Monday, June 15, 2015

රට දෙකට තුනට බෙදෙනවා - මැද‍ගොඩ අභයතිස්ස හිමි

AddThis Social Bookmark Button
 alt
උතුරේ හමුදා කඳවුරු ඉවත්කර‍ගෙන යන බවත් හමුදාවේ ශක්තිය හා බලය අඩුකරමින් ඇති බවත් ආචාර්යලපූජ්‍ය මැද‍ගොඩ අභයතිස්ස හිමි පවසයි. අද:15 කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ අතර ඒ අනුව තව අවුරුදු දෙක තුනක් යන විට රට දෙකට තුනට කැඩෙනු ඇති බව උන්වහන්සේ කියා සිටියා.
මේ රට සිංහලයින්ගේ යයි කියන්නේ කවුරුන්දැයි අධිකරණ අමාත්‍යවරයා ප්‍රශ්න කරන බවත් උතුරේ සිටින්නේ යුද අපරාධකරුවන් යයි මහඇමති විග්නේශ්වරන් පවසන බවත් උතුරේ හමුදාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට චෝදනා එල්ල කරන බවත් එල්.ටී.ටී.ඊ යටතේ මීට වඩා ආරක්ෂාවක් තිබුණු බව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පවසන බවත් අභයතිස්ස හිමියන් මේ අතර දී සිහිපත් කළේය.
එසේම ජාතික කොඩිය වෙනස් කොට උත්සව අවස්ථාවන්හි භාවිතා කිරීම සඳහා යෝජිත වෙනස් කොඩියක් කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවද එකක් ලෙස ගායනා කළ ජාතික ගීය මේවන විට දෙකක් ලෙස ගායනා කරන බව උන්වහන්සේ පෙන්වා දුන්නා.
මේ ආකාරයෙන් රට අනතුරකට මුහුණපා සිටින අත්‍යවශ්‍යයම මොහොතක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් රටට ආශිර්වාද පතා ජය පිරිත් සජ්ජායනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර  ඒ අනුව එළඹෙන ජූනි මස 27 වන දින සවස 5.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදී එය පැවැත්වෙන යැයි ස්වාමින් වහන්සේ කියා සිටියා.
30 වසරක ශාපලත් යුද්ධය නිමා කර  රටට සාමය දිනා දුන් යුද්ධයේ අවසාන අදියර තුළ ඇතිවුණු යම් යම් ගැටළුකාරී තත්ත්වයන් හිඳී ඊට නොබියව මුහුණදීම සඳහා ආශිර්වාද කරමින් එකල භික්ෂුන් වහන්සේලා 5000 ක් සහභාගිකරවාගෙන ජය පිරිත් සජ්ජායනාවක් කළ බව අභයතිස්ස හිමියන් සිහිපත් කළේය.
 ඒ අනුව දේශපාලන අවශ්‍යතා මත නොව රටේ කාලීන අවශ්‍යතාව මත මෙවරද 8 වෙනි වරට මෙම පිරිත් සජ්ජායනාව සංවිධානය කර ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය
සබැඳි පුවත් :

No comments:

Post a Comment