June 15, 2015 at 3:50 pm | lanka C news
මාතර සෙනග දැක එක්සත් ජාතික පක්‍ෂය හා ඔවුන් සමග දීග කන ශී‍්‍ර ලංකා
නිදහස් පක්‍ෂයේ ඇතැමුන් බිය පත් වී ඇති බවත් යහපාලන ආණ්ඩුවේ ඇමති කටු
සූප්පු කරන ශී‍්‍ර.ලනි.ප ඇමතිවරුන් ඊළග මහ මැතිවරණයේ්දී දේශපාලනයෙන්
විශ‍්‍රාම ගැන්වීමට පාක්ෂිකයන් කටයුතු කරන බව ස්ථිර බවත් බස්නාහිර පළාත් මහ
ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් අද රට තුළ පවතින මහින්ද රැල්ල වටහා ගෙන පාක්ෂිකන්ගේ ඉල්ලීම ඉටු කළ යුතු බව පවසන මහ ඇමතිවරයා පක්‍ෂය ජයග‍්‍රහණය කරා මෙහෙය විය හැක්කේ පාක්ෂිකයන්ගේ ඉල්ලීම ඉටු කිරීමෙන් පමණක් බව ඔවුන් වටහා ගත යුතුව ඇතැයි අවධාරණය කරයි.
අත්තනගල්ල මැතිවරණ බල ප‍්‍රදේශයේ ‘‘මහින්ද සමග පෙරට’ මැයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා පැවැති රැස්වීමකදී මහ ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙම රැස්වීම් මාලාව පැවැත්වුණේ ඌරාපොළ, වල්ගම්මුල්ල, අලවල, එල්ලක්කල, කළල්පිටිය, වේයන්ගොඩ, පාරමුල්ල, බෙම්මුල්ල, කළගෙඩිහේන යන ප‍්‍රදේශ වලයි. ඉතා විශාල පිරිසක් මේ සදහා සහභාගී වූහ.
ඌරා පොළ මංසන්දියේ පැවැති රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.
‘මාතර පසුගිය සිකුරාදා තිබුණු රැස්වීමටම ලොකු සෙනගක් ආවා. අපේ බලාපොරොත්තුව වන මහින්ද මහත්තයාත් ඇවිල්ලා ජනතාවට ආචාර කරලා ගියා. පහුගිය කාළෙම එක්සත් ජාතික පක්ෂයයි, ඔවුන් එක්ක දීග කනඅපේ සමහරුයි අහුවේ ඇයි මේ රැස්වීම් වලට මහින්ද මහත්තයා එන්නේ නැත්තේ කියලයි. මහින්ද මහත්තයා ඇවිල්ලා ජනතාවට ආචාර කරලා ගියාම දැන් මේ අය අහනවා ඇයි වේදිකාවට නැග්ගේ නැත්තේ කියලා. කලබල වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයටයි, යහපාලන ආණ්ඩුවට කඬේ යන අපේ අයටයි ඕන වෙලාවට නෙවෙයි එතුමා නිසි වෙලාවට අපේ වේදිකාවට ගොඩවේවි. මහින්ද මහත්තයා වෙනුවෙන් තියන මේ රැුස්වීම් වලින් පක්‍ෂය දෙකඩ වෙනවා කියලා මේ අය කියනවා. ඇත්තටම අපේ පක්‍ෂය දෙකඩ වෙනවා නම් දෙකඩ වෙන්නේ මහින්ද මහත්තයා හින්දා නෙවේ. පක්‍ෂයේ ඉ`දගෙන එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක දීග කන අපේම අය හින්දා.
මාතර සෙනග දැකලා එක්සත් ජාතික පක්‍ෂයටයි ඔවුන් එක්ක දීග කන අපේ අයටයි සහලෝලා උණ ගැනිිලයි ඉන්නේ. අර පිංසිරි ඇමතිතුමා මාතර රැස්වීමට කලින් කිව්වා 10,000 ක් වත් එන්නේ නෑ කියලා. එයාගේ ගේ ඉස්සරහා තිබුණු මේ රැස්වීමට දහදාහකටත් වඩා සෙනග හිටියා. දැන් පිංසිරි මහත්තයා පව්නොදී ඉල්ලා අස්විය යුතුයි. අද අපේ සමහර අය රනිල්ගේ යහපාලන ඇමති කටූ සූප්පනවා. ඒකෙන් වෙන්නේ රනිල්ගේ සුළුතර අගමැතිකම රැක ගන්න එක.
මාතර රැස්වීම තියෙන නිසා ඒ පැත්තේ අපේ දෙතුන් දෙනෙකුට ඇමති කටු හම්බුණා. මහින්ද සුළග හමන්නේ කොහොටද ඒ පැත්තේ අපේ අය කීප දෙනෙකුට ඇමති කටු දෙනුවා සූප්පන්න. ඒ තරමට ආණ්ඩුව මහින්දට බයයි. ජනාධිපතිවරණයට කලින් කිව්වේ ඇතිකම් තිහයි කියලා දැන් ඇමතිධූර 82 යි. අපි ඉල්ලලා තියෙනවා මීළ`ග රැස්වීම ගම්පහ තියන්න එදාට ගම්පහටත් ඇමති කටු දෙක තුනක් විසි කරාවි. රනිල්ගේ යහපාලන ඇමතිකටු සූප්පන අපේ ඇමතිවරු ගමට එනකන් තමයි අපේ පාක්ෂිකයෝ බලන් ඉන්නේ. ඔවුන් දන්නවා මේ අයට සලකන්න ඕනේ විදිය. ඊළග මැතිවරණයේදී රනිල්ගේ ඇමති කටු සූප්පන අපේ ඇමතිවරුන්ව සදහටම දේශපානයෙන් අතු ගා දමන්න අපේ පාක්ෂිකයෝ සූදානම්.
