Tuesday, June 30, 2015

දැවැන්ත රථ පෙළපාලිය සජීවී දර්ශන........


මහින්ද අගමැති උනාට කමක් නෑ-රතන හිමි

මහින්ද අගමැති උනාට කමක් නෑ-රතන හිමි


මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම හා අගමැති කම දීම සම්බංධයෙන් ප්‍රශ්ණයක් නොමැති නමුත් ඔහු ඡන්දයට එන්නේ පරණ හොරුන් සමඟ නම් ශ්‍රීලනිපය සමඟ කිසිසේත් සංධානගත නොවනබව හෙළ උරුමයේ හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසයි.
කෙසේවෙතත් ජනපතිවරයාගේ ස්ථාවරය මෙහිදී වඩා වැදගත්බව එහිමියන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

වෙනස කනපිට හරවා 18 පසු සංවර්ධන යුගය යළි අරඹනාවා

වෙනස කනපිට හරවා 18 පසු සංවර්ධන යුගය යළි අරඹනාවා


කොටි සැමරුමට පහන් පත්තු කළ විග්නේෂ්වරම්ගෙන් ප්‍රශ්ණ නොකරන ආණ්ඩුව රට බේරාගත් ගෝඨාභයට පිරිත් කී හාමුදුරුවරුන් උසාවි කැඳවන යහපාලන වෙනස දින 100ද ඉක්මවා දින 200 ට ලඟාවී ඇති බවත් නුවරට පැය 3න් එනඑක මිනිත්තු 55න් එන්න මේ වනවිට පුළුවන්කම තම රජයක් යටතේ තිබුණ නමුත් එය ඉටු නොවූ නිසා අගෝස්තු 18 මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් යළි එම යුගය අරඹන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා නුවරදී ඊයේ පැවසීය.

දිවයින කතුවැකිය




මැතිවරණ යුද්ධය ආසන්නයේ සිට ලියමු

ඊයේ රත්නපුරයේදී ප්‍රධාන පක්‍ෂයක පුද්ගලයකු ඝාතනය වී බැනර් කටවුට්‌ කපා දැමූ බවක්‌ වාර්තා වී තිබිණි. ආරංචියේ හැටියට එය අර්ථගන්වා තිබුණේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා ආරම්භවීමක්‌ ලෙසය. එහෙත් ඊයේ දහවල් වනවිට පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට පවසා තිබුණේ එය කිසිසේත්ම මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවක්‌ නොවන බවත් වෙනත් ආරවුලක්‌ හේතුවෙන් සිදුවූ ඝාතනයක්‌ බවත්ය.

පුවතේ හැටියට එය කවරාකාර ඝාතනයක්‌ වුවද මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා "ලිස්‌ට්‌" එකට යැමේ වැඩි ඉඩකඩක්‌ තිබුණු බව පෙනෙයි.

එහි අනෙක්‌ අර්ථය වන්නේ සුපුරුදු ලෙසට මැතිවරණය සමගින්ම ප්‍රචණ්‌ඩ ක්‍රියාද බලාපොරොත්තු විය යුතු බවය. දශක දෙකක තුනක කාලයක සිට රටේ ජනතාව හැඩගැසී සිsටින්නේ මැතිවරණය යනු ප්‍රචණ්‌ඩත්වයට සමාන බව සිතන්නටය. එයට විවිධ හේතු කාරණා තිබේ. පසුගියදා ආණ්‌ඩුව විසුරුවා හරින ලද වහාම අපි මේ ගැන සටහන් කළෙමු. අවශ්‍ය වන්නේ භීතිය වැපිරීම නොව පරිණත දේශපාලන ක්‍රියාදාමයක්‌ බව අපි එහිදී කීවෙමු.

අහක යන "ක්‍රයිම් කේස්‌" පවා මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා බවට පෙරළන්නේද මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලම දිගුවක්‌ ලෙසය. ප්‍රශ්නය වගා කළ හැකි එක්‌ උපක්‍රමශීලී පිළිවෙතක්‌ ලෙස එය හැඳින්විය හැක. කෙසේ හෝ අගෝස්‌තු 17 වැනිදා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී, පිsරිසිදු හා සාමකාමී එකක්‌ බවට පත්කිරීම සියලුම දේශපාලන පක්‍ෂවල වගකීම බව අපි නැවතත් සිහිපත් කර සිටිමු. "කටකතාවක්‌" නිසා ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායමට "රිටර්න්" එක දෙන්නට යැමේ මුග්ධ ක්‍රියාවලියෙන් අත්මිදිය යුතුය. මේ සඳහා සිය පක්‍ෂ ආධාරකරුවාගේ සිට සියලුම අපේක්‍ෂකයන් මෙහෙයවිය යුත්තේ පක්‍ෂ නායකයන්ය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට මැතිවරණ නීතියට අනුව නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන් කැමැති ජනතා නියෝජිතයෙක්‌ පත් කර ගැනීමට ජනතාවට අයිතියක්‌ තිබිය යුතුය. එකී ශුද්ධ වූ අයිතියට බාධා කිරීමට කිසිදු දේශපාලනඥයකුට හෝ ඔවුන් ළඟ දණින් වැටී බත් බැලයන්සේ කටයුතු කරන "ආධාරකරුවා" යෑයි හඳුන්වන රහමෙර කටේ උලාගත් තක්‌කඩියන්ට අවසර නැත. එහෙත් මැතිවරණයක්‌ ආසන්න වන විට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාව ඉදිරියට ගොස්‌ ඔවුන් ලබා දෙන තීන්දුව පිළිනොගන්නා මේ ආධාරකාර තක්‌කඩි සහ දේශපාලනඥයන් ප්‍රචණ්‌ඩත්වය වැපිරීමට පටන් ගනී.

හොර මත්පැන් පෙරන්නන්, කුඩු ජාවාරම්කරුවන්, පාතාල මැරයන් මේ ජනතා නියෝජිතයකු වීම සඳහා කැසකවන්නේ සිය කළු සල්ලි මිටි ගණනින් විසි කරමිනි. පක්‍ෂ විපක්‍ෂ සියලු කණ්‌ඩායම්වලට මේ මැර දේශපාලනය රිංගා ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මෙවැනි මජර චරිතවලට නාමයෝජනා ලබා නොදෙන්නෙමු යෑයි කීවද පසුගිය කාලවකවානුව පුරාම සිදුවූයේ පළාත්a පාලන ආයතනවල සිට පාර්ලිමේන්තුව දක්‌වාම "නොසුදුස්‌සන්" ට අපේක්‍ෂකත්වය ලබාදීමය.

 


 පසුගිය දවස්‌වල අන්තර්ජාල සමාජජාල වෙබ් අඩවියක අපූරු කාරණයක්‌ සටහන් වී තිබිණි.

"වෙන රටකදී, නූගතුන් පාසලට යවති. ලෙඩුන් රෝහලට යවති, කුඩුකාරයන් පුනරුත්ථාපනයට යවති. දූෂිතයන් ගෙදර යවති. හොරුන් සිරගෙට යවති. මිනීමරුවන් පෝරයකට යවති.

"අපේ රටේ........ මේ හැමෝම පාර්ලිමේන්තුවට යවති."

සරල උපහාසාත්මක "යාන්" එකක්‌ වුවද එහි ඇත්තේ අප කියන්නට උත්සාහ දරන දේම ගැඹුරින් කියෑවීමකි. මේ මැතිවරණයේදී සෑම පක්‍ෂයකින්ම තරග කරන අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ දියත් කිරීමට අන්aතරායකාර ඖෂධ පාලක මණ්‌ඩලයට තීරණය කර තිබීම ගැන අපි සතුට පළකරමු.

නාමයෝජනා ලබන අපේක්‍ෂකයන් පමණක්‌ නොව ඔවුන්ගේ සමීපතව ඥතීන් පවා යම්කිසි අන්දමකින් විෂමාචාර සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධදැයි පක්‍ෂනායකයන් දැනුම්වත් කිරීම මෙහිදී සිදු වේ.

වෙනත් ආයතනයකට එවැනි කැක්‌කුමක්‌ වුවමනාවක්‌ ඇතිමුත් රටේ දේශපාලන පක්‍ෂවලට එවැනි වුවමනාවක්‌ හෝ වැඩපිළිවෙළක්‌ නැත්තේ මැතිවරණ ප්‍රචණ්‌ඩත්වයට අත වනන ක්‍රියාවලියකට ඔවුන් එකඟ නිසා දැයි අපි අසමු.

උරුමය

මහ මග භීෂණය මැඬලීමට ජාතික ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාව


මහ මග භීෂණය මැඬලීමට ජාතික ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාව

ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු හා මරණ වාර්තාවීම සුලබ සිද්ධියක්‌ බවට පත්ව ඇත. පසුගිය දින 09 ක්‌ තුළ මාරාන්තික රිය අනතුරු 75 ක්‌ සිදුවී පුද්ගලයන් 88 ක්‌ ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය හරහා හෙළිදරව් කළේය. ඉහත දත්තවල සාමාන්‍යය සැලකිල්ලට ගත්විට පසුගිය දින 09 ක්‌ තුළ දිනකට මාරාන්තික අනතුරු 08 ක්‌ මරණ 09 ක්‌ද, හෝ 10 ක්‌ අතර ප්‍රමාණයක්‌ සිදුව තිබේ. ඒ අනුව මහමග ගමනා ගමනය බිහිසුණු මෙන්ම මහජනයා නිරන්තර මරණ භීතියට පත්කරන තත්ත්වයක්‌ බවට පත්වී ඇත.

පොලිස්‌ රථවාහන අංශයේ වාර්තා අනුව 2015 වසරේ ජුනි මස වන විට වාහන අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 1216 ට වැඩි වන අතර සාමාන්‍යයෙන් වාර්ෂිකව මරණ 2500 ක්‌ පමණ සිදු වන බව වාර්තා වේ. නිරන්තරයෙන් සිදුවන මාර්ග අනතුරු හා මරණ පිළිබඳව සැලකිල්ලට ගත්විට ශ්‍රී ලාංකේය මහජන සුරක්‌ෂිතතාව වෙනුවෙන් මාර්ග අනතුරු වැළැක්‌වීම, පාලනය හා අදාළ කටයුතු කළමනාකරණය, ජාතික ක්‍රියාකාරිත්වයක්‌ බවට පත්කර ගනිමින් එය බලගැන්වීමට වගකිවයුත්තන් මෙන්ම පුරවැසි සමාජය සංවිධානය වීම අද දවසේ අත්‍යවශ්‍ය කටයුත්තක්‌ බවට පත්ව තිබේ.

මාර්ග අනතුරු ලෝක තත්ත්වය

මාර්ග අනතුරු පිළිබඳව ලෝක මට්‌ටමේ තොරතුරු වාර්තා අනුව වාර්ෂිකව පුද්ගලයින් මිලියන 1.3 ක්‌ ජීවිතක්‍ෂයට පත්වේ. මාර්ග අනතුරු හේතුවෙන් ලෝකයේ දිනකට සාමාන්‍යයෙන් සිදුවන මරණ ප්‍රමාණය 3287 ක්‌ පමණ වේ. එයට අමතරව මිලියන 20 සිට 50 අතර ප්‍රමාණයක්‌ තුවාලකරුවන් මෙන්ම අංගවිකලතාවයට ද පත්වේ. මෙසේ අනතුරට පත්වී මිය යන්නේ බොහෝ විට අවුරුදු 15 සිට 44 දක්‌වා වයස්‌ කාණ්‌ඩවල රටක ඵලදායී ශ්‍රම බළකායේ පුරවැසියන් වීම ශෝචනීය තත්ත්වයක්‌ වේ. මනුෂ්‍යයාට මරණය ළඟා කරන ප්‍රධාන සාධක අතර 9 වන ස්‌ථානය ගන්නේ මාර්ග අනතුරුය. දියුණු බටහිර රටවල මාර්ග අනතුරුවල පිරිවැය ගණනය කර ඇති අතර, එය ඇමෙරිකානු ඩොලර් බිලියන 518 පමණ වේ.

වෙන් වෙන්ව ලෝකයේ දියුණු රටවල් කිහිපයක මාර්ග අනතුරු සළකා බලන විට, අමෙරිකා එක්‌සත් ජනපදයේ වාර්ෂික මාරාන්තික මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 37,000 ට වැඩි පිරිසක්‌ මරණයට පත්වේ. එසේම බිලියන 2.35 ක්‌ පමණ පිරිසක්‌ තුවාලකරුවන් මෙන්ම අංගවිකලභාවයටද පත්වේ. එක්‌සත් රාජධානියේ මාර්ග අනතුරු හේතුවෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව 2000 ට වැඩි වන අතර මාරාන්තික තුවාලකරුවන් බවට පත්වන ප්‍රමාණය 23,039 පමණ වේ. චීනයේ 2014 වර්ෂයේ මුල් මාස දහය තුළ අනතුරු 426,378 කින් මරණ 87,218 ක්‌ වාර්තා වී ඇත. චීනය තුළ වසරින් වසර මාර්ග අනතුරු 1.9% ක වර්ධනයක්‌ සිදුවන බව ද දත්ත වාර්තා හෙළිකරයි. 2013 වර්ෂය තුළ ඉන්දියාවේ මාර්ග අනතුරුවලින් 137,000 පමණ මරණයට පත්වී ඇත. ඉන්දියාවේ මාර්ග අනතුරුවලින් දෛනිකව ළමයින් 16 දෙනකු පමණ මරණයට පත්වන බව ද වාර්තා වේ. නෝර්වේහි මාරක අනතුරු අවම ප්‍රමාණයක්‌ සිදුවේ. 2014 වර්ෂය තුළ මාරක අනතුරු 135 ක්‌ වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 147 ක්‌ වේ. ස්‌වීඩනය ද අනතුරු අවම රටක්‌ වන අතර මෙම රටවල විශේෂත්වය වන්නේ අනතුරු වැළැක්‌වීමේ ජාතික ප්‍රතිපත්තියක්‌ ක්‍රියාවට නැඟීමයිs. ඒ ඒ රටවල දියුණුව ප්‍රතිපත්ති, නීති රීති, මාර්ගවල තත්ත්වයන්. වාහනවල තත්ත්වයන්, ජනතාවගේ විනය හා හික්‌මීම ආදී කරුණු අනුව අනතුරු සිදුවීම හා ඊට ඇති ඉඩකඩ පිළිබඳව වෙනස්‌කම් පවතී.

කෙසේ නමුත් සාමාන්‍යයෙන් ලෝකය පුරා මාර්ග අනතුරු හා මරණ ඉහළ යැමේ ප්‍රවණතාවක්‌ ඇත. එසේ හෙයින් මාර්ග අනතුරු වැළැක්‌වීම සඳහා සමාජ අවධානය මෙන්ම ක්‍රියාමාර්ග ගැනීම ලෝක ජන සමාජයට අත්‍යවශ්‍ය වී ඇත. මාර්ග අනතුරු වැළැක්‌වීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්වේ නම් 2030 වන විට මනුෂ්‍යයාට මරණය ළඟා කරන ප්‍රධාන සාධක අතර 5 වන ස්‌ථානයට මාර්ග අනතුරු පත්විය හැකි බව පුරෝකථනය කොට ඇත.

මාර්ග ආරක්‌ෂාව සඳහා වූ ක්‍රියාකාරී දශකය.

ලෝකයේ රිය අනතුරු වැළැක්‌වීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුව ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ක්‍රියාකාරිත්වයක්‌ ගොඩනඟා ඇත. ඒ අනුව "2011 - 2020 මාර්ග අනතුරු වැළැක්‌වීම සඳහා වූ ක්‍රියාකාරී දශකය ලෙස නම් කරමින් ඊට වැදගත්වන කරුණු කිහිපයක්‌ අවධාරණය කර ඇත. ඒවානම් ආරක්‌ෂිත මාර්ග පද්ධතියක්‌ සඳහා මාර්ගවල ප්‍රමිතිය, මාර්ග පරිහරණය සඳහා නිසි දැනුවත්භාවය, මාර්ග නීති බලාත්මක කිරීම, මාර්ග විනය, පශ්චාත් අනතුරකදී කාර්යක්‌ෂම ප්‍රතිකාර සේවා සහ වගකීම් පැවරුන බලධාරී ආයතනයක්‌ මගින් මාර්ග ආරක්‌ෂාව සහතික කිරීම හා කළමනාකරණය සිදුකිරීමය. මාර්ග ආරක්‌ෂාව සඳහා වූ ක්‍රියාකාරී දශකයේ අරමුණු වෙනුවෙන් 2011 වසරේදී මුලපිරීමක්‌ සිදුවුවද එය අද දවසේ බලගැන්වීමට දේශපාලන මැදිහත්වීම හා අදාළ ආයතනමය කැපවීම් අත්‍යවශ්‍ය වේ.

දැරිය නොහැකි වාහන බර හා මාර්ග තදබදය

ලංකාවේ භාවිත වාහන ප්‍රමාණය මිලියන 4.5 ක්‌ පමණ වේ. ඉකුත් මැයි මාසය තුළ අලුත් කාර් රථ පමණක්‌ 3,206 ක්‌ ලියාපදිංචි කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත. 2020 වන විට ලංකාවේ භාවිතා වන මුළු වාහන ප්‍රමාණය මිලියන 60 ට ආසන්න වනු ඇතැයි අපේක්‌ෂා කෙරේ.

මාර්ගවලට දැරිය නොහැකි ලෙස වාහන ඝනත්වය වැඩිවීම, අනතුරුවලටත්, වාහන තදබදය තීව්‍රර කිරීමටත් හේතුවේ. උදාහරණයක්‌ ලෙස කොළඹ නගරයේ මාර්ග පද්ධතිය දිනකට වාහන ලක්‍ෂයකට පමණ ධාවනයට සුදුසු ලෙස සකස්‌වී ඇති බවත්, විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රථවාහන ද සමඟ දිනකට වාහන ලක්‍ෂ 2 1/2 පමණ ධාවනයට එකතුවන බවත් පැවසේ. මෙය වාර්ෂිකව 25,000 කින් පමණ වැඩිවීමක්‌ ද සිදුවන බව වාර්තා වේ.

1980 දශකයේ කොළඹ ධාවන වේගය පැයට කි. මී. 40 - 60 වූ අතර වර්තමාන ධාවන වේගය පැයට කි. මී. 8 දක්‌වා අඩුවී තිබේ. එය ඉදිරි වසර 5 තුළ පැයට කි. මි. 06 ක්‌ දක්‌වා තවත් අඩුවනු ඇති බවටද වාර්තා වේ. මෙම ප්‍රවණතාව වටිනා කාලය, බලශක්‌තිය අපතේ යැමක්‌ මෙන්ම රටක කාර්යක්‌ෂමතාව හා ඵලදායීතාව හීන කිරීමටත්, පුද්ගල ආරක්‌ෂාව සෞඛ්‍ය හා පරිසර යටත් අයහපත් ලෙස බලපාමින්, අනපේක්‌ෂිත ගැටලු නිර්මාණය කිරීමට හේතුවනු ඇත.

ලංකාවේ මාර්ග පද්ධතිය අනතුරු අවම කරන තත්ත්වයක නැත. මාර්ග සංවර්ධනයට විශාල මුදල් කන්දරාවක්‌ යට කළද මාර්ග නිර්මාණය හා ප්‍රමිතිය දුර්වල මට්‌ටමක පවතී.

යතුරු පැදි, ත්‍රිරෝද රථ හා අනතුරු

පෞද්ගලික බස්‌ රථ වන්දනා වෑන් රථ හා ට්‍රැක්‌ටර්, වැලි ප්‍රවාහනය කරන ටිපර්, යතුරු පැදි හා ත්‍රිරෝද මගින් මාර්ග අනතුරු සිදුවන අතර වැඩි වශයෙන් යතුරු පැදි හා ත්‍රිරෝද රථ මගින් අනතුරු සිදුවන බව පොලිස්‌ වාර්තාවලට අනුව පෙනේ. යතුරු පැදි හා ත්‍රිරෝද රථ මගින් අනතුරු වැඩි වශයෙන් සිදුවීම දැඩිව අවධානයට ගත යුත්තකි. දිනකට යතුරු පැදි ලක්‍ෂ 29 ක්‌ පමණ හා ත්‍රිරෝද රථ ලක්‍ෂ 06 ක්‌ පමණ ධාවනයට එකතු වන බව පොලිස්‌ රථ වාහන අංශයේ පර්යේෂණයකින් පෙන්වා දේ. මෙම ධාවනකරුවන් බොහෝ පිරිසක්‌ මාර්ග නීති කඩකරන හික්‌මීමක්‌, විනයක්‌ නොමැතිව මාර්ග ධාවනයේ යෙදෙන ආකාරය නිරන්තරයෙන් නිරීක්‍ෂණය කළ හැකිය. ත්‍රිරෝද රථයක උපරිම ධාවන වේගය පැයට කි. මී. 40 වුවත්, ඒ පිළිබඳ බොහෝ පිරිස්‌ කිසිදු තැකීමක්‌ නැත. 4 ස්‌ට්‍රොක්‌ ත්‍රිරෝද රථ බොහෝ මාර්ගවල ධාවනය කරන්නේ පැයට කි. මී. 60 ට 80 ටය. ඉකුත් දිනකදී නුවර මාර්ගයේ කඩවතට ආසන්නයේ කහ ඉරෙන් පාර මාරු වූ පාසල් ශිෂ්‍යාවන් ත්‍රිරෝද රථයක ගැටී පෙර වාසනාවකට ජීවිතය බේරා ගත්තේය. කහ ඉර ආසන්නයේ සෙසු සියලු වාහන නවතා තිබියදී මෙම නොහික්‌මුණු ත්‍රිරෝද රථකරුවා සිසුවිය හා ගැටෙමින් නොනවත්වා වේගයෙන් ධාවනයේ යෙදුණේය. බණ්‌ඩාරගම, වෑවිට ප්‍රදේශයේ ඇවිදීමට වෙන්කර තිබූ මං තීරුවේ ත්‍රිරෝද රථයක්‌ ධාවනය කළ පිරිසකට අවවාද කළ වැඩිහිටි පුරවැසියකු විපතට පත්වූ බව වාර්තා විය.

