Friday, May 1, 2015

මේ වසරෙන් පසු ජාත්‍යන්තරයට මෙරටට මැදිහත් වීමට ඉඩක් නැහැ – ජනපති නිදහස් පක්ෂ මැයි රැලියේදී අවධාරණය කරයි.



මේ වසරෙන් පසු ජාත්‍යන්තරයට මෙරටට මැදිහත් වීමට ඉඩක් නැහැ – ජනපති නිදහස් පක්ෂ මැයි රැලියේදී අවධාරණය කරයි.

මෙරට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝකයේ කිසිඳු රටකට හෝ සංවිධානයකට කතා කිරීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.හයිඞ් පිටියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළා.ඒකීය රටක් ලෙස ශක්තිමත් ලෙස මාතෘ භූමිය ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියා.

යම්කිසි පුද්ගලයෙකු තමන් හසුරුවන බවට අසත්‍ය මතවාද පැතිර යන පැවසූ ජනාධිපතිවරයා කියාසිටියේ, කිසිවෙකුටත් යටත් නොවී ජනතා කැමැත්තට අනුව කටයුතු කරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මැයි දින රැලිය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් එක්කර තිබූ අතර, එය ශ්‍රී ලංකා නිදහම් පක්ෂ ජාතික සංවිධායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කරනු ලැබුවා.

අදාළ රැලියේදී යෝජනා 4ක්ද සම්මත කර ගැනීමටයි කටයුතු කළේ.ඒ අනුව අදාළ යෝජනා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න, නිදහස් පක්ෂයේ උප සභාපති රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ විපක්ෂ නායක, නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඉදිරිපත් කළා.
එහිදී 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා සහාය දැක්වූ නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරන පක්ෂ සාමාජිකයන්ට ස්තුතිය පළ කිරීමේ යෝජනාවද සම්මත කරගනු ලැබුවා.නිදහස් පක්ෂයේ මැයි දින රැලිය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන් මෙන්ම පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයන් ඇතුළු වෘත්තීය සමිති නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියා.එහිදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම සඳහන් කරන සෑම විටෙකම පැමිණ සිටි පිරිස ‘හූ’ හඬ නගමින් ඝෝෂා කළ බව එහි සිටි සිංහ ප්‍රවෘත්ති වාර්තාකරු කියාසිටියා.නිදහස් පක්ෂය මැයි රැලිය අවසානයේදී මැයි දින සමරු කලාපය එස්. බී. නාවින්න සහ පියසේන ගමගේ යන අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගන්වනු ලැබුවා.


(චන්දන පුස්සවෙල)

No comments:

Post a Comment