Tuesday, June 16, 2015

ජනපති මෛත‍්‍රී ලෝකය දිනා විදුලි පුටුව ඈත් කලා.. දැන් වීරවංශ කතා කරන්නේ අගමැති පුටුව ගැනයි..

June 16, 2015 at 11:20 am | lanka C news

ජනපති මෛත‍්‍රී ලෝකය දිනා විදුලි පුටුව ඈත් කලා.. දැන් වීරවංශ කතා කරන්නේ අගමැති පුටුව ගැනයි.. ජනපති මෛත‍්‍රී ජාත්‍යන්තරය දිනා විදුලි පුටුව ඈත් කර ඇති බව ඇමැති ගාමිණී විජිත් විජයමුණි මහතා බිබිල මැදගම ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.
‘පසුගිය කාලේ අපේ රටේ ජාතිවාදී ලයින් එකක් ගියා. ඒකට විරුද්ධ වුණා. මේ ශ‍්‍රීලනිප කියන්නේ ජාතිවාදී පක්ෂයක් නෙවෙයි. මේකේ හොද මුස්ලිම් නායකයෝ හිටියා. සී.ඩබ්.ඩබ් කන්නන්ගර මහතා තමයි අධ්‍යාපනයේ පියා. ඩබ්.පී මොහොමඞ් තමයි හොදම අධ්‍යාපන ඇමැතිතුමා. මම ඒක බය නැතිව කියනවා. ජාතිවාදය අවුස්සා කළ වැරදි වලට ජනතාව ද`වම් දුන්නා. මේ රජය කරගෙන යන්න අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දුන්නා.
එදා අපිට මහින්ද මහත්තයවත් බැසිල් රාජපක්ෂ මහත්තයවත් අනාගතය පිළිබද මග පෙන්වීමක්වත් කළේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ අගමැති ආරක්ෂා කරන්න නෙමෙයි අපි එකතු වුණේ.
විමල් වීරවංශ ශ‍්‍රී ලංකාවට එල්ල වෙමින් තිබූ විදුලි පුටු භීතිකාව ගැන කථා කරන්නේ නෑ. අගමැති පුටුව ගැනයි කථා කරන්නේ. මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා විදුලි පුටුව ටිකක් ඈත් කළා’ යයිද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment