සෝමවංශ ඉවත්වීම ජවිපෙට හොඳයි.. නායක අනුර ෂෝයි.. ඔහු නිසා කිරි උතුරනවා..
April 18, 2015 at 1:20 pm | lanka C news

වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
‘සෝමවංශ අමරසිංහ මහත්මයා භීෂණ සමයේ ජනතා විමුක්‌ති පෙරමුණේ සිටියදී මොනවද කළේ මොනවද වුණේ කියලා කල්පනා කර බැලිය යුතුයි. එදා රෝහණ විඡේවීර මහතාගේ නායකත්වයෙන් ඡේ.වී.පී. එකේ වැඩ කෙරුණේ කොහොමද කියලා සිතා බැලිය යුතුයි. එදා රාජ්‍ය දේපළ විනාශ කළා. බුරුතුපිටින් හමුදා පොලිස් මෙන්ම විවිධ තරාතිරමේ අහිංසකයෝ නිකරුණේ මරා දැම්මා. ඒ අතීතය ජනතාවගේ මතකයෙන් ඈත්වෙලා නැහැ. සෝමවංශ අමරසිංහ මහතා අද ඡේ.වී.පී. එකේ ප්‍රතිපත්ති අනුමත කරන්නේ නැහැ. ඔහුට මොන ප්‍රතිපත්තිද ඕනෑ. වත්මන් ජ.වි.පෙ. අද ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යනවා. එම පක්‍ෂයට හොඳ නායකයෙක් ලැබිලා තියෙනවා. සෝමවංශ මහතා පක්‍ෂයෙන් ඉවත්වීම වත්මන් ඡේ.වී.පී. එකට හොඳයි’
– දිවයින
No comments:
Post a Comment