියල්ලම පතුරු ගසමින් ඔහු කළ අතිශය සංවේදී සරල එහෙත් සාරගර්භ කතාව රටේ දේශපාලන ලෝකය පුරා පැතිර යන්නට වැඩි කාලයක්‌ ගියේ නැත. උගතුන් විසින් ඉහමුදුනින්ම පිළිගන්නා මෙම කතාව නිසා එජාප නායකත්වය සසල කළ බව නිසැකය.

මේ සියල්ලෙන් ගොඩ ආ හැකි මාර්ග සොයන්නට එජාපය පෙළඹවීම සාධාරණ ක්‍රියාවකි. මේ ප්‍රහාර මේ විවේචන හා මෛත්‍රී - මහින්ද සමගිය ආදී කාරණා යථාර්ථයක්‌ වී එකට පැමිණියහොත් ඉන් එජාප දේශපාලන අනාගතයට වන පසුබෑම සුළු පටු නොවන වග එජාප නායකයෝ හොඳින් තේරුම් ගෙන සිටියහ.

සන්ධාන නායකයන්ගේ අපේක්‍ෂා භංගත්වය

මෛත්‍රී - මහින්ද සමගිය පිළිබඳ විශ්වාසය හා එජාපයට මේ දිනවල එල්ල වන බාහිර ප්‍රහාර නිසා උද්දාමයට පත්ව සිටි පිරිසක්‌ ද වූහ. ඒ අතර විමල්, දිනේෂ්, වාසු බලවේගය මෙන්ම එය වටා ගොනු වූ ශ්‍රීලනිප බලවේග ද සිටියහ. මේ කණ්‌ඩායම් කල්පනා කළේ ලද අවස්‌ථාවේ ඉදිරිපත්ව මෛත්‍රී - මහින්ද සමගි සන්ධානයට වහ වහා මග පෑදුවහොත් එජාපය පරාජය කිරීම මහා අභියෝගයක්‌ නොවන බවය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයෝ එකට එකතුව මේ ගැන සාකච්ඡා කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවන්නට තීරණය කර ගත්හ. ඒ සඳහා කරන ලද දැනුම්දීමකට අනුව බදාදා රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී ඊට වේලාවක්‌ ලැබිණි.

ඊට සහභාගි වන්නට නිමල් සිරිපාල, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්‌කාර, වීරකුමාර දිසානායක, පියසිරි විඡේනායක, තිස්‌ස විතාරණ, ඩිව් ගුණසේකර ආදීහු එක්‌ව සිටි අතර විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ආදීහු පැමිණ සිටියේ නැත.

ජනාධිපති ඉතා සුහදව මේ පිරිස පිළිගත්තේය. "අපි ආවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ගය හා මහ මැතිවරණයේදී ගත යුතු මග ගැන ඔබතුමා සමඟ සාකච්ඡා කරන්න. සුසිල් ප්‍රේමජයන්ත කීවේය. ඉන්පසුව කතාව පටන් ගත්තේ වාසුය.

"පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ අපට. හැබැයි අද අපි පාර්ලිමේන්තුවේ විපක්‍ෂය විදියටයි ඉන්නේ. බලය තියෙන්නේ එජාපයට. අපි කොහොමද මේ බලය ලබාගන්නේ. ඒක ජනාධිපති මෛත්‍රීපාල මහතායි මහින්ද රාජපක්‍ෂ මහත්තයයි එකතුවුණොත් කරන්න අමාරු නැහැ. අපි කොහොමද ඒක කරන්නේ. ඒක කරන්න ජනාධිපතිතුමා මහින්ද රාජපක්‍ෂ මහතාව අගමැති අපේක්‍ෂකයා හැටියට නම් කරන්න ඕන. අපි කරුණු 3 ක්‌ ඒ සඳහා ඉදිරිපත් කරල තියෙනවා. අපිට ඕන ඊට ඔබතුමාගේ අනුමැතියයි. එජාප රජය ඉවත් කරල අපට ඕන අපේ රජයක්‌..." වාසු කීවේය.

පියසිරි විඡේනායක හා වීරකුමාර දිසානායක ද මේ මතය තහවුරු කරමින් කතා කළහ. මහින්ද ගෙන එන්න ඕන, මහින්ද නැතුව දිනන්න බෑ කියන අදහස ඔවුන් මතු කරන්නට පටන් ගත්හ.