මහ මග විනයානුකුලව රියෑදුරන් ධාවනයේ යෙදෙන විට නොහික්‌මුණු ත්‍රිරෝද රථ හා යතුරු පැදි රියෑදුරන්ගේ දෝෂ දර්ශනයට පත්වන අවස්‌ථා දැකිය හැකිය. ඔවුන් හඟවන්නේ මාර්ගය ඔවුන්ගේ බවත්, ඉස්‌සර කිරීම් වලින් හෝ රිංගමින් ධාවනයට ඉඩදෙන ලෙසත්ය. එයට බාධා වන විනයානුකූල රියෑදුරන්ට රවමින් දේහ සංඥා ප්‍රහාර කරමින් අශෝභන ධාවනයේ යෙදෙනු නිරන්තරයෙන් දැකිය හැකිය. ප්‍රධාන මාර්ගවල සංඥ නොදල්වා ක්‍ෂණිකව සිදු කෙරෙන හැරවීම් ත්‍රිරෝද රථ විසින් බොහෝ විට සිදුකරති. එය විනයානුකූල රියෑදුරන්ට මහත් අපහසුතාවක්‌ වන අතර අනතුරු ඇතිවීමටද හේතු විය හැකි තත්ත්වයකි. ත්‍රිරෝද, යතුරුපැදි හා බස්‌ රථවලට අමතරව සුපිරි වාහන පදවන බොහෝ පිරිස්‌ සිය වාහනයේ ගැම්ම මහ මගද පෙන්වති. වේග සීමාවන් නොසලකති. නීතිය රකින නිලධාරීන් අපහසුතාවට පත්කරති. ඔවුන්ගේ අශෝභන හැසිරීම් ද කියාපාන්නේ මාර්ගය ඔවුන්ගේ කියාය. මහ මග සුළු අනතුරුවලදී වැරදි කරන පිරිස්‌ විනීත රියෑදුරන්ට වැරැද්ද පටවමින් ඇඟට ගොඩවැදීම ද ඉතාම අසික්‌කිතය. අධික වේගයෙන් ධාවනය, අපරික්‌ෂාකාරී ලෙස ඉස්‌සර කිරීම, සංඥා භාවිත නොකිරීම, ක්‍ෂණික හැරවීම, බීමත්කම, තත්aත්වයෙන් ගරා වැටුණු වාහන ධාවනය, ජංගම දුරකථන භාවිතය, සංවරබව, විනය, හික්‌මීම, නොමැතිකම මාර්ග අනතුරු ඇතිවීමට සෘජුව බලපායි. එසේම පදිකයන්ගේ අපරික්‌ෂාකරී හැසිරීම් හා නොසැලකිල්ල ද අනතුරුවලට හේතු වේ. ඒ අනුව රියෑදුරන් ඇතුළු සියලු පුරවැසියන් ශිෂ්ට ලෙස මාර්ග විනය සකස්‌කර ගැනීම අත්‍යාවශ්‍යය.

මාර්ග ආරක්‌ෂාව හා ජාතික ප්‍රතිපත්තිය

පොදුවේ ගත්විට කවර තරාතිරමක පුද්ගලයකු වුවද කවර රථයක්‌ ධාවනය කළද මාර්ග නීති අකුරටම පිළිපැදීම හා ස්‌වයං විනය පවත්වා ගැනීම සිදුකළ යුතුය. නෝර්වේ, ස්‌වීඩනය හා ජපානය වැනි රටවල මාර්ග අනතුරු අවම වීම කෙරේ ප්‍රතිපත්ති මෙන්ම පුරවැසි විනය ද හේතු වී ඇත.

මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්‌ෂාව පිරිහුණු මමත්වය හා තරගය විසින් මනුෂ්‍යයන් මෙහෙයවන නූතන සමාජයේ කවර ක්‌ෂේත්‍රයක වුවද, විනය, හික්‌මීම, ආචාරධර්ම ගොඩනැඟêම පහසු කාර්යයක්‌ නොවේ. මාර්ග අනතුරු හේතුවෙන් මනුෂ්‍යයන් මියයැම යම් ආකාරයක ජනගහන පාලනයක්‌ ලෙසට අහක බලා සිටීමට මානවවාදයට මෙන්ම ශිෂ්ටත්වයට ගැළපෙන්නේ නැත. තිස්‌ අවුරුදු යුද්ධයෙන් මිය ගිය පිරිසට වඩා වැඩි ප්‍රමාණයක්‌ එම කාලය තුළ මාර්ග අනතුරුවලින් මිය ගිය බවත්, ඩෙංගු මරණවලට වඩා රිය අනතුරු මරණ වැඩි බවත් වාර්තා වේ. ඩෙංගු නිවාරණයට සාමජය දක්‌වන උනන්දුව ඉතා හොඳය. නමුත් එවැනි උනන්දුවක්‌ මාර්ග අනතුරු නිවාරණය සම්බන්ධයෙන් සමාජය තුළ හඳුනාගත නොහැකිය. මිනිස්‌ ජීවිත බිළිගන්නා කවර ප්‍රවණතාවයකදී වුවද ඒවා වැළැක්‌වීමට සමාජ සංවේදිතාව, අවධානය හා උනන්දුව පැවතිය යුතුය. මාර්ග ආරක්‌ෂාව, පාසල් විෂයට ඇතුළත් කිරීම කඩිනම් කිරීමත්, පොදු ජනතාව මාර්ග ආරක්‌ෂාව පිළිබඳව නිසි දැනුවත්භාවයකින් කටයුතු කිරීමත්, මාර්ග ආරක්‌ෂාව කළමනාකරණයත්, මාර්ග අනතුරු නිවාරණයට අත්‍යවශ්‍ය වේ. එසේම මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ක්‍රියාකාරී දශකයේ මූලික අරමුණු පදනම් කරගත් ජාතික සැලැස්‌මක්‌ නොවලහා රටට අවශ්‍යම බව මෙහිදී අවධාරණය කළ යුතුය.

දීපාල් ද සිල්වා

රවි සමඟ විවාදයට මා සූදානම්

රවි සමඟ විවාදයට මා සූදානම්
- බන්දුල ගුණවර්ධන

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මුදල් ඇමැති රවී කරුණානායක මහතා සමඟ ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ජුලි 07 වෙනිදා පැවැත්වෙන විවාදයට තමා සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා "දිවයින" ට කීවේය.

ඇමැති රවි කරුණානායක මහතාද, බන්දුල ගුණවර්ධන මහතා සමඟ එම විවාදයට සහභාගී වීමට සූදානම් බව පසුගියදා, මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. මෙම විවාදය බොහෝ දුරට ස්‌වර්ණවාහිනී නාලිකාවේ පැවැත්වෙනු ඇතැයි දැනගන්නට තිබේ.

හිටපු කොටි ප්‍රධානීන්ගේ බිරියන් පුතුන් ජිනීවා ඇවිත්

හිටපු කොටි ප්‍රධානීන්ගේ බිරියන් පුතුන් ජිනීවා ඇවිත්

කීර්ති වර්ණකුලසූරිය

අතුරුදන්වූ බැව් කියන හිටපු කොටි හමුදා නායකයන්ගේ හා කප්පම් ගත් ඒකකයේ ප්‍රධානීන්ගේ බිරියන් රැසක්‌ දැන් ජිනීවා නුවරට පැමිණ ඇත.

කොටි කප්පම් ඒකකයේ ප්‍රධානියකුගේ බිරිය වූ ජයනාදන් සුසිලාන්ගාල් සහ කොටි පොලිස්‌පති නඩේසන්ගේ පුත්‍රයා වූ ආර්. නඩේසන්ද ජිනිවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු සාක්‍ෂි දී තිබේ.

කොටි පොලිස්‌පති නඩේසන්ගේ පුත්‍රයාට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලැබී තිබේ.

මොවුන්ට පෙර මානව හිමිකම් කවුන්සිලයට පැමිණි කොටි සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වූ පුලිතේවන්ගේ බිරිය වූ කුරුන්චිද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ප්‍රකාශයක්‌ කර ඇත.

බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය විසින් හිටපු කොටි ප්‍රධානීන්ගේ බිරියන් හා පුතුන්ද ජිනීවා වෙත ගෙනැවිත් ඇත.

හමුදාවෙන් උ/නැ ඉදිකළ හෝටල් කොටි හිතවාදීන්ට විකිණීමේ කුමන්ත්‍රණයක්‌


හමුදාවෙන් උ/නැ ඉදිකළ හෝටල්
කොටි හිතවාදීන්ට විකිණීමේ කුමන්ත්‍රණයක්‌

- ගලගොඩඅත්තේ ඥනසාර හිමි

ජයසූරිය උඩුකුඹුර

උතුරු නැගෙනහිර පළාතේ ආරක්‍ෂාව බිඳවැටී ඇති බව ද දැනට එම පළාතේ හමුදා බලඇණි විසින් ඉදිකර ඇති අවන්හල් සහ හෝටල් ලබන දෙසැම්බර් 20 ට පෙර ඩොලර් මිලයන 300 කට කොටි හිතවාදී ව්‍යාපාරිකයන්ට විsකුණා දැමීමේ කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වන බව ද බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ  හෙළි කළහ.

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින මොසාඩ් සී අයිස්‌ හා රෝ සංවිධානවල නියෝජිතයන් රටේ පාලකයන් ඉතා සූක්‍ෂ්ම අයුරින් මෙහෙයවන බව ද එමගින් රට තුළ ජාතික ආරක්‍ෂාව බිඳවැටී ඇති බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

රණවිරුවකු වූ හසලක ගාමිණී පිස්‌සෙක්‌ කියන තරමට අප රටේ ගුණධර්ම පිරිහීමට පටන්ගෙන ඇති බව ද ඒවා ඉබේ සිදුවන්නක්‌ නොව සැලසුම් සහගතව සිදුකරගෙන යන ජාත්‍යන්තර කුමන්ත්‍රණවල ප්‍රතිඵල බව ද උන්වහන්සේ අවධාරණය කරති.

වත්මන් රජයේ ප්‍රබල ඇමැතිවරයකු මෙන්ම ප්‍රබල දේශපාලන පක්‍ෂයක ප්‍රබල තනතුරක්‌ දරන්නකු අන්‍යාගමිකකරණයට උදව් කරන බවත් මේ වන විට විදේශිකයන් විශාල ප්‍රමාණයක්‌ රට තුළ ගැවසෙන බවත් ඔවුන් කවුද මොනවද කරන්නේ යන්න පිළිබඳව කිසිවකු සොයා නොබලන බවත් උන්වහන්සේ පැවසූහ. තමන් වහන්සේ මේ කරන ප්‍රකාශ බොරු යෑයි ඔප්පු කිරීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නම් සියලු කරුණු සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට සූදානම් බව ද ඥනසාර හිමියෝ පැවසූහ.

බොදුබල සේනා මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ කරුණු අනාවරණය කළහ.

මහින්ද සමඟ කරන හොර සාකච්ඡා නිසා එජාපයට වත්මන් ජනාධිපති පිළිබඳ කනගාටුවක්‌ සහ සැකයක්‌ තිබෙනවා

මහින්ද සමඟ කරන හොර සාකච්ඡා නිසා එජාපයට වත්මන් ජනාධිපති පිළිබඳ කනගාටුවක්‌ සහ සැකයක්‌ තිබෙනවා

අකිත පෙරේරා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හොර රහසේ හිටපු ජනාධිපතිවරයා සමඟ සිදු කරනු ලබන සාකච්ඡා නිසා එක්‌සත් ජාතික පක්‍ෂයට වත්මන් ජනාධිපතිවරයා පිළිබඳව කනගාටුවක්‌, කනස්‌සල්ලක්‌, සැකයක්‌ ඇතිවී තිබෙන බව ඌව පළාත් මහ ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

සිරිකොතදී පෙරේදා (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටි අතර එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අපි පසුගිය දිනවල දැක්‌කා මහින්ද රාජපක්‍ෂ මහතා දිගින් දිගටම පැහැදිලි ප්‍රකාශයක්‌ කළා. ඒ තමයි ඔහුගේ කාලයේ වැරදි සිදුවුණා. ඒ කාලයේදී හොරු ආරක්‍ෂා කළා, හොරුන් හිරභාරයට ගත්තේ නැහැ. එහෙම අතීතයක්‌ ඔහුගේ පාලන කාලයේ තිබුණා කියලා.

එහෙම කියන කෙනකු සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එකතුවෙන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම අපි අවධාරණය කරනවා මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් රටට සිදුවුණු විනාශය පිළිබඳව තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන වේදිකාව තුළ දිගින් දිගටම චෝදනා කළේ. ඒ කාලේ සිදු වූ අඩුපාඩු, වංචා, දූෂණ ගැන කතා කළා. ඒ වගේම ඒ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණොත් තමන්ට අඩි හයක්‌ පොළොව යටට යන්න වෙනවා කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එදා කිව්වේ.

ඒත් අද අපට පොඩි කනස්‌සල්ලක්‌, කනගාටුවක්‌, සැකයක්‌ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපට ඇති කරලා තිබෙනවා. ඒ කනගාටුව අපට ඇතිවෙන්නේ, පසුගිය දිනෙක ජනාධිපති මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කර තිබුණා, එය කියවලා බැලුවමත්, හිටපු ජනාධිපතිගේ මාධ්‍ය නිවේදනය කියවලා බලපුවමත් එකම වචන ටික තමයි තිබුණේ අත්සන් දෙක තමයි දෙවිදිහකට තිබුණේ.

එදා දෙන්නම කිව්වා හම්බවුණේ නැහැ කියලා. නමුත් දැන් වෙනකොට සාක්‍ෂි තිබෙනවා අපට මේ දෙන්න හම්බවුණා කියලා. ජවිපෙ නායකයොත් මේ ගැන කිව්වා. මේක දැඩි චෝදනාවක්‌. ඒකට නිසි පිළිතුරු අපට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ලැබුණේ නැහැ. ඒ නිසා අපට දැඩි සැකයක්‌ මතුවෙනවා අපි විසින් පත්කරපු ජනාධිපතිවරයා මේ වෙනකොට හොර සාකච්ඡා කරනවාද කියලා මේ ගැන හරියට කිව යුතුයි.

ඒ නිසා අපි මේ වෙනකොට බොහෝ සෙයින් කලබල වෙලා තිබෙනවා වත්මන් ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය ගැන. ඒත් මහින්ද - මෛත්‍රී එක්‌වුණා කියලා ඉදිරි මහ මැතිවරණයේදී එජාපය ලබන ජයග්‍රහණය වළක්‌වන්න බැහැ.

නමුත් අපට දුකක්‌ තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලැඡ්ජා නහර කපලාද කියලා, ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ලක්‍ෂ 62 ක ඡන්දදායකයන් ප්‍රමාණයක්‌ ඡන්දය දුන්නේ මහින්ද පරද්දවන්නයි. ඒ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමතක කළාද කියලා මට අහන්න වෙනවා.

තමන්ගේ පක්‍ෂය රටට වඩා ලොකුයි කියලා ජනාධිපතිතුමා හිතනවා නම් ඒක දැවැන්ත ප්‍රශ්නයක්‌. ලක්‍ෂ 62 ක්‌ ඡන්දය දුන්නේ මේ රටට මහින්ද එපා කියලායි. ඒක වත්මන් ජනාධිපතිතුමා අමතක කරලා නම් මේ රටට විශාල විනාශයක්‌ ඇති කරාවි.

අපි ජනාධිපතිතුමා ගැන විශාල විශ්වාසයක්‌ තබාගෙන හිටියා. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් එජාපය බොක්‌කෙන්ම වැඩ කළා. දැන් අපි දකිනවා ඔහු බොහොම ගරු ගාම්භීරව උත්සවවලට යනවා. පාරේ තොටේ ඇවිදිනවා ඔහුට පොඩ්ඩක්‌ හරි අමතක නම් කවුද ඔතනට ගෙනාවේ කියලා ඔහුට දිට්‌ඨධම්ම වේදනීය කර්මය පළදෙන්න ඉඩ තිබෙනවා.

මොකද මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඒකාධිපති වියරුව ගැන, පවුල් පාලනය, හොරු ආරක්‍ෂා කරපු හැටි, ලැම්බෝගිනි, අශ්වයෝ ගැන තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා කතා කළේ. ඔහු තමයි කිව්වේ මහින්දව පරාජය කරන්න ඕනේ ඇයි කියලා. එහෙම කියපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට නැවතත් මහින්ද ශ්‍රීලනිපයෙන් දේශපාලනයට ගේන්න පුළුවන් වුණොත් එය මේ රට අමු අමුවේ පාවාදෙන්න ගනු ලබන තීන්දුවක්‌ ලෙසයි සලකන්නේ.

මේ රටට විශාල වෙනසක්‌ ඇති කරන්න මාදුළුවාවේ සෝභිත හිමියන් විශාල සේවාවක්‌ කළා. උන්වහන්සේ කියන්නෙත් වත්මන් ජනාධිපතිතුමා නිර්පාක්‍ෂික වෙන්න ඕන කියලා. හදිසියේවත් මහින්ද රාජපක්‍ෂ දින්නානම් සිරිසේන ජනාධිපතිගේ මුළු පවුලම අද හිරේ.

විලි ලැඡ්ජාව කියන දෙය අපට නම් තිබෙනවා. නමුත් අපි හිතුවේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙච්චර ඉක්‌මනට ලැඡ්ජා නහර කපා ගනීවි කියලා.

හැබැයි ජනාධිපතිවරයා තමන් බලයට ගේන්න කටයුතු කළ කණ්‌ඩායම අමතක කළොත් ජනාධිපති කාල වකවානුව ගැනත් තීරණයක්‌ ගන්න වේවි.

මහින්ද රාජපක්‍ෂ මහතා කියනවා දැන් පන්සල් ගානේ ගිහින්, අපේ රජය ගහපු පදයකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලා. අපි බෙරේ පළු ගහන්න ගියෙත් නැහැ. බෙරේ ඔළුව උඩ තියාගන්න ගියෙත් නැහැ. අපි කළේ මහින්ද රාජපක්‍ෂ තුනෙන් දෙකක බලයකුත් තියාගෙන කරන්න බැරි වුණු දේ රනිල් වික්‍රමසිංහ මහත්මයා සුළුතර ආණ්‌ඩුවකින් කරලා පෙන්නුව එක තමයි අපි ගහපු බෙර පදය.

මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී ජනාධිපති ලෙස පත්වෙලා තමන්ගේ ප්‍රථම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අවුරුදු දෙකක්‌ ගියා. ඒ කියන්නේ දින 600 ත් පැන්නා. දින 100 දී අපි කිව්වේ රටට හෙණයක්‌ වෙලා තිබුණු 18 වැනි සංශෝධනය වෙනුවට 19 වැනි සංශෝධනය ගේනවා කිව්වා. අපි ඒක ගෙනාවා.

දැන් හිටපු ජනාධිපති එනවා බදුල්ලට. ඔහු ඩිලාන් පෙරේරා මහතාගේ නිවසේ පවත්වන සව් දන්සලකුත් විවෘත කරන්න යනවා. තව ගමකට ගොස්‌ උත්සවයකටත් යනවා. මෙහෙම කරන්නේ බලලෝභිත්වය නිසායි. ඔහුගේ එකම ෙච්තනාව තමයි කොහොම හරි බලයට ඇවිත් මෛත්‍රීපාල ජනාධිපතිව වට්‌ටලා කොහොම හරි නැවත බලය ලබාගෙන පළිගැනීම. එයයි ඔහුගේ අභිප්‍රාය වෙලා තිබෙන්නේ. මේ දෙය තේරෙන්නේ නැතිනම් වත්මන් ජනාධිපතිට අපිට කරන්න දෙයක්‌ නැහැ. ඔහු හොරු කිහිප දෙනකුට රැවටෙන්න යන්න හදන්නේ.

