Tuesday, June 16, 2015

ජනවාරි 10 පාර්ලිමේන්තුව විසුරුවේ නැත්තේ ප‍්‍රබල එජාප ආණ්ඩුවක් බිහිවීම වළකන්නයි… ජනාධිපතිවරණයෙන් පසු දින එනම් ජනවාරි 9 වන දා පාර්ලිමේන්තුව විසුරැවා හරියේ ඉතාම ප‍්‍රබල එජාප ආණ්ඩුවක් හැදෙන නිසා යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
කුරැණෑගලදී පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මෙසේද අදහස් පල කලේය.
‘ගිය ජනවාරි 09 වැනිදා දිවුරුම් දීලා මට පුළුවන්කම තිබුණා 10ම පාර්ලිමේන්තුව විසුරුවන්න. එහෙම කලා නම් අද වෙනකොට තියෙන්නේ ඉතාම ප‍්‍රබල එජාප ආණ්ඩුවක්. ඒත් මං එහෙම කලේ නෑ. ශ‍්‍රිලනිපය පාර්ලිමේන්තුවේ බහුතරය, ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරු 127ක් සන්ධාන විදියට ගත්තාම 142ක්. ඒ ගැන විශ්වාසය තියලා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව මේ රටේ ජනතාවට අවශ්‍ය පරිවර්තනය 19 වැනි, 20 වැනි සංශෝධන සම්මත කරලා රටේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න  ඕන කියන අදහසින් තමයි මම කටයුතු කලේ’ යයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
18,616 Viewers

No comments:

Post a Comment