Monday, June 15, 2015

ගම්පහ පාසල් අසලින් මත් බීම බෝතල් 1200 ක්‌ අල්ලයි


ලසිත දුමින්ද

මත්වීම සඳහා පාසල් සිසුන් විසින් භාවිත කරන බවට සැකකරන බීම බෝතල් 1200 ක්‌ ඊයේ (15 වැනිදා) ගම්පහ ප්‍රදේශයේ පාසල් අසල වෙළෙඳ සල් කිහිපයක තිබී පාරිභෝගික අධිකාරිය මගින් සොයා ගෙන ඇත.

පාරිභෝගික අධිකාරිය විසින් වත්තල, මීගමුව හා කොච්චිකඩේ යන නගර ආශ්‍රිතව පාසල් නවයක්‌ අසල වෙළෙඳ සල්වල සිදුකළ විශේෂ වැටලීමකදී මෙම බීම බෝතල් තොගය සොයාගෙන තිබේ.

Cola Spray And Spirit Spray නමින් හඳුන්වන මෙම බීම වර්ගය චීනයෙන් ආනයනය කර ඇත. මෙම බීම වර්ගය පිටකොටුව ප්‍රදේශයේ තොග ව්‍යාපාරිකයකු විසින් මෙරටට ආනයනය කර ඇතැයි පාරිභෝගික අධිකාරිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

පාසල් සිසුන් මත් වීම සඳහා භාවිත කරන බවට සැකකරන බීම වර්ගයක්‌ දිවයින පුරා පිsහිටි පාසල් අසල වෙළෙඳ සල්වල අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි රැසක්‌ ලැබී තිබේ.

පාරිභෝගික පනතේ අංක 26 වැනි වගන්තිය ද (භාණ්‌ඩයක මිල සඳහන් නොකිරීම) උල්ලංඝනය කරමින් මේවා අලෙවි කර ඇතැයි ද, මෙම බීම නිසා මත්වන්නේදැයි සොයා බැලීමට සාම්පල රජයේ රස පරීක්‍ෂක වෙත යොමු කරන බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්‌ත්‍රික්‌ ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් එම වැටලීම සිදුකර ඇත.

No comments:

Post a Comment