මහින්ද මහත්තයා එනවා කියන්නේ අර හොරු ටිකත් ඔහුත් එක්‌ක එනවා. මෛත්‍රී ජනාධිපතිතුමා අර එදා වේදිකාවල බැනපු හොරු ටිකම තමයි ආයෙත් ළංකරගන්න හදන්නේ. ඒ නිසා අපි එකක්‌ කියනවා. 1988 න් පස්‌සේ මේ රටට ජාත්‍යන්තර නායකයෙක්‌ ආවේ නැහැ. ඉන්දීය අගමැති මේ රටට ආවේ රටේ විශ්වසනීයත්වයක්‌ ඇතිවෙලා තිබෙන ගෞරවයටයි. මේවා ජනාධිපතිතුමා අමතක කරනවා නම් එතුමාට වෙන්නේ මහින්ද මහත්තයාට වුණාට වැඩියෙන් විශාල ජාත්‍යන්තර පිළිකුල් කිරීමක්‌.

එහෙම තිබිලාත් ඇයි ජනාධිපති මෙහෙම හොර සාකච්ඡා පවත්වන්නේ. එහෙම සාකච්ඡා කරලා හමුවුණේ නැහැ කියලාත් කියනවා. මොකක්‌ද මේ ගහන්න යන හොර ගේම් එක. මේවා ගැන ජනාධිපති පැහැදිලිව රටට කියන්න ඕන. අපි එකක්‌ පැහැදිලිව කියනවා. මහින්ද මහත්තයායි මෛත්‍රී මහත්තයයි එකතුවුණොත් ඉදිරි මහ මැතිවරණයෙන් පරදින පැරදිල්ල එතුමන්ලාට සොයාගන්නවත් බැරිවේවි. මෙච්චර හොරු ගැන කියලා නැවතත් එම හොරු එක්‌ක එකතුවෙන්න පුළුවන් නම් ඒ හොරා කම්බහොරා කියලා ජනතාව තේරුම් ගනීවි.

මහින්ද මහත්තයා දැන් රටේ සංවර්ධනය ගැන නහයෙන් අඬනවා. ඔය මහලොකු සංවර්ධනයක්‌ කළාද කරපු සංවර්ධන ටික තමයි ඔහු හදපු ගුවන්තොටුපළ, වරාය, නෙළුම් පොකුණ, ක්‍රීඩා පිටිය. ඔය වගේ රටේ ආර්ථිකයට කිසිම සහයෝගයක්‌ දෙන්නේ නැති කොන්ක්‍රීට්‌ විතරක්‌ දමපු සංවර්ධනය ගැනයි එතුමා කතා කරන්නේ. ඒ හැම එකකම එතුමා තමාගේ නම දා ගත්තා. එහෙම නම් එජාපයත් ඔහොම කළා නම් ඇතුලත්මුදල් මහපොළ, ප්‍රේමදාස දිවා ආහාරය, ප්‍රේමදාස නිල ඇඳුම්, රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන පීඨය, රනිල් වික්‍රමසිංහ තරුණ සේවා සභාව, ගාමිණී දිසානායක විදුලි බලාගාර, ගාමිණී මහවැලිය, ඡේ. ආර්. ජයවර්ධන පෙළ පොත්, ඒ වගේම කන්නන්ගර පාසල් කියලා අපිත් නම් දාගත්තා නම් නියමෙට තියෙයි.

ඒ වගේම මේ රටේ ලක්‍ෂ 62 ක්‌ ඡන්දේ ප්‍රකාශ කළේ මහින්ද එපා කියලා. නැතුව මෛත්‍රී ජනාධිපතිගේ මහලොකු දර්ශනයක්‌ නිසා නොවෙයි. හැබැයි මහින්ද ඕන කියලා වත්මන් ජනාධිපතිට හිතෙනවා නම් එදාට මේ රට තුළ ඇතිවෙන ව්‍යාකූලභාවයට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගකිව යුතුයි කියලා කියන්න ඕනෑ.

එහෙම බයක්‌ අපිට දැනෙනවා. මම තවම මෛත්‍රීපාල සිරිසේන මහත්තයව 60% ක්‌ විශ්වාස කරනවා. අනෙක්‌ 40% ක සැකයක්‌ මට තිබෙනවා. මෛත්‍රීපාල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැවත ගෙනාවොත් මම ආයෙත් දේශපාලනය කරන්නේ නැහැ කියලා කියන්න ඕන. මෛත්‍රීපාල ජනාධිපති මහින්ද සමඟ සාකච්ඡා කිරීම කරන ෙද්‍රdaහීකමක්‌ කියලයි මා සලකන්නේ. ඒ ෙද්‍රdaහිකමට අපට ඉඩදිය නොහැකියි.

අපි කියනවා පක්‍ෂය ආරක්‍ෂා කරගන්න ඒකට කමක්‌ නෑ. ඒත් මහින්දව ඕන කියලා කියනවා නම් අපි ඒකට ලැඡ්ජා වෙනවා.
 

මෛත්‍රී - රනිල් පාලනය හොරුන් ආරක්‍ෂා කළා - විජිත හේරත් චෝදනා කරයි

මෛත්‍රී - රනිල් පාලනය හොරුන් ආරක්‍ෂා කළා
- විජිත හේරත් චෝදනා කරයි

සිරිමන්ත රත්නසේකර

හොරුන්ට දඬුවම් දීමට බලයට පැමිණි මෛත්‍රී - රනිල් පාලනය හොරු රැකීමට කටයුතු කළ බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (30 වැනිදා) චෝදනා කර සිටියේය.

එපමණක්‌ නොව මෙම ආණ්‌ඩුව ජනවරමටද පිටුපා කටයුතු කළ බවත් ජාතික අවශ්‍යතා පිළිබඳ කිසිදු සැලකිල්ලක්‌ නොදැක්‌වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටත් ජනතාවත් අමතක කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බදාගෙන එහි බලය රැකගැනීම වෙනුවෙන් කටයුතු කළ හෙයින් රට ආපස්‌සට ගිය බවත් විජිත හේරත් මහතා කියා සිටියේය.

පසුගිය රජය ගෙන ගිය දූෂිත වංචාකාරී දේශපාලන සංස්‌කෘතියට එරෙහිවත්, එජාප හවුල් ආණ්‌ඩුව පසුගිය මාස හය තුළ ගෙන ගිය දේශපාලන සංස්‌කෘතියට එරෙහිව විකල්ප වැඩපිළිවෙළක්‌ සහිතව ජනතා විමුක්‌ති පෙරමුණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ද විජිත හේරත් මහතා පැවසීය.

හොරුන් සමඟ හෙළුවෙන් සිටින්නේද? නැද්ද යන තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතු බවත් හෙතෙම පැවසීය.

විජිත හේරත් මහතා ඊයේ (30 වැනිදා) එම අදහස්‌ පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ ජනතා විමුක්‌ති පෙරමුණ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඡන්ද සටන ගැන අද මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්‌


ඡන්ද සටන ගැන අද මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්‌

අනුර බාලසූරිය


පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (01 දා) ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරනු ඇත.

හිටපු ජනාධිපතිවරයාට මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වන ලෙසට ඉල්ලීමක්‌ කිරීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සන්ධාන මැති  ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා හිටපු මහජන නියෝජිතයෝ විශාල පිරිසක්‌ අද පිටත්ව යති.

මාතර, දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ පැවැත්වෙන විශේෂ පූජාවකට සහභාගිවීමෙන් අනතුරුව රථ පෙරහැරකින් මෙම පිරිස මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදමුලන නිවස බලා පිටත්ව යති.

සන්ධාන පක්‍ෂ නායකයන් හා මහජන නියෝජිතයන් විසින් එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී මහජනතාව ඉදිරියේ තම විශේෂ ප්‍රකාශය කරනු ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අඛණ්‌ඩව සිදුකරගෙන යනු ලබන ධර්ම දේශනා පිංකම ද අද මැදමුලන නිවසේදී සිදුකෙරෙන අතර ඉන් අනතුරුව සිය ප්‍රකාශය ජනතාව හමුවේ තබනු

ඉදිරි මැතිවරණය ප්‍රතිපත්ති දිනවන්නක්‌ මිස පොරොන්දු මල්ල දිනවන්නක්‌ නොවේ

ඉදිරි මැතිවරණය ප්‍රතිපත්ති දිනවන්නක්‌ මිස
පොරොන්දු මල්ල දිනවන්නක්‌ නොවේ

- අතුරලියේ රතනහිමි
සිරිමන්ත රත්නසේකර, ඡායාරූපය-ක්‍රිෂාන් කාරියවසම්

සිරිමන්ත රත්නසේකර


ඉදිරි මහ මැතිවරණයේදී ඇත්තේ ප්‍රතිපත්ති දිනවන තරගයක්‌ මිස පොහොර මිල, බඩු මිල අඩු කරන ජනප්‍රිය පොරොන්දු මල්ල දිනවීමේ තරගයක්‌ නොවන බව පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ සභාපති අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.

පිවිතුරු හෙටක්‌ ජාතික සභාවේ සභාපති අතුරලියේ රතන හිමියෝ ඊයේ (30 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ නිදහස්‌ චතුරස්‍රයේ පිහිටි පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවැසූහ.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගත්තා හැර අප බලාපොරොත්තු වන වැදගත් දේශපාලන ප්‍රතිසංස්‌කරණ බොහෝමයක්‌ අපට පසුගිය පාර්ලිමේන්තුවෙන් කර ගැනීමට නොහැකි වුණා. තොරතුරු දැන ගැනීමේ, විගණනපනත්, මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය, 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය කර ගැනීමට අපට නොහැකි වුණා. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක්‌.

පාර්ලිමේන්තුව තුළ තිබූ ඒකමතික බව බිඳවැටිම, එක අරමුණක සිට කටයුතු නොකිරීම මෙම තත්ත්වයට හේතුවුණා. දින සියයකට බලය ගත් පාර්ලිමේන්තුව අවසානයේ මාස හයක්‌ වෙනකම් ඇදගෙන යන්න සිදුවුණේ මේ නිසයි. මේ තුළ රටේ ස්‌ථාවරභාවය ගැන ජනයා තුළ අවිශ්වාසයක්‌ ඇතිවුණා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිදුවුණේ මේ නිසයි.

පිවිතුරු හෙටක්‌ ජාතික සභාව මෙම මැතිවරණයේදී සහය දෙන්නේ අප ඉදිරිපත් කරන ප්‍රතිපත්තිවලට එකඟවීම සහ එම පක්‍ෂ සමග සිටින බලවේග කුමක්‌ද යන්න කාරණය මතයි. අප එම පක්‍ෂවලට මූලික කරුණු දහයකින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ නොබෝ දිනකින් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

විගණන පනත, තොරතුරු දැනගැනීමේ පනත, ජාතික ප්‍රතිපත්ති සභාව මාස හයක්‌ තුළ ස්‌ථාපිත කිරීම අනිවාර්යයි අපගේ මීළඟ අදියරට යොමු වීමේ ප්‍රධාන කාර්යය ප්‍රතිපත්තියයි. අප ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සමාජ ගත කිරීමට කටයුතු කරනවා.

දැන් ඉදිරියට තියෙන්නේ ප්‍රතිපත්ති දිනවන තරගයක්‌ මිස බඩු මිල, පොහොර මිල අඩුකරන ජනප්‍රිය පොරොන්දුමල්ල දිනවීමේ තරගයක්‌ නොවෙයි. අපට අපගේ තීරණය ලබන සිකුරාදා වන විට ලබාදෙන්න හැකි වෙනවා. සන්ධාන ගත වනවාද නැද්ද යන්න මේ සියල්ල තීරණය වන්නේ ප්‍රතිපත්ති පිළිගැනීම මතයි. අපට පුද්ගලයන් අදාළ නැහැ.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙසේද පැවැසූහ.

ප්‍රශ්නය(- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සන්ධානගතව මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත්.

පිළිතුර(- ඕක තමයි ප්‍රශ්නේ. අප කල්පනා කරන්නේ වංචා, දූෂණ වළක්‌වන්නේ කෙසේද කියලයි. අපි උත්සහ කළේ හිටපු ජනාධිපති මාර්ගයෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවා ගැනීමට මිස ඔහු පරාජය කරන්න නොවෙයි. හොර තක්‌කඩි එක්‌ක ඔහු ඡන්දයට එනවා නම් අපට කිසිම සන්ධානගතවීමකට යන්න බැහැ.

ප්‍රශ්නය(- හිටපු ජනපති සමග සිටින කණ්‌ඩායම සමග ගොස්‌ වංචා දූෂණ පිටුදැකිය හැකි යෑයි ඔබවහන්සේ සිතනවාද?

පිළිතුර(- ඒක එන විදිහ අනුවයි තීරණය කරන්න වෙන්නේ.

ප්‍රශ්නය(- හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලනයට ගෙන ඒමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළොත් එය ඔහුට ඡන්දය දුන් ලක්‍ෂ 62 ක ජනතාවට ෙද්‍රdaහීවීමක්‌ නොවේද?

පිළිතුර(- සමාජය තුළ එහෙම ප්‍රශ්නයක්‌ තිබෙනවා කියා මම හිතනවා. ඡන්දය දිනන්න ඕනෑ. නමුත් කොහොමහරි දිනලා වැඩක්‌ නැහැ.

ප්‍රශ්නය(- රටද පක්‍ෂයද යන්න මෛත්‍රීපාල ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව ඇමැති අර්ජුන රණතුංග මහතා පවසා තිබුණා.

පිළිතුර(- පරණ පාරේම යනව නම් අපටත් එම පාරේ යන්න බැහැ.

ප්‍රශ්නය(- පරණ ජනාධිපතිවරයාට නාමයෝජනා දෙනවද නැද්ද කියා ඔබ වහන්සේ දන්නවද?

පිළිතුර(- ඒ ගැන මම දන්නේ නැහැ. එය තීරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටයි.

ප්‍රශ්නය(- මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්‍ෂ මහතා අතහැර වෙනමම මැතිවරණයට අවතීර්ණ වුවහොත්.

පිළිතුර(- අප දැනට දේශපාලනය කරන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමගයි. නමුත් එය ඉදිරියට තීරණය කරලා නැහැ. එජාපයේ හැසිරීමත් විවෘතයි. දැන් තියෙන්නේ ගන්ධබ්බ අවස්‌ථාවයි.

ප්‍රශ්නය(- ප්‍රතිපත්ති එජාපය පිළිගත්තොත් එම පක්‍ෂය සමග ඉදිරියට යනවද?

පිළිතුර(- එය පමණක්‌ මදි. එම පක්‍ෂය සමග එන බලවේග කුමක්‌ද යන්න ඉතා වැදගත්. එය ශ්‍රීලනිපක්‍ෂයටත් එය අදාළයි.

ප්‍රශ්නය(- නව ජනාධිපතිවරයකු නිර්මාණය කිරීමට හවුල් වූ ඔබ සංවිධානයේ ප්‍රතිපත්ති එම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය යටතේ ක්‍රියාත්මක කරවා ගැනීමට නොහැකි නම් නව පාර්ලිමේන්තුවකින් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවා ගැනීම පිළිබඳ විශ්වාසය තැබිය හැක්‌කේ කෙසේද?

පිළිතුර(- අප ජනාධිපතිවරයෙක්‌ නිර්මාණය කලාට පාර්ලිමේන්තුවක්‌ නිර්මාණය කළේ නැහැනේ. හිටපු පාර්ලිමේන්තුව කටයුතු කළේ බලය අතහැරීමට පමණයි

රිෂාඩ් බදියුදීන්ගේ තවත් සෙල්ලමක්‌ මැතිවරණයක්‌ මැද්දේත් පුල්මුඩේට සේවක පත්වීම්


රිෂාඩ් බදියුදීන්ගේ තවත් සෙල්ලමක්‌
මැතිවරණයක්‌ මැද්දේත් පුල්මුඩේට සේවක පත්වීම්

සිරිමන්ත රත්නසේකර


මහ මැතිවරණයක්‌ ප්‍රකාශ කර තිබියදීත් පුල්මුඩේ ලංකා ඛනිජ වැලි සංස්‌ථාවට නීති විරෝධී ලෙස සේවකයන් සියයකට ආසන්න පිරිසක්‌ බඳවා ගැනීමට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරමින් සිටින බව එම සංස්‌ථා නිදහස්‌ සේවක සංගමයේ ප්‍රකාශිකාවක්‌ ඊයේ (30 වැනිදා) "දිවයින" ට පැවසුවාය.

පාර්ලිමේන්තුව විසුරුවීමට පෙර දිනයක්‌ යොදා අත්සන් කරමින් මෙම පත්වීම් ලබාදීමට ඇමැතිවරයාගේ නියෝග පරිදි සංස්‌ථා පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බවත් ඇය පැවසුවාය.

මැතිවරණයක්‌ මැද්දේත් සංස්‌ථාවේ නීති රෙගුලාසි හා ක්‍රමවේදයෙන් බැහැරව මෙම බඳවාගැනීම් සිදුකරමින් සිටින බවත් මෙයට නිදහස්‌ සේවක සංගමය ද අන්තර් සේවක සංගමය හා ජාතික සේවක සංගමය විරෝධය දැක්‌වීම නිසා බඳවාගැනීම් අඩු කර ඇති බවත් ඇය කීවාය.
 

අප්පච්චී සටන් බිමට පා තබයි.. අභියෝගාත්මක කවියකින් නිවාඩුව නිම කරයි.. [Video]

අප්පච්චී සටන් බිමට පා තබයි.. අභියෝගාත්මක කවියකින් නිවාඩුව නිම කරයි.. [Video] ජනවාරි 08 වන ජනාධිපතිවරණයෙන් පසු මාස 06 ක පමණ දීර්ඝ නිවාඩුවක් ගත කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිවාඩුව අවසන් කරන බවට ඊයේ දිනයේ ප‍්‍රබල ඉඟියක් කලේය.
මහනුවර පූජාපිටියේදී පැවති ආගමික උත්සවයකදී ඔහු අපූරු අභියෝගාත්මක කවියක්ද ගායනා කලේය.


රසය දැනෙන්නේ දිවට ද? සිතටද?

 රසය දැනෙන්නේ දිවට ද? සිතටද?
දිව උපකාරී වන්නේ රසය ලබාගැනුමටය. එයද එකිනෙකාගේ පරස්‌පර රුචිකත්වය අනුවය. සත්‍ය වශයෙන් බැලුවොත් දිව අනුසාරයෙන් රසය දැනෙන්නේ සිතටය. තෘප්තිමත් කරගන්නේ දිව නොව සිතය. ඇතැමකුට බලුමස්‌ ඉතා රසැති ආහාරයකි. ඇතැමකුට ඉතා පිළිකුල්ය. එම සිද්ධාන්තයෙන්ම සිතේ ස්‌වභාවය විග්‍රහ කරගත හැකිය. කෙනකු සිහි නැතිව සිටින විටද දිවට රස නොදැනේ. එසේ නම් පාලනය කරගත යුත්තේ සිතය. මෛත්‍රිය, කරුණාව වැඩිය යුත්තේ සිතෙන්ම පමණි. නිවන කරා ඇදෙන්නේ සිත හෙවත් නාමයයි. දැනුවත් වීම වටී.
වර්තමාන ලෝකයේ සිල්පද සහ මෛත්‍රිය සීමා වී ඇත්තේ හුදු වචන මාලාවකට පමණි. කෙතෙක්‌ තේරුම් කර දුන්නද තේරුම් යන්නේ නැත.
පංචශීලය ප්‍රතිපදාවකි. අඬි හත්දෙනා කැඳ ඉව්වත් සැලිය රවට්‌ටන්න හැකි sවූයේ නැත. තමන්ව තමන්ම රවටා නොගැනීම යහපති. නිදහසට කරුණු විශ්වයට අදාළ නැත. මියගිය පසු ක්‌ෂණයක්‌ පාසා කුණුවී යන සියලු මෘත ශරීරවලින් පිටවන්නේ එකම ගන්ධයයි.එම කුණුප කොටස්‌ සැම අවසානයේ පස්‌වන්නේ පොලවටය. ඔබ ගිල දමන සත්ව අෙ¹aනාවටද වන්නේ එයමය.
රාග වෛරසයෙන් පිරි සියලු සතුන්ගේ මාංශද පිරී පවතිනුයේ කාම රාග වෛරසයයි. ඒවා භක්‌ෂය කරන්නවුන්ගේ ශරීර පිරී ඉතිරී යනුයේ රාග, ද්වේශ, මෝහ වෛරසයයි. ගැලවීමක්‌ පෙනෙන තෙක්‌ මානයක නැත. රාග වෛරස රසයෙන් ලබන නිවනක්‌ නොමැත. උතුම් බඹසර රැකීමට රාග කාමය වඩවන ආහාර හලාහළ විෂකි. බවුන් වැඩීම තාරාවා පිටටදමන වතුර මෙන් ක්‌ෂණිකව විසිවේ.ස්‌වශරීරය තුළින්ම එය පිට කෙරේ. එම පිට කිරීමද තෘෂ්ණාභරිතවම සිදුවේ. එයට සත්ව මිනිස්‌ ප්‍රභේදයක්‌ නොමැත.
සිත සැමවිටම ශරීරය සමග පංචඉන්ද්‍රියයන් පිනවීමට තැත්කරන අතර ඇතැම් අවස්‌ථාවලදී ශරීරය විසින් සිත මෙහෙයවන බවද සිතට ගන්න. නොනිමි තෘෂ්ණාව දරුණු තත්ත්වයට පත්වන්නේ එවිටය. සරල ආහාර ගැනුමෙන් සහ සරල දිවි පැවැත්මෙන් ශරීරය පාලනය කරගත යුත්තේ එනිසාය.
ආගම යනු ආත්මය ගලවා ගැනීමේ මගය. මෙලොව සියල්ල අනිත්‍ය වූ විට ගලවා ගැනුමට ආත්මයක්‌ මිනිසාට නොමැත. සියලු සතුන් සුත මුදිත වියයුත්තේ උදර කුහරයේද නැතිනම් නිවන් මගේහිද? වෛරයෙන්, ක්‍රෝධයෙන aමියයන සතාගේ චුතිය යෑවෙන්නේ සුගතියටද නැතිනම් සතර අගතියටද?
සතර අපා ගත වන සතුන් තව තවත් පව්කාර අඳුරේ ගිල්වීමට අනුබල දෙන්නේ තෘෂ්ණාභරිත වූ මනස උසස්‌ යෑයි කියාගන්නා මිනිසුන් නොවේද? මෙවන් අය කෙළවරක්‌ නැති අනවශ්‍ය අකුසල් කන්දරාවකට කරගසන්නේ යෑයි කෙලෙස සිතන්නද?
මවු කුසින් බිහිවූ කිසිවකු තවත් මවු කුසකින් දුකින් බිහිවූවකු ආහාරයට ගත නොයුත්තේය. එවිටය, ‘නහි ජාතු ගබ්බ සෙය්‍යං පුනරේතීතී’ වනුයේ. කරණීය මෙත්ත සූත්‍රයේ අවසන් පදය එයයි.
තිරිසන් අපායේ ඉපදී කළ පව් නොනිමිව ගෙවීමට සිදුවන තිරිසනුන්ගේ පව් ගෙවීමට අපද පවින් දායක වී අහක යන පව් අපත් කරගසා ගත යුතුද? ඇතැමුන් දුක්‌ඛ සත්‍යය ප්‍රඥවෙන් තේරුම් ගැනීමට යන්ත දරන්නේ දුක්‌ සාගරයක්‌ ගිලිමින්ය. ලොව ඇති ලොකුම විහිළුව එයයි. සියලු සතුන්ගේ ඉපදීම, පැවැත්ම, මරණය දුක්‌ඛ සත්‍යයෙන් ප්‍රථමය වේ. වානයෙන් තොරව නිර්+වාණය ළඟාකර ගැනුමට කෙටි මාර්ග නොමැත. සියලු දැ අනිත්‍ය හා නැවත නොඑන අතීතයට ඇදීයන බැවින් සියලු ආශාවන් දුරස්‌ථ කිරීමට අධිෂ්ඨානශීලීව පියවරෙන් පියවර ඉදිරියට යා යුතුය.
මනුෂ්‍යයන්ගේ සහ තිරිසනුන්ගේ භක්‌ෂණ ක්‍රියාවලියේ වෙනස නම් රස විඳිමින් මිනිසා ආහාර අනුභව කරයි. තිරිසනුන් ආහාර ගන්නේ හුදෙක්‌ ජීවත්වීමටය.
තිරිසන් අපායේ පව් ගෙවන තිරිසන් සතුන්ද පස්‌කම් සුව මනාව වින්දනය කරති. ගහනය බෝ කරති. කන කස්‌බෑවා විය සිදුරෙන් අහස බලනවාක්‌ වැනි දුර්ලභ මිනිසත් බව ලැබූ මනස උසස්‌ කවදා හෝ මියයන මිනිසුන්ද එසේම කළ යුතුද? ප්‍රඥවන්තයනි. මෙම පරම සත්‍යය නොපමාව වටහාගන්න. බොහෝ විට මෙය ඔබගේ අවසාන අවස්‌ථාව විය හැක.
සත්ව ගහනය සහ මිනිස්‌ ගහනය කෙතෙක්‌ද යන්න සම්බුදුරදුන් විග්‍රහ කළේ මාපට ඇඟිල්ල උඩ තබාගත් පස්‌ සහ මහ පොළොවේ පස්‌ සංසන්දනය කිරීමෙනි. එසේ නම් අපගේ මනසට නැඟෙන්නේ තිරිසන් භවවල උපදින්නේ සියතින් පව් කළ අය පමණක්‌ නොව පව්කම් අනුමත කළ, අනුබල දුන් අයද තිරිසන් භවවල උපදින බව ගම්‍යමාන වේ.
නිවනට අවතීර්ණවීමේ මූලික පියවර සමථ භාවනා වැඩීමය. උපමාවකට ගතහොත් දිවීමේ තරගයකදී සැරසෙන්, එල්ලවෙන් යන නියෝග ක්‍රියාත්මක කිරීමක්‌ වැනිය. මීළඟට සිදු වන්නේ දුවන්ෘ යන නියෝගය ක්‍රියාත්මක වීමය. උපමාවකට ගතහොත් එය අපට දැකිය හැක්‌කේ විදසුන් වැඩීමය. විදසුන් වඩා අවසාන ඉලක්‌කය කරා ළඟාවීම නිවන හෙවත් නිර්වාණය වේ. මගදී ඇද වැටුණොත් නිවන නැත. තරගයකට සහභාගි වූවා පමණි. ඔබ සැමට තෙරුවන් සරණයි.
පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
– දිවයින
දිව උපකාරී වන්නේ රසය ලබාගැනුමටය. එයද එකිනෙකාගේ පරස්‌පර රුචිකත්වය අනුවය. සත්‍ය වශයෙන් බැලුවොත් දිව අනුසාරයෙන් රසය දැනෙන්නේ සිතටය. තෘප්තිමත් කරගන්නේ දිව නොව සිතය. ඇතැමකුට බලුමස්‌ ඉතා රසැති ආහාරයකි. ඇතැමකුට ඉතා පිළිකුල්ය. එම සිද්ධාන්තයෙන්ම සිතේ ස්‌වභාවය විග්‍රහ කරගත හැකිය. කෙනකු සිහි නැතිව සිටින විටද දිවට රස නොදැනේ. එසේ නම් පාලනය කරගත යුත්තේ සිතය. මෛත්‍රිය, කරුණාව වැඩිය යුත්තේ සිතෙන්ම පමණි. නිවන කරා ඇදෙන්නේ සිත හෙවත් නාමයයි. දැනුවත් වීම වටී.
වර්තමාන ලෝකයේ සිල්පද සහ මෛත්‍රිය සීමා වී ඇත්තේ හුදු වචන මාලාවකට පමණි. කෙතෙක්‌ තේරුම් කර දුන්නද තේරුම් යන්නේ නැත.
පංචශීලය ප්‍රතිපදාවකි. අඬි හත්දෙනා කැඳ ඉව්වත් සැලිය රවට්‌ටන්න හැකි sවූයේ නැත. තමන්ව තමන්ම රවටා නොගැනීම යහපති. නිදහසට කරුණු විශ්වයට අදාළ නැත. මියගිය පසු ක්‌ෂණයක්‌ පාසා කුණුවී යන සියලු මෘත ශරීරවලින් පිටවන්නේ එකම ගන්ධයයි.එම කුණුප කොටස්‌ සැම අවසානයේ පස්‌වන්නේ පොලවටය. ඔබ ගිල දමන සත්ව අෙ¹aනාවටද වන්නේ එයමය.
රාග වෛරසයෙන් පිරි සියලු සතුන්ගේ මාංශද පිරී පවතිනුයේ කාම රාග වෛරසයයි. ඒවා භක්‌ෂය කරන්නවුන්ගේ ශරීර පිරී ඉතිරී යනුයේ රාග, ද්වේශ, මෝහ වෛරසයයි. ගැලවීමක්‌ පෙනෙන තෙක්‌ මානයක නැත. රාග වෛරස රසයෙන් ලබන නිවනක්‌ නොමැත. උතුම් බඹසර රැකීමට රාග කාමය වඩවන ආහාර හලාහළ විෂකි. බවුන් වැඩීම තාරාවා පිටටදමන වතුර මෙන් ක්‌ෂණිකව විසිවේ.ස්‌වශරීරය තුළින්ම එය පිට කෙරේ. එම පිට කිරීමද තෘෂ්ණාභරිතවම සිදුවේ. එයට සත්ව මිනිස්‌ ප්‍රභේදයක්‌ නොමැත.
සිත සැමවිටම ශරීරය සමග පංචඉන්ද්‍රියයන් පිනවීමට තැත්කරන අතර ඇතැම් අවස්‌ථාවලදී ශරීරය විසින් සිත මෙහෙයවන බවද සිතට ගන්න. නොනිමි තෘෂ්ණාව දරුණු තත්ත්වයට පත්වන්නේ එවිටය. සරල ආහාර ගැනුමෙන් සහ සරල දිවි පැවැත්මෙන් ශරීරය පාලනය කරගත යුත්තේ එනිසාය.
ආගම යනු ආත්මය ගලවා ගැනීමේ මගය. මෙලොව සියල්ල අනිත්‍ය වූ විට ගලවා ගැනුමට ආත්මයක්‌ මිනිසාට නොමැත. සියලු සතුන් සුත මුදිත වියයුත්තේ උදර කුහරයේද නැතිනම් නිවන් මගේහිද? වෛරයෙන්, ක්‍රෝධයෙන aමියයන සතාගේ චුතිය යෑවෙන්නේ සුගතියටද නැතිනම් සතර අගතියටද?
සතර අපා ගත වන සතුන් තව තවත් පව්කාර අඳුරේ ගිල්වීමට අනුබල දෙන්නේ තෘෂ්ණාභරිත වූ මනස උසස්‌ යෑයි කියාගන්නා මිනිසුන් නොවේද? මෙවන් අය කෙළවරක්‌ නැති අනවශ්‍ය අකුසල් කන්දරාවකට කරගසන්නේ යෑයි කෙලෙස සිතන්නද?
මවු කුසින් බිහිවූ කිසිවකු තවත් මවු කුසකින් දුකින් බිහිවූවකු ආහාරයට ගත නොයුත්තේය. එවිටය, ‘නහි ජාතු ගබ්බ සෙය්‍යං පුනරේතීතී’ වනුයේ. කරණීය මෙත්ත සූත්‍රයේ අවසන් පදය එයයි.
තිරිසන් අපායේ ඉපදී කළ පව් නොනිමිව ගෙවීමට සිදුවන තිරිසනුන්ගේ පව් ගෙවීමට අපද පවින් දායක වී අහක යන පව් අපත් කරගසා ගත යුතුද? ඇතැමුන් දුක්‌ඛ සත්‍යය ප්‍රඥවෙන් තේරුම් ගැනීමට යන්ත දරන්නේ දුක්‌ සාගරයක්‌ ගිලිමින්ය. ලොව ඇති ලොකුම විහිළුව එයයි. සියලු සතුන්ගේ ඉපදීම, පැවැත්ම, මරණය දුක්‌ඛ සත්‍යයෙන් ප්‍රථමය වේ. වානයෙන් තොරව නිර්+වාණය ළඟාකර ගැනුමට කෙටි මාර්ග නොමැත. සියලු දැ අනිත්‍ය හා නැවත නොඑන අතීතයට ඇදීයන බැවින් සියලු ආශාවන් දුරස්‌ථ කිරීමට අධිෂ්ඨානශීලීව පියවරෙන් පියවර ඉදිරියට යා යුතුය.
මනුෂ්‍යයන්ගේ සහ තිරිසනුන්ගේ භක්‌ෂණ ක්‍රියාවලියේ වෙනස නම් රස විඳිමින් මිනිසා ආහාර අනුභව කරයි. තිරිසනුන් ආහාර ගන්නේ හුදෙක්‌ ජීවත්වීමටය.
තිරිසන් අපායේ පව් ගෙවන තිරිසන් සතුන්ද පස්‌කම් සුව මනාව වින්දනය කරති. ගහනය බෝ කරති. කන කස්‌බෑවා විය සිදුරෙන් අහස බලනවාක්‌ වැනි දුර්ලභ මිනිසත් බව ලැබූ මනස උසස්‌ කවදා හෝ මියයන මිනිසුන්ද එසේම කළ යුතුද? ප්‍රඥවන්තයනි. මෙම පරම සත්‍යය නොපමාව වටහාගන්න. බොහෝ විට මෙය ඔබගේ අවසාන අවස්‌ථාව විය හැක.
සත්ව ගහනය සහ මිනිස්‌ ගහනය කෙතෙක්‌ද යන්න සම්බුදුරදුන් විග්‍රහ කළේ මාපට ඇඟිල්ල උඩ තබාගත් පස්‌ සහ මහ පොළොවේ පස්‌ සංසන්දනය කිරීමෙනි. එසේ නම් අපගේ මනසට නැඟෙන්නේ තිරිසන් භවවල උපදින්නේ සියතින් පව් කළ අය පමණක්‌ නොව පව්කම් අනුමත කළ, අනුබල දුන් අයද තිරිසන් භවවල උපදින බව ගම්‍යමාන වේ.
නිවනට අවතීර්ණවීමේ මූලික පියවර සමථ භාවනා වැඩීමය. උපමාවකට ගතහොත් දිවීමේ තරගයකදී සැරසෙන්, එල්ලවෙන් යන නියෝග ක්‍රියාත්මක කිරීමක්‌ වැනිය. මීළඟට සිදු වන්නේ දුවන්ෘ යන නියෝගය ක්‍රියාත්මක වීමය. උපමාවකට ගතහොත් එය අපට දැකිය හැක්‌කේ විදසුන් වැඩීමය. විදසුන් වඩා අවසාන ඉලක්‌කය කරා ළඟාවීම නිවන හෙවත් නිර්වාණය වේ. මගදී ඇද වැටුණොත් නිවන නැත. තරගයකට සහභාගි වූවා පමණි. ඔබ සැමට තෙරුවන් සරණයි.
පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
– දිවයින

ගෙදර දරුවන් කැමති මහින්ද තාත්තා වෙනවටද.. රනිල් තාත්තා වෙනවටද.. ඡන්දෙ දෙන්න සරල ක‍්‍රමයක් විමල් කියයි.. [video]

ගෙදර දරුවන් කැමති මහින්ද තාත්තා වෙනවටද.. රනිල් තාත්තා වෙනවටද.. ඡන්දෙ දෙන්න සරල ක‍්‍රමයක් විමල් කියයි.. [video] තම ගෙදර තාත්තා වනවාට දරුවන් කැමති මහින්දට රනිල්ටද එසේ නැතිනම් බිරිඳ තම ස්වාමි පුරුෂයා වනවාට කැමති මහින්දද රනිල්ද යන ප‍්‍රශ්ණවලට ලැබෙන පිළිතුරු මත මෙම මැතිවරණයේදී තීන්දුව ගන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියා සිටියේය.
ඒ මහතා මෙසේ කියා සිටියේ කෝට්ටේදී එම පක්‍ෂ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සව සභාවක් අමතමිනි.

සිරස සටනේද අනුර හැක් වෙයි.. නිවේදිකාගේ ප‍්‍රශ්ණයෙන් මුක පූට්ටුයි… [Video]

සිරස සටනේද අනුර හැක් වෙයි.. නිවේදිකාගේ ප‍්‍රශ්ණයෙන් මුක පූට්ටුයි… [Video] ජවිපෙ නායක අනුර දිසානායකක මහතා සහභාගී වූ සිරස සටන වැඩසටහනකදී නිවේදිකාව විසින් අසන ලද පැනයක් හේතුවෙන් අපහසුතාවට ලක් වූ අයුරු සමාජ ජාලා ඔස්සේ බරපතල ලෙස උසුළු විසුළුවලට ලක්වෙමින් තිබේ.
මේ එම වීඩියෝවයි..

මහින්දට අගමැති අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ – ජනපති තහවුරු කරයි..

මහින්දට අගමැති අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ – ජනපති තහවුරු කරයි.. ශ‍්‍රිලනිපය ඉදිරි මහ මැතිවරණය සඳහා අගමැති අපේක්ෂකයෙකු නම් නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අගමැති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයක් පල කර නැති බවද පවසන එම නිවේදනය ශ්‍රී.ල.නි.ප. ඇතුළු සන්ධානය මැතිවරණයෙන් ජයග්‍රහණය කලහොත් අගමැතිවරයෙකු පත්කරන්නේද නව මන්ත්‍රීවරුන්ගේ අදහස් මත බවද සඳහන් කරයි.
අගමැති අපේක්ෂකයෙකු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමක් හෝ ප්‍රකාශයට පත්කිරීමක් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර නැතැයිද එම නිවේදනයේ දැක්වේ.

මෛත්‍රීට නො රුවටෙනු

මෛත්‍රීට නො රුවටෙනු

කතෘ:යුතුකම     6/30/2015   No comments
මහින්ද රාජපක්‍ෂ රැ වැටුණු වළේ දවල් වැටෙන්නට යන බව පැහැදිලි ය. වාර්තාවන අන්දමට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වෙයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාට පසු මහින්දට අගමැතිකම ලබා ගත හැකි ය යන්න ය.

එහෙත් ඒ කවදාවත් සිදු නොවන්නකි. අද ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් බහුතරය මහින්ද වටා රොක් වී සිටින්නේ ජනතාවගේ ඡන්ද තිබෙන්නේ එතැන බැවිනි. මැතිවරණය පවත්වන තුරු බලය ඇත්තේ මහින්දට ය. එහෙත් පාර්ලිමේන්තුව තෝරා ගැනීමෙන් පසු බලය ඇත්තේ මෛත්‍රිපාලට ය. ඔහු ජනාධිපති ය. අගමැති පත්කෙරෙන්නේ ඔහුට අවශ්‍ය අන්දමට ය.

මෛත්‍රිපාලගේ ප්‍රධාන ගිවිසුම රනිල් අගමැති කිරීමට ය. එය බටහිරයන් සමග ඇති ගිවිසුමකි. පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට පසුගිය වතාවේ මෙන් රනිල් අගමැති ලෙස පත් කළ හැකි ය. ගියවර මෙන් ම ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට තර්ජන, ගර්ජන බලපෑම් ආදියෙන් රනිල්ට සහාය දෙන තැනකට ගෙන ගිය හැකි ය. මෛත්‍රිපාල වැඩිම වුවහොත් නිමල් අගමැති කරනු ඇත. ඔහු කිසි දිනෙක මහින්ද අගමැති ලෙස පත් නොකරනු ඇත.

ඔහු ඒ බවට පොරෙනදුවක් දුන්නත් ඒ ඉටු කරාවි යැයි විශ්වාස කළ හැකි නො වේ. මෛත්‍රිපාල උදේ කියන දෙයට විරුද්ධ දෙයක් දවල් කියයි. හවසට කියන්නේ වෙනත් ම දෙයකි. රෑට ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කරයි. මෛත්‍රිපාලට නොරැවටිය යුතු ය. රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු ය.

අද මහින්ද කළ යුත්තේ මෛත්‍රිපාලට නොරැවටී වෙනම සංධානයකින් තරග කිරීම ය. අද බලය ඇත්තේ මහින්දට ය. ඒ බලය මැතිවරණයෙන් පසුව ද රැක ගත යුතු ය. නැතහොත් මහින්දට සිදුවන්නේ අවුරුදු පහක් පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කල්ගත කිරීම ය. එවිට වයස ගොස් ය.

නලින් ද සිල්වා
කාලය
2015 ජූනි 30

තුන් කොන් සටන් මිත්‍යාව පරදමු!

තුන් කොන් සටන් මිත්‍යාව පරදමු!

කතෘ:යුතුකම     6/30/2015   No comments
ඉදිරි මැතිවරණය මහින්ද-රනිල්-සිරිසේන තුන් කොන් සටනක් වනු ඇති බවට ප්‍රවාදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරන බව පෙනේ. මේ පිරිස රනිල්ගේ ජයග්‍රහණය පතන පිරිසකි. එමෙන් ම කිසියම් හේතුවක් හෝ හේතු නිසා බෞද්ධ විරෝධි සිංහල විරෝධි පිරිසකි. ඒ ආගම, සංස්කෘතිය, අධ්‍යාපනය හෝ සිය දේශපාලන මතවාද නිසා ය. එම දේශපාලන මතවාදය මාක්ස්වාදය හෝ ලිබරල්වාදය හෝ විය හැකි ය. මේ හේතු විසින් ඔවුන් සිංහල විරෝධීන් හෝ බෞද්ධ විරෝධීන් බවට පත් කර තිබේ. එහෙයින් එකී හේතුවලට මිස පලවලට අමතා පලක් නැත. මේ පිරිසට අමතරව උපන්ගෙයි UNP දායාද කොට ගත් පිරිසක් ද සිටින බව අමතක කළ යුතු නොවේ. ඔවුහු පක්ෂයේ ඉහළ නායකත්වයේ බෞද්ධ විරෝධි ආකල්පය පිළිබඳ සවිඥානික නොවන අහිංසක බෞද්ධයින් ය.

කෙසේ වුව ද මේ පිරිස උපකල්පනය කරන්නේ මහින්ද-සිරිසේන දෙපිරිසක් ලෙස තරඟ කළහොත් ශ්‍රීලනිප ඡන්ද දෙකට බෙදෙන බවත් ඒ අනුව රනිල්ට තරඟය ජයගත හැකි බවත් ය. පේමදාසට පසු ස්ථාවර ආණ්ඩුවක් සෑදීමට අසමත් වූ රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනුයේ ඔහු සමඟ තරඟයට නොන්ඩි අශ්වයෙකු පැමිණිය හොත් පමණක් බව මේ පිරිස දැනටමත් පිළිගෙන තිබීම උත්ප්‍රාසජනක ය. කෙසේ වුව ද එය යථාර්ථයයි. 2010 හෝ 2014 මහින්ද සමඟ ජනාධිපතිවරණ තරඟ බිමට රනිල් ඉදිරිපත් කිරීමට හෝ මේ පිරිස කැමති නො වී ය. එහෙත් ඒ සියල්ල අමතක වී රනිල් පාරම්බානු දුටු විට අපට සිහිවන්නේ වෙරි වූ මීයා පුසා සටනට කැඳවීමයි.

මේ පිරිස රනිල් පිළිබඳ යථාර්ථය තේරුම් ගත්ත ද රටේ ජන මනස තේරුම් ගත් බවක් නම් නොපෙනේ. එය එක් අතකින් රටට හිතකර ය. බොහෝ දුෂ්කරතා මැද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10ක් සමඟ එදා පෙබරවාරි 18 වෙනිදා නුගේගොඩින් ඇරඹි යහ පාලන විරෝධි උඩුගං බලා පිහිනීමේ මහා ක්‍රියාන්විතයට මේ වන විට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් පමණ ද පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් 95%ක් පමණ ද එක්ව තිබේ. ඒ සටන දැන් මහින්ද අගමැති කිරීමේ දැවැන්ත මෙහෙයුමක් බවට පත්ව තිබේ. 2010 ආසන 120ක් පමණ ලබා ශ්‍රීලනිපය ඉතිහාසයේ ස්වර්ණමය යුගය සටහන් කළේ මහින්ද රාජපක්ෂ සමයේ ය. එපමණක් නොව ඔහු බිඳී වෙන්ව යන්නට ඔන්න මෙන්න කියා තිබු මාතෘ භූමිය එක්සේසත් කළ දැවැන්ත නායකයා ය.

ඊට සමගාමීව පක්ෂයට ද්‍රෝහි වී පක්ෂ අපේක්ෂකයාට විරුද්ධව තරඟ කර ශක්තිමත් සන්ධාන ආණ්ඩුව පෙරලා දැමුවේ සිරිසේන ය. වැටී පණ අදිමින් සිටි එජාපයට පණ නළ ලබා දුන්නේ සිරිසේන ය. පක්ෂය සිරිසේන ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස තමන්ට එරෙහිව ඡන්දය ලබා දුන් 58 ලක්ෂයක් නියෝජනය කළ ශ්‍රීලනිප බලය ඩැහැ ගැනීම පිළිබඳ ජනතාව තුළ කිසිදු පැහැදීමක් නැත. එවන් පසුබිමක ඔවුන්ගේ අපේක්ෂා බිඳ දමමින් මහින්දට අගමැති අපේක්ෂකත්වය ලබා නොදුනහොත් සිදු විය හැක්කේ කුමක් ද?

එහි දී සිදු වන්නේ 58 ලක්ෂයක් ඡන්ද දායකයින් ඔවුන්නේ 100 වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් 95%ක් පමණ ද සමඟ වෙන ම බලවේගයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීම ය. ඊට සමගාමීව සිරිසේනට ජනාධිපතිවරණයේ දී ලැබුණු ඡන්ද ලක්ෂ 62 එජාපය, ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බෙදී ගිය පසු ඔහු සමඟ ඉතිරි විය හැක්කේ බොහෝ විට හෙළ උරුමයේ ඡන්ද ලක්ෂය පමණි. බලය සහ බලය වෙනුවෙන් හෙළ උරුමය ද සිරිසේන අතහැර යනු ඇත. එවිට ශ්‍රීලනිපය 1977 දී මෙන් ආසන අටේ තැනට වැටෙනු ඇත. බොහෝ විට ශ්‍රීලනිපය තුන් වැනි හෝ හතර වෙනි බලවේගය බවට පත් වනු ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට වඩා ආසන ප්‍රමාණයක් දිනාගත හැකි හෙයිනි.

එහෙත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධානයට ඉදිරි මැතිවරණයේ දී ජනාධිපතිවරණයේ දී ලැබුණු ඡන්ද ලක්ෂ 58න් ලක්ෂ 50ක් වත් අවම වශයෙන් දිනාගත හැකි වනු ඇත. එය දිනෙන් දින ඊට වඩා වැඩි වනු මිස අඩු වන්නේ නැත. සුපුරුදු පරිදි රනිල් වික්‍රමසිංහට මෙවරත් විපක්ෂ නායක පුටුව හිමි වනු ඇත. එහෙයින් මේ සටන කෙළවර වනු ඇත්තේ රනිල්ගේ ජයග්‍රහණයෙන් නොවේ. පරාජයෙනි. එහෙත් වඩාත් දරුණු පරාජය ලබනු ඇත්තේ සිරිසේන ය. ඔහු පක්ෂයේ බෝඩ් ලෑල්ල සමඟ අගාධයට ඇද වැටෙනු ඇත. මේ වන විට පක්ෂ බෝඩ් ලෑලි නම් තීරණාත්මක දෑ නොවන තත්ත්වයට පත්ව තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී සිරිසේන දිනුවේ නම ගිය පක්ෂයකින් හෝ ලකුණකින් නම් නොවේ. එය අනාගතයට ද එසේ ම වලංගු ය. සිරිසේන බලෙන් උදුරා ගත් බෝඩ් ලෑල්ල, පක්ෂ මූලස්ථානය හෝ සලකුණ සීගිරි ගලෙන් පතුරක් පමණි. සීගිරි ගලෙන් පතුරක් ගිය කල්හි ගල් දෙකක් ඇතැයි අපි නොකියමු.

එහෙයින් ඉදිරි මහා මැතිවරණය මහින්ද-රනිල් ද්වන්ධ සටනකි. එය සිරිසේනට ත්‍රිත්ව සටනක් කළ නොහැකි අනෙක් මූලික කරුණ නම් ඔහු රනිල් අගමැති කිරීමේ අරමුණින් ගන්නා තීන්දු තීරණ මත එය ද්විත්ව සටනක් නොවන බව ය. සිය ආසනයත් පැරදුණු නිමල් සිරිපාල අගමැති විය යුතු යැයි කිසිවකු නො සිතන අතර සිරිසේනට කළ හැක්කේ වෙනම තරඟ කොට කිසියම් ආසන ප්‍රමාණයක් දිනා ගෙන ඒ ආසන රනිල් අගමැති කිරීමට ලබා දී ශ්‍රීලනිපයට නැවත ද්‍රෝහී වීමට පමණි. එහෙත් ඒ සිහිනය ද මෙවර ඉටු කර ගත නො හැකි ය. 2004 මහ මැතිවරණයේ දී සිංහල ඡන්ද දෙකට බෙදා සුළු ඡන්දවලින් රනිල් අගමැති කිරීමට හෙළ උරුමය වෙන ම තරඟ කළ ද ඔවුන්ගේ සිහිනය බිඳ වැටිණි.

සිරිසේන වෙන ම පිරිසක් සමඟ ශ්‍රීලනිපයෙන් තරඟ කිරිමට තීරණය කළ හොත් 2005 වසරේ මෙන් ම අවසන් ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් සිදු නොවේ. එහෙත් එදා බණ්ඩාරනායක මහතා එජාපයෙන් එළියට බැස බිහි කළ ශ්‍රීලනිපය නැවත එජාපයට අවශෝෂණය වීම වැළැක්විය නොහැකි වනු ඇත. එහෙත් ඒ නම, මූලස්ථානය සහ ඡන්ද සලකුණ මිස පක්ෂයේ අධ්‍යාත්මය වන පාක්ෂිකයින් නොවේ. ඔවුන් 1956 එජාපයෙන් මිදි මහජන එක්සත් පෙරමුණ වටා රොක් වූ පරිදි මහින්ද බලවේගය සමඟ එක් වනු ඇත. එහෙයින් මෙවර කිසිදු තුන් කොටසක් නැත. එය මිත්‍යාවකි. ජනවාරි 08 යහ පාලන බේගල්වලින් ජාතිය නිර්වින්දනය කළ පිරිස් මේ උත්සාහ කරන්නේ ජනතාව අධෛර්යමත් කොට ජයග්‍රහණය පැහැර ගැනීමටයි. මේ තුන්කොන් සටන් මිත්‍යාව වහා පරාජය කළ යුත්තේ එහෙයිනි. 
නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

මහින්ද විරෝධී කණ්ඩායම

මහින්ද විරෝධී කණ්ඩායම

අද හෙට වන විට මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම කාහටත් පෙනෙන පරිදි වෙන් වනු ඇත. ජනවාරි 8 වැනි දා මහින්දට විරුද්ධව ශ්‍රී ල නි පක්‍ෂයේ ද ජාතික හෙළ උරුමයේ ද වෙල් විදානේගේ පක්‍ෂයේ ද සැලකිය යුතු කොටසක් විය. මෛත්‍රිපාල සිරිසේන ඔවුන්ට නායකත්වය දුන්නේ ය. ජනවාරි 8 වැනි දාට පසු පිහිටුවන ලද පික්පොකට් ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබාගත්තෝ ඔවුන් අතර වූහ. ඉන්පසුව ද සමහරු සිංගප්පූරු ගොස් මහින්ද විරෝධී කණ්ඩායමට එකතු වූහ. මහින්ද විරෝධී කණ්ඩායම මුළුමනින් ම මෙහෙයවන ලද්දේ බටහිරයන් හා ඉන්දීයයන් විසිනි. මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම ක්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තුවේ පමණක් නො වේ. ඉන් පිටත ද විශේෂයෙන් ම ඉන්දීය ඒජන්තයෝ වූහ.
 

එ ජා පක්‍ෂයේ, ජ වි පෙරමුණේ, දෙමළ ජාතික සංධානයේ, මුස්ලිම් කොංග්‍රසයේ, රිෂාඩ් බදියුද්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් පක්‍ෂයේ ආදී වශයෙන් තවත් විවිධ මහින්ද විරෝධී දේශපාලකයෝ වූහ. ඔවුහු ඊනියා ජාතිකත්ව පක්‍ෂ සාමාජිකයෝ නො වූහ. ඔවුහු සිංහල විරෝධීහු වූහ. මොවුහු සහ ඊනියා ජාතිකත්ව මහින්ද විරෝධීහු එකතු වී පික්පොකට් ආණ්ඩුව පිහිටුවූහ. ඒ පිහිටුවා ගැනීමට සෝභිත හිමි හා පල්ලි නිකාය, කාදිනල්ලා, ඇතැම් මහානායක හිමිවරු ඇතුළු ඇතැම් ආගමික නායකයෝ ආධාර, ආශිර්වාද කළහ. යහපාලනය යනු අන්කිසිවක් නොව ජාතිකත්ව විරෝධයක් විය. එය ඊනියා යහපාලනයක් වීමෙන් මහින්ද විරෝධී ජාතිකත්ව කණ්ඩායමට ද එයට එකතු වීමට අවස්ථාව ලැබිණි. 

එහෙත් ඔවුන්ගේ ජාතිකත්වයක් නැති බව වැඩිකල් නොගොස් ම හෙළිදරවු විණි. ජාතික හෙළ උරුමය උතුරේ කඳවුරු ඉවත් කිරීමේ දී දෙමළෙන් ජාතික ගීය ගයද්දී, දෙමළ ත්‍රස්තවාදීන්ට සමාව දීමේ දී ආදී බොහෝ අවස්ථාවල නිහඬ ව සිටියහ. ප්රාජිතලා ද එසේ ම වූහ. විහිදුම් දුර බලකායේ රණවිරුවකුට මරණ දඬුවම නියම කරද්දී ඔවුහු කට පියාගෙන ඇමතිකම් දැරූහ. ඒ රණවිරුවාට ජනාධිපති සමාවක් දීමට කටයුතු නොකරන්නේ ඇයි?

ඒ රණවිරුවා බේරා ගැනීමට කටයුතු නොකරන පික්පොකට් ආණ්ඩුව රාජපක්‍ෂලා හා වෙනත් රණවිරුවන් ඊනියා යුද්ධාපරාධවලට වරදකරුවන් නොකර සිටි ද? රාජපක්‍ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද? 

ඒ කුමක් වුවත් මෙතෙක් කල් ජාතිකත්ව පිරිස් රවටමින් සිටි බොහෝ දෙනකුට හෙටින් පසු වැදගත් තීරණයක් ගැනීමට සිදුවනු ඇත. ඊනියා යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යනු ලැබුයේ මෛත්‍රිපාල ප්‍රධාන මේ පිරිස් විසිනි. අද ඔවුන්ට යන එන මං නැත. ඇතැම්හු කෝ මා පැතූ යහපාලනේ ගීතය ගයමින් පශ්චාත්තාප වෙති. ජනවාරි 8 වැනි දා ඔවුහු විශාල පිරිසක් වූහ. එහෙත් අද වන විට ඔවුන් අතේ ඇඟිලි ගණනට සීමා වී ඇත. අද ඔවුන් අතර ඇත්තේ, අර්ජුන රණතුංග, ප්රාජිත, එස් බී වැනි මහින්ද සමග බද්ධ වෛරයකින් පෙළෙන්නන් පමණකි. චම්පක ඉව වැරදුණු බල්ලකු මෙන් ඒ අතටත් මේ අතටත් දෝලනය වෙයි. ඔහුූට ද මහින්ද සමග බද්ධ වෛරයක් විය. එහෙත් අද ඔහු මහින්දගේ හොඳ දැකීමට උත්සාහ කරයි. අප්පච්චි මළා යැයි කෑ ගැසූ හාදයා අප්පච්චි ක්‍රිස්තියානි ක්‍රමයට උත්ථානය වී ඇතැයි කියයි. මේ සියල්ලන්ගේ ම මහින්ද විරෝධයට හේතු වූයේ ඊනියා ප්‍රතිපත්තියක් නොව තමන් බලාපොරෙත්තු වූ ඇමතිකම් හා වරප්‍රසාද නො ලැබීම ය.

මේ එක් අයකුවත් මහින්ද සංධානයට ගත යුතු නො වේ. ඔවුන්ට දේශපාලනයේ නන්නත්තාර වීමට ඉඩ හැරිය යුතු ය. ඔවුන්ට ජනතා පදනමක් නැත. මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප සංධානයකින් තරග කර ඔවුන්ට ආසන දහයක් දිනා ගැනීමට නො හැකි ය. ඔවුන් ගැන කරදර නොවී රනිල් සුමන්තිරන් හකීම් හවුල පරදවා මහින්ද සංධානය ජයග්‍රහණය කරවීමට හෙට (ජූලි 01)  සිට කටයුතු කළ යුතු ය.

නලින් ද සිල්වා

2015 ජූනි 30

ජනතාව කෝප් වාර්තාව දැන ගත යුතුයි

ජනතාව කෝප් වාර්තාව දැන ගත යුතුයි

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය අනුකමිටුවක වාරාතාවක් ය, අනුකමිටුවකට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි ය ආදී වශයෙන් විවිධ කතා පැතිරී යමින් පවතියි. එහෙත් ඒ සියළු කතා බයිලා පමණ ය. එ ජා ප භාරකාර ඇමතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ බයිලා වලින් අපට වැඩක් නැත. පාර්ලිමේන්තුව අදාළ වාර්තාව සලකා බැලීම සඳහා පිළිගෙන ඇත. ජූලි 07 වැනි දා හෝ ඒ ආසන්නයේ හෝ වාර්තාව ගැන යම් සකච්ඡාවක් කිරීමට ද පාර්ලිමේන්තුවේ එකඟතාවක් තිබී ඇත. එසේ තිබිය දී වාරාතාවේ නිල තත්ත්වය පිළිබඳ ඇතැම් භාරකාර නියෝජ්‍ය ඇමතිවරුන් බයිලා කීම කණගාටුදායක ය. 

අදාළ අනුකමිටු සාමාජිකයන් අද කළ යුත්තේ තමන් මන්ත්‍රීවරුන් නොවුණ ද වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස හිටපු කතානායකවරයාගෙන් ඉල්ලා සිටීම ය. ඒ සම්බන්ධයෙන් යම්කිසි ක්‍රමවේදයක් සකස් කර ගැනිම පාර්ලිමේන්තු නිලධාරීන්ට හිටපු කතානායකවරයාට හා ජනාධිපතිවරයාට භාර ය. එවැනි සම්ප්‍රදායක් නොමැති නම් නව සම්ප්‍රදායක් බිහි කර ගත හැකි ය. 

අර්ජුන් මහේන්ද්‍රන් හිටි අඩියේ ආපසු තම රටට, එනම් සිංගප්පූරුවට ගියේ ඇයි? ඔහු විසින් අත්සන් කරන ලද රුපියල් 5000 නෝට්ටු සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නැගී ඇත. ඔහු මහා බැංකුවේ ප්‍රධානියා ලෙස පත්වීමේ දී රජයට පක්‍ෂපාති වන බවට දිවුරුම් ප්‍රකාශයක් දී තිබිණි ද? ආණ්ඩුව ඔහු පත් කෙළේ එලෙස දිවුරුමක් ලබා නොදී තිබූ පරිසරයක ය.  සිංගප්පුරු පුරවැසියකුට ද්විත්ව පුරවැසියකු ලෙස වෙනත් රටක ද පුරවැසියකු විය නො හැකි ය. එබැවින් අර්ජුන් මහේන්ද්‍රන්ට ලංකාවේ රජයට පක්‍ෂපාති වන බවට දිවුරුමක් ලබා දීමට හැකියාවක් නො වී ය.   

මහේන්ද්‍රන් පිළිබඳ බැඳුම්කර චෝදනා ඉදිරිපත් වූ විට රනිල් වික්‍රමසිංහ කෙළේ ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමට නීතිඥයන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම ය. බලාපොරොත්තු වූ පරිදි ම කමිටුව විසින් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කෙරිණි. බැඳුම්කර සම්බන්ධ ටෙන්ඩර කමිටුවට තමා සහභාගි නොවූ බව මහේන්ද්‍රන් පැවසුවේ ය. එහෙත් ඔහු මහා බැංකු අධිපති ලෙස එහි සියළු මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් වග කිව යුතු විය. ටෙන්ඩර් කමිටුවට සහභාගි නොවීම නිදහසට කරුණක් නො වේ.

බැඳුම්කර පිළිබඳ ව රනිල්ගේ ද යම් සම්බන්ධයක් තිබූ බව කියැවෙයි. ඒ කෙසේ වෙතත් මැතිවරණයට පෙර අදාළ වාර්තාව ප්‍රසිද්ධ කළ යුතු වෙයි. අගොස්තු 17 වැනි දා ජනතාව තීරණයක් ගන්නා විට අදාළ සියළු තොරතුරු ඔවුන් සතුව තිබිය යුතු ය. අප කලින් කී පරිදි වාර්තාව තොරතුරු හා සම්බන්ධ ය. ඒ පණත් කෙටුම්පතක්, විශ්වාසභංග යෝජනාවක් වැන්නක් නො වේ. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග පණත් කෙටුම්පත්, විශ්වාසභංග යෝජනා ආදිය අහෝසි වෙයි. එහෙත් තොරතුරු අහෝසි නො වෙයි. තොරතුරු ජනතාව අතට පත්කිරීම වගකිව යුත්තන්ගේ කාර්යභාරය වෙයි. විශේෂයෙන් ම මැතිවරණයක දී වැදගත් වන තොරතුරු මැතිවරණයට පෙර ජනතාවට දැනගැනීමට සැලැස්විය යුතු වෙයි. ඒ නව සම්ප්‍රදායක් නම් ඒ එසේ ම වේවා! සෑම සම්ප්‍රදායකට ම ආරම්භයක් වෙයි.

නලින් ද සිල්වා

2015 ජූනි 29


මේ උවදුර හඳුනාගත යුත්තේ කෙසේද?

මේ උවදුර හඳුනාගත යුත්තේ කෙසේද?

කතෘ:යුතුකම     6/29/2015   No comments
-ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
මානව සමාජය පන්තීන් ලෙස බෙදී ගිය මුල් අවධියේ සිටම අධිපතීහු, අධිපති කණ්ඩායම් හා බලවේග බිහිව සමාජය පාලනය කරන්නට වූහ. බලසම්පන්න අධිපතියෙක් හෝ අධිපති කණ්ඩායමක් හෝ යම් රටක බලය අත් කරගෙන තහවුරු කොට ගත් විට ආසන්න රාජ්‍යයන් සිය ග‍්‍රහණයට ගෙන අධිරාජ්‍ය ගොඩනැඟීම ඉතිහාසය පුරාම සිදුව තිබේ. අධිරාජ්‍ය ක‍්‍රමයේ මූලික අරමුණ යටත් කරගනු ලබන රටවල භෞතික මානව හා සංස්කෘතික සම්පත් අධිපති රාජ්‍යයේ පාලක පන්තීන්ගේ සුඛ විහරණය පැවැත්ම හා වර්ධනය සඳහා උපයෝගී කොට ගැනීමය. හැමවිටම පාහේ අධිරාජ්‍ය ගොඩනගනු ලැබුවේ අවි බලයෙන් හා හිංසාවෙනි. ඇතැම් විට ප‍්‍රයෝගකාරී ගිවිසුම් වැනි උපක‍්‍රමද භාවිත කරනු ලැබීය.
ඉතිහාසයේ විවිධ වකවානුවල සෑම භූමි කලාපයකම පාහේ අධිරාජ්‍ය ඇතිව නැතිව ගියේය. පර්සියානු, මැසිඩෝනියානු, රෝම, ඔටෝමන් තුර්කි, ගුප්ත, චෝල, පාන්ඩ්‍ය, ඔස්ත්‍රෝ හංගේරියානු අධිරාජ්‍ය එවන් සමහරකි. මානව වංශ කතාවේ නූතන අවධියේ අධිරාජ්‍ය ගොඩනංවනු ලැබූයේ පෘතුගාලය, ස්පාඤ්ඤය, ඕලන්දය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය හා බෙල්ජියම ආදී බටහිර ජාතීන් අතලොස්සක් විසිනි. 1898 ඇමරිකානු ස්පාඤ්ඤ යුද්ධයත් සමඟ ඇමරිකා එක්සත් ජනපදයද අධිරාජ්‍ය තර`ගයට එක්විය.

අරමුණු හා ගොඩනැඟූ ආකාරය සමාන වුවද පැරණි අධිරාජ්‍ය හා බටහිර අධිරාජ්‍ය අතර තීරණාත්මක වෙනස්කම් රාශියක් තිබේ. බටහිර අධිරාජ්‍යවාදය ධනේශ්වර ක‍්‍රමයේ උපත හා වර්ධනය සම`ග වෙන්කළ නොහැකි අයුරින් බැඳී පවතින්නකි. එබැවින් බටහිර අධිරාජ්‍යවාදය ආර්ථීක දේශපාලන දෘෂ්ටියක් සහිතය. එය පැරණි අධිරාජ්‍ය මෙන් නොව මහද්වීප ඉක්මවා ව්‍යාප්ත වූවකි. බටහිර අධිරාජ්‍යවාදය ගොඩනැඟීම සහ පැවැත්ම සඳහා අවි බලයට අමතරව නූතන දේශපාලන මතවාද, සිය අණසක යටතේ පවත්නා අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විද්‍යාව හා තාක්ෂණය, ජනසන්නිවේදන ඒකාධිකාරය, ආර්ථික ආධිපත්‍යය, බටහිර ජීවන රටාව හා සංස්කෘතිය වැනි මෙවලම් රාශියක් උපයෝගී කොට ගනී. මේ නිසාම පුර්ව ධනවාදී අධිරාජ්‍ය මෙන් ප‍්‍රබල අභියෝග හමුවේ අභාවයට නොගොස් අභියෝග ජය ගනිමින්, ම`ග හරිමින්, විකල්ප උපාය උපක‍්‍රම භාවිත කරමින් ලෝක බලවේගයක් ලෙස නොනැසී පවතින්නට බටහිර අධිරාජ්‍ය ක‍්‍රමය අද දක්වාම සමත් වී තිබේ.

බටහිරයන් ගොඩනැගූ ශී‍්‍ර ලංකාව ඇතුලූ සෘජු යටත්විජිත අධිරාජ්‍ය ක‍්‍රමය අභ්‍යන්තර හා බාහිර ප‍්‍රතිවිරෝධයන් සමූහයක සමුච්චිත ප‍්‍රතිඵලයක් ලෙස දෙවැනි ලෝක සංග‍්‍රාමය අවසානයෙන් පසු බිඳවැටෙන්නට විය. අද ලොව කිසි තැනක සෘජු යටත් විජිත නැත. එබැවින් අද අධිරාජ්‍යවාදයක් නැතැයි සාමාන්‍ය ජනයා පමණක් නොව වාමාංශිකයන් ඇතුළු බොහෝ විද්වත්හුද විශ්වාස කරති. එහෙත් එය එසේ නොවේ. යටත් විජිත අහිමි වන්නට පටන් ගැනීමත් සම`ගම අධිරාජ්‍යවාදය නව මුහුණුවරකින් යළි කරලියට පැමිණියේය. ශී‍්‍ර ලංකාව බඳු කුඩා හා ආර්ථික සහ යුධ ශක්තියෙන් දුබල රටවල් පමණක් නොව රුසියාව හා චීනය වැනි බලසම්පන්න ජාතීන් පවා අද මුහුණ දී සිටිනුයේ මේ නව අධිරාජ්‍යවාදයටය.

බටහිර ජාතීන් වර්තමානයේ අත්කරගෙන ඇති ඉහල ජීවන මට්ටම කරා ළ`ගා වූයේ හුදෙක් ස්වශක්තියෙන් නොව තම ග‍්‍රහණයට නතු කරගත් රටවල සම්පත් නිර්දය ලෙස කොල්ල කා ගැනීමෙනි. 1902 දී පළ කරන ලද ජෝන් හොබ්සන් විසින් රචිත ; imperialism – a study නැමති සම්භාව්‍ය ග‍්‍රන්ථය මේ සූරාකෑම කදිමට පැහැදිලි කරයි. දෙවැනි ලෝක සංග‍්‍රාමයේ අවසානයත් සමඟ ආරම්භ වූ නව යටත් විජිතකරණ කි‍්‍රයාදාමය නිසා මේ මහා සම්පත් සම්භාරය තමන්ට අහිමි වන බව දුටු අධිරාජ්‍යවාදීහු පැරණි යටත්විජිත තවදුරටත් සිය අවනත භාවයේ තබා ගැනීමට සැලසුම් සකසන්නට වූහ. මේ වකවානුව වනවිට ලෝක ධනේශ්වර ක‍්‍රමයේ නායකත්වය බි‍්‍රතාන්‍ය වෙතින් සියතට ගෙන සිටි ඇමරිකා එක්සත් ජනපදය නව අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ පෙරමුණ ගත්තේය.

ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, වැනි සිය අණසක යටතේ පවත්නා ආයතන ම`ගින් අලූත නිඳහස දිනූ රටවල ආර්ථිකය හසුරුවන අතර තමන්ට අවනත නොවන රටවල් ඇතුළතින් අස්ථාවර කොට ජාතිකවාදී නායකත්වයක් සහිත ආණ්ඩු පෙරළා දමා රූකඩ ආණ්ඩු ස්ථාපනය නව අධිරාජ්‍යවාදී සැලැස්මේ මූලික උපායමාර්ගයක් විය. ගෝතමාලා (1952), ඉරානය (1953) ඉන්දුනීසියාව (1964) නිකරගුවා (1979) යන රටවල ආණ්ඩු පෙරළි ඊට නිදසුන් කීපයක් පමණි. එසේ වුවද එකල සෝවියට් දේශය නමින් බලසම්පන්න පසමිතුරු රාජ්‍යයක් තිබූ බැවින් නව අධිරාජ්‍යවාදී සැලැස්ම මුළුමනින්ම කි‍්‍රයාත්මක කිරීමට හැකි වූයේ නැත.

1991දී සෝවියට් දේශය බි`ද වැටිණි. සමාජවාදී රාජ්‍ය පද්ධතිය අභාවයට ගියේය. නව ලිබරල් ගෝලීයකරණය සමස්ථ පෘථිවියම වෙලා ගන්නට විය. ලෝකය පාලනය කිරීමේ නව අධිරාජ්‍යවාදී සැලැස්ම නව ජවයකින් කරළියට ගෙන එනු ලැබීය. තමන්ට අවනත නොවන ආණ්ඩු පෙරලා; දමා imperialism – a study රූකඩ ආණ්ඩු බලයට ගෙන ඒම එළිපිටම ඇරඹිණි. ඒකාධිපති පාලන ව්‍යූහයක් සහිත රටවල් ආක‍්‍රමණය කොට යටත් කරගනු ලැබීය. වෙනත් රටවල වර්ණ විප්ලව (colour revolution) දියත් කෙරිණි. තවත් රටවල වාර්ගික ගැටුම් අවුළුවා බෙදුම්වාදය පෝෂණය කරනු ලැබීය. විසිවැනි සියවසේ දෙවැනි භාගයේ සිට තුන්වැනි ලෝකයේ රටවල් රැුසක වර්ධනය වූ සන්නද්ධ බෙදුම්වාදය තමන්ට අවනත නොවන රාජ්‍යයන් අස්ථාවර කිරීම ස`දහා නව අධිරාජ්‍යවාදීහු ප‍්‍රධාන මෙවලමත් බවට පත්කර ගත්හ.

තිස් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඇදී ගිය එල්ටීටීඊ සන්නද්ධ බෙදුම්වාදය නිසා ශී‍්‍ර ලංකාව නව අධිරාජ්‍යවාදයේ පහසු ගොදුරක් බවට පත්විය. ශී‍්‍ර ලංකාව සිය අණසක යටතට ගැනීමට ඔවුන්ට අවශ්‍ය වනුයේ උපායමාර්ගික වැදගත්කමක් සහිත භූගෝලීය පිහිටීම් නිසා පමණක් නොව පෙර අපර දෙදිග නාවික වාණිජ මාර්ගයක කේන්ද්‍රයක්ද වන නිසාය. ශි‍්‍ර ලංකාවේ බෙදුම්වාදයට උදව් කොට දිවයිනේ ෆෙඩරල් හෝ වෙනත් ස්වරූපයක තවත් රාජ්‍ය ව්‍යූහයක් නිර්මාණය කළ විට දෙපිරිසම පාලනය කිරීමට තමන්ට හැකි වන බව බටහිර බලවත්තු මැනවින් දැන සිටිති. ඔවුන්ගේ අවශ්‍යතාව ශී‍්‍ර ලංකාව ඇතුළත හා පිටත ඊළාම්වාදීන්ගේ වුවමනාව සම`ග මනාව සැසඳිනි. අනෙක් අතට ශී‍්‍ර ලංකාවේ පය ගසා ගත් විට සිය ආර්ථික ආධිපත්‍යයට දැනටමත් අභියෝගයක් වී ඇති ඉන්දියාව හා චීනය අවුල් කිරීම අධිරාජ්‍යවාදීන්ට වඩා පහසුය.

එල්ටීටීඊ සන්නද්ධ ශක්තිය පවත්වා ගනිමින් හා වර්ධනය කරමින්ම වාර්ගික පදනමක් මත වෙනම රාජ්‍ය ව්‍යූහයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල 2001දී ආණ්ඩු බලය හිමිකරගත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා යටතේ පියවරෙන් පියවර ඉදිරියට යමින් තිබිණි. මේ අන්තරාය වටහාගත් ජනතාව 2004 මහ මැතිවරණයේදී ඔහුගේ ආණ්ඩුව පෙරළා දැමූහ. 2005 ජනාධිපති ධූරයට පැමිණි මහින්ද රාජපක්ෂ බෙදුම්වාදීන්ගේත් අධිරාජ්‍යවාදීන්ගේත් අපේක්ෂා භංග ඛරමින් ඔවුන්ගේ බලවත් විරෝධය මධ්‍යයේ එල්ටීටීඊය යුධමය වශයෙන් විනාශ කර දැමීය. සිය සැලසුම් ව්‍යර්ථ කළ රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැර තමන්ට කීකරු ආණ්ඩුවක් පත්කර ගැනීමට ඇමරිකාවට යුරෝපා සංගමයට හා ඉන්දියාවට අවශ්‍ය විය. රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියක් සැලසුම් කෙරිනි. මංගල සමරවීර එය හදුන්වන්නේ දේදුණු විප්ලවයක් ලෙසය. ව්‍යාපෘතියේ අරමුණු දෙකකි. ඒ බෙදුම්වාදයට ඉඩ සැලසීම සහ අධිරාජ්‍යවාදීන්ගේ නියෝග නොපිළිගත් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දඩ්‍රුවම් කිරීමය. ව්‍යාපෘතියට යහපාලන සළුපිළි අන්දවනු ලැබීය. පසුගිය රජයේ ඇතැම් පිළිවෙත් හා චර්යාවන් නිසා කළකිරී සිටි කොටස්ද යහපාලනයක් පතා ඡන්දය දුන්හ. ව්‍යාපෘතිය සාර්ථක විය.

දැන් යහපාලනය කෙසේ වෙතත් බෙදුම්වාදය ඉදිරියට යමින් තිබේ. ඒ කෙසේදැයි ඊළඟ ලිපියෙන් විමසා බලමු.

[Lanka Lead News වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි ]

Monday, June 29, 2015

සන්ධානය හැදු මහින්දට එහි බලයත් හිමිවෙන හැඩයි.. විධායක සභාවේ බලය අල්ලයි..

සන්ධානය හැදු මහින්දට එහි බලයත් හිමිවෙන හැඩයි.. විධායක සභාවේ බලය අල්ලයි.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පාර්ශ්වය විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය අත්පත් කරගෙන ඇති බව වාර්තා වෙයි.
මේ වන විටත් රාජපක්ෂ මහතාට හිතවත් සන්ධානයේ ප්‍රබලයන්ගේ දේශපාලන කාර්යාල හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාල බවට පත් කර ඇත.
සන්ධානයේ බලය ඇල්ලීම මැතිවරණයට දින නියම කිරීමෙන් පසු සිදු කිරීමට ඔවුන් පෙර සැලසුම් කර තිබූ ආකාරයෙන්ම සන්ධාන විධායක සභාවේ වැඩි බලය දැනටමත් මහින්ද මහතාට හිතවත් කණ්ඩායම විසින් තහවුරු කරගෙන ඇති අතර දැනට ඉදිරිව ඇත්තේ සන්ධානයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඒ බව දැනුම් දී අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බව දැන්වීමයි.

ඕන ලකුණකින් පක්‍ෂයකින් මහින්ද සමඟයි… සන්ධාන මන්ත‍්‍රීන් 100ට වඩා මහින්දට එක්වෙති..

ඕන ලකුණකින් පක්‍ෂයකින් මහින්ද සමඟයි… සන්ධාන මන්ත‍්‍රීන් 100ට වඩා මහින්දට එක්වෙති.. හිටපු ජනාධිපතිවරයා සමඟ  ඕනෑම පක්‍ෂයක් ලකුණක් යටතේ ඉදිරි මැතිවණරයට තරඟ කරන්නට සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් සියයක පමණ පිරිසක්‌ සූදානමින් සිටින බව වාර්තා වෙයි.
සන්ධානයේ බුලත් කොලය ලකුණින් රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‌ෂක ලෙස තරග කිරීමට බොහෝ ඉඩ ඇතැයිද වාර්තා වන අතර එසේ නොවන්නේ නම් වෙනත් පෙරමුණක්‌ ලෙස තරග කරනු ඇතැයිද දැනගන්නට ඇත.

මෛත‍්‍රි ශ‍්‍රිලනිපය දිනවන බව කීම වරදක්.. ඔහු පක්‍ෂයක් නැතිව සිටිය යුතුයි..

මෛත‍්‍රි ශ‍්‍රිලනිපය දිනවන බව කීම වරදක්.. ඔහු පක්‍ෂයක් නැතිව සිටිය යුතුයි.. තමන් ශ‍්‍රිලනිපය දිනවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශ කිරීම වරදක් යයි කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු පක්ෂයකට සහාය නොදී නිර්පාක්ෂික විය යුතු බවයි.
ජනාධිපතිවරයා ශ‍්‍රිලනිප නායකත්වය බාරගැනීමත් වරදක් බවත්, ඔහු ඉදිරියටත් පොදු බව ආරක්ෂා කරගෙන ප්‍රතිපත්තිමය ජයග්‍රහණයකට මග පාදා ගත යුතු යයිද පවසන එහිමියෝ මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්පාක්ෂිකභාවය ඉවත් වී ඇතැයිද කියා සිටියහ.

අගමැති රනිල් ඉතා දක්‍ෂ ලෙස රට පාලනය කරනවා.. මහින්ද ජනාධිපති කලෙත් මමයි.. – චන්ද්‍රිකා

