Thursday, June 18, 2015
කමිටුව පත් කළේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමටයි මහින්දට සන්ධානයෙන් නාමයෝජනාවත් නැහැ - ඇමැති රාජිත සේනාරත්න
රනිල් ධර්මසේන
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට මහ මැතිවරණයට තරග කිරීමට අගමැති අපේක්‌ෂකත්වය හෝ ජාතික ලැයිස්‌තුව හෝ අඩුම තරමින් තරග කිරීමට සන්ධානයෙන් නාම යෝජනා හෝ නොලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය සමගි කිරීම සඳහා ජනාධිපතිවරයා කමිටුවක් පත් කළේ මීට පෙර පැවැත්වූ සාකච්ඡා නැවැත්වූ තැන සිට ඉදිරියට ගෙන යැමට පමණක් බවද ඊයේ (18 දා) පැවැති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙතෙම පැවසීය.
මුලින් දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡාවලදී හිටපු ජනාධිපතිවරයාට අගමැති අපේක්‌ෂත්වය දීමට එකඟ නොවූ බවත් ජාතික ලැයිස්‌තුවෙන් පත්කිරීමට එකඟ නොවූ බවත් එමෙන්ම මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා නොදීමටද එකඟව සිටි බවත් ඇමැතිවරයා කියා සිටියේය. එම සාකච්ඡා නැවතු තැන සිට ඉදිරියට ගෙන යැමට පත්කළ එම කමිටුව ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කර ඇති බව හෙතෙම කීය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී, ඇමැති, අගමැති, විපක්‌ෂ නායක හා ජනාධිපති ධුර දැරූ රාජපකAෂ මහතාට දැන් මොනවා දෙන්නදැයි විමසූ ඇමැතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආපසු හැරෙන පුද්ගලයකු නොවන බවත් කියා සිටියේය.
අපට අවශ්‍ය මන්ත්‍රීවරුන්ව මැන්ඩෙලා වරුන් ලෙස නිෂ්පාදනය කිරීමට මිස මුගාබේලා කිරීමට නොවන බවද එලෙස රටට හානි වන කිසිවක් කරන්නේ නැතැයිද කීය.
කෙසේ වුවත් ඉදිරි මහ මැතිවරණයෙන් පක්‌ෂය ජයග්‍රහණය කරන බවද මෛත්‍රී යුගයක් ඇති කිරීමේ තේමාවෙන් මහ මැතිවරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙහෙයවන බවත් ජයග්‍රහණයෙන් පසුව දිගටම මෛත්‍රී පාලනයක් සිදු කරන බවත් කී හෙතෙම ඒ සඳහා ශ්‍රීලනිපයේ සියලු දෙනාටම එක්‌විය හැකි බවද කීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment