නැගෙනහිර මුස්ලිම් ඒකකය අනිවාර්යයි.. මෛතී‍්‍ර ඒක වෙලාවට පිහිටුවයි.. – හකීම්
June 28, 2015 at 7:05 am | lanka C news

වෙනම පරිපාලන ඒකකයක් පිහිටුවීම සඳහා වන සිය ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබෙන බවත් නිසි වේලාව පැමිණි පසු එය ඉටුවනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද හෙතෙම කීය.
පරිපාලනය විමධ්‍යගත කිරීමේ ක්‍රියාදාමය ඇති කිරීමේදී භාෂාමය වශයෙන් ජනතාවට එදිනෙදා කටයුතු කිරීමට අවශ්‍ය ලෙස සීමාවන් නිර්ණය විය යුතු බවත් කී ඇමැතිවරයා ජනතාවට තම අවශ්‍යතා ඉටුකර ගැනීමට දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයට යැමට වඩා පහසුවෙන් ප්‍රාදෙශීය මට්‌ටමින් ඉටුකර ගැනීමට ඉඩකඩ තිබිය යුතු බවත් කියා සිටියේය.
මේ නිසා නව පරිපාලන ඒකකය පිහිටුවීමේ ඉල්ලීම දිගින් දිගටම සිදු වන බවත් ජනාධිපතිවරයා අවශ්‍ය වේලාවේ එය පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා කීය.
– දිවයින
No comments:
Post a Comment