අගමැති රනිල් ඉතා දක්‍ෂ ලෙස රට පාලනය කරනවා.. මහින්ද ජනාධිපති කලෙත් මමයි.. – චන්ද්‍රිකා වසර 70 ක් ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?
ඉතාමත් සංකීර්ණ, හා සාරවත් ජීවිතයක් මම ගත කර තියෙනවා‍. ඒක වරප්‍රසාදයක් හැටියට මම සලකනවා. ඉතාමත් ම සතුටුදායක වගේ ම කනගාටුදායක දේත් මම මේ කාලය තුළ භුක්ති විඳ තියෙනවා. පොදුවේ ගත්තහම ගෙවුණ අවුරුදු හැත්තෑව ගැන සුළු හෝ කනස්සල්ලක් මට නැහැ. උපරිම ලෙස මේ කාලය තුළ මම ජීවිතය භුක්ති විඳ තියෙනවා.
ඔබේ පාසල වුණේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය. ඉස්කෝලේ කාලේ ගැන තියෙන මතකය මොනවගේ ද?
හොඳ මතකයක් තියෙනවා. අවුරුදු පහේදී මම පාසලට ඇතුළු වුණා. බොහෝ ම ප්‍රීතිමත් පාසල් කාලයක් තිබුණා. ඒ කාලේ මම හරි දඟයි.
කැත වැඩ කියලා කියන දේවල් නම් කළේ නැහැ. ඒත් ටීචර්ලට විහිළු කරනවා‍. ඒ අය කථා කරද්දී මොනවා හරි විහිළුවක් වගේ දේවල් නම් නිතර කළා.
ඉගෙන ගන්න තිබුණු උනන්දුව මොනවගෙයි ද?
ලොකු උනන්දුවක් තිබුණා. පළමුවෙනි අවුරුද්දෙදි ඩබල් ප්‍රමෝෂන් එකක් ගත්තා. විනය කියන දේ බොහෝ ම තදින් ම පවත්වාගෙන ගිය පාසලක් හැටියට ඊට අනුගතවෙන්න අපට සිද්ධ වුණා. තාත්තාගේ, අම්මගේ තනතුරු ඒ තරාතිරම නොබලා, අනිත් ළමයින්ට වගේ ගුරුවරු අපිටත් සැලකුවා.
උසස් පෙළට මොනවද කළේ?
විද්‍යා විෂයයන්.
බාහිර ක්‍රියාකාරකම්වල එහෙම නිරත වුණේ නැද්ද?
කළා. අපි ඉස්කෝලේ යන කාලේ රේඩියෝ සිලෝන් එකෙන් අන්තර් පාඨශාලීය මට්ටමෙන් සමස්ත ලංකා අත්අකුරු තරගයක්, සමස්ත ලංකා විවාද තරගයක්, දැනුම මිනුම තරගයක්, කළා. ඒ කණ්ඩායම් තුනම, මම නියෝජනය කළා. ඒවායින් ජයග්‍රහණ පවා ලැබුවා‍. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් පටන් ගත්ත පළමු වෙනි සිංහල පුවත්පතේ කර්තෘ වුණෙත් මම.
පාසලෙන් පිට මම ‍උඩරට නැටුම් කළා. වේදිකාවෙත් නැටුවා. මුල් ම නැටුම් ගුරුවරයා වුණේ ශ්‍රී ජයනා මහත්මයා. ඒ කාලේ සිංහල සංස්කෘතික සංගමය තිබුණේ හුණුපිටියේ ගංගාරාමය ළඟ පරණ ගොඩනැඟිල්ලක. එතැන තමයි පන්ති තිබුණේ. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එතැනට නැටුම් ඉගෙන ගන්න ආවා. අපි දෙන්නා එකට නටලත් තියෙනවා. නමුත් එයා ඉක්මනින් යන්න ගියා. මම දිගටම නැටුවා. ඊට පස්සේ චිත්‍රසේන හා වජිරා ළඟට ගිහින් නැටුම් ඉගෙන ගත්තා.
ක්‍රීඩාවට තිබුණේ මොනවගේ උනන්දුවක් ද?
ටෙනිස් ගැහුවා. ජිම්නාස්ටික් කළා.
ඉස්කෝලේ හිටපු සමකාලීනයෝ කවුද?
ඒ ඔක්කොම දොස්තරලා. තාත්තා නැතිවෙලා අවුරුදු එක හමාරකට විතර පස්සෙ මම ඒ. ලෙවල් කළේ. එතකොට, අම්මා දේශපාලනයට ඇවිත්. විශේෂයෙන් ම තාත්තාගේ හදිසි මරණය අප තුළ ලොකු කම්පනයක් ඇති කළා. ඇත්තටම ඒකෙන් අපිට තාත්තයි අම්මයි දෙන්නම නැතිවුණා.
අම්මා, දේශපාලනයට ගියාට පස්සේ අපේ භෞතික දේවල් දිහා බැලුවට, අනිත් දේවල්, ගැන හොයලා බලන්න වෙලාව තිබුණේ නැහැ. හුඟක් වෙලාවට අපේ දේවල් අපිටම කරගන්න වුණා. ඒ කාලේ ලංකාවේ තිබුණේ එකම වෛද්‍ය විද්‍යාලයයි. ඒ අවුරුද්දෙදි එකසිය දහතුන්දෙනයි ඒකට ගත්තේ. අම්මගේ දේශපාලන කටයුතු දිහා බලාගෙන හිටියා මිසක් මම වැඩිය පාඩම් කළේ නැහැ. මගේ යාළුවෝ මුළු අවුරුද්දම පාඩම් කරද්දී මම පාඩම් කළේ සති දෙකයි.‍
‍විභාගේදී මොකද වුණේ?
වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු 05 ක් හරි 06 ක් හරි අඩුවුණා. ඒ වෙද්දී මම කිසිම විභාගයක් ෆේල් වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ ඇක්වයිනාස් එකට ඇතුළු වෙලා ලෝ කරන්න පටන් ගත්තා. එල්.එල්.බී එකට ‍ඉගෙන ගනිමින් ඉන්න කොට මට පැරිස් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් හම්බ වුණා.
සාමාන්‍යයෙන් ඒ වෙද්දී ලංකාවේ විලාසිතාව වුණේ අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට යන එක. නමුත් ඔබ ඒ වෙනුවට ඒ සඳහා යන්නේ ප්‍රංශයට.
ඕක හුඟ දෙනෙක් අහන ප්‍රශ්නයක්.‍ ඇත්තටම ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට ගිය මුල් ම උපාධි අපේක්ෂිකාව වුණේ මම. මෙහෙමයි. පොඩි කාලේ ඉඳලම මම කොහොමටත් පෙරළිකාරයෙක්. විශේෂයෙන් ම ප්‍රංශ විප්ලවය වගේ කාරණා ගැන ලොකු උනන්දුවක් මට තිබුණා. විද්‍යා විෂයයන් කරලා, කලා විෂයයන් කරන්න පටන් ගත්තට පස්සේ මම ලංකාවේ ඒ. ලෙවෙල් වගේ ම ය‍ූකේ ඒ ලෙවලුත් එක සැරේ කළා.
කලා විෂයයන්ගෙන් ඒලෙවල් කළා. ප්‍රංශ භාෂාවත් මම විෂයයක් හැටියට එතැනදී කළා. යූ.කේ. ඒලෙවල් වලට ඉතිහාසය ඉගෙන ගනිද්දී එක් විෂයක් විශේෂ විෂයයක් ලෙස තෝරාගත යුතුව තිබුණා. එතැනදී මම ප්‍රංශ විප්ලවය කියන විෂය තෝරා ගත්තා. ප්‍රංශ විප්ලවය ගැන පොත් කියවන්න ගත්තට පස්සේ මම ඒකට වශී වුණා.
ඒවා මම ගිල්ලා. ඇත්තටම මගේ කැමැත්ත තිබුණේ පේරාදෙණියට යන්න. නමුත් ලංකාවේ හිටියොත් දේශපාලන කටයුතුවලට හවුල්වෙයි කියලා හිතලා රට යන්න කියලා පවුලේ අය වගේ ම අපේ සමීපතමයන් බල කළා. ඒ වෙද්දී මම අම්මත් එක්ක එක පාරක් එංගලන්තයට ගිහින් තිබුණා. නමුත් එහේ මට ඇල්ලුවේ නැහැ. ප්‍රංශයට වශීවෙලා තිබුණ නිසා, එහේ යන්න තීරණය කළා.
අර ශිෂ්‍යත්වය ඔබට ලැබුණේ කොහොමද?
පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව පිරිනමනවාට අමතරව ඒ අවුරුද්දෙදි උපාධි අපේක්ෂකයෙක්ට ප්‍රංශ රජය ශිෂ්‍යත්වයක් ලබාදුන්නා. මම ඒකට අයදුම් කළා. මාව ඉන්ටවීව් කළා. තෝරාගත්තා. එහෙම නැතුව මට විශේෂයෙන් දීපු එකක් නෙවෙයි. එතකොට අම්මා විපක්ෂ නායක. ඒ නිසා එයාට අර ගැන මුකුත් බලපෑමක් කරන්න තරම් හැකියාවක් තිබුණේ නැහැ. ප්‍රංශයේ හිටපු අවුරුදු පහම මම ජීවත්වුණේ ඒ ශිෂ්‍යත්වයෙන්.
ඉගෙන ගනිද්දී රැකියාවක් එහෙම කළා ද?
ඉගෙනගන්න ගිය නිසා ලොකු රස්සාවල් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අනික ශිෂ්‍යයන්ට රැකියා හොයාගන්න එක පහසු වුණේත් නැහැ. මම ප්‍රංශ ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි ඉගැන්නුවා. ඒක පොකට් මනිවලට වැදගත් වුණා. ඒ වගේ ම හරි පහසුවෙන් කළ හැකි ජොබ් එකක් තිබුණා‍. සෙනසුරාදාට, ඉරිදාට අපි හිටපු හොස්ටල් එකේ අතුපතු ගාන අය වැඩට ආවේ නැහැ. ඒ දවස්වල අවශ්‍ය නම් ශිෂ්‍යයන්ට අතුගාන්න පුළුවන්. ඒ වගේ ම අපි හිටපු හොස්ටල් එකේ කෑම එක්ක බීර හා වයින්, විතරක් විකුණන බාර් එකක් තිබුණා.‍ ඒකේ බාර් මේඩ් හෝ බාර් මන් හැටියට වැඩ කරන්න පුළුවන්. මම ඒ තුනම කරලා තියෙනවා.
පැරිසියේ ජීවිතය අල්ලලා ගියාද?
හරි ෂෝක්. පුදුම නිදහසක් තිබුණේ. වාද – විවාදවලට ලොකු ඉඩක් තිබුණා. ශාස්ත්‍ර‍ාලයීය උගතුන් රැසක් ඇසුරු කිරී‍මේ අවස්ථාව මට ලැබුණා. ඊළඟට ශිෂ්‍ය අරගලවලට සම්බන්ධ වුණා. ඒ නිසා පොලිසියට පවා යන්න වුණා. ඒත් මාව ඇරෙස්ට් කළේ නැහැ. කවුද කියලා දැනගත්තට පස්සේ, මාව ආපහු එව්වා. එතකොට, අම්මා, ලංකාවේ විපක්ෂනායක. ඊළඟට ලාමොන්ඩි පත්තරේ මාස හතරක පුහුණුවක් ලැබුවා. ඒකත් හරි ෂෝක්.
‍71 කැරැල්ල ගැන තියෙන මතකය මොනවගේ ද?
ඔය කැරැල්ලට සහාය ඉල්ලමින්, මම හොඳට දන්න නෑදෑකමකුත් තියෙන මගේ කිට්ටුවන්තයෝ දෙන්නෙක් පැරිසියට ආවා. ඒ වෙද්දී මම, මාක්ස්වාදයට සෑහෙන බරයි.‍ ඒ ඇවිත් දවස් දෙකක්, තුනක් මට කථා කළා. ඒත් ආණ්ඩුව පෙරළුවට පස්සේ කරන දේ ගැන ඒ අය තුළ වැටහීමක් තිබුණේ නැහැ.‍ ඒක කැරැල්ල ගහපු වෙලාවේ හොඳටම පෙනී ගියා.
ඊට පස්සේ ඔබ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අධ්‍යක්ෂකවරියක‍ ලෙස පත්වෙනවා?
ඔව්. මම මගේ ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනයට තෝරාගෙන තිබුණේ ලංකාවේ ඉපැරැණි ග්‍රාමීය සමාජයේ සමාජ ආර්ථික ව්‍යුහයන් හා එය විකාශනය වූ ආකාරය පිළිබඳව. ඒ නිබන්ධනය සඳහා ක්ෂේත්‍ර පර්යේෂණයකට අවුරුද්දකට ලංකාවට ආපු වෙලාවේ කොබ්බෑකඩුව මහත්තයාව මුණ ගැහුණා. ඒ 1972 අගෝස්තුවල. ඉඩම් ප්‍රතිසංස්කරණ පිළිබඳ ලෝක අත්දැකීම් ගැන මම එයාට දේශනයක් කරපු වෙලාවේ, අපිට උදව් කරන්න කියලා එතුමා මගෙන් ඉල්ලීමක් කළා.
මගෙත් ඒකට ඒ හැටි අකමැත්තක් තිබුණේ නැහැ. උදව්කරන්නම් ක්ෂේත්‍ර රැකියාවක් දෙන්න කියලා ඒ වෙලාවේ මම කිව්වා. මම එහෙම නැතුව ශ‍ීත කාමරවල වැඩ කරන්න මට උවමනාවක් තිබුණේ නැහැ. ඒකේ සහකාර අධ්‍යක්ෂක තනතුරු කිහිපයකට ඉල්ලුම් පත් කැඳවපු වෙලාවේ මාත් ඉල්ලුවා. මාව තේරුණා.
වැඩක් කරන්න පුළුවන් වුණාද? වැඩක් කළාද?
මරු වැඩ කළා. එතැනදී විතරක් නෙමෙයි, ජනාවාස කොමිසමේ සභාපතිනිය හැටියටත් ලොකු වැඩක් කරන්න පුළුවන් වුණා. සාමූහික තරුණ ගොවිපළවල් ඇති කරමින් රටේ තරුණ ප්‍රජාව අතර ලොකු විප්ලවයක් කරන්න හැකියාව ලැබුණා. ඒක ජාත්‍යන්තරව පවා, ඇගයීමට ලක්වුණා. ජනාවාස ක්‍රමය හරහා එදා නිර්මාණය වූ තරුණයන් අතර හිටපු, දොඩම්ගස්ලන්දේ ආර්.ඩී. විමලදාස අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.
පසු කාලෙක ඔබ ක්‍රියාකාරී දේශපාලනයට එකතු වෙනවා. ඒ තීරණය ගත්තේ ඇයි?
මෙහෙමයි. 72 ඉඳලම මම දේශපාලනය කළා. නමුත් ක්‍රියාකාරීව ආවේ නම් 77 න් පස්සෙ තමයි. මම ඒ කාලේත් දේශපාලනය කළේ කිසිම තනතුරක් නැතුවයි. ඒ වෙද්දී මැතිනි හිටියා, අනුර හිටියා. විජය දේශපාලනය කළා. එක පවුලකින් ඒ හොඳටම ඇති නිසා මම ක්‍රියාකාරී දේශපාලනයට ආවේ නැහැ. 77 න් පස්සේ තිබුණු හැම ඡන්දයකදීම පක්ෂේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිව්වේ මම. පක්ෂය සම්පූර්ණයෙන් පැරදිලා මන්ත්‍රීවරු අටට බැස්ස වෙලාවේ ශ්‍රීලනිපය කියලා කිව්වේ දිනකර පත්තරේ විතරයි. ඒක මම තනියෙන් පටන්ගත්ත එකක්. මැතිනිය මට රුපියල් ලක්ෂයක් දුන්නා. පක්ෂේ ප්‍රෙස් එක භාර දුන්නා. එච්චරයි. ඒකේ පොඩි මැෂින් දෙකක් තිබුණා.
හැට දෙදෙනෙකුගේ ස්ටාෆ් එකක් එක්ක මම ඒක පටන් ගත්තා. සති දෙකක් යද්දී අපි දිනපතා පත්තරයක් පටන්ගත්තා. දිනමිණ දවසකට 40000 ක් යද්දී අපි 25000 ක් වික්කා.‍ අවුරුදු අටක් එහෙම කරගෙන ගියා. ශත පහක ඇඩ්වර්ටිස්මන්ට් එකක් නැතුව දිනපතා පත්තරයක් ලාබෙට ගෙනිච්චෙ මම විතරයි. හැම පත්තරයකින් ම ශත විසිපහක ලාබයක් මම පක්ෂයට හොයලා දුන්නා. පස්සේ මම මහජන පක්ෂයට යද්ද‍ී පත්තරයත් අරගෙන ගියා.
විජයව මුණගැහුණේ කොහොමද?
ඒ 77 මැතිවරණ කාලේදී. දැනගෙන හිටියට මුහුණට මුහුණ මුණගැහුණේ පක්ෂයෙන් එයාට නොමිනේෂන් දීපු දවසෙයි. ඡන්ද කාලේ එයා බොරු හේතු හොයාගෙන මාව බලන්න හොරගොල්ලට ආවා ගියා.‍ සමහර දවස්වල හවස හතර පහට ඇවිත්, මම ඈත පළාත්වල රැස්වීම් ඉවර ‍කරලා ගෙදර එනකල්, හිටපු දවස් තිබුණා. මැතිවරණය ඉවර වුණාට පස්සේ සම්බන්ධය පටන්ගත්තා.
විජයගේ මරණය, ඔබේ ජීවිතයට බලපෑවේ මොන විදියට ද?
විශාල වශයෙන් බලපෑවා.
ඊට පස්සේ ඔබ විදේශ ගතවෙනවා. එහෙම ත‍ීරණයක් ගත්තේ ඇයි?
එහෙම තීරණයක් ගන්න වුණා. ළමයි දෙන්නවයි, මාවයි, මරලා දානවා කියලා කථාවක් ඒ කාලේ ගියා.‍ ඒත් ලංකාව දාලා යන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් අම්මයි, අක්කයි බල කරලා ටිකට් අරන් දීලා, මාව ලංකාවෙන් පිට කළා. ඒ ගිය එක ගැන මම අද සෑහෙන සතුටු වෙනවා.
කවුද ඒ වෙලාවේ උදව් කළේ?
එහෙම විශේෂයෙන් කියලා කවුරුවත් උදව් කළේ නැහැ. මගේ යාළුවෙක් කුලියට අරන් තිබුණු ෆ්ලැට් එකක් මට අඩුවට දුන්නා. මම හිටපු ෆ්ලැට් එක දැකලා දවසක් අම්මා අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ අම්මා මට මාසෙකට පවුම් තුන්සීයක්, එවන්න හැදුවා. මම ඒක ප්‍රතික්ෂේප කළා. එතකොට අම්මා ශ්‍රී ලංකා එකේ සභාපති, මම මහජන පක්ෂේ සභාපති. ඒ නිසා අරහම ගත්තොත්, ඒක පගාවක් වෙයි, කියලා හිතලා ඒක ප්‍රතික්ෂේප කළා.
ඇයි, ශ්‍රීලනිපය දාලා ගියේ?
දාලා ගියේ නැහැ. අපිව පැන්නුවා. විජයව පැන්නුවා. මහින්ද රාජපක්ෂයි අනුර බණ්ඩාරනායකයි, මෛත්‍රීපාල සේනානායකයි, එකතුවෙලා එදා වෙනම කල්ලියක් හදා ගත්තනේ. ඊට පස්සේ, මැතිනිව සභාපතිකමෙන් පන්නන්න ඒ අය මහා කලබගෑනියක් පක්ෂය තුළ කළා. ඒ පුරුද්දට තමයි, අදත් එහෙම දේවල් කරන්නේ. පසුව අපි එකතු වී මැතිනියගේ නායකත්වය බේරා දුන්නා. ඒ නිසා එදා පක්ෂයේ ප්‍රධානින් දහතුන් දෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටෙව්වා. මහින්ද රාජපක්ෂ කියන්නේ එයින් කෙනෙක්. ඊට පස්සේ අපිම කියලා, ඒ අයගේ තහනම අවුරුද්දකට විතර පස්සේ වෙනස් කළා. පක්ෂයේ සමඟිය ගැන හිතලා අපි ‍එහෙම කළා.
ආපහු පක්ෂෙට ආපු මේ අය විජයට විරුද්ධව කේලම් කියන්න පටන් ගත්තා. කුමන්ත්‍රණය කරලා අන්තිමට විජයව පක්ෂයෙන් පැන්නුවා. ඒ පන්නනකොට, පක්ෂයේ හිටපු සෑහෙන පිරිසක් මේක හැමදාම ඉවසන්න බැහැ කියමින් අලුත් පක්ෂයක් හදමු කියලා යෝජනා කළා. මම ඒකට හුඟක් විරුද්ධව සටන් කළා. ඒත් ඒ වේලාවේ තිබුණු රැල්ල එක්ක මට ඒක නවත්තන්න බැරි වුණා. ඒ නිසා මමත් ඒකට එකතු වුණා.
1994 වර්ෂය ආරම්භ වෙද්දි ඔබ රටේ දේශපාලන තරුව බවට පත්වෙනවා. ඉන්පසු දිග හැරෙන ඔබේ පාලන කාලය ගැන විවිධ වූ කියවීම් සමාජයේ තියෙනවා. සමහරු ඔබව නූතන විහාරමහා දේවියට සමාන කරද්දි තව සමහරෙක් චෞර රැජිනක් විදිහට ඔබව හඳුන්වනවා. ඒ ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි….?
සාමාන්‍යයෙන් මම ප්‍රශංසාවලට යටවෙන්නේ නැහැ වගේ ම විවේචනවලට යටවෙන්නෙත් නැහැ. මම චෞර රැජිනක් ය කියලා ලියපු පොතේ පිටුවක උඩ තියෙන දේ, යට තියෙන දේවල් එක්ක සම්පූර්ණයෙන් පරස්පර විරුද්ධයි කියලා ගොඩදෙනෙක් මට කියලා තියෙනවා. ඒ නිසා ඒක සම්පූර්ණ බොරුවක් විත්තිය කියවන ඕනෑම කෙනෙක්ට තේරෙනවාය කියලා මම හිතනවා. ඒකට උත්තර දෙන්න කියලා කවුද මට යෝජනා කරපු වෙලාවේ ඒක මම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කළා.
මාව දේශපාලනිකව විනාශ කිරීමේ නොනිමි ආශාවෙන් පෙළුනු දේශපාලඥනයකුගේ උවමනාවට ඒ පොත ලිව්වාය කියලා පසුව මට දැනගන්න ලැබුණා. මම ඒක කියන්නේ වගකීමෙන්.
ඔබ කියන පොතේදි විතරක් නෙවෙයි, තව හුඟ දෙනෙක් ඔබේ පාලන කාලයේ සිදුවූ යම් යම් සිදුවීම් විවේචනය කළා නේද මැතිනිය?
සිද්ධිය මොකක්ද කියලා කියන්නේ නැතුව මට ඒ ගැන කියන්න බැහැනේ.
ජනාධිපති ආරක්ෂක අංශයට පාතාල සාමාජිකයන්ව බඳවගත්තාය කියලා ඔබට එරෙහිව ප්‍රබල චෝදනාවක් එල්ල වුණා. ඒක පිළිගන්නවද?
නැහැ කවදාවත් නැහැ.
එතකොට බැද්දගා‍නේ සංජීව ඔබේ ආරක්ෂකයෙක් ලෙස කටයුතු කළේ නැත්ද?
මෙහෙමයි. යූඑන්පී ආණ්ඩුව කාලේ මම බස්නාහිර මහා ඇමැති ධුරයට තරග කළ වේලාවේ, මට ආරක්ෂකයෝ තුන්දෙනෙක් ද කොහේද දුන්නා. මහ ඇමැති වුණාට පස්සේ දෙන්නෙක් තව වැඩිපුර දුන්නා. එතකොට ඔක්කොම පහයි. එයින් එක්කෙනෙක් දාලා තිබුණේ මම ගැන තොරතුරු හොයන්න. ඊළඟට මහ මැතිවරණයට ඉල්ලද්දි වැඩිපුර ආරක්ෂාව ඉල්ලද්දි දුන්නේ නැහැ. ජනාධිපතිවරණය වේලාවෙදිත් දුන්නේ නැහැ. ඒ වෙද්දි අම්මා, අනුරුද්ධ රත්වත්තේ මහත්තයාගේ මාර්ගයෙන් ඔය කරාතේ එහෙම දන්න, ශ්‍රීලනිපයට සම්බන්ධ තරුණයන් පිරිසක් තමන්ගේ ආරක්ෂාවට යොදා ගෙන තිබුණා.
ඒ අයව පුහුණුකරලා ආරක්ෂක වැඩවලට ගත්තා. ඒ අයගෙන් කට්ටියක් මගේ ආරක්ෂාවටය කියලා අම්මා බලෙන්ම වගේ දැම්මා. එතැන බැද්දගානේ සංජීවත් හිටියා. එයා කවුද කියලා මම දැනගෙන හිටියේ නැහැ. අපි දිනුවට පස්සේ ඒ අයගෙන් පොලිසියට බැ‍ඳෙන්න කැමැතිද කියලා මම ඇහුවා. මම දන්න තරමට එතකොට ඒ අය මුකුත් නරක දෙයක් කරලා තිබුණේ නැහැ. ඔක්කොම බැහැ කියද්දි අරකට හා කියලා කිව්වේ බැද්දගානේ සංජීව විතරයි. එතකොට ඔය බැද්දගානේ සංජීව කියලා නමක් මම දන්නේ නැහැ. මම දැනන් හිටියේ සංජීව කෑල්ල විතරයි. මිනිහා දුවලා පැනලා වැඩ කළා.
ජනාධිපතිවරණ කාලේදි ඩ්‍රයිවර්ලව බය කරලා, නිල වාහනයක් අරන් ගිහින් ඒක ඔය සංජීව හප්පලා තිබුණා. මම මිනිහගේ වැඩ තහනම් කළා. ඒ වෙලාවේ නිහාල් කරුණාරත්න පිංසෙන්ඩු කරලා මිනිහව අනිවාර්ය නිවාඩු යැව්වා. ඊට පස්සේ ආ‍යෙත් ජොබ් එක දෙන්න කියලා මගේ ළඟට ඇවිත් පින්සෙන්ඩු වුණා. ඒ වෙලාවේ හොඳටම අවවාද කරලා ආපහු ජොබ් එක දුන්නා. ඊට හුඟක් පස්සේ දෙදාහේදි විතර මිනිහා පීඑස්ඩී කාඩ්එක පෙන්නලා මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නවාය කියලා මට දැනගන්න ලැබුණා. නිහාල් කරුණාරත්නට එන්න කියලා මේ මිනිහව වහාම ගෙදර යවන්න කියලා ඒ වෙලාවේ මම කිව්වා. හා කියලා කිව්වට, මාස ගානක් යනකම් එහෙම යවලා තිබුණේ නැහැ.
නිහාල් කරුණාරත්න ඒ තරම් බලවත් චරිතයක් ද?
මම දන්නේ නැහැනේ. මට බොරු කිය කිය අරයව තියාගෙන හිටියා. එක්දහස් අටසීයක් විතර සිකියුරිටි හිටියා. ඒ ඔක්කොම ගැන හොයන්න මට බැහැනේ. ඒත් පස්සේ සංජීවව ගෙදර යවලා නැති බව මට දැනගන්නට ලැබුණා. ඒ වෙලාවේ මම නිහාල් කරුණාරත්නව ගෙන්නලා වහාම අර පුද්ගලයාව ගෙදර යවන්න නැත්නම් ඔබවත් ගෙදර යවනවාය කියලා දැනුම් දුන්නා. ඊට පස්සේ තමයි මිනිහව ගෙදර යැව්වේ. පස්සේ බැද්දගානේ සංජීවව කවුද මැරුවා. ඒකටත් සමහරු මට චෝදනා කළානේ.
ඒ කාලේ මාධ්‍යවේදින් කිහිපදෙනෙකුටත් ප්‍රහාර එල්ල වුණා. ඒ ගැනවත් ඔබ දැනන් හිටියේ නැද්ද?
කවුද ඔහොම කියන්නේ?
ඒ කාලේ පිත්තල හන්දිය ළඟදිත් මහදවල් මාධ්‍යවේදින්ට පිඑස්ඩීයේ අය ගැහුවා නේද?
ඒක තනිකර බොරුවක්. මගේ කාලේ තරම් මාධ්‍ය නිදහසක් මේ ලංකාවේ මෑතකාලේ කිසිම වේලාවක තිබුණේ නැහැ මොකක්ද ඔය සිද්ධිය. රනිල් වික්‍රමසිංහලා, කරු ජයසූරියලා මාව ගෙදර යවන්න කියලා පෙළපාලියක් සංවිධානය කර තිබුණා. ඒක අරලිය ගහ මන්දිරයේ පිටිපස්සේ ගේට්ටුව ලඟට ආවා. ඒ අවස්ථාවේදි ඒ අයට එන්න දෙන්න එපා කියමින් මගේ ආරක්ෂකයෝ තුවක්කු එළියට දාලා ගේට්ටුව ළඟ ලැහැස්ති වුණා.
ඒ වේලාවේ මම පෞද්ගලිකව ම‍ගේ මේසෙන් නැඟිටලා ගිහින් තුවක්කු ඇදලා අරන් සියලු දෙනාවම ඇතුළට ගත්තා. ඒ වෙලාවේ හිටපු පොලිස්පති ලකී කොඩිතුවක්කු මගෙත් එක්ක වාද කළා. පොලිසියේ නීතිය අනුව මේ වගේ නීති විරෝධි පෙළපාලියක් එත්දි බලන් ඉන්න පුළුවන්ද කියලා ඔහු ඇහුවා. පෙළපාලියේ කට්ටිය ගේට්ටුව ළඟට ඇවිත් කුණුහරප කියලා කෑගහද්දි පොලිසියේ අය බැටන් පොලුවලින් ගහලා ඒ අයව පැන්නුවා. කවුද කියලා බලන් නැතුව ආපු හැමෝටම ගහලා තිබුණා.
ඒක නිත්‍යානුකූල දෙයක් බවයි ඔබ කියන්නේ?
ඔව්.
නමුත් ඔය සිද්ධිය වුණේ අරලිය ගහ මන්දිරයට තරමක් ඈතින් පිත්තල හන්දියේදී නේද මැතිනිය?
නැහැ ගේට්ටුව ළඟ. මම ගේට්ටුව එහා පැත්තේ ඉඳන් බලන් හිටියා.
මේ වෙද්දි ඔබ මහින්ද රාජපක්ෂගේ දේශපාලන ක්‍රියාකාරිත්වය බොහෝම තදබල ලෙස විවේචනය කරනවා, මහින්දව අගමැතිකමට ගෙනත් රටේ වීරයෙක් කළේ ඔබ නේද?
අගමැති විතරක් නෙවෙයි එයාව ජනාධිපති කළෙත් මම.
අද ඒ ගැන පසුතැවිලි වෙනවද?
අනිවාර්යයෙන්ම. ඒ වෙද්දි වෙන විකල්ප නායකත්වයක් තිබුණේ නැහැ. මහින්දට වැඩිය ඔයගොල්ලෝ හොඳයි, දක්ෂයි, කියලා මං ඒ වෙලාවේ මංගලට, මෛත්‍රිට වගේ ම අනුරටත් කිව්වා. මල්ලි පැත්තකින් තියන්න, අනිත් දෙන්නම මට කිව්වේ කොහොම හරි ව්‍යවස්ථාව වෙනස් කරලා තව වාරයක් ඉන්න කියලයි. ඒක කීයටවත් මගෙන් කෙරෙන්නේ නැහැ කියලා මම කිව්වා. ඒ අය හැදුණේ නැහැ. ඒත් මේ මිනිහා හැදුනා. ඒ නිසා මම කපන්න ගියේ නැහැ. එයාව හදා ගන්න පුළුවන් ය කියලා හිතුවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවට පැමිණීමෙන් පස්සේ මොකද වුණේ?
මට හරියට හිංසා කළා. මුලින් ම මගේ ආරක්ෂාව නැති කළා. විශේෂ ප්‍රභූන්ගේ ආරක්ෂාවට ඒ කාලේ වෙනම වැඩපිළිවෙලක් මම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානින්ගේ මූලිකත්වයෙන් වෙනම කමිටුවක් තිබුණා. විශ්‍රාම යද්දි මගේ ආරක්ෂාවට කී දෙනෙක් අවශ්‍යදැයි අර කොමිටියෙන් අහපු වෙලාවේ අඩු ගානේ දෙසිය පනහක්වත් සිටිය යුතුයි කියලා ඒ අය මට ලිඛිත වාර්තාවක් දුන්නා. දෙසිය පනහක් එපා, සීයක් ඇති කියලා කියද්දි එකසිය පනහක් ගන්න කියලා අර කමිටුව මට නිර්දේශ ඉදිරිපත් කළා. ඒ එකසිය ප‍නහෙන් පනහක් හිටියේ කොමාන්ඩෝ භටයෝ. පළමුවෙනි අවුරුද්ද ඇතුළත මහින්ද ඒ ඔක්කොම අයින් කළා.
ඒ ඇයි කියලා අහලා මහින්දට විතරක් නෙමෙයි ගෝඨාභයට, ලලිත් වීරතුංගටත් මම ලිව්වා. නමුත් කිසි උත්තරයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මහින්ද, උදය ගම්මන්පිල ලව්වා මගේ ආරක්ෂාව ඉවත් කරන්න, මට නිල නිවාසයක ඉන්න අයිතියක් නැහැ, ගෙදරින් පන්නන්න කාර්යාල පහසුකම් දෙන්න එපා කියමින් මට විරුද්ධව නඩුවක් දැම්මා. ඒ නඩුව අහපු හැමදවසේදිම වගේ උසාවියේදී මට කැත විදිහට බැන්නා. නමුත් අර නඩුවෙදි මට මුකුත් කරන්න ඒ අයට බැරි වුණා. මාව ගෙදරින් පන්නන්න බැරිවුණා. ඒත් මගේ නිල නිවාසයේ නඩත්තුවට අවුරුදු පහක් සතපහක් දුන්නේ නැහැ.
ජනාධිපති තනතුරෙන් ඉවත් වුණාට පස්සේ මගේ ඉඩම් විකුණමින් තමයි මම ජීවත් වුණේ. ගෙදර යද්දි මට තිබුණේ ලක්ෂ තිහයි. නමුත් මට වටිනා ඉඩම් තිබුණා. ඉඩම් මම හෝ ගාලා විකුණන්න පටන් ගත්තා. ඒ විකුණලා භාගයක් ළමයින්ට දීලා, ඉතුරු ටික ආයෝජනය කරලා ඒකෙන් මම සැපට ජීවත් වෙනවා. ඒ ටික මට ඇති. සල්ලි නොදීපු නිසා නිල නිවෙස රෙ‍පයාර් කරන්න මම ගිය අවුරුදු පහ තුළදි මිලියන තුන හතරක් අතින් වියදම් කරලා තියෙනවා.
ඊළඟට එකදවසක් ඇතුළත සියලු දෙනාම අයින්වෙන්න කියලා මගේ සිකියුරිටි එකට ඕඩරයක් දුන්නා. මුළු සිකියුරිටි එකම අයින් කළා. සියලු වාහන, කාර්යාලීය උපකරණ ගත්තා. එහෙම කෙනෙක් තමයි අද නාහෙන් අඬන්නේ. ආපහු මාස එකහමාරකට පස්සේ ආරක්ෂාවට කියලා පනහක් දුන්නා. අදටත් ඉන්නේ ඒ පනහ විතරයි. විසිපස් දෙනෙක් හිටපු මගේ කාර්යාලයත් මහින්ද වහලා දැම්මා. අද මේ ජනාධිපතිතුමා මට අටදෙනෙක්ගේ කාර්යාලයක් දීලා තියෙනවා. එදා මගේ කාලේ ජනාධිපති කාර්යාලයේ, සම්පූර්ණ කාර්ය මණ්ඩලය හැටියට, ඩ්‍රයිවර්ස්ලා පියන්ලා ඔක්කොම එක්ක මට හිටියේ දෙසිය අසූ තුන්දෙනයි.
මම අමාත්‍යාංශ හයක් කළා. මහින්දට එක්දහස් හයසීයක් හිටියා. මේ වගේ තව හුඟක් දේ කළා. මම එංගලන්තයට ගියහම ගමන් බිමන් යන්න අපේ මහ කොමසාරිස් කාර්යාලයෙන් වාහනයක් දෙන්න කියලා මංගල සමරවීර මහත්තයා විදේශ අමාත්‍යවරයා විදියට හිටපු කාලයේදී නියම කර තිබුණා. නමුත් ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් ඕනෑමනම් සතියකට එක වරුවක් වාහනය එවන්න කියලා ඒ අයට මම දැන්නුවා. මංගල ඇමැතිකමෙන් අයින් වුණාට පස්සේ මේ මනුස්සයා ඒකත් නැවැත්තුවා. එයාර්පෝට් එකෙන් ගන්නයි, ආපසු බැස්සීමයි හැර වෙන පහසුකම් මට දෙන්න එපා කියලා ඒකත් නැවැත්තුවා. මහින්දලා මට සැලකුවේ එහෙමයි.
තව එකක් කියන්න කැමතියි. මහින්ද මුලින් ම, ජනාධිපතිවරණය දිනපු, රිසාල්ට් ආපු එයාගේ හැටවැනි උපන් දිනේ දවසේදි මම සුබපතන්න දුරකථන ඇමතුමක් දීපු වේලාවේ, මිනිත්තු 19ක් මට කෑගහලා කුණුහරුනේ බැන්නා. අවශ්‍ය නම් ඒ වේලාවේ එයාට දිවුරුම් දෙන්න ‍බැහැ කියන්න මට තිබුණා. ඒ වගේ හුඟක් දේ කරන්න පුළුවන්කම තිබුණා. අපේ ජාන වෙනස් නිසා ඒ මොනවත් මම කළේ නැහැ.
ඔය ඇරියස් කවර් කරන්න වෙන්නැති මහින්ද රාජපක්ෂ දෙර යැව්වේ?
ඇත්තටම නැහැ. එහෙම අවශ්‍යතාවක් තිබුණා නම්, මීට හුඟක් කලින් මොනවා හරි කළ යුතුව තිබුණා. අවුරුදු හයක් මම බලන් හිටියා. එයා හැදෙයි කියලා මම බලාගෙන හිටියා. නමුත් මුකුත් වුණේ නැහැ. මහින්ද මගෙත් එක්ක කතාකරන්න එපා කියලා දෙදහස් හත අට වෙද්දි නියෝග පනවලා තියෙද්දි ශ්‍රීලනිප මැති ඇමැතිවරු මට හොරෙන් පණිවුඩ එවන්න පටන්ගෙන තිබුණා. ඇවිත් පක්ෂය භාර ගන්න කියලා මට පණිවුඩ එව්වත් මම බැහැ කියලා කිව්වා.
අවුරුදු හයක් විතර ගියාට පස්සේ රට බේරගන්න ආපහු එන්න කියලා මාව නොදන්න ගම්වල සාමාන්‍ය මිනිස්සු පවා කියන්න පටන් ගත්තා. ඊට පස්සේ යුඇන්පියේ ප්‍රධානින් මාව මුණගැහෙන්න එන්න පටන් ගත්තා. එජාපයට සහාය දෙන වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ඉදිරියට එන්න කියලා මට ආරාධනා කළා. ඒ එක්කම ස්වාමින්වහන්සේලා, අන්‍ය ආගමික පූජකවරු, ප්‍රධාන විදේශ රටවල් කිහිපයක් ම මට ආපහු දේශපාලනයට එන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් කරන්න ගත්තා.
ඒ හැමෝටම කිව්වේ මම හොඳ කෙනෙක් හොයා දෙන්නම් කියන එක විතරයි. එතකොට එහෙම කෙනෙක් ගැන මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ. ඒත් ඒ ගැන මට යම් හැඟීමක් නම් තිබුණා. එහෙම හිතද්දි, කෙළින් ම මෛත්‍රි ගැන තමයි මම හිතුවේ. හොරෙකුට, මිනීමරුවෙකුට, ජාතිවාදියෙක්ට මට සහාය දෙන්න බැහැ. මෛත්‍රි කියන්නේ හොරෙක්, මිනීමරුවෙක්, ජාතිවාදියෙක් නෙමෙයි. එයාගේ කථා මම ෆලෝ කළා.
මෛත්‍රිපාල සිරිසේන මහතා එක්ක මේ ගැන කථා කළේ කවදද?
ඔහු ආණ්ඩුවෙන් එළියට බහින්න සුමානෙකට කලින්. එතකම්ම මම මේ ගැන ඔහු එක්ක කථා කළේ නැහැ. කාලෙකට කලින් මම මේ ගැන ඔහු එක්ක කථා කළාට ඒ වේලාවේ ඔහු ඒ ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. ඒ වේලාවේ මමත් එච්චර වැඩේ ඉස්සරහට අරගෙන ගියේ නැහැ. ඒත් රාජපක්ෂලා දිගින් දිගටම මෛත්‍රිපාල සිරිසේන මහතාට කළ නොසළකාහැරීම්, හිරිහැරයන්, කොන්කිරීම් අන්තිමට තීන්දුවක් ගැනීමට ඔහුට බලකළා කියලා මට හිතෙනවා.
ඒ අතරතුර රාජපක්ෂ පැරදවීමට අවශ්‍ය නම් විපක්ෂයේ ප්‍රබල ශක්තිමත් එකමුතුවක් හදාගන්න කියන පණිවුඩය මම ඒ අයට දුන්නා. මුලදි ඒකට යුඅැන්පිය එතරම් කැමැති නොවුනට, පස්සේ අපි ඔවුන්ව ඒකට එකඟ කර ගත්තා. මහින්ද එලවන සන්ධානයට පදනම වැටුණේ එහෙමයි.
යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන ඔබ ඉන්නේ සතුටින් ද?
එකක් දෙකක් වැරදුණාට සෑහෙන හොඳට වැඩකටයුතු සිද්ධවෙමින් තියෙනවා. අගමැතිතුමා ඉතාමත් දක්ෂ ලෙස රට පාලනය කරනවා. ඒක අවංකව කිව යුතුයි. ජනාධිපතිතුමා, ඒකට බොහෝම හොඳට සහය දෙනවා.
මෛත්‍රිපාල සිරිසේන මහතා කරළියට ආ අවස්ථාවේදි ඔබේ අවවාද අනුශාසනා එක්ක ගමනක් යෑමට ඔහු නිරතුරුවම සූදානම්ව සිටියත් දැන් ඒ ගතිය අඩු වෙලාය කියලා සමහරු කියනවා. ඒක වෙන්වීමක් නෙවෙයිද?
එතුමට මොළේ තියෙනවා. එතුමා කයිවාරු කාරයෙක් නෙවෙයි. දැන් එතුමා ස්වාධීනව කටයුතු කරනවා. ඒකට අපි ඇඟිලිගහන එක හොඳ නැහැ. යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ගිහින් කියනවා. එකක් කියන්න කැමතියි මහින්ද රාජපක්ෂ අසූවේ අසූඑකේ කරපු වැඩේ දැන් අලුත් වටයකින් පටන්ගෙන තියෙනවා. නැවත පක්ෂය බේද කරන්න ඔහු උත්සාහ ගනිමින් ඉන්නවා. මේ වනවිට පක්ෂයේ නිල නායකත්වය ජනාධිපතිවරයා හා එතුමා විසින් පත්කරගත්ත දේශපාලන මණ්ඩලයයි.
ඔවුන් පක්ෂයේ බලය අතට ගෙන, කවුරු හරි විනය විරෝධීව කටයුතු කරනවා නම් ඒ සම්බන්ධව ක්‍රියාත්මක විය යුතුයි. එහෙම බලද්දි ශක්තිමත් ලෙස පක්ෂය අතට ගැනීමට කළ යුතු දේ තවම සිද්ධවෙලා නම් නැහැ. දැන් බලන්න පක්ෂයේ ලේකම් සහ සන්ධානයේ ලේකම් අපිව රැවට්ටුවා. කාටවත් එරෙහිව ක්‍රියාමාර්ග ගන්න එපා සියලු දෙනාවම ගෙනත් ජනාධිපතිතුමාට බාර දෙන්නම් ය කියමින් අපව රැවට්ටුවා.
හැමෝම නොවුණත් සමහරු ඒකට රැවටුණා. ජනවාරි අටවැනිදා මේ රටේ සැබවින් ම සිද්ධ වුණේ, දර්ශනයක්, ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කිරීමක්. හොර, මැරකම් නැති, ශිෂ්ට රටක් බිහි කිරීමේ බලාපොරොත්තුවක් ඒ වෙනුවෙන් පෙළගැසුණු ජනතාවට තිබුණා. ඒ ජනතා බලාපොරොත්තු ආපසු හැරවීමට අර දුෂ්ට ක්‍රමයෙන් වාසි ලැබූ සමහරුන්ට ලොකු සිහිනයක් තියෙනවා. ඒ නිසා මේ මොහොතේ සරලව සැහැල්ලුවෙනු හුස්ම ගැනීමේ හැකියාවක් කිසිවෙකුට හෝ නැහැ. සියලු මිනිමරුවෝ, හොරු තියාගෙන පක්ෂය ආරක්ෂා කරගැන්මද අපේ පරමාර්ථය නැත්නම් පක්ෂය හා රට බේරාගන්න එකද අපේ පරමාර්ථය කියලා මේ මොහොතේ වගකිවයුත්තන් තීන්දු කළ යුතුයි.
පාර්ලිමේන්තු විසුරුවා හැරීම සම්බන්ධව මේ වනවිට මතුව ඇති, සංවාදය ගැන ඔබතුමිය මොකද කියන්නේ?
මම හිතන විදිහට දැනුත් ඒකට පරක්කු වැඩියි. පුළුවන් තරම් ඉක්මනට ඡන්දෙකට යා යුතුයි.
මහා ඡන්දේදි ඔබේ භූමිකාව මොකක්ද?
මම පක්ෂයේ තනතුරු අරගෙන නැහැනේ.
ඒත් පක්ෂය තුළ ඔබේ යෝධ හෙවණැල්ල තියෙනවානේ?
මොකද වෙන්නේ කියලා ඒ වෙලාවට බලමු.
පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ලබා දුන්නොත් ඒක භාරගන්න ලැහැස්තිද?
මට එක එක්කෙනා යෝජනා කළා. මම බැහැ කිව්වා.
ඇයි බැහැ කිව්වේ?
හැමදාම හැමකෙනාම දේශපාලනයේ සිටිය යුතුයි කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම මට දේශපාලනයෙන්, ලබාගන්න කිසිම භෞතික දෙයක් නැහැ. එහෙම ලබාගන්න බලාපොරොත්තුවකුත් මට නැහැ. මට අවශ්‍ය රට හදන්න විතරයි.
සංවාද සටහන
චාමර ලක්ෂාන් කුමාර
– සිළුමිණ