ගලේවෙල අයි.එස් සාමාජිකයා ගැන දැන අප දනන් සිටියා - උලමා සංගමය කියයි
ශ්‍රී ලංකා මුස්ලිම් සභාව, ජාත්‍යන්තර ඉස්ලාමීය සාම සංවිධානය, ලෝක
මුස්ලිම් තරුණයින්ගේ එකමුතුව, සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගමය මෙන්ම සමස්ත
ලංකා තව්හීද් ජමාත් ඇතුලූ සංවිධාන 10 ක නියෝජිතයින් ඊයේ පැවති සම්මේලනයකදී
මින් ඉදිරියට මෙවැනි සිදුවීමකට යළි අවස්ථාව ලබානොදීමට එකගතාවයකට පැමිණ
තිබෙනවා.
මේ අතර, අද (23) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය
රාජිත සේනාරත්න සඳහන් කළේ මෙම පුද්ගලයාගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ද
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඔවුන් අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වනවාද
යන්න පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස්
ලබාදී ඇති බවයි. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ
පිළිබඳව දැනුම්දුන් බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හමුදා
මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ රටේ ජාතික ආරක්ෂාව
සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් ඇතිකර නොගත යුතු බවයි.
No comments:
Post a Comment