Thursday, June 18, 2015
මීළඟ ඡන්දයත්....................
මීළඟ ඡන්දයත් 20 යටතේම තියන්න
- ශ්‍රීලනිප මන්ත්‍රීහු ජනපතිගෙන් ඉල්ලති
ජනිත සෙනෙවිරත්න
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගතහොත් ඉදිරි මහා මැතිවරණයද ඒ යටතේම පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.
20 වන සංශෝධනය යටතේ මනාප ක්‍රමය අහෝසි කර ආසන ක්‍රමයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරා පත්කර ගැනේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් අවසන් තීරණයක් ගෙන නැත.
එක්‌සත් ජාතික පක්‌ෂය ඇතුළු තවත් පක්‌ෂ ගණනාවක් පැරණි ක්‍රමයටම ඉදිරි මහා මැතිවරණය පවත්වන්නට කැමැත්තෙන් පසුවෙති.
මීළඟ ඡන්දය පැරැණි ක්‍රමයටමයි
- කැබිනට් මණ්‌ඩලය තීරණය කරයි
පියසේන දිසානායක
නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි සංශෝධනය සම්මත කර පැරැණි ක්‍රමය යටතේ ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු බවට පෙරේදා (17 දා) රැස්‌වූ කැබිනට් මණ්‌ඩලය තීරණය කර ඇත.
එළඹෙන මැතිවරණයෙන් පසු බලයට පත්වන පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමෙන් අනතුරුව පවත්වන මැතිවරණයේ සිට නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය වී තිබේ.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධවත් එහි නව මැතිවරණ ක්‍රමය පිළිබඳවත් කැබිනට් රැස්‌වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment