අධික පොලියට ඩොලර් බිලියනයක ණයක් ගන්න යයි.. ආර්ථිකය කඩා වැටීමේ අධි අවදානමක්..
May 29, 2015 at 4:06 am | lanka C news

අනාවරණය වන ආකාරයට මෙහි අවසන් පොලී අනුපාත තවමත් තීන්දු වී නොමැති අතර ඩොලර් බිලියනයකට ආසන්න ණය මුදලක් ලබාගැනීමට සූදානම් වන්නේ යැයි හෙළිවේ.
මෙම ඩොලර් බැඳුම්කර නිකුතුව කළමනාකරණය කරන්නේ, සිටි, ඩොයිෂ්, එච්.එස්.බී.සී. සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් යන බැංකු මගිනි.
මේ පිළිබඳව අප මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙම බැඳුම්කර නිකුතුවේ අවසන් පොලී අනුපාතය සහ ලබාගන්නා ණය ප්‍රමාණය පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ඩොලර් බිලියනයක ණයක් ජාත්‍යන්තර වෙළඳපොලෙන් අධික පොලියට ලබා ගැනීම නිසා මෙරට ආර්ථිකය කඩා වැටීමේ විශාල අවදානමක් පවසතින බවයි.
– Adaderanbiz.lk
No comments:
Post a Comment