ධර්මපාලතුමා ඉන්දියාවට ගියා.. මට යන්න වෙන රටක් නෑ.. මං මැදමුලනට ගියා.. මගේ ආරක්‍ෂාව ඔබට බාරයි..
June 24, 2015 at 1:20 pm | lanka C news

ඒ මහතා මෙසේ කියා සිටියේ සූරියවැව ප‍්‍රදේශයේ පැවති බෝධිපූජා වැඩසටහනකට සහභාගී වෙමිනි.
‘ආරක්ෂාව ඇතත් නැතත් මගේ පන්සල්යාම නතර කරන්න ඔය කාටවත් බැහැ. අපේ ජනතාව මට ආරක්ෂාව සලසනවා.
අපි පාරවල් හදනකොට සමහරු මගෙන් ඇහුවා මොකට මෙච්චර ලොකුවට පාරවල් හදන්නේ කියලා.අඩි අටක් දහයක් තිබුණම ඇති කියල සමහරු කිව්වා. මේවා හැදුවෙ අපේ ඉන්න දරුවන්ට හා ඉපදෙන්න ඉන්න දරුවන්ට. කොළඹ නගරයට වෙච්ච දේ හම්බන්තොට නගරයට වෙන්න දෙන්න බැහැ.
කර්මාන්තශාලා මෙහේ වැටෙනකොට එකතුවන වාහන ප‍්‍රමාණය විශාලයි.ඒ නිසා ඒවාට සරිලන පාරවල් තියන්න ඕනෑ.ඒ නිසා තමයි මංතීරු හයේ හතරේ පාරවල් හැදුවේ.
මියන්මාර් ගිය වෙලාවේ දැක්කා මංතීරු අටේ පාරවල්.සමහර ඒවා මංතීරු දහයයි.ඒ වුණාට අපේ රටේ තියෙන වාහන ප‍්‍රමාණයවත් මම දැක්කේ නැහැ.ඒ අය ඒවා හැදුවේ අනාගතය ගැන හිතල. අද සමහරුන්ට ඕන එදා දවස කොහොම හරි පර්චස් දහයක් දීල මුඩුක්කුවක් වගේ ගෙයක් හදා ගත්තම ඒක තමයි ලොකු වෙන්නෙ. තමන්ගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට රැකියා අවස්ථා ලැබෙන සැලසුම් සහගත කර්මාන්ත ශාලාවලට වඩා ඔවුන්ට වටින්නේ පර්චස් පහක දහයක ගෙයක් හදාගෙන ඉන්න එක. මට අවශ්‍ය වුනේ නූපන් පරපුර වෙනුවෙන් රටක් හදන්න.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරන අපි ජනපතිවරණයෙන් පසු විනාඩි පහක් උන්නේ නැහැ.ප‍්‍රතිඵල එන්නත් කලින් ඒ නිල නිවසින් ආව.ඒ නිසා තමයි අද ජනතාව අතරට එන්න අපට බයක් නැත්තෙ. ධර්මපාලතුමා මේ රට වෙනුවෙන් විශාල සේවයක් කළා. කියන්න තියෙන දේ නිර්භයව එතුමා කිව්වා. එදා හිටිය සමහර කණ්ඩායම්,සමහර පුවත්පත් එතුමාටත් හොරා හොරා කිව්වා. ආධාරවලට ගැහුවා.මේ රට ගැන කලකිරිලා එතුමා ඉන්දියාවට ගියා.අද ඉන්දියාව ධර්මපාල දිනය සමරනවා. මුද්දරයකුත් ගැහුවා.එතුමා කිව්වා එතුමාගේ අළුවත් ලංකාවට ගේන්න එපා කියලා. ධර්මපාලතුමාටත් එහෙම කළා නම් අපට කොහොම කරයිද? ඒ වගේ තමයි අපි රටේ වරායවල් හදනකොට, ගුවන් තොටුපළවල් පාරවල්, දුම්රිය පාරවල් හදලා රට සංවර්ධනය කරනකොට හොරා හොරා කියනවා.ධර්මපාලතුමා ඉන්දියාවට ගියා. යන්න වෙන රටක් මට නෑ. මම මැදමුලනට ගියා. මං ඔබ ළගට ආව’යයිද ඔහු එහිදී පිරිස අමතමින් කියා සිටියේය.
No comments:
Post a Comment