Thursday, May 7, 2015

ටි‍්‍රලියන ගණන් සොරකම් කර ඇත්නම් ඔප්පු කර දඬුවම් දෙනු…

ටි‍්‍රලියන ගණන් සොරකම් කර ඇත්නම් ඔප්පු කර දඬුවම් දෙනු… රාජපක්‍ෂ පවුල රුපියල් ටි‍්‍රලියන 3.2ක් විදෙස් රටවල සඟවා ඇතැයි කරන චෝදනා හැකිනම් ඔප්පු කර පෙන්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු පවසන්නේ එවැනි වත්කම් ඇත්නම් ඒවා ඔප්පු කර නීතියෙන් දඬුවම් ලබා දෙන ලෙසයි.
මේ අතර මහින්ද මහතාට හිතවාදී මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා මෙසේ අදහස් පල කරයි.
“හැමදාම කියන එකක් තමයි බොරුවට මේවා මාධ්‍යට ඇවිල්ලා ප්‍රකාශ කරන්න එපා. මේවා ඔප්පු කරලා පෙන්වන්න. ඔප්පු කරලා පෙන්වන්න මාස 05කර ආසන්න ප්‍රමාණයක් ගියා. දැන් හැමදාම මාධ්‍ය යොදාගනිමින් අල්ලස් කොමිෂන් සභාවට යන එක විශේෂයෙන්ම දුෂණ මර්ධන එකට යන එක, රහස් පොලිසියට යන එක පෙන්වනවා මිසක් අද වෙනකම් එක්කෙනෙකුට චෝදනාවක් ඔප්පු කරන්න පුළුවන් වුණා කියන එක දින 100යෙන් මෙපිටත් කරන්න බැරිවුණා.
මංගල ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අයට ඇතිවෙලා තිබෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අද රට පුරා මතුවෙලා තිබෙන අවධානය, උනන්දුව සහ උද්ඝෝෂණය පදනම් කරගනිමින් විවිධ පවුලේ අයට චෝදනා කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා”

No comments:

Post a Comment