අර්ජුන අයියාට ලැජ්ජ හිතෙන කතාවක් ප‍්‍රසන්න මල්ලි කියයි.. ජවිපෙ අනුරටත් නඩු දමයි..
July 23, 2015 at 4:40 pm | lanka C news

රණතුංග මහතා පෙන්වා දෙන්නේ මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක් සංවර්ධනය කර විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට හා තම බිරිදට පසුගිය දා වැලිගම පැවැති රැස්වීමකදී අනුර කුමාර දිසානායක මහතා අපහාස කර ඇති බවයි. අපහාස නඩු පැවරීමට පෙර ඔහුගෙන් වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට සිය නීතිඥයන් මගින් කටයුතු කරමින් සිටින බවද රණතුංග මහතා සදහන් කරයි.
අද උදෑසන බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල නිවසේදී පැවැති මාධ්‍යය හමුවකදී ඔහු මේ ගැන ස`දහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.
‘ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතාගේ කි‍්‍රයා කලාපය පිළිබදව සැක සහිත බව සදහන් කරලා තිබුණා. ඔහු එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂාවන් ඉටු කරන පුද්ගලයෙකු ලෙසයි හදුන්වා තිබුණේ. ජනතා විමුක්ති පෙරමුණේ නයකයා දැන් කටයුතු කරන්නේ නින්දෙන් ඇහැරිලා වගේ. පහුගිය කාලේ මෙයා හිටියේ රනිල්ගේ තුරුල්ලේ. විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයා පසුගිය ජනාධිපතිවරණයට කලින් අනුර කුමාර දිසානායක මහතාට රුපියල් මිලියන 25 ක මුදලක් දුන් බවත් මීට පෙර ප‍්‍රකාශ කරලා තිබුණා. මේ රතු අලි පැටියා අපිට චෝදනා කරන්නේ කාගේ උවමනාවට දැයි මේ සිද්ධීන් වලින් පැහැදිලි වෙනවා.
මහින්ද රාජපක්‍ෂ මහතා හා ඔහුගේ කණ්ඩායමට එරෙහිව ද්වේශ සහගත බොරු ප‍්‍රචාර පතුරලා ඔවුන්ගේ කීර්තිනාමයට හානි කරන්න යි මේ අය හදන්නේ. මම හා මගේ බිරිදට එරෙහිව ඔහු කළ ප‍්‍රකාශයට එරෙහිව මම නීතිමය පියවර ගන්නවා. නඩු පවරන්න කලින් වන්දි ඉල්ලලා ඔහුට එන්තරවාසියක් යවන්නත් අපි කටයුතු යොදා තියෙනවා. ඉදිරි දින කිහිපය තුළදී ඔහුට එම එන්තර වාසිය ලැබේවි.
රාජපක්‍ෂ ආණ්ඩුවට තිබුණු ලොකුම චෝදනාව තමා හොරකම් කළා කියන චෝදනාව. එය සමාජය තුළ වැපුරුවේ කිසිම පදනමක් ඇතිව නොවේ. හොරා, හොරා කිව්වට මේ වන තුරු ඒ චෝදනාව ඔප්පු කරන්න මේ අයට පුළුවන් වෙලා නෑ. මට විරුද්ධව මේ අය හොරා යැයි චෝදනා නගන්නේ මේ වන විට මම මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින නිසයි. ඒ නිසා මගේ කීර්තිනාමයට බරපතල හානියක් සිදු වුණා. මේ ප‍්‍රතිපත්තියම තමයි පසුගිය ජනාධිපතිවරණයේදීත් කි‍්‍රයාත්මක කළේ. මා සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු නිමිත්තට අදාලව කවුරු හරි මින් ඉදිරියට දේශපාලන වේදිකාවේ හෝ යම් තැනක මට අපහාස වන පරිදි චෝදනා කළොත් ඔහුගේ හෝ ඇයගේ තරාතිරම කුමක්දැයි නොසලකා නඩු පවරනවා. මට කරන අපහාසයට වන්දි ලබා ගන්නවා.
මම මගේ තාත්තත් එක්ක දේශපාලනය කරන්නේ අවුරුදු 15 ඉදන්. ගම්පහ දිස්ති‍්‍රක් ජනතාව දන්නවා මම දේශපාලන කටයුතු කරන ආකාරය. බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා විදියට පළාත් සභාව තුළ විපක්‍ෂය මට කවදාත් චෝදනා කළේ නෑ. අයවැය විවාද වලදී ඔවුන් මගේ කාර්යභාරය ප‍්‍රශංසාවට ලක් කළා. හදිස්සියේම මේ චෝදනාව එන්නෙත් මේ චෝදනාව පිළිබ`දව කතාබහට ලක් වෙන්නත් හේතුව කුමක් දැයි අපේ රටේ ජනතාවට රහසක් නෙවේ. මේ චෝදනා එන්නේ වෙන මොනවත් නිසා නෙවේ මා මහිින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට සටන් වදින නිසා. අපිට එරෙහිව මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ පුද්ගලයාට එරෙහිව නීතිමය කි‍්‍රයා මාර්ග ගැනීමට දැනටමත් මූලික පියවර ගෙන තියෙනවා.
රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව කම්බ හොරුන්ගේ ආණ්ඩුවක්. හොරා, හොරා යැයි අනෙකාට ඇගිල්ල දිගු කරන එක්සත් ජාතික පක්‍ෂය ඔවුන්ගේ හුරතලූන් වන ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්‍ෂත් වටහා ගත යුතු කාරණාව තමයි කෙනෙකුට ඇගිල්ල දිගු කරන විට තමන් දෙසට ඇගිලි හතරක් දිගු වී ඇති බව. ඒ නිසා මට චෝදනා කරන අයට මම කියන්න කැමතී වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා. අපි දේශපාලනයේ හොදට තෙම්පරාදු වෙච්ච අය. ඇපිත් ඔිනෑම දේකට ලෑස්තියි.
අර්ජුන රණතුංග මගේ සහෝදරයා පසුගිය දාක අත්තනගල්ලේ රැස්වීමකදී කියලා තිබුණා සරණ ගුණවර්ධන මන්තී‍්‍රතුමාගේ නෝනාගේ ඡයාරූපයක් හා මගේ ඡයා රූපයක් සහිත පොස්ටරයක් දැක්කහාම එතුමාට ලැජ්ජා හිතුණා කියලා. මහ මැතිවරණ කටයුතු වලට මගේ ඡයාරූපය ගම්පහ දිස්ති‍්‍රක්කයේ ඉන්න බොහෝ දේශපාලනඥයන් යොදා ගන්නවා. ඒ ගැන මට කිසිම ප‍්‍රශ්ණයක් නෑ. හැබැයි අර්ජුන අයියා මේ කතාව කියලා තිබුණේ මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා ළග තියාගෙන. පිටුපසින් ගහලා තිබුණේ ආසියාවේ ලොකුම හොරා වුන මහ බැංකු හොරකමට වගකියන්න ඕන රනිල් වික‍්‍රමසිංහගේ රූපයක්.
අනෙක 1977 දී ගේ ගිනි තියපු තාත්තාගේ පපුවට පිහියෙන් ඇණලා පහර දුන්නු එක්සත් ජාතික පක්‍ෂයේ වේදිකාවට අර්ජුන රණතුංග මන්තී‍්‍රතුමා නැග්ගේ රෙදි ඇදගෙනද ?. පසුගිය කාලයේම අර්ජුන අයියා මට චෝදනා කර කර ගියා. මම පක්‍ෂය කඩන්න හැදුවා කියාල. හැබැයි අද එයා ඉන්නේ කොතැනද ? මුළු රටම දන්නවා පක්‍ෂ ගණනාවක ඉදලා අපේ පක්‍ෂයට ඇවිල්ලා මහින්ද රාජපක්‍ෂ මහත්තයා විවේචනය කර කර ඉදලා එයා ආපහු නතර වුණේ කෙහෙද කියලා. ඒ නිසා ප‍්‍රතිපත්ති ගරුක දේශපලනයේ නිරත මම ප‍්‍රතිපත්තියක් නැතිව දේශපාලනයේ නිරත වන අය පිළීබදව කණගාටු වෙනවා. ඒ ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ’
– ප‍්‍රදීප් අනුර කුමාර
No comments:
Post a Comment