ගෝඨාභයගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකියි – මංගල
June 24, 2015 at 4:40 pm | lanka C news

නිදසුනක් ලෙස මිග් ගනුදෙනුව පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකොට නිසි පියවර ගනු ලැබුවහොත් ඔහුගේ ප්‍රජා අයිතිය පවා අහෝසි විය හැකිව ඇති බව සමරවීර මහතා කියා සිටියේ අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
තමා ප්‍රකාශ කරනු ලබන්නේ අසත්‍යයක් නම් තමාට එරෙහිව නඩු පවරන ලෙස තමන් අභියෝග කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
2006 වසරේ මිග් යානා 4ක් මිලදී ගෙන ඇති බවත්, යුද්ධය පැවති වකවානුව බැවින් ඒවා මිලදී ගැනීම ගැන ප්‍රශ්නයක් පැන නොනඟින නමුත් නියමිත මිල ගණන්වලට වඩා ඉතා වැඩි මිල ගණන් වලට ඒවා ලබාගෙන ඇති බවත්, ලන්ඩනයේ එකී ගනුදෙනුව සම්බන්ධීකරණය කළ බව කියන කාර්යාලය පවා එවැනි කාර්යාලයක් නොවන බවත්, බ්‍රිටිෂ් වර්ජිනියා නම් දූපතේ එවැනි නමකින් යුතු කාර්යාලයක් පැවතියද එය මහාපරිමාණ කළු සල්ලි සුදුකරන ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවත් සමරවීර මහතා පෙන්වා දුන්නේය.
යුක්‍රේනයේ හිටපු තානාපතිවරයා වූ උදයංග වීරතුංග මහතාද මෙම අවි ගනුදෙනු හා ජාවාරම් සඳහා සම්බන්ධ බවත්, 2014 නොවැම්බර් 19 වන දින ඔහුට එරෙහිව එරට බලධාරීන්ට පැමිණිලි ලැබී ඒ පිළිබඳ ශ්‍රීලංකා රජයෙන්ද විමසීමක් කර තිබුණු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ අනුව කළ යුත්තේ රට නොමගයැවීමට බොරු විශ්ලේෂණ ඉදිරිපත් කිරීමට නොව සත්‍යය රටට හෙළිකිරීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
හිටපු යුක්‍රේන තානාපතිවරයා සම්බන්ධ වුණු අවි ගනුදෙනුවලට අදාළ ලියකියවිලි හා ලිපිගොනු අංක පවා මේවන විට ලැබී ඇති බවත්, ඉදිරියේදී මිග් යානා ගනුදෙනුවලට අදාළවද සියලු ලියකියවිලි ඉල්ලා ඇති බැවින් ඒවා නිසි ලෙස ලැබෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
– Adaderana.lk
No comments:
Post a Comment