බැඳුම්කර ගැන කෝප් වාර්තාවෙන් රනිල් අමාරුවේ.. වහා පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..
June 24, 2015 at 4:07 am | lanka C news
මහ බැංකුවේ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කමිටුව
විසින් මෙතෙක් සිදු කර ඇති පරීක්‍ෂණ අනුව මහ බැංකු අධිපති අර්ජුන්
මහේන්ද්‍රන් මහතා වරදකරුවෙකු වී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටද චෝදනා
එල්ල වන තත්වයක් මතුව තිබේ.ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ලබන සතියේ එළී දැක්වීමට නියමිත අතර මේ තත්වය මත හදිසියේම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසීමට ගොස් ඇති අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසයි.
ජනාධිපතිවරණයට පෙර පැවති එකඟතා අනුව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා අති එම පිරිස විශ්වාසභංගවලින් පරදවා හෝ කෝප් වාර්තාව නිකුත් වූ පසු අපහසුතාවට පත් වීමට ඉඩහැර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙසද ඉල්ලා ඇති අතර ජනාධිපතිවරයා ඊට ධනාත්මක ප‍්‍රතිචාරයක් දක්වා ඇත.
ජනාධිපතිවරයා එම තනතුරට පත් වූයේ තම පක්‍ෂය ඇතුළු පිරිසගේ උදවුවෙන් නිසා මැතිවරණයට පෙර තම පක්‍ෂය අපහසුතාවයට පත් වන ක‍්‍රියාමාර්ග නොගන්නා ලෙසත් ශ‍්‍රිලනිපයට නායකත්වය දීම මැතිවරණයෙන් පසුව කරන ලෙසද ඔවුන් වැඩි දුරටත් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර ඇත.
No comments:
Post a Comment