‘යහ පාලන රනිල් ජෝර්ජ් මහරින් එලවයි. රනිල්ගේ යහ පාලනය මේකද’ – රනිල්ට එරෙහි විරෝධතා
May 27, 2015 at 4:06 am | lanka C news

ඇමති උපාලි කොඩිකාර මහතා පළාතේ මාර්ග සංවර්ධනය පළාත් සභාවට ලබා දියුතු බවට යෝජනාවක් ගෙන ඒමත් සමග පළාත් සභාවේ විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පළ කලේය. මේ නිසා සභාව තුළ උණුසුම් තත්වයක් ඇති වූ අතර ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී යූ. ජෝරජ් පෙරේරා සභාවට පිවිසෙනු දක්නට ලැබිණ. එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් වන මෙරිල් පෙරේරා ,ගුණසිරි ජයනාත් , ලලිත් එල්ලාවල , රෝජර් සෙනවිරත්න , ලලිත් වර්ණකුමාර යන මහත්වරු විරෝධතා පුවරු ඔසවාගෙකන ජෝරජ් පෙරේරා මන්ත‍්‍රීවරයා මහර එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත්කිරීමට එම පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කිරීමට විරෝධය පළ කලහ. ‘‘යහ පාලන රනිල් ජෝර්ජ්ට මහරින් එලවයි.’’ රනිල්ගේ යහ පාලනය මේකද? යනුවෙන් එම පුවරුවල සදහන්ව තිබිණ. මේ නිසා සභාව දැඩිලෙස නොසංසුන් වූ අතර ඒ මොහොතේ මූලාසනයේ සිටි නියෝජ්‍ය සභාපති යසපාල කොරලගේ මහතාට සභාව හැසිරවීමට මහත් පරිශ‍්‍රමයක් දැරිමට සිදුවිය.
පසුව පළාත් සභාවේ නිළධාරියෙක් විසින් අදාළ පුවරු මන්ත‍්‍රීවරුන්ගෙන් රැගෙන යනු දක්නට ලැබිණි. එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් සදහන් කලේ මෙය සිය ආරක්ෂාවට තර්ජනයක් බවයි. විරෝධතා පුවරු පලාත් සභාව තුලට රැගෙන එම පිළිබද පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි මන්ත‍්‍රීවරු ඉල්ලා සිටියහ.නියෝජ්‍ය සභාපතිවරයා කීවේ ඒ පිලිබද අවධානය යොමු කරන බවයි.
– ප‍්‍රදීප් අනුර කුමාර
6,554 Viewers
6 24
No comments:
Post a Comment