Tuesday, June 16, 2015

යහපාලන මාස හයට කෝටි 28,200ක් ණය අරන්

June 16, 2015 at 12:00 pm | lanka C news

යහපාලන මාස හයට කෝටි 28,200ක් ණය අරන් ජනවාරි මාසයේ සිට මේ දක්වා ආණ්ඩුව රුපියල් කෝටි 28,200 ක ණය ලබාගෙන ඇති බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ගිය 2014 වසරට ණය ලබා ගෙන ඇත්තේ රුපියල් කෝටි 26,000ක් පමණක් බවත්, එම මුදලින් ඩොලර් බිලියන 1.5 ක් ලබාගෙන තිබෙන්නේ 5.125% ක පොලියකට බවත්ය.bandula-fix
ඩොලර් මිලියන 650ක ණයක් මෙම ආණ්ඩුව ලගබා ගෙන ඇත්තේ 6.125.% පොලී අනුපාතයකට යයිද පවසන ඒ මහතා ගිