‘19’ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ එකට වඩා වෙනස් සංශෝධන.. ඇතුළේ මාධ්‍ය දඩයමක්.. – හිටපු යහපාලන ඇමති
April 25, 2015 at 4:40 pm | lanka C news

මෙමගින් අපරාධ චෝදනා යටතේ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට මාධ්‍යවේදීන්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ශ්‍රෝෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්‌ථාවට හාත්පසින්ම වෙනස් සංශෝධන නව 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කර ඇතැයිද රජීව විඡේසිංහ මහතා කීවේය.
පළමු සංශෝධනයෙන් රාජ්‍ය නිලධාරීන් පමණක් මැතිවරණ කොමසාරිස්‌වරයාට සහ රජයට යටත් විය යුතු බවට යෝජනා කර තිබූ බවද පසුව එය රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍යවේදීන් සහ නිලධාරීන් ලෙස සංශෝධනය කර ඇතැයිද රජීව විඡේසිංහ මහතා සඳහන් කළේය.
මෙම යෝජනාව හරහා අදාළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුද? සහ කෙසේද? යන්න ප්‍රශ්නයක් බව කී රටකට ජනතාවට රජීව් විඡේසිංහ මහතා මෙවැනි දේවල් ඉතා අයහපත් බරපතළ තත්ත්වයක් බවද පෙන්වා දුන්නේය.
19 ව්‍යවස්‌ථාවට යම් යම් සංශෝධන ඔවුන් ඉදිරිපත් කර තිබෙන බවද ඒ අනුව ලබන සඳුදා සහ අඟහරුවාදා සාකච්ඡා කර මෙයට සහාය දෙනවාද නැද්ද යන්න තීරණය කරන බවද මහාචාර්ය රජීව විඡේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ 19 වැනි නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ලබන 27 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
– දිවයින
9,828 Viewers
5 65
No comments:
Post a Comment