ලෝකයෙන්ම මට ඇත්තේ එකම ගිණුමයි.. ක්‍රෙඩිට් කාඞ් එකක්වත් නෑ.. මේ අපහාස රටට කල සේවයටද
April 20, 2015 at 4:54 pm | lanka C news

ශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා සඳහන් කළේ රට වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටුකළ තමාගේ කීර්ති නාමය විනාශ කිරීම සඳහා වත්මන් ආණ්ඩුවේ අතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවයි.
තමා රාජ්‍ය සේවයට බැඳුණු දා සිට අද දක්වා කිසිදු අයථා මුදලක් උපයා නොමැති බවත්, වත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් තමාගෙන් පළිගැනීමට කටයුතු කරන බවත්, ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම ශ්‍රී ලංකාව තුළ තමාට ඇත්තේ එකම බැංකු ගිණුමක් බවත්, එය හුණුපිටිය ලංකා බැංකු ශාඛාවේ ඇති බවත්, එම ගිණුම වසර 30ට වඩා අධික බවද හෙතෙම සඳහන් කර සිටියේය.
අදාළ ගිණුමට මුදල් ලැබී ඇත්තේ යුද හමුදා විශ්‍රාම වැටුප සහ ආරක්ෂක ලේකම් වැටුප බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
තවද තමාට ශ්‍රී ලංකාව තුළ තිබුණු ඉඩම සහ නිවස විකුණා එම මුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කරයක තැන්පත් කර අමෙරිකාවට ගිය බවත්, අමෙරිකාවේ පදිංචිව සිටි කාලයේ එහි තිබු නිවස විකුණා යළි ලංකාවට පැමිණෙන විට අමෙරිකාවේ තම බිරිඳගේ නමින් තැන්පත් කළ බවත්, ඒ මහතා කියා සිටියේය.
එම මුදල් හැරුණු විට තමා ලොව කිසිදු රටක මුදල් තැන්පත් කර නොමැති බවත්, අඩුම තරමින් තමාට බැංකු ණය කාඩ්පතක් (ක්‍රෙඩිට් කාඩ්) පවා නොමැති බවත් හෙතෙම කීවේය.
මෙවන් පසුබිමක තමාට අල්ලස් කොමිසම හමුවට කැඳවා තමාගේ කීර්තිනාමය විනාශ කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සහා දැරීම මහත් කලකිරීමකින් ජීවත්වීමට සිදුව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
– අද දෙරණ
30,515 Viewers
No comments:
Post a Comment