Monday, May 25, 2015

එදා ඡන්ද වේදිකාවේ කී කතා අමූලික බොරු වෙලා – අනුර

එදා ඡන්ද වේදිකාවේ කී කතා අමූලික බොරු වෙලා – අනුර එදා ජනාධිපතිවරන වේදිකාවල කී කතා සියල්ල අද පට්ටපල් බොරු වී ඇති බව ජවිප නායක මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
‘කෝටි ප‍්‍රකෝටි ගණන් මහජන මුදල් වංචා කිරීමට එරෙහිවයි මේ ආණ්ඩුව ගොඩ නැගුණෙ. අද අගමැති තේරුම් ගන්න  ඕනෑ අගමැති පුටුවේ වාඩි වෙනකොට,ඒ පිටුපස තිබුණේ වංචාවට හා දුෂණයට එරෙහිව ජනවරමක් බව. අගමැති පුටුවේ හා කැබිනට් මණ්ඩලයේ වාඩිවෙන විට තේරුම් ගන්න  ඕනෑ ඒ පිටුපස තිබූ ජනවරම. ඔය පුටු හම්බ වුණේ ඒක නිසයි.
ඒත් අද එජාපය පෙන්නුම් කර තියෙන්නෙ අපි යන්නෙත් ඒ පාරේ කියලා. මැතිවරණ වේදිකාවල කියූ දේ ඔක්කොම පට්ටපල් බොරු වෙලා. මහ බැංකු බැදුම් කර කෝටි සියයක් ඉල්ලා කෝටි දාහක් ගන්න කොට ඒක ඇතුළේ හොරකම නැද්ද?ඒ නිසා මේක හොරකමක් නොවේද?මේක වංචාවක් නොවේද? කෝටි දාහකටම අවුරුදු තිහකදී පාඩුව කෙතරම්ද? ගනුදෙනුව සිදුවන විටම හොරකම සිදුවෙලා. හොරකම රැලි නගනවා. රැලි පිට රැලි නගන වංචාවක්.
මහ බැංකු අධිපතිවරයා ආරක්ෂා කිරීමේ රහස කුමක්ද? අර්ජුන් මහේන්ද්‍රන් පත්කරන විට කැබිනට් මණ්ඩලයෙ බොහොදෙනා විරුද්ධ වුණා.තමා පෞද්ගලිකව භාර ගන්නා බව කියලා තමයි ජනාධිපතිවරයාගෙන් පත්වීම් ලිපිය අස්සන් කර ගත්තෙ.පත්වී ටික කලකින්ම හොරකම පටන් ගත්තා’ යයිද ඔහු ජනහමුවක් අමතමින් කියා සිටියේය.
8,541 Viewers

No comments:

Post a Comment