Monday, June 15, 2015

කපා කොටා ඝාතනය කළ පාසල් සිසුවකුගේ සිරුර උඩවලව කැලෑවක


උඩවලව - එච්. එස්‌. අබේරත්න

කපා කොටා ඝාතනය කළ පාසල් සිසුවකුගේ මළ සිරුරක්‌ උඩවලව මිරිස්‌වැල්පොත ප්‍රදේශයේ කැලෑවක තිබියදී ඊයේ (15 වැනිදා) අලුයම උඩවලව පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙසේ ඝාතනයට ලක්‌වී ඇත්තේ කොළඹගෙආර මහ විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි එම්. අසිත රංජන නමැති දහසය හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය සඳහන් කරයි.

මිරිස්‌වැල්පොත පාසලට යාබද තේක්‌ක කැලෑවක තිබියදී පොලිසිය විසින් මළසිරුර සොයාගෙන තිබේ.

ඝාතනයට ලක්‌ වූ සිසුවා පෙරේදා (14 වැනිදා) උපකාරක පන්තියකට යැමට නිවසින් පිටව ගොස්‌ ඇති අතර රාත්‍රි වනතෙක්‌ නැවත නිවසට නොපැමිණීම නිසා දෙමාපියන් ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇත. අනතුරුව සිදුකළ සොයාබැලීමකදී ප්‍රදේශවාසීන් ලබාදුන් ලේ පැල්ලමක තොරතුරක්‌ මත ගොස්‌ මළසිරුර සොයාගෙන තිබේ.

මේ පිළිබඳ සැකකරුවකු ත්‍රිරෝද රථයක්‌ ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව උඩවලව පොලිසිය පවසයි. ත්‍රිරෝද රථයේ ලේ පැල්ලමක්‌ සහ මිරිස්‌ කුඩු තිබී සොයාගත් බව ද පොලිසිය සඳහන් කරයි.

උඩවලව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඩබ්. එම්. ඡේ. බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ මත මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වේ.

No comments:

Post a Comment