රට පුරා සමලිංගික විවාහ පිළිගත යුතු බවට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.. ඔබාමාත් සතුට පල කරයි..
June 27, 2015 at 9:29 am | lanka C news

ඔබර්ගෙෆෙල්ට එදිරිව හොජස් ලෙස හැඳින්වෙන මෙම නඩුව විසින් මිචිගන්, කෙන්ටකි, ඔහායෝ සහ ටෙනසී ප‍්‍රාන්ත තුළ විවාහයට දී තිබූ අර්ථකථනය අභියෝගයට ලක්කරන ලදී.
විවාහය යනු පිරිමියකු සහ ගැහැණියක අතර බන්ධනයක් ලෙස එම ප‍්‍රාන්ත තුළ නිර්වචනය කර තිබිණි.
කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ ඇමරිකානු ව්‍යවස්ථාවේ 14වන සංශෝධනය විසින් තහවුරු කරන ලද සමාන ආරක්‍ෂණයක් ලැබීම පිළිබඳ අයිතිය සමරිසි විවාහ සඳහාද හිමිවිය යුතු බවයි.
මේ අනුව එකම ලිංගිකත්වයකට අයත් පුද්ගලයින් දෙදෙනෙකු නීත්‍යානුකූල ලෙස විවාහවී ඇති විට හා එම විවාහය ප‍්‍රාන්තයෙන් පිටතදී සිදුකර ඇති විට එය සියලූ ප‍්‍රාන්ත විසින් විවාහයක් ලෙස පිළිගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතරය විසින් පවසා තිබේ.
නව පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී විභාග කරන ලද මෙහිදී විනිසුරුවරුන් 5 දෙනෙකු තීන්දුවට පක්‍ෂව ඇති අතර අනෙක් සිව්දෙනා විරුද්ධ ස්ථාවරයක් දැරීම විශේෂත්වයකි.
ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ජෝන් රොබට්ස්ද සුළුතර කණ්ඩායම තුළ සිටීම ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන තත්වයක් බව අධිකරණ නිරීක්‍ෂකයින්ගේ අදහසයි.
අධිකරණ තීන්දුව පිළිබඳව ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමාද සතුට පළ කර ඇතැයි වාර්තා වේ.
797 Viewers
No comments:
Post a Comment