June 15, 2015 at 6:42 pm | lanka C news
යහපාළන ආණ්ඩුවේ මෙගාඩීල් ඇමති කවුදැයි පළාත් සභා මන්ත‍්‍රී උදය
ගම්මන්පිල මහතා අල නාරාහේන්පිට අභයාරාමයේ පැවති මධ්‍ය හමුවකදී හෙළි කලේය.‘අද දවසේ විශේෂෙ හෙළි දරව්ව තමයි මේ මොහොතේ ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් දෙදෙනෙකු සිටීමයි. කොහොමද එහෙම වෙන්නේ. අපේ ආණුඩුක්‍රම ව්‍යවස්තාවේ 47වන වගන්තිය යටතේ අගමැති ධූරය පුරප්පාඩු වන්නේ ක්‍රම තුනකට පමනි. පළමු ක්‍රමය තමයි ජනපති වරයා ලිඛිතව අගමැතිවරයා ඉවත්කළ බව ඔහුට දැනුම් දීම. දෙවෙනි ක්‍රමය අගමැතිවරයා ලිඛිතව ඉල්ලා අස්වන බව ජනපති වරයාට දැනුම්දීම. තෙවන ක්‍රමය අගමැති වරයාගේ මන්ත්‍රි ධුරය අහිමි වීම.
2015 ජනවාරි 8 වෙනිදා අගමැති ධූරය දරපු දි.මු.ජයරත්න අගමැති වරයා අදටත් මන්ත්‍රීවරයෙක්. ඒ වගේම එතුමා කිසිවිටෙකත් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනපතිට බාරදීද නෑ. ජනපතිවරයාත් කිසි විටෙක එතුමා ඉවත්කළ බව දැනුම් දී නැහැ. පුරප්පාඩුවක් නැති තැනකට තවත් අගමැති වරයෙක් පත්කල නොහැකියි.
1975 මේ නීති ප්‍රශ්නය මේ විදිහට ඔස්ට්‍රේලියාවේද ඇති වුණා. ඔස්ට්‍රේලියාවේ එවකට අගමැති ගෆ් විට්ලර් ගෙ අයවැය සෙනට් සභාව විසින් සම්මත නොකිරීමෙන් රට ඉදිරියට කරගෙන යාමේ අර්බූදයක් ඇති වුණා. මොකද ඔහුගේ ආණ්ඩුවත් සුලුතර ආණ්ඩුවක් වුනා සෙනට් සභාවෙ. ඒ අවස්ථාවේ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් කල් විපක්ශ නායක මැල්කම් ප්ලේශ ගෙන්නල අගමැති තනතුරට පත්කලා. මේ අවස්ථාවේ රටේ ලොකු විවාදයක් ඇතිවුනා අගමැති කෙනෙක් ඉදිද්දි තවත් අගමැති කෙනෙක් පත්කලේ කොහොමද කියලා. නීති විශාරදයන් පෙන්නා දුන්නා අගමැතිවරු දෙන්නෙක් පත්කිරීම නීත්‍යාණුකූල නොවන බව. ඒ අනුව ඒ වනවිට හෙම්බත්වෙළා හිටිය ගෆ් විට්ලර් හිටපු අගමැතිතුමා ප්‍රකාශයක් කළා ආණ්ඩුකාර වරයා තමන් කැදවා තමන් ඉවත්කරන බව දැනුම් දීලයි මැල්කම් ප්ලේශ පත්කලේ කියල. ඒ අනුව අර්බූදය විසදුනා.
ඒ විවස්ථාවේ ආණ්ඩුකාරයාට ඉවත්කළ හැක කියනවා මිසක ලිඛිතව දැනුම්දිය යුත්‍රයි කියා නැහැ. ශ්‍රී ලංකා ආණුඩුක්‍රම ව්‍යවස්තාවේ 47 වන වගන්නතිය උල්ලංඝනය කරමින් තමයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙන්නේ. එහෙනම් දි.මු.ජයරත්න මැතිතුමා මමයි අගමැති කිව්වොත් ඇත්තෙන්ම මේ රටේ අගමැති දි.මු ජයරත්න මැතිතුමායි. මොකද ජනපතිට පත්කල හැක්කේ අගමැති වරයෙක් මිස අගමැති වරුන් නොවෙයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටට සිටිය හැක්කේ එක් අගමැති කෙනෙකුයි. මේ කාරනය දැනගෙන දෝ දි.මු. ජයරත්න මැතිතුමා මමයි අගමැති කියන එක නිහඩ කරන්න තමයි එතුමා ජනපති උපදේශක කරල තියෙන්නේ. හබැයි එතුමා තවමත් මේ රටේ අගමැති වරයා. රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමා ව්‍යවස්ථාවට අනුව රටේ අගමැති නොවෙයි. ඒ නිසා ඔබතුමා ඔබට හිමි විපක්ශනායක පුටුවට යන්න කියලා අපි කියනවා.
අපේ චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනපති තුමිය කියනවා එතුමියගෙ ජාතිය එතුමිය දන්නෙ නැතිලු. බණ්ඩාර නායන ශ්‍රීමතානන්ටත් එම මැතිණියටත් කවදාවත් සිය ජාතිය පිළිබදව ගැටලුවක් තිබුනේ නැහැ. චන්ද්‍රිකා මැතිනියට එය විශ්වාස නෑ කියන්නේ එතුමිය බණ්ඩාරනායක යුවලගේ දරුවෙක් නොවන බව එතුමියට දැනිල තියෙනවා. අපිටනමි ඔය සැකය හැමදාමත් තිබුනා. එතුමියට පරක්කුවෙලා හරි ඒ සැකය ඇතිවීම ගැන අපි සතුටු වෙනවා. එය රටට ප්‍රකාශ කරලා අර වටිනා අම්මගෙ තාත්තගෙ නම්බුව බේරාදීම ගැන අපි චන්ද්‍රිකා මැතිනියට ස්තූති වෙනවා. අවාසනාවකට එතුමියට ඒ සැකය එනවිට බන්ඩාරණායක යුවලම ජීවතුන් අතර නෑ. නැතිනම් අපිට එතුමියගේ සැබෑ දෙමවුපියන් සොයාදෙන්න තිබුනා.
මීලගට අපිට මතකයි ජනපතිවරණ සමයේ මෙගා ඩීල් ගැණ කතාකල ඇමති කෙනෙක් හිටියා. ලිපි ගොණු අරගෙන රූපවාහිණී සංවාද වලට ඇවිත් මෙගා ඩීල් ගැන කතා කරපු රණවක ඇමතිතුමන්ට පසු කාලීනව එක මෙගාඩීල් එකක් තබා සිගිති ඩීල් එකක් වත් වුන බව හෙළිකර ගන්න බැරි වුනා.
එතුමට සිගිති ඩීල් එකවත් ඔප්පුකරන්න බැරිවුනාට මේ රටේ දැන් මෙගා ඩීල් වුනා කියල ඔප්පු කරගන්න ඕන නිසා එතුමා මෙගා ඩීල් එකකට අත තබා තිබෙනවා. මොකක්ද එතුමා මැදිහත්වී මේ කෙරෙන ජාවාරම.
පසුගිය අප්‍රියෙල් මාසෙ 08 වෙනිදා ටෙන්ඩර් කැදවා අවසන් කලා ගල් අගුරු මෙට්ට්‍රික් ටොන් 6 75000 මිලදී ගැනීමට. මේ සදහා ආයතන 8ක් මිල ගණන් ඉදිරිපත්කර තිබුණා. ඒකෙන් ලිනෙක්ස් කෝපරේශන් ලිමිටඩ් / ස්වෙක් ඒ.ජී. සහ ලිබර්ටි කොමොලටීස් කියන සමාගම් තුනේ ප්‍රධාන ගනයේ අඩුපාඩු තිබුණ නිසා ටෙන්ඩර් ප්‍රතික්ශේප වුණා. ඒ අනුව තවත් සමවාගම් 05ක් ඉතුරුයි. මේ පහෙන් විටෝල් ඒෂියා ප්‍රයිවෙට් ලිමිටඩ් කියන ආයතනය ඉදිරිපත් කරපු ටෙන්ඩරය අතීත පලපුරුද්ද සනාත කරන්න ලිය කියවිලි ඉදිරිපත් නොකිරීම නිසා ප්‍රතික්ශේප වුණා. තව 4ක් ඉතිරි වුනා. අපේ ප්‍රසම්පාදන මාර්ග උපදේශණ අනුව අඩුපාඩු නැති සක්ක්‍රීය මිල ඉදිරිපත් කිරීමි එකක් තිබුනත් එයට ටෙන්ඩරය ලබාදිය යුතුයි. දැන් මෙතන හතරක්ම තියෙනවා. එසේ තිබියදී අමාත්‍ය වරයා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනවා නීතිය අනුව ප්‍රතික්ශේප වුන තුණකුත් මිල ගණන් සදහා සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලයේ අණුමැතිය ඉල්ලල.
මේ හරහා අපිට නිගමන දෙකකට එන්න පුලුවන්. පළමු නිගමනය තමයි ඇමතිවරයාට ටෙන්ඩරය ලබාදිය යුතු සමාගම තාක්ශණික කමිටුව නිර්දේශ කරපු සමාගම් හතර තුල නෑ. ඒක තියෙන්නේ අර ප්‍රතික්ශේපිත හතරේ. ඒ නිසා අර ප්‍රතික්ශේපිත සමාගම්වල මිල ගණන් සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අවසරය ඉල්ලනවා කියලා. දෙවෙනි කාරණය තමයි මේ අමාත්‍ය මණ්ඩලයෙන් අවසර ඉල්ලන ක්‍රියාවලිය ණීති විරෝධීයි.
ඒ හරහා නිසිලෙස ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම් 4කට අසාධාරණයක් වෙනවා. ඒ නිසා මේ සමාගම් 4ට අධිකරණයට යා හැකියි. අධිකරණය තහනම් නියෝගයක් දීල මේ මිළදී ගැනීම නතර කලොත් ගල් අගුරු බළාගාර දුවල විදුලිය සැපයීම අඛන්ඩව සිදුකල යුතු නිසා ලංකා විදුලිබල මංඩලයට සිදුවෙනවා දැනට සැපයුම් කරන සමාගමෙන්ම මිලට ගන්න. තමුන්නාසෙලාගේ දැන ගැනීම පිනිස කියන්න ඕනි 2010 ගල් අගුරු සදහා ටෙන්ඩරයකින් සැපයුම්කරුවෙකු තෝරාගත් පසු අද දක්වාම අලුත් ටෙන්ඩරයක් අරගෙන නෑ. දෙපාරක්ම ටෙන්ඩර් කැදවා තාක්ෂණික දෝශ සහිත සැපයුම් කරුවන් තෝරා ගත්තා. තමන් හට ටෙන්ඩරය ලැබිය යුතුයි කියාගෙන අනෙක් කෙනා අධිකරණයට ගියා. ටෙන්ඩරය අවලංගු වෙනවා. 2010 සැපයුම් කරුගෙන්ම මිලදී ගන්නවා. 2010 මිල අද මිල වගේ දෙගුණයක්. අද ළෝක වෙළදපොලේ තාප ජනන ගල් අගුරු මිල 2010 මිලෙන් හරි අඩකට ආසන්නයි.
එහෙම නම් දෙවෙනි නිගමනය තමයි පවතින මිල මෙන් දෙගුණයක මිලටම 2010 සිට සපයන සැපයුම්කරුට තව දුරටත් සැපයීමට අවස්ථාව සැලසීම සදහා මේ ටෙන්ඩරය අධිකරණය මගින් අවලංගු කරගැනීමේ කූට චේතනාවෙන් මේ නිතිමය වරද කරමින් ප්‍රතික්ශේපිත ටෙන්ඩර් කරුවෙකුට මෙය ලබාදීමට කටයුතු කරන බව අපිට නිගමනය කල හැකි. මේ නිගමන දෙකෙන් කුමක් නිවැරදි වුනත් මෙය මෙගා ඩීල් එකක් වෙනවා. ඒ නිසා ගරු මෙගා ඩීල් ඇමතිතුමනි මෙය මෙගා ඩීල් එකක් නොවන්නේ කෙසේදැයි ජාතියට පහදාදීම ඔබතුමා සතු කාර්යක්.
මේ රට 1983 දී ඇති වුණා වගේ ජාතිවාදි කෝලහාලයකට තල්ලූ කරමින් මේ රට ලේ විලක් කරලා, රට අස්ථාවර කරලා ඒ හරහා ආණ්ඩුව කරගෙන යාමට ආණ්ඩුව උත්සහ ගන්නවාය කියලා අපිට සධාරණ සැකයක් ඇතිවේලා තිබේනවා. අපි දන්නවා කොටි සංවිධානයට සෘජුවම ආධාර සැපයිම නිසාම ගෝලිය දෙමළ සන්සදයේ එමැනුවල් පියතුමා නායකත්වය දරන සුරේන් සුරෙන්ද්‍රන් කියන ක‍්‍රියාකාරි නායකයෙක් සිටින ගෝලිය දෙමළ සන්සදය ශ‍්‍රි ලංකාවේ තහනම් සංවිධානයක්. මේ සුරේන් සුරෙන්ද්‍රන් තමයි පසුගිය ජනාධිපති සමයේ අපේ කොටි සංවිධානයේ නායකයන් මරා දැමිම සම්බන්දයෙන් ජනපතිවරනයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදුනාම අපි ඔහු එල්ලා මරනවා කියලා ප‍්‍රසිද්දියේ ප‍්‍රකාශ කලේ.
මේ සුරේන් සුරෙන්ද්‍රන්ව ශ‍්‍රි ලංකාවේ තහනම් සංවිධානයක්, මහින්ද රාජපක්ෂ මැතිතුමා ඝාතනය කරනවා කියලා වාසි බස් දෙඩු නායකයෙක් ඉන්න සංවිධානයක් මේ සංවිධානයේ නායකයින්ව වර්ථමාන විදේශ ඇමතිතුමා ලන්ඩන් නුවර දී හමුවෙනවා. මේ සකච්චා වලට ලංකාවේ ඊනියා සම ක‍්‍රියාවලියේ කපුවා වන නොර්වේ එරික් සොල්හයිම් සම්බන්ධ වෙනවා, දෙමළ ජාතික සන්ධනයේ සුමන්දිරම් මන්ත‍්‍රිවරයා සම්බන්ද වෙනවා, දකුණු අප‍්‍රිකානු සහ සුවිස් රාජ්‍යන්ගේ විශේෂ රාජ්‍ය නියෝජිතයන් සම්බන්ද වෙනවා. මේ තහනම් සංවිධාන සමග විදේශ රට වල රාජ්‍ය නියොජිතයන් මංගල සමරවිර ඇමතිවරයා කළ සකච්චාව කුමක් ද? මේ තහනම් සංවිධානය සමග සකච්චා පැවැත්විමට ජනාධිපතිවරයා හා ඇමතිමණ්ඩලය අවසර දී තිබෙනවා ද? ජනපතිතුමනි සපත්තු තෝරමින් ඔබට නිස්කලන්කව ඉන්න කාලයක් ඔබට නැහැ.
ඔබේ ඇමතිවරුන් කොටින් සමග එකතු වී මේ රට යළි ලේ විලක් කරන්න පිඹුරුපත් අදිනවා. එකට හොදම නිදසුන තමයි මේ දෙමළ බෙදුම්වාද බලවේග වල සැනකෙළියක් හා සම්මන්ත‍්‍රනයක් නුදුරු ආනාගතයේ දී කොළඹ දී පැවැත්විමට විදේශ ඇමතිවරයා පොරොන්දු වී තිබෙනවා. අමතක කරන්න එපා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝගෙම බෝම්බ කොළඹ නගරයේ පිපිරුනේ මේ ජත්‍යන්තර බෙදුම්වාදින් එව්ව මුදල් වලින් ගත්ත බොම්බ වලින්. අපේ රණවිරුවන් මීණිපෙට්ටියෙන් ගෙදර අවේ මේ බලවේග එව්ව මුදල් වලින් ගත්තු ආයුධ නිසා. අපේ අනාරක්ෂිත ගම් වලට පැණලා ජිවිත විනාශ කරපු කොටින්ට අවශ්‍ය ඒ එඩිය සපයන පුහුණුව ලබා දුන්නේ මේ බලවේග එවුව මුදල් වලින්. මේ රට ලේ විලක් කල, මේ රටේ ජනතාවගේ ආදරනිය පවුලේ සමිපතයන්, මිතුරන් ඔවුනට අහිමිකළ සංවිධානයකට කොළඹට ඇවිත් සැනකෙළියක් පැවැත්වීම අවස්ථාව දිමෙන් ජනතාව තුළ සැකයක්, අවිශ්වාසයක් හා වෛරයන් ගොඩනැගෙන්න කාරනයක් වෙනවා.
ඇයි දෙමළ බෙදුම්වාදින්ට මේ වැනි දේ කරන්න අවස්ථාවක් දෙන්නේ කියලා වර්ථමාන ජනපතිගෙන් හා අගමැතිගෙන් අපිට අහන්න සිද්ද වෙනවා. මේ වැනි දේකට ඔබට ජනවරමක් තිබේනවද කියලත් අහන්න කැමතියි. ඒ වගේම අපි දන්නවා ස්වාමිනාදන් අමත්‍යතුමා අමත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරමින් මිය ගිය කොටි සමාජිකයන් 30000කට අධික සංඛ්‍යාවකය ඔබේ බදු මුදලින් වන්දි ගෙවිමට අමත්‍ය මණ්ඩල අවසර ඉල්ලා තිබෙනවා. වන්දියක් යනු අපෙන් අන් අයෙකුට සිදු වු වරදකට ගෙවනු ලබන මුල්‍යම ප‍්‍රතිලාභයක්. වුණු වරදට සමාව ගැනිම තමයි වන්දිය කියන්නේ. ඒ වගේම අපි දන්නනවා ත‍්‍රස්ථවාදි බොම්බයකට ගොදුරු වුන සමාන්‍ය ජනතාවට රජය විසිනි වන්දියක් පිරිනමනවා. ජනතාවට ආරක්ෂාව සැපයිමට රජයට නොහැකිවේ වරද පිළිගෙනයි ඒ වන්දිය ගෙවන්නේ. දෙදෙනෙක් අතර ගැටුමකදි තුවාලකරුට තුවලකල පුද්ගලයා විසින් වන්දියක් ගෙවනවා. හැබැයි ලෝකයේ කිසිම රටක් ත‍්‍රස්ථවාදින්ට වන්දි ගෙවා නෑ. 2001 දී නව්යොක් නුවර ලෝකවෙළද මධ්‍යස්ථානය විනාශ කිරිමට පැමිණ මියගිය අල්කයිඩා ත‍්‍රස්ථවාදිනට ඇමරිකාව වන්දි ගෙවුවේ නැ. 2008 දී ඉන්දියාවේ මුම්බායි නගරය පුරා බොම්බ පත්තුකළ ඒ ප‍්‍රහාරයෙන් මියගිය කාශ්මිර ගරිල්ලන්ට ඉන්දිය රජය වන්දි ගෙවා නෑ. ශ‍්‍රි ලංකා ආණ්ඩුව කොටි ත‍්‍රස්ථවාදිනට වන්දි ගෙවනවානම් ඊට පෙර සිරගෙවල් වල සිටින සියළුම සිරකරුවන් නිදහස් කළ යුතුයි. ඊට හේතුව කොටි සංවිධානය තරම් කිසිම සිරකරුවෙක් මේ මව්බිමට මේ රටට හානියක් කල නැති නිසායි’
– අරවින්ද අතුකෝරල
No comments:
Post a Comment