Wednesday, June 17, 2015

වෙනස සැපද? - යුතුකම සම්මන්ත්‍රණය අද මහජන පුස්තකාලයේදී

කතෘ:යුතුකම     6/18/2015   No comments

රටේ වත්මන් දේශපාලන තත්වය සහ රටේ ඉදිරි ගමන් මග පිළිබඳ 'යුතුකම සංවාද කවය’ විසින් පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය “වෙනස සැපද?" යන මැයෙන් ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා (අද) සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් මෙහි මුලසුන දරන අතර ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහොන් සමරනායක , ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් විසින් විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිතය.

සහභාගි විය හැකි සැමට මේ අවස්ථාවට සහභාගී වන ලෙස ‘'යුතුකම සංවාද කවය’ සංවිධායක මණ්ඩලය ඇරයුම් කර සිටී.

වැඩි විස්තර යුතුකම වෙබ් අඩවියෙන් (www.yuthukama.com) සහ යුතුකම ෆේස්බුක් පිටුවෙන් https://www.facebook.com/yuthukama ලබාගත හැක.

No comments:

Post a Comment