ඡන්දය ඉල්ලන්න එපා යයි රහස් හමුවේදී මෛත‍්‍රී ඉල්ලලා.. ඒකට ප්රමාද වැඩි යයි මහින්ද කියලා..?
June 27, 2015 at 12:01 am | lanka C news

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඊලග මැතිවරණයට තරග නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලීමක් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජනපතිවරයා හා හිටපු ජනපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් 25 රාත්‍රී පවත්වා තිබේ.
එහිදී ජනපතිවරයා හිටපු ජනපතිවරයාට සඳහන් කර ඇත්තේ මැතිවරණයට තරග නොකරන ලෙසත් තමා සමඟ එකට එක් වී මැතිවරණය වෙනුවෙන් කටයුතු කරන ලෙසත්ය.
එම සාකච්ඡාවේදී ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමාට එය කළ නොහැකි බවත් ඒකට ප්රමාද වැඩි බවත්ය.
ජනතාව හා කණ්ඩායමක් එක්ව තමාව නැවතත් මේ තැනට ගෙන ආ බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් ඊට සහභාගි වී නොමැති අතර මෙම සාකච්ඡා ඉදිරියටත් සිදුවේද යන්න කිව නොහැකි බව එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ශ්‍රීලනිප පාක්ෂිකයින්ට කරදර හිරිහැර සිදු කිරීමේදී ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා පෙනී සිටියේනම් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබූ බව ආරංචි මාර්ග පවසයි.
මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැත්විණි. බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ නිවසේ සිට එම සාකච්ඡාවට ගිය හිටපු ජනපතිවරයා නැවත පැයකට පමණ පසු එහි පැමිණි බව වාර්තා වේ.
– asianmirror
No comments:
Post a Comment