June 24, 2015 at 12:00 pm | lanka C news

කොටි විදෙස් ජාලයට සමීප සබදකම් ඇති ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධාන කාර්යාලය
කොළඹ නගරයේ පවත්වාගෙන යාමට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට එම සංවිධානය සූදානම්
වන බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ
පවසති.
උන් වහන්සේ පවසන්නේ තමන් වහන්සේ මෙම තොරතුරැ ලැබුනේ කැනඩාවේ පවත්වාගෙන යන සංවිධානයක් හරහා බවයි.
ඒ අනුව ඉදිරි මාස කිහිපයේදී මෙරට පැවැත්වීමට නියමිත ඩයස්පෝරා සමුළුවෙන් පසු මහල්

කිහිපයකින්
සමන්විත ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට ගෝලීය දෙමළ සමුළුව සැලසුම් කර ඇති බවද
පවසන එහිමියෝ එහි කටයුතු මෙරට සිට පවත්වාගෙන ගියහොත් රටට අහිතකර
ප‍්‍රතිඵලවලට මුහුණදීමට සිදුවනු ඇති බවද අවධාරණය කරති.
No comments:
Post a Comment