අපි මහින්ද ගෙනෙන මේ සටන කරනකොට අපේම අය කියනවා අපි පක්‍ෂය කඩන්න හදනවාලූ. මහින්ද එක්ක ඉන්නේ හොරු, තක්කඩි, බුකි කාරයොලූ, එතනෝල් කාරයෝලූ, තව කියනවා පක්ෂය ඇතුලේ ඉදන් විවේචනය කරන්න එපා කියලා. හොරු, තක්කඩි රනිල්ගේ යහපාලනයට මුක්කු ගහන උදවිය තමයි නැතුව අපි නෙවේ.
අද පක්ෂය පිරිසිදු කරන්න පක්ෂය ඇතුලේ ඉදන් විවේචනය කරන එපා කියලා අපට කියන උදවිය පහුගිය කාලේ කොහොද හිටියේ මම අවුරුදු 15 ඉදලා තාත්තත් එක්ක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ දේශපාලනය කරනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හදපු බණ්ඩාර නායක මහත්තයාගේ දුව පුතා පක්ෂය දාලා ගියා. හැබැයි මමවත් මගේ තාත්තා වත් පක්ෂය දාලා ගියේ නෑ. අපි හැම වෙලාවේම පාක්ෂිකයොත් එක්ක හිටියා. මහින්ද මහත්තයාත් කවදාවත් පක්ෂය දාලා ගිහින් නෑ. ඒ නිසා මේ පක්ෂය විනාශ කරන්නේ වෙන් වෙන පක්ෂ වල ලැගලා අපහු අපේ පක්ෂයට ආපු උදවියයි. ඒ අයට තමයි පක්ෂය පිරිසිදු කරන්න අලූත් රුදාවක් හැදිලා තියෙන්නේ අපි මේ පක්ෂයේ හැමදාම හිටපු අය. අපේ පක්ෂයේ නායකයා වුණත් පාක්ෂිකයාගේ මතයට ගරු කරන්නේ නැත්නම් ඒ විවේචනය කිරීමේ අයිතිය අපට තියෙනවා.
ඒ අපි මේ පක්ෂය දිවිහිමියෙන් රැකගත් නිසයි. පක්ෂය ඇතුලේ ඉදන් පක්ෂය විවේචනය කරන්න එපා කියන උදවිය ම තමයි පක්ෂයේ අනුශාසක වන මහින්ද මහත්තයාවත් පහුගිය අපේ ආණ්ඩුවත් විවේචනය කරන්නේ. චන්ද්‍රිකා මැතිණියගේ බෑග් එකේ කැමරාවක් තිබෙනවා යැයි කියූ රවී කරුණානායකලත් එක්ක එකට වඩා වෙලා මහින්ද මහත්තාට බනින්නේ කොහොමදැයි මා දන්නේ නෑ. 1994 දී චන්ද්‍රිකා මැතිණිය කිව්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හොරුන්ව උල තියනවා යැයි කියලා. එදා හොරු යැයි කියූ එක්සත් ජාතික පක්ෂයත් සමග එතුමිය දීග කන්නේ කෙසේ දැයි මට නම් වැටහෙන්නේ නෑ.
අපිට රනිල් මෛතී‍්‍ර ආණ්ඩුවක් අවශ්‍ය නෑ. ජාතික ආණ්ඩුුවකට මුක්කු ගහන්නත් අපි සූදානම් නෑ. මම රනිල් එක්ක එකතු වුණු ශී‍්‍ර ලංකා යූ.ඇන්.පී හවුලකට සම්පූර්ණයෙන් විරුද්ධයි. එවැනි ආණ්්ඩුවක් හදන්න උදව් කරනවාට වඩා හොදයි දේශපාලනයෙන් සමු අරගෙන ගෙදරට වෙලා නිදා ගන්න එක. අපිට අවශ්‍ය රට ගොඩනගන අගමැතිවරයෙක්. රට පාව දෙන අගමැතිවරයෙක් නෙවේ. මෛතී‍්‍ර, රනිල් ආණ්ඩවකින් මේ රට ගොඩනගන්න බෑ.
මහින්ද අගමැති තබා මන්තී‍්‍ර කෙනෙක් වත් වනවාට තමන් කැමති නැතැයි අපේ පක්ෂයේ සභාපතිතුමා කියූ බව මාධ්‍යය වල වාර්තා වුණා. අද රටේ තිබෙන්නේ එක රැල්ලයි ඒ මහින්ද රැල්ල පමණයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඩාර්ලි පාරේ තියෙන් බොර්ඞ් එක වත් තට්ටු හතරේ ගොඩනැගිල්ලවත් නෙවෙයි. පක්ෂය කියන්නේ පාක්ෂිකයෝ ඒ නිසා පාක්ෂිකයන්ගේ් අවශ්‍යතාව තේරුම් නොගන්නා නායකයන්ට පක්ෂය තුළ පැවැත්මක් නෑ. මෛතී‍්‍රපාල සිරිසේන අපේ පක්‍ෂ සභාපතිතුමා මේ තත්වය වටහා ගනීවි කියලා අපි විශ්වාස කරනවා කොහොම වුණත් එතුමා මහින්දට අවස්ථාව දුන්නොත් එහෙමයි. නොදුන්නොත් මෙහෙමයි. අපි ඕනෑම දේකට ඔට්ටුයි.
– ප‍්‍රදීප් අනුර කුමාර
No comments:
Post a Comment