Monday, June 15, 2015

වැඩිහිටි දීමනා දින නියමයක්‌ නැතිව නවතී



වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ

අවුරුදු හැත්තෑවට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ගෙවනු ලබන මාසික දීමනා ගෙවීම දින නියමයක්‌ නොමැතිව කල්දමා ඇති බවත් සියලු විමසීම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් කරන ලෙසත් වේයන්ගොඩ තැපැල් ස්‌ථානාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත දන්වා සිටී.

මෙතෙක්‌ කාලයක්‌ රුපියල් දෙදහසක්‌ වන මෙම දීමනාව සෑම මසකම 05 වැනිදා ගෙවනු ලැබුවත් එය 15 දා තෙක්‌ කල්දමා ඇති බවට 5දා දන්වනු ලැබ තිබුණි. ඒ අනුව 15 දා තැපැල් කාර්යාලය වෙත පැමිණීයත් "වැඩිහිටි දීමනා ගෙවීම දින නියමයක්‌ නොමැතිව කල්දමා ඇතැයිද සියලු විමසීම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදුකරන්නැයිද දැන්වීම් ප්‍රදර්ශනය කර තිබුණි. මෙම දැන්වීම දුටු වැඩිහිටියෝ ඉන් අසරණව පිටව යනු පෙනුනි.
 

No comments:

Post a Comment