මෙහිදී සියල්ල අසා සිටි ඩිව් ගුණසේකර සියල්ලට වඩා තරමක්‌ වෙනස්‌ කතාවක්‌ කරන්නට විය.

"ගරු ජනාධිපතිතුමාට අපි ස්‌තුතිවන්ත වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකදීම ගැන. එදා ජනාධිපතිවරණය ඉවර වුණ ගමන් රජය විසුරුවාහැරල මහ මැතිවරණයක්‌ පවත්වලා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ හදාගන්න තමයි රනිල්ලට උවමනාව තිබුණේ. ජනාධිපතිතුමාගේ දූරදර්ශී වැඩපිළිවෙළ නිසා එදා ඒක මඟහැරුණා. දැන් අපිට කාලය ඇවිල්ලා තියෙනවා 19 සම්මත කරගෙන 20 ත් සම්මත කරගෙන මහ මැතිවරණයකට යන්න. අපිට මෙතනදි අගමැති අපේක්‍ෂකයා කවුද කිය කියා කල් තියා නම් කරන්න අවශ්‍ය නැහැ. ඔය නම් ප්‍රතිරූප පැත්තක තියලා අපි බලවේගයක්‌ විදියට ඉදිරියට යමු. එතකොට අපිට පුළුවන් කාගෙත් සහයෝගයෙන් සන්ධානයේ රජයක්‌ හදාගන්න. ඩිව් කීවේය.

මේ සියලු කතා මෛත්‍රී ඉතා සාවධානව අසා සිsටියේය. පසුව ඔහු කතා කළේය.

"දැන් ඔයගොල්ලන්ගේ අදහස්‌ මම දන්නවා. ආකල්ප විකල්ප මම දන්නවා. මම ඔක්‌කොම අහගෙනයි හිටියේ. ඔයාලා කතා කරල ඉවර නිසා දැන් මම කතා කරනවා. මෙන්න මේක හොඳට අහගෙන ඉඳල ඔයගොල්ලෝ කොච්චර බලාපොරොත්තු වුණත් මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂකයා කරන්නටත් ඔහුට මෙතනින් ඡන්දය ඉල්ලන්නවත් මම අවසර දෙන්නේ නැහැ. එයා මෙතනින් ඉල්ලුවොත් අපිට තිබුණ සුළු ජාතික

ඡන්ද සියල්ලම නැති වෙලා යනවා. ඒක එකක්‌. අනිත් එක මම කොහොමටවත් එයාට එන්න ඉඩ තියන්නේ නැහැ. මම එකඟ නැහැ.

මගේ තීරණය ගණන් නොගෙන ජනතාව කලබල කරවල ලොකු ලොකු ප්‍රශ්න ඇති කරන්න ඔයාලා පෙළඹුණොත් ඊළඟට කරන්න ඕන දේත් මම දන්නවා. සමහර දේවල් අතින් තද කරන් එළියට යන්න නොදී මම හිරකරගෙනයි ඉන්නේ. වැඩිය දඟලන්න ආවොත් මට සිද්ධ වෙනවා අත ලිහිල් කරන්න. එතකොට කාට කාටත් අමාරු වෙයි....

ජනාධිපතිවරයා එවේලේ කළ ප්‍රකාශය සහමුලින්ම මහින්ද විරෝධී වූවකි. ඊට පෙර සඳුදා දිස්‌ත්‍රික්‌ නායකයෝ ජනපතිව හමුවන්නට යන විට ඔහු තුළ තිබූ නිවුණු සැඟවුණු ස්‌වභාවය එදා ඔහු කෙරෙන් කිසිවකු- නොදුටූහ. ඉතා දැඩි ස්‌වරයක්‌ කට හෙŒ පවා තිබිණි. දවසක දෙකක කාලය ඇවෑමෙන් ජනාධිපතිවරයාගේ චිත්ත සමුදාය හා අදහස්‌ ලොකු පරිවර්තනයකට ලක්‌ව ඇති බව සන්ධාන නායකයෝ දැන ගත්හ.

මහින්ද මෙතනින් පතුරක්‌ ගලවාවි. පුළුවන් නම් දිනල බලන්න කියන්න. මේ මෛත්‍රීපාල නැතුව. එදාට මම පෙන්නන්නම් මෛත්‍රීපාල කවුද කියලා. මගේ තියෙන නිහඬ නිහතමානීකම දුර්වලකමක්‌ කියල හිතන්න එපා. මෛත්‍රීපාල දැඩි ස්‌වරයෙන් කියන්නට විය.

මේ වෙලාවේ තත්ත්වය සමනය කරමින් නිමල් සිරිපාල හා අනුර යාපා කතා කළහ. දෙදෙනාම කතා කළේ 20 වන සංශෝධනය සම්මත කරගැනීම ගැනය. ඊට තම පක්‍ෂය දක්‌වන දායකත්වය ගැන කතා කරන්නට වූහ.

මේ අයුරින් අපේක්‍ෂා සහගතව එම රැස්‌වීමට ගිය බොහෝ දෙනා ආපසු ආවේ අපේක්‍ෂා භංගත්වයෙන් යුතුවය.

ඊට පසුදා බ්‍රහස්‌පතින්දා උදේ මේ සන්ධාන නායකයෝ පිරිස කලින් යොදාගත් පරිදි මහින්ද රාජපක්‍ෂ හමුවන්නට ද ගියහ. හමුව පැවැත්වුණේ නුගේගොඩ මිරිහානේ මහින්දගේ නිවසේදීය. මෙයට නිමල්, අනුර යාපා පැමිණියේ නැත. ඒ වෙනුවට සුසිල්, වෙල්ගම, ලොකුගේ, වීරකුමාර, පියසිරි, ඩග්ලස්‌ හා අතාවුල්ලා එක්‌ව සිටියහ.

මේ වන විටත් කලින් දා ජනාධිපති මෛත්‍රීපාල සමඟ කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵල මහින්ද රාජපක්‍ෂ දැන සිටියේය. ඔහුගේ කතාව තුළ ගම්‍ය වූයේ "මම ඔය ප්‍රතිඵලය එන බව කලින් දැන සිටියා" වැන්නකි.

හරි.... අපි නම් ටික සන්ධානයට දාල බලමු. මොකද වෙන්නේ කියල බලමු. ජනාධිපතිතුමාගේ අදහස්‌ සැරෙන් සැරේ වෙනස්‌ වෙනව නේ වාසු කීවේය.

නැහැ... ඒක හරියන එකක්‌ නැහැ. සමහරු කීහ. මේ අතරතුර මහින්ද බොහෝ දේ අසා සිටියා මිස වැඩිපුර කතා කරන්නට ගියේ නැත.

ඔබතුමා ඡන්දෙට ඉදිරිපත් වෙනවා නේද...

ඔව්... ඉතින් සන්ධානයකින් අපි ඉදිරිපත් වෙන්න එපායෑ. ඒකනේ ජනතාව ඉල්ලන්නේ... අන්තිමේ මහින්ද කීවේය.

ගයන්තගේ උත්සවයකදී ගීතාගෙන් කතාවක්‌

පසුගිය බදාදා ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ ඉදිකළ මහින්දොaදය තාක්‍ෂණ විද්‍යාගාරය විවෘත කරන්නට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් උත්සවයක්‌ පැවැත්විණි. එම උත්සවයට පැමිණි ජනප්‍රිය සිනමා නිළි දකුණු පළාත් සභා මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ අනාරාධිතව කතාවක්‌ පැවැත්වීම පසුගිය සතියේ කාගේත් අවධානයට ලක්‌ වූ විශේෂ සිද්ධියක්‌ විය. මේ සිදුවීමට අපේ රටේ රූපවාහිනී නාලිකාවලින් ලොකු ප්‍රසිද්ධියක්‌ ද ලැබිණි. ඒවා බලන බොහෝ දෙනකුට වැටහී ගියේ ගීතා අනුන්ගේ උත්සවයකට පැමිණ බලහත්කාරයෙන් කතාවක්‌ ද කර ලොකු ගෝරනාඩුවක්‌ කරන ලද බවය.

එහෙත් එහි ඇතුළාන්තයේ සිදු වූ සිද්ධි මාලාව හරි රසවත් කතාන්දරයකි.

ලංකාවේ සුවිශේෂී පාසල් දහසක්‌ තෝරාගෙන තාක්‍ෂණ විද්‍යාගාර දහසක්‌ ඉදිකර අධ්‍යාපන ක්‍ෂේත්‍රයට දායාද කිරීමේ වැඩසටහන ආරම්භ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. එහෙයිssන් ඒවා හඳුන්වනු ලැබුවේ මහින්දොaදය තාක්‍ෂණ විද්‍යාගාර කියාය. කෙසේ වෙතත් ඒ විද්‍යාගාර දහසම තනා නිමකර විවෘත කිරීමේ වරම ජනාධිපති මහින්දට නොලැබිණි. මේ යහපාලන ආණ්‌ඩුව බලයට පත් වූ පසු එම විද්‍යාගාර විවෘත කිරීමේ කටයුත්ත නිල වශයෙන් කළේ අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම්ය.

එදා (27 දා) ඇල්පිටිය ආනන්දයේ තාක්‍ෂණ විද්‍යාගාරය විවෘත කරන්නට ආරාධිතයා ලෙස ආවේ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාය. ඇල්පිටියේ ශ්‍රීලනිප සංවිධායිකා ගීතා කුමාරසිංහට නිසි මුද්‍රිත ආරාධනාපතක්‌ නොලැබිණි. ඇයට තිබුණේ ඊට පෙරදා අදාළ විදුහලේ විදුහල්පතිනිය කරන ලද වාචික ආරාධනාවක්‌ පමණි.

ඒ අනුව ඇය එදා එම උත්සවයට ගියාය. දකුණු පළාතට ලැබුණ පළමු තාක්‍ෂණ විද්‍යාගාරය ලෙස මෙම විද්‍යාගාරය එම විදුහලට ලබාගන්නට පුරෝගාමී වූයේ ගීතාය. 2013 දී ඒ සඳහා මුල්ගල තබන උත්සවය ඇය සංවිධානය කළේ ප්‍රදේශයේ එජාප මන්ත්‍රීවරයා වන ගයන්තට ද ඒ සඳහා ආරාධනා කරමිනි. ඔහුට ඊට මුල්ගලක්‌ තබන්නට ද ඇය ආරාධනා කර තිබීම විශේෂ සිද්ධියකි.

එදා 2013 දී මෙම කටයුත්ත පටන්ගන්නා විටදී ගීතා ගයන්තට දැක්‌වූ ගෞරවයෙන් බිඳක්‌වත් විවෘත කිරීමේ උත්සවයේදී තමන්ට ලැබී නොමැති බව ඕ සැනෙකින් වටහා ගත්තාය. විද්‍යාගාරයේ සමරු ඵලකයේ ද තමන්ගේ නම හා ජනාධිපති මහින්දගේ නම් ඉවත් කර අදාළ ගෞරවය අල විරාඡ්ට හා ගයන්තට ලබා දී ඇති බව ඕ දුටුවාය. විවෘත කිරීමේ උත්සවයේදී අඩුම තරමින් පාසලේ කොඩියවත් ඔසවන්නට එම විද්‍යාලයේම ආදි සිසුවියක වන තමන්ට ලබා නොදීම තුළ ගීතා අතිශයින් කනගාටුවට පත්ව සිටියාය.

උත්සව සභාව පටන් ගැනිණි. මටත් පුංචි කතාවක්‌ ඕන විනාඩි 5 ක. ගීතා උත්සවයේ සංවිධායිකා විදුහල්පතිනියට කීවාය.

ඒක නම් බැරි වෙයි. මොකද ඇමැතිතුමාගේ කතාවක්‌ විතරක්‌ යොදාගන්න කියලයි මට උපදෙස්‌ ලැබිල තිබෙන්නේ. විදුහල්පතිනිය කීවාය.

හරි... ඔබතුමිය කතා කරන්න මගේ කතාවට පස්‌සේ... මේ දෙබස අසා සිටි ගයන්ත ගීතාට කීවාය.

ඒවා නම් විහිළු. ඔබතුමාගේ කතාවෙන් පස්‌සේ උත්සව සභාව ඉවර බව මම දන්නවා ගීතා කීවාය.

ඊට කලින් නම් දෙන්න බෑ. මොකද මට කොළඹ යන්නත් තියෙනවා. ගයන්ත කීය.

මට කතාව නොදී ඔබතුමා කතා කරන්න ගියොත් මම බලෙන් ස්‌ටේඡ් එකට නැගල මයික්‌ එක අරන් කතා කරනවා ගීතා කීවාය.

ඒ අනුව ගීතා උත්සව සභාව අතරවාරයේ වේදිකාවට ගොඩවැදී කතාවක්‌ කළාය. විනාඩි කීපයකදී මේ තාක්‍ෂණ විද්‍යාගාරය පිළිබඳ අතීත කතාව විස්‌තර කළ ඕ සිදු වූ දේ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරමින් අප්‍රසාදය ප්‍රකාශ කර වේදිකාවෙන් බැස යන්නට ගියාය.

ඉන්පසුව ගයන්ත ඇමැතිවරයා කතා කළේය. දේශපාලනයේදී සිදුවන මෙබඳු දේවල් ගැන ඔහු යථාර්ථය පැහැදිලි කරමින් කතා කළේය.

"සමහර ආණ්‌ඩු සමහර වැඩ පටන් ගන්නවා. නමුත් එයාලට ඒවා විවෘත කරන්න ලැබෙන්නේ නැහැ. වැඩ ඉවර කරල විවෘත කරන්නේ තවත් සමහර අය. දේශපාලනයේදී ඔහොම දේවල් වෙනවා..." කියමින් ගයන්ත කළේ හැම තැනකම සිදුවන යථාර්ථය පැහැදිලි කිරීමකි.

මාධ්‍යවේදීන්ගෙන් ගයන්තට මල්මිටක්‌

ගයන්ත ගැන කතා කරන විට ඔහුට ප්‍රශංසා නොකරම බැරි තවත් කටයුත්තකට ඔහු පසුගිය සතියේ අත ගැසුවේය. ඒ මෙතෙක්‌ කලක්‌ කිසිවකුගේ අවධානයට ලක්‌ නොවූ විශේෂ කටයුත්තකි. ඒ වූ කලී ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් හෝමාගම දියගම ප්‍රදේශයේ ඇති කරන්නට යන නිවාස ව්‍යාපෘතියකි. එම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට වෙන්කළ අතිවිශාල ඉඩම පරීක්‍ෂා කරන්නට ගයන්ත පසුගිය සතියේ යනු ලැබුවේ අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන ද සමඟය. මෙම නිවාස ව්‍යාපෘතිය පක්‍ෂ භේදයකින් තොරව ජනමාධ්‍යවේදීන් වෙත පහසු ගෙවීමේ ක්‍රමයකට ලබාදෙන්නට කටයුතු කරන මෙන් ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. මෙතෙක්‌ මෙබඳු නිවාස ව්‍යාපෘති ඉදිකිරීම දේශපාලනඥයන්ගේ සැලසුම්වලටම පමණක්‌ සීමා වූවකි. එහෙත් ගයන්තට අවශ්‍ය වූයේ ඒ සැලසුම යථාර්ථයක්‌ වනු දැකීම බව පැහැදිලි විය.

කරුගේ පොසොන් සුදානම

මේ දේශපාලන අලකලංචි වාද විවාද තර්ක විතර්ක පෙරළි මැද රටේ ජනතාවගේ අධ්‍යාත්මික යහපැවැත්ම හා සුබසිද්ධිය වෙනුවෙන් වෙහෙසෙන ඇමැතිවරයකු ද රජයේ සිටියේය. හේ කරු ජයසූරියය.

කරු ජයසූරිය ඇමැතිවරයා පසුගිය සතියේ ඉතාමත්ම වෙහෙසු කාරණා අතර ප්‍රමුඛස්‌ථානය ලැබුණේ රජය මෙවර පොසොන් පෝය උත්සවය වෙනුවෙන් ඉටුකරන වැඩ කටයුතුය.

මේ සඳහා පසුගිය සති අන්තයේ කරු ඇමැතිවරයා අනුරාධපුරයට ගොස්‌ සිටියේය. පොසොන් පෝයට මිහින්තලාවට ඇදෙන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කෙරෙන කටයුතු සොයා බැලූ අමාත්‍යවරයා නවීකරණය කළ මිහින්තලේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිවාඩු නිකේතනය ද විවෘත කළේය. ඉන්පසුව ඔහු මේ දිනවල තරමක්‌ අසනීප තත්ත්වයෙන් සිටින ගිරාඹේ ආනන්ද හිමියන්ගේ සුවදුක්‌ විමසා බලන්නට ශාස්‌ත්‍රානන්ද පිරිවෙනට ගියේය.

දොස්‌තරවරු කියල තියෙනවා විවේක ගන්න කියලා. ආනන්ද හිමි ළඟ සිටි නීතිඥ සංජීව ගුණරත්න කීවේය. ඔබ වහන්සේට විවේක ගන්න කියන්නේ ශක්‌තිමත්ව ඉඳගෙන කරන සේවය අවශ්‍ය නිසා ඔබවහන්සේලා තමයි මේ පක්‍ෂය නැගිට්‌ටවලා ගත්තේ. තවදුරටත් පක්‍ෂය වෙනුවෙන් වැඩ කරන්න ඔබ වහන්සේලා නිරෝගීව නැගිටල ඉන්න ඕන. තවම පක්‍ෂය නැගිට්‌ටවල ඉවර නෑ. සංජීව කරු සමඟ එකතු වී ස්‌වාමීන්වහන්සේට අවවාද කළේ එසේය.

රනිල් කරේ ගෙනියන්න සජිත් ලෑස්‌තියි

පසුගිය සතියේ කැබිනට්‌ මණ්‌ඩලයේදී කවුරුත් බලා සිටි පරිදි 20 වන සංශෝධනය ගැන කතාබහ සංවාදශීලීව මතු විය. පාර්ලිමේන්තුවේ සංයුතිය 225 ද නැත්නම් 255 ද යන කාරණාව ගැන ප්‍රශ්න මතුවිය. යෝජනා පිට යෝජනා රැසක්‌ පැමිණෙන්නට වූහ. අන්තිමේ හරහට හිටියේ හකීම්ලා වැනි සුළු ජාතික පක්‍ෂවල ප්‍රශ්නය කෙසේ වෙතත් මේ ගැටලු විස¹ගෙන ඉක්‌මනින් අවසන් යෝජනාවක්‌ බලන්නට තමන්ට අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණයෙන් යුතුව කියා පෑවේය.

කැබිනට්‌ රැස්‌වීමේදී ලද විවේකයකදී සජිත් ප්‍රේමදාස සෙසු ඇමැතිවරු හා අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය. ඔහු ඒ අතර ජනාධිපතිවරයා ළඟට ගොස්‌ ස්‌තුති කළේ පාසල් සිසුවියගේ ෙ€දවාචකය ගැන විමසා බැලීමට යාපනේ කළ සංචාරය ගැන පවසමිනි.

"ඔබතුමා ප්‍රශ්නය වුණ තැනටම ගිහින් ඒ මිනිස්‌සුන්ගේ දුක විමසලා අපි දෙගොල්ලා අතර තිබෙන අනවබෝධය දුරු කරන්න මහන්සි වීම ලොකු දෙයක්‌. රටේ නායකයා හැටියට ඔබ කළේ උතුම් ක්‍රියාවක්‌."

මේ අතරතුර අග්‍රාමාත්‍ය රනිල් ද සජිත්ට කතා කොට ළඟ ළඟ එන මැතිවරණය මතක්‌ කළේය.

"මහ මැතිවරණයකුත් ළඟ එන නිසා අපිට එකතුවෙලා මහ ලොකු වැඩ කොටසක්‌ කරන්න තියෙනවා සජිත්..."

ඔව් සර් 1977 දී මගේ තාත්තා ඡේ. ආර්. ජයවර්ධන නායකතුමාව කරේ තියාගෙන රට හැම තැනම ගියා. මමත් අපේ තාත්තා එදා කරපු යුතුකම මෙවර අපේ නායකතුමා වෙනුවෙන් කරනවා" සජිත් කීවේය.

පන්සල් යැමත් මහින්දගේ වරදක්‌

මේ දිනවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විරුද්ධවාදීන්ගේ ප්‍රහාරවලට ලක්‌වන කරුණු ගණනාවක්‌ම තිබේ. ඒ අතර තවත් එක්‌ ප්‍රබල චෝදනාවක්‌ වී ඇත්තේ "මහින්දගේ පන්සල් ගමනයි" කැත නැතුව මේ ක්‍රියාව විවේචනාත්මකව දකින පිරිසක්‌ ද මහින්දගේ විරුද්ධවාදීන් අතර සිටියහ.

කවුරු මොනවා කීවත් ජනාධිපති මහින්ද පන්සල් යැම අත්හලේ නැත.

පසුගිය සතියේ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුගේ සංවිධායකත්වයෙන් මොරටුව බෞද්ධ මන්දිරයේ සංවිධානයකර තිබූ බෝධි පූජාවකට සහභාගි වන්නටද මහින්ද ගියේය.

මහින්ද එනතුරු, ජී. එල්, ලොකුගේ, ජීවන් සහ උදය බෞද්ධ මන්දිරය අසලදීa බලා සිටියදී හරි අපූරු දෙයක්‌ සිදුවිය.

හිටිවනම රැස්‌ව සිටි ජනතාව වාහනයක්‌ එනවිට ජනාධිපතිවරයාට ජයවේවායි යනුවෙන් ප්‍රීති ඝෝෂා කරමින් කෑ ගසන්නට පටන් ගත්හ. ඒ වාහනේ ආවේ ජනාධිපති මහින්ද යෑයි සිතා කවුරුත් ඉදිරියට ගියහ. එහෙත් ඉන් එළියට බැස්‌සේ කුමාර වෙල්ගමය.

ඔබතුමාටත් දැන් හැම තැනම හරි ප්‍රතිචාර නේදැයි උදය විහිළුවක්‌ කළේය.

ඔව් මල්ලි... බය නැතුව කට ඇරලා කතා කරන කාට වුණත් ජනතාව කැමැතියි.

එහෙනම් දැන් ඔබතුමාත් කොළඹින් ඡන්දේ ඉල්ලන්න... උදය කීවේය.

මෙම බෝධි පූජාව ඉවරවී ජනාධිපති මහින්ද ප්‍රමුඛ දේශපාලනඥයන් රාත්‍රී කෑමට ගියේ සමන් ලාල් ප්‍රනාන්දුලාගේ නිවෙසටය. එහි ලොකු ආප්ප සංග්‍රහයක්‌ද තිබිණි.

අයියෝ සර්..... ආප්ප නම් කන්න එපා... නගරාධිපතිතුමාත් තරහ වෙයි. නාගරික මන්ත්‍රීවරු මහින්දට විහිළු කරන්නට පටන් ගත්හ.

මහින්ද නිසා මධුමාධව නිල්මිණි එක්‌ක යාලුයිලු

ආප්ප අගුණ නෑ මල්ලි ප්‍රශ්නය තියෙන්නේ ඒවා කන අයගේ විතරයි. සමහර කොල්ලෝ ඕකට කියන්නේ ආප්ප ටැක්‌ ටික්‌ස්‌ කියලයි.

කෑම කන අතරේ මහින්ද සෙසු පිරිස හා කතා කළේ තමන්ගේ ගමන් වෙහෙස ගැනය. රටේ හැම තැනම උත්සවවලට පූජාවන්වලට යැම ලේසි පාසු නැති වැඩක්‌ බව කීවේය.

"සමහර අය මම පන්සල් යනවා බෝධි පූජාවලට යනවා කියලා බනිනවා. ඒ වුණාට මම ඒවා ගණන්a ගන්නේ නෑ. දැන් මට හැමදාම කවුරු හෝ බෝධි පූජාවක්‌ දෙකක්‌ සංවිධානය කරනවා. ගිය සතියේ අම්පාරේදි තුනයි. මොනරාගලත් තුනයි. මට දැන් ඕවයි ගාථා ටිකත් ඔක්‌කොම කට පාඩම් වෙලා."

මේ අතරතුර ජනප්‍රිය නිළි නිල්මිණි තෙන්නකෝන් මහින්ද ළඟට ආවාය.

සර්ගේ පින්කම්වලට මමත් දිගටම ගියා. ඒවට ගිහිල්ල ගිහිල්ලම දැන් මධුමාධවයි මායි අතර තිබුණ අමනාපකම් දුරුවෙලා ගිහින්. දැන් අපි යාළුයි...

දෙයියනේa කොච්චර දෙයක්‌ද? ඒව තමයි අනුහස්‌ කියමින් මහින්ද සිනාසුනේය.

බුලිත ප්‍රදීප් කුමාර
 

 
Powered By -