මහින්ද, ගෝඨා සිටින ආසන්නයේ හමුදා සිවිල් සෙබළුන් සමඟ සුදු වෑන් රියක් අත්අඩංගුවට… පරීක්‍ෂණ යට ගැසේ…
July 21, 2015 at 2:10 pm | lanka C news

රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එතුල සිට ඇත්තේ යුධ හමුදා මේජර් ජනරාල්වරයෙකුට අයත් හමුදා සේනාංකයක සිවිල් ඇඳුමින් සැරසුනු සෙබළුන් පිරිසකි.
මේ වන විට අදාල පරක්‍ෂණ කටයුතු යට ගසමින් ඇති අතර අදාල හමුදා මේජර් ජනරාල්වරයා යහපාලන ආණ්ඩුවේ ආලාපාළු කතා ගැන ප‍්‍රකට ඇමතිවරයෙකු හා ඉතා සමීප සබඳකම් ඇත්තෙකි.
මේ වන විට පොලීසිය විසින් මාධ්‍යය ප‍්‍රකාශ කර ඇත්තේ අදාල වෑන් රථයේ අංත තහඩු මාරු කර ඇති බවත් එහි සිටි සිවු දෙනෙකු සිවිල් ඇඳුමින් සිටි යුධ හමුදා සාමාජිකයන් බවත්ය. එසේම එක් හමුදා සාමාජිකයෙකු ළඟ තිබී අත්අඩංගුවට ගනු ලැබූ පිස්තෝලය අදාල මේජර් ජනරාල්වරයාගේ බවද පොලීසිය සඳහන් කර ඇත.මෙම මේජර් ජනරාල්වරයා ආරක්‍ෂක ලේකම්වරයා යටතේ පිහිටුවා ඇති විශේෂ ඒකකයට අනුයුක්ත කර ඇත්තේ පෙර කී ඇමතිවරයාගේ නිර්දේශය මතය.
සැලකියු යුතු විශේෂ කාරණව වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද මේ වන විට නැවතී නැවතී සිටින්නේ මිරිහාන ප‍්‍රදේශයේ වීමයි.
No comments:
Post a Comment