ලබන මස 10 වැනිදාට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා.
සැප්තැම්බර් මාසයේදී නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් මෙම දිනය වන විට ආණ්ඩුව විසුරවිය යුතු බවත් එහිදී පැවසුවා.එසේ වුවහොත් අගෝස්තු මාසය අවසන් වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බවයි එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ.
කෙසේ වෙතත් මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා සහ මැතිවරණය පැවැත්විය යුතු නිශ්චිත දින අවසාන වශයෙන් නියම කළ යුත්තේ ජනාධිපතිවරයා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
කෙසේ වෙතත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වැනි සංශෝධනයේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන මත ගැටුම් සම්බන්ධයෙන් විශ‍්‍රාමික මැතිවරණ වෘත්තිකයන්ගේ සහ තේරීම්භාර නිලධාරීන්ගේ සංවිධානයෙන් විමසීමක් කළ අතර එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ මැතිවරණ කොට්ඨාස අඩු කිරීම ප‍්‍රායෝගිකව ගැටලූකාරී බවයි.
අවම වශයෙන් මන්තී‍්‍රවරුන් 150 දෙනකෙුවත් මැතිවරණ කොට්ඨාස නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තෝරා නොගන්නේ නම් මැතිවරණ කොට්ඨාස සඳහා සීමා නිර්ණයද ඉතා අපහසු වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර වැඩි වුවහොත් ඇතිවිය හැකි මහජන විරෝධය සමනය කිරීමට පළාත් සභාවල මන්ති‍්‍ර ධුර සංඛ්‍යාව අඩු කළ හැකි බවයි වැඩිදුරටත් යෝජනා කෙරෙන්නේ. දැනට පළාත් සභා මන්තී‍්‍රවරුන් 445 දෙනෙකු සිටින බවද එය 375 ක් හෝ 400 ක් දක්වා අඩු කිරීම යෝග්‍ය බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා
No comments:
Post a Comment