Thursday, June 18, 2015

මහින්ද-මෛත‍්‍රී සමඟියක් නෑ.. සය පුද්ගල කමිටුව අහෝසියි.. දැන් ගල උඩ සටන..

මහින්ද-මෛත‍්‍රී සමඟියක් නෑ.. සය පුද්ගල කමිටුව අහෝසියි.. දැන් ගල උඩ සටන..                
             ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර සම්බන්ධීකරණය ඇති කිරීම සඳහා පත් කරන ලද සය පුද්ගල කමිටු අහෝසි වන තැනට කටයුතු යෙදී ඇතැයි වාර්තා වෙයි.

                 එන මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්‍ෂකයා ලෙස කම් කරන්නේ නම් පමණක් කමිටුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට පර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාගේ කොළඹ නිවසේදී රැස්‌ වූ එම කමිටුව තීරණය කර ඇත.

               මේ අතර එම කමිටුව නම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පාර්ශ්ව කිහිපයකින්ම විරෝධතා එල්ල වී ඇතැයිද වාර්තා වන අතර එයද මෙම තකමිටුව තව දුරටත් ක‍්‍රියාත්මක නොවීමට තීරණාත්මකව බලපානු ඇතැයි කියැවේ.


June 18, 2015 at 9:20 am | lanka C news

No comments:

Post a Comment