මේ මජර ආණ්‌ඩුව ගෙදර යෑවිය යුතුයි
- ජවිපෙ නායක අනුර දිසානායක
අජිත් අලහකෝන්
පරාජය වූවන්ට ඇමැති තනතුරු දෙමින් ජනවරමට පිටුපාන මෛත්‍රී - රනිල් මජර ආණ්‌ඩුව ඉතා ඉක්‌මනින් ගෙදර යෑවීම සඳහා වීදි බැස සටන් කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයෝ ඊයේ (18 දා) කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී ජනතාවට ප්‍රතිඥ දුන්හ.
තම පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ එජනිස ආණ්‌ඩුව පරාජය කිරීම සඳහා ද වීදි බැස සටන් කළ බව කී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ දේශපාලන මණ්‌ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත යන මහත්වරු ඔද්දල් වෙමින්, පල්වුණ වර්තමාන මජර ආණ්‌ඩුවද විසිරුවා හැර ඉක්‌මනින් මැතිවරණයකට නොගියොත් මෛත්‍රී රනිල් හවුල අවසන් කිරීමට පෙළගැසෙන බවද කීහ.
දහස් ගණනක පිරිසක් සමග සටන්පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පුංචිබොරැල්ලේ සිට කොළඹ කොටුව දක්‌වා ඊයේ පස්‌වරුවේ පා ගමනින් පැමිණි ජවිපෙ නායකයෝ ක්‍ෂණිකව සෑදූ අට්‌ටාලයක් මත නැඟී ජනතාවට ප්‍රතිඥ ලබා දුන්හ.
රට අරාජික වෙලා. ජනවරමක් නොමැති දෙදෙනෙක් රටේ අගමැතිවරයා සහ විපක්‍ෂ නායකයා බවට පත්වෙලා. පාර්ලිමේන්තුව රැස්‌වෙන්නේ මියගිය මන්ත්‍රීවරුන් ගැන ශෝක ප්‍රකාශ කරන්න විතරයි. පනත්, නීති කිසිවක් විවාද කෙරෙන්නේ නැති පාර්ලිමේන්තුව අද ශෝක කළාපයක් බවට පත්වෙලා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපට ලබාදුන් දින වකවානු අනුව නම් මේ වන විට හත් අට වතාවක්‌වත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෑ. ඒත් පාර්ලිමේන්තුව විසුරුවා නොහැර ජනාධිපතිවරයා තම පක්‍ෂයේ බලය තහවුරු කරගන්න කල් මරනවා. තම පක්‍ෂය ආර්ථික විශේෂඥයන්ගෙන් පිරී ඇති පක්‍ෂයක් බවට රනිල් වික්‍රමසිංහ පම්පෝරි ගැහුවට අද රටේ ආර්ථිකය පිරිහිලා යෑයි ද අනුර කුමාර දිසානායක මහතා කීවේය.
No comments:
Post a Comment