ජනපතිගේ ප‍්‍රකාශය රනිල්ට වාසියි තමයි.. ඒත් මෛත‍්‍රී නායකත්වයෙන් ඉවත් කරන්නේ නෑ…
July 16, 2015 at 1:20 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කරන ලද ප්‍රකාශය ‘අනපේක්ෂිත මට්ටමේ එකක්’ විනැයි නියෝජ්‍ය ඇමති තිලංග සුමතිපාල පවසයි.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දීම අතින් ජනාධිපතිවරයා එරෙහි වීම තේරුම් ගත හැකි නමුත් ඔහු ඊයේ කළ ප්‍රකාශය ‘අගමැති රනිල් වික්‍රමසිංහට වාසි සහගතව සිදු කරන ලද්දක් හැටියට නියෝජ්‍ය ඇමතිවරයා විසින් විග්‍රහ කරයි.
තවදුරටත් අදහස් දක්වමින් තිලංග සුමතිපාල නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති පදවියට පත් කිරීමට තීන්දු කළ බවයි.
එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවියෙන් ඉවත් කිරීමේ සැලැස්මක් නොමැති බවත් තිලංග සුමතිපාල නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.
මහමැතිවරණයෙන් අනතුරුව නව අගමැතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ, බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනු ලැබුනොත් මහින්ද රාජපක්ෂට ප්‍රජාතන්ත්‍රවාදී මට්ටමින් අගමැති පදවියට පත් වීමට බාධාවක් නොමැති බවයි.
No comments:
Post a Comment