June 17, 2015 at 12:42 am | lanka C news
ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීමට නිශ්චිත
තීරණයක් ගෙන නැතත් ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ නම් කුමන පක්ෂයෙන් මහ
මැතිවරණයට තරග කළත් තමා කරග කරන්නේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් පමණක් බව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.හිටපු ජනාධිපතිවරයා මෙලෙස සදහන් කළේ හිටපු ජනාධිපතිවරයා මුණගැසීමට පැමිණි හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ආධාරකරුවන් පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේ ඔවුන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ‘ඉදිරි මහ මැතිවරණයට තරග කරනවාද නැද්ද යන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ඔබලාට කියන්නම්.එසේම මා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් කියනවා ඔබලාගේ යහපාලන ආණ්ඩුවට ජනතාව දෙන පිළිතුරු බලාගන්න පස්ස ගසන්නේ නැතිව පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයකට එන්න.මහින්ද රාජපක්ෂ ආයේ පාර්ලිමේන්තුවට යනවා නම් යන්නේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ඡුන්දයෙන් පමණයි.තමුන්නාන්සේලා බය වෙන්න එපා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට දිස්ත‍්‍රික්කය දාල කොහේවත් යන්නේ නැහැ.වෙලාව ආවම සියලූ දේ කරන්නම්’ යනුවෙන්ද රැස්ව සිටි ජනතාවට පැවැසීය.
– මව්බිම
No comments:
Post a Comment