යහපාලකයෝ දුෂණය නැති කරන්න කියලා මාර්ගයේ පළල අඩි තුනකින් අඩු කරලා
July 18, 2015 at 8:02 am | lanka C news

ඒ මහතා මෙසේ කියා සිටියේ කුරුණෑගලදී පවැති උත්සව සභාවක් අමතමිනි. ඔහු එහිදී මෙසේද කියා සිටියේය.
ඇස්තමේන්තුවක් හදන්න බෑ හොරකම් කරන්න. ඇස්තමේන්තු හදන්නේ ඉංජිනේරුවරු, වෘත්තීයවේදීන්. ගල් වැලිවලට, පස්වලට යන වියදම විතරක් නෙමෙයි ඉඩම් අත්පත් කරගැනීම සඳහා යන මුදලුත් ඇතුලත් කරනවා. මේ ඇස්තමෙන්තු ජාත්‍යන්තර වශයෙන් බලනවා. නමුත් මිනිස්සුන්ට කිව්වාම මේ පාරෙන් හොරකම් කෙරුවා කියලා. අන්තිමට බලන කොට මේක ඇත්තක් බවට පත්වෙලා. මිනිස්සු හිතුවා මේආණ්ඩුව ඔක්කොම හොරු ඉන්නේ යහපාලනයකට ගේන්නනම් හංසයෙකුට ගහන ඒක හො`දයි කියලා ඔහෙ ගැහුවා. ඒ විපාක දැකපු අය අද මහින්ද සමග එක්වී මේ දිනසීයේ රජය පරාජය කරන්න රොක්වී සිටිනවා.
කවුද මේව කීවේ. එක්සත් ජාතික පක්ෂය නෙ. මේ කුලියාපිටිය නාතන්ඩිය පාර හදපු එකම ගනන් මතකනෙ පාරට ඉඩමෙන් කොටසක් යනව කියල නඩු දාල පාර හදන එක නවත්වන්න හැදුවේ කවුද මේ එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතය නේද. මෙහෙම මහජන සේවය කරන්න පුලූවන් ද. පොඩි මිනිහ පර්චස් හයේ ඉඩමෙන් පර්චස් තුනක්දීල සතුටු වුණා. මේ අය මහජන සේවකයො නිසා නඩු දැම්ම. මේක ද යහ පාලන දේශපාලනය. එය කියන අයගේ මහජන සේවය යැයි ඒ මහතා පැවසීය.
දැන් පොලීසිය දාගෙන පොලිස් විහේෂ කාර්ය බලකාය දාගෙන මැතිවරණය කරන්නේ මේ ප‍්‍රදේශයේ දන්නැති අය ද. මොකක්ද මේ සෝබවන වැඩ. මේවා නතර කළ යුතුයි. ඒය එබලාට කල හැකියි. මේ පුම්බන්න හදන බැලූම හිල් කරල බලන්න කියල මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ද හ් මහතා පැවසීය.
දැන් ජනතාව ඉල්ලන නායකයා මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. හොදට මතක තියා ගන්න පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් ඇති දේශපාලන පක්ෂය රජයක් පිහිටුවන බහුතර මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත අනුව. රනිල් වික‍්‍රමසිංහ මහතා දැන් හිතාගෙන ඉන්නවා ඉදිරි පාර්ලිමේන්තුවේ අගමැති කියා. මිත‍්‍රවරුනි රනිල් බොයිලර් කුකුලෙක් වගෙයි. කෙටි කාලයයි. ආණ්ඩුවල අගමැති පමණයි. දේශපාලන ඉතිහාසය පුරා පැරදුන රනිල් මෙවර මහා මැතිවරනයෙන් පස්සෙ ගෙදර. වෙනත් අය පක්ෂයේ බලය අල්ලනවා යැයිද ඒ මහතා තවදුරටත් පැවසීය.
– ජනක හඳුන්පතිරාජ
No comments:
Post a Comment