අනුරයාපා-සුසිල් තනතුරුවලින් දොට්ට…
June 24, 2015 at 12:01 am | lanka C news

මහින්ද-මෛත‍්‍රී සමගි කමිටුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ දිනව එම හමුවෙන් පසුව මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නිවසේදීය.
එම විශේෂ හමුව සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ඒ මහතාට හිතවාදී පිරිසක් සහභාගී වී ඇත.
ඒ අනුව එහිදී තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මුලින්ම අනුර යාපාත් පසුව පේ‍්‍රමජයන්තත් තනතුරුවලින් ඉවත් කර ශ‍්‍රිලනිපයේ හා සන්ධානයේ බලය අත් කර ගැනීමටයි.
හිටපු ජනාධිපතිනියගේ මතය වී ඇත්තේ එන මහ මැතිවරනය සඳහා ශ‍්‍රිලනිපයෙන් තරඟ කල යුතු බවටත් සෙසු සුළු පක්‍ෂවලටත් ශ‍්‍රිලනිපයෙන්ම හා ලකුණෙන් තරඟ වැදීමට අවස්ථාව දිය යුතු බවත්ය.
මහින්ද රාජපක්‍ෂගෙන් එල්ල විය හැති අභියෝගයෙන් බේරීම සඳහා ශ‍්‍රිලනිපයෙන් මිස සන්ධානයෙන් ඉල්ලා ඵලක් නැතැයිද ඇය අදහස් පල කර අතර ඊට මූලික එකඟතාවයද පලව ඇතැයි සඳහන්ය.
ජාතික හෙළ උරුමයේ චම්පික රණවක ඇමතිවරයාද ශ‍්‍රීලනිපය යටතේ තරඟ වැදීමට සූදානමින් සිටිතැයිද එහිදී අදහස් මතුව ඇත.
No comments:
Post a Comment