ඉතිහාසය මා ජවිපෙන් ඉවත්වීම නිදොස් කලා.. – සෝමවංශගේ ඉවත්වීම ගැන විමල්ගේ විග‍්‍රහය මෙන්න
April 21, 2015 at 12:01 am | lanka C news

“ජනතා විමුක්ති පෙරමුණ තුළ එළියට හොදින් පෙනෙන ප‍්‍රවණතා දෙකක් තිබුණා. එකක් තමයි ජාතිකවාදී වාම ප‍්‍රවණතාව. අනෙක අතිවාදී වාම ප‍්‍රවණතාව. මාව එළියට දාන්නේ අතිවාදී වාම ප‍්‍රවණතාව විසින්.අපි එළියට ආවට පස්සේ ජනතා විමුක්ති පෙරමණ ඇතුළේ ජාතිකවාදී වාම ප‍්‍රවණතාව දුර්වල වුණා.අතිවාදී වාම ප‍්‍රවණතාව පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවීමක් සමග විසිරිලා ගියා. අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණේ ඉතිරිවෙන්නේ වාම ප‍්‍රවණතාවටත් නැති එන්.ජී. ඕ වාදී න්‍යාය පත‍්‍රයට පක්ෂය ගෙන යන කොටසක්. ඔවුන් තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුළ ජාතික විධායක සභාව නියෝජනය කරන තත්ත්වයකට ජනතා විමුක්ති පෙරමුණ පත් කරන්නේ.ධනේශ්වර ප‍්‍රතිසංස්කරණවාදී කොටසක් තමයි ජවිපෙ තුළ අන්තිමට ඉතුරු වෙන්නේ. ඒක නියෝජනය කරන්නේ ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා. අපි එළියට වැටුණට පස්සේ ජවිපෙ තුළ ජාතිකවාදී වාම ප‍්‍රවණතාව එක්තරා දුරකට හෝ නියෝජනය කළේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතායි.මේ වෙනකොට ඔහුත් ජවිපෙන් එළියට ඇවිල්ලා.
මං ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීම ඉතිහාසය විසින් නිර්දෝෂී කරනු ඇතැයි කියන විශ්වාසය මට තිබුණා.මං ලියපු ‘නැත්ත වෙනුවට ඇත්ත’පොතේ සියලූ විස්තර තිබුණනේ. ජවිපෙ උසාවි ගිහිල්ලා එයට වාරණයක් ගත්තා.නැත්නම් ජනතාව එදාම ජවිපෙ නියම ස්වරූපය තේරුම් ගන්නවා. එදා තිබුණු අර්බුදයේම තවත් පිපිරී යෑමක් විදියටයි සෝමවංශ අමරසිංහ මහතාගේ ඉවත්වීමත් වෙන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාට කියන්නේ ධනේෂ්වර නායකයෙක් වුණාට බටහිරත් එක්ක නොබියව ගැටෙන ප‍්‍රගතිශීලී නායකයෙක්. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප‍්‍රකාශ කරනවා අපි තමයි මහින්ද රාජපක්ෂ එළෙව්වේ කියලා. ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දිනයට ඇවිල්ලා ප‍්‍රකාශ කරනවා ශ‍්‍රී ලංකාවේ මියන්මාරයේ කරපු වෙනසට ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා කියලා. නොර්වේ එරික් සොල්හයිම් ප‍්‍රකාශ කරනවා ඒකාධිපති මහින්ද රාජපක්ෂව සමකාමීව එළවා දමන්න හැකිවීම ජයග‍්‍රහණයක් කියලා.රයය සතුරු බලවේග වලටත්,දෙමළ ඩයස්පෝරාවෙත් ප‍්‍රහාරයට ලක්වුණු නායකයා මහින්ද රාජපක්ෂ මහතා කියලා ඉතා පැහැදිලියි. ඒ වගේම ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඔවුන් විසින් ගෙනයන්න හදන නායකයෙක් මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ. රට බේරා ගැනීමට නොබියව ඉදිරිපත් වුණු මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයෙක් එක්ක එකට හිටගන්න ලැබීම මට ප‍්‍රශ්නයක් නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතා කියන්නේ සටන් විරාම ගිවිසුම අස්සන් කරලා රට බෙදන්න ගිය නායකයා. අධිරාජ්‍යවාදයට ගැතිකම් කරන නායකයා.ඒක නිසා මහින්ද හා රනිල් අතර ලොකු වෙනසක් තියෙනවා”
– Mawbima
No comments:
Post a Comment