Thursday, July 16, 2015

මෛත‍්‍රී කලේ හිවල් කතාවක්.. මේ මොන නායකයෙක්ද..

මෛත‍්‍රී කලේ හිවල් කතාවක්.. මේ මොන නායකයෙක්ද..              ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් කලේ හිවල් කතාවක් බවත් ඒය නායකයෙකුට ගැළපෙන්නේ නැති බවත් සන්ධාන ගාල්ල දිස්ත‍්‍රික් අපේක්‍ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
               
 ගාල්ල බද්දේගමදී පැවති ජනහමුවක් අමතමින් මුතුහෙට්ටිගම මහතා මෙසේද පැවැසීය.
                 
‘මහින්ද-මෛත‍්‍රි එකතු වීම එක්ක අප තුළ නව බලාපොරොත්තුවක් ඇති කලා. රනිල් හිතන් හිටියේ ශ‍්‍රීලනිපය බෙදිලා ඉල්ලයි කියලා.
             
              පක්‍ෂ නායකයා ලෙෂ ජනාධිපතිතුමා කළ ප‍්‍රකාශයත් සමග අපේ බලාපොරොත්තු බිද වැටුණත් අපි මේ ප‍්‍රකාශය තුළින් තව තවත් ශක්තිමත් වී මහින්ද මහත්තයා අගමැති කිරීමේ සටන ගෙනියනවා. නායකයෙකු නොකළ යුතු ප‍්‍රකාශයක් තමයි එතුමා කළේ.මොන ප‍්‍රකාශය කළත් මහින්ද මහත්තයා අගමැති වෙන එක කාටවත් නතර කරන්න බැහැ.දැනටමත් රටේ ජාතික බලවේග සියල්ල එතුමා වටා එක්වෙමින් තියෙනවා’
16,882 Viewers

No comments:

Post a Comment