Thursday, June 18, 2015

දුම්වැටියක විෂ රසායන ද්‍රව්‍ය 4000 ක්‌ දුම්පානය කරන්නන් අතර සිටින අයත් රෝගී වෙනවා

දුම්වැටියක විෂ රසායන ද්‍රව්‍ය 4000 ක්‌
දුම්පානය කරන්නන් අතර සිටින අයත් රෝගී වෙනවා

කල්මුණේ - ආර්. ශ්‍රී්‍රවේල්රාජා

මත්ද්‍රව්‍ය භාවිතය නිසා අද විශාල පිරිසක්‌ විනාශ වෙලා. බොහෝ පිරිසක්‌ මත්ද්‍රව්‍ය පරිහරනය කිරීFමන් නරක පුරුදු රැසකට ඇබ්බැහි වෙලා සිටිනවා යෑයි කල්මුණේ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. ඩබ්. ඒ. ගµdර් මහතා කල්මුණේ µdතිමා ජාතික පාසලේ පැවති සිසුන් අතර දුම්පානය තුරන් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ගµdර් මහතා (

අද පාසල් සිසුවා හෙට දිනයේ නායකයෙක්‌ වෙනවා. එවැනි නායකයන් මුල් කාලයේ සිටම හොඳ සිරිත් විරිත් පුරුදු පුහුණු විය යුතුයි. එය පාසල් කාලයේ සිටම කර ගෙන යායුතු දෙයක්‌ යෑයි කීය.

වර්තමානයේ මත්ද්‍රව්‍ය භාවිතය ඉතාමත් වැඩිවී තිබෙනවා. මෙයට ලක්‍ෂ සංඛ්‍යාත පිරිස්‌ ඇබ්බැහි වී මත්ද්‍රව්‍යවලට වහල් වී සිටිනවා. මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතයේ මුල් තැනක්‌ ගනුයේ දුම්පානයයි. මෙම පුරුද්ද කුඩා කාලයේ සිටම සමහරුන් පුරුදු වෙනවා. දුම්පානයට පුරුදු වුණොත් එයින් මිදීම ඉතාමත් අමාරු දෙයක්‌. දුම්පානයට ඇබ්බැහි වන පුද්ගලයන්ට එය අත්හැරීම ඉතා දුෂ්කරයි. දුම්පානය කරන්නන් පමණක්‌ නොව ඔහු ළඟ සිටින පුද්ගලයන්ටද මෙයින් හානිය වෙනවා. අවුරුද්දකට දුම්පානය කිරීමෙන් ලක්‍ෂ හයක පමණ පිරිසක්‌ මිය යනවා. එසේම දුම්පානය නොකර ඔවුන් ළඟ සිටින අය 60,000 ක්‌ පමණ මෙමගින් රෝගාතුර වෙනවා.

එසේම නීති විරෝධි ලෙස දුම්පානය කිරීම දිරිගන්වන පුද්ගලයන් අප අතර සිටිනවා. දුම්වැටියක විෂ රසායන ද්‍රව්‍ය 4000 ක්‌ පමණ අඩංගු වී තිබෙනවා. මෙම දුම්පානයට ඇබ්බැහි වූවන්ගෙන් 25% ප්‍රමාණයක්‌ එයින් මිදීමට සිතනවා. 75% ක්‌ දෙනා එම පුරුද්ද අත්හැරීමට නොහැකිව සිටිනවා. එම නිසා අප සිසුන් වශයෙන් මේ සියල්ල දැනගෙන යහපත් සමාජයක්‌ බිහිකිරීමට මුල්විය යුතු යෑයිද හෙතෙම පැවසීය.
 

1 comment:

  1. දුම්පානය පොතක් කියවලා දැන් පහසුවෙන් නතර කිරීමට පුළුවන්.ඒ පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.
    you can stop smoking easily and permanently just by reading a magic book. after reading this book you feel no temptation to smoke again.To download this book visit
    http://www.facebook.com/easywaysrilanka

    ReplyDelete