ශ්‍රීලනිප අයිතියට අභියෝග කරමින් මහින්ද පිල නඩු මඟට
June 30, 2015 at 7:08 am | lanka C news

මෙසේ නඩු පවරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමින් සහ අත ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමේ අවස්‌ථාව අහෝසි කිරීමට උපක්‍රමයක් වශයෙන් බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකු මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එක්‌සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බුලත් කොළයෙන් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදීමට සූදානම්ව සිටින නිසා මෙසේ ශ්‍රීලනිපයේ අයිතිය අභියෝගයට ලක්‌කරමින් නඩු පැවරීමට සූදානම් වන බව ද එකී ආරංචි මාර්ග අනාවරණය කළේය.
මෙසේ ශ්‍රීලනිපයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ විට ඒ යටතේ නාමයෝජනා ලබාදීම ගැටලුවක් වන නිසා ශ්‍රීලනිප බහුතරයට එජනිස යටතේ තරග කිරීමට අවස්‌ථාව ලබාගැනීම මෙහි අරමුණ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
– දිවයින
No comments:
Post a Comment