June 18, 2015 at 3:00 pm | lanka C news
එළැඹෙන මහ මැතිවරණය සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා හෝ ජාතික ලයිස්තුවෙන්වත් අවස්ථාවක් ලබා
නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීන්දුකර ඇති බව කැබිනට් ප්‍රකාශක
අමාත්‍ය රාජිත සේනාරත්න අද කොලඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කලේය.හිටපු ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවීමට
පැමිණ
අග්‍රාමාත්‍ය ධුරයත්, ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාවත් ඉල්ලා සිටි
බවද කී ඇමතිවරයා මෙම ඉලලීම් 2ම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවද
කියා සිටියේය. හිටපු ජනාධිපතිවරයාගේ සිහින සැබෑ නොවන බවද සේනාරත්න මහතා
එහිදී වැඩිදුරටත් සඳහන් කලේය.
No comments:
Post a Comment