Tuesday, June 16, 2015
බැඳුම්කර නිකුතුවෙන් දැන් පාඩුව කෝටි 5200 යි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉකුත් පෙබරවාරි 27 දින සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් මේ වන විට රජයට සිදුව ඇති පාඩුව රු. කෝටි 5200 ක් පමණ දක්‌වා ඉහළ ගොස් තිබේ.
එම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදු වූ පොළී අනුපාත ඉහළ යාම නිසා දිගින් දිගටම රජයේ පොළී වියදම් ඉහළ යාමෙන් මේ පාඩුව සිදු වන බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.
එම බැඳුම්කර නිකුතුවේදී නිකුත් කළ බැඳුම්කර වටිනාකම මෙන් දස ගුණයක් දක්‌වා ලංසු මහ බැංකුව විසින් පිළිගැනීමට තීරණය කිරීම නිසා පොළී අනුපාත ඉහළ ගිය අතර මෙයට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුවම සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.
මේ සිද්ධිය හේතුවෙන් මහ බැංකු අධිපතිවරයාට එරෙහිව විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment