මහින්ද අගමැති අපේක්‍ෂකයකු ලෙස වෙනම ඉදිරිපත් වීම ස්ථිරයි !
- ඔහුට ශ්‍රීලනිප අගමැති අපේක්‍ෂකත්වය
ලබා දෙන බව බොරුවක්
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා
නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මහතාට ලබා දීම සිදු වන දෙයක් නොවේ යැයි සන්ධානයේ නවතම ආරංචි මාර්ග කියා
සිටී.
හිටපු ජනාධිපතිවරයා සන්ධානයේ මැතිවරණ කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්ත ඇතත් මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකත්වය ලබාදීමට කැමැත්ත පළ නොකරනු ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (16 දා) පදනම් ආයතනයේදී පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම් හමුවේදී මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකත්වය හිමිවනු ඇති බවට මත පළවුණද එය සත්‍යක් නොවන බවට මේ වන විට මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය වෙත ද දැනගන්නට ලැබී ඇත .
ඒ අනුව සන්ධානය සමඟි සම්පන්නකොට දිනවීම සඳහා පෙරේදා පත් කළ සය පුද්ගල කමිටුව හුදෙක් නාමික කමිටුවක් පමණක් බවට පත්වනු ඇතැයිද පැවසේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම පත් කළ එම කමිටුව පෙරේදා රාත්‍රියේදීම විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසේදී රැස්‌වී ඇති අතර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක වශයෙන් නම් කරන්නේ නම් පමණක් ඉදිරි කටයුතු පිළිබඳව සක්‍රීය ලෙස දායක වීමට එහිදී ඒකමතිකව තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ලැබෙන ආරංචි අනුව ද පැවසෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකත්වය ස්‌ථීර වශයෙන්ම නොලැබෙනු ඇති බවයි .මේ තත්වය හමුවේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයකු වශයෙන් වෙනම ඉදිරිපත් වනු ඇතැයි ද ඒ මහතාට සමීප ආරංචි මාර්ග කියා සිටී.

Thursday 18th June 2015, 6:46am, 40 views
No comments:
Post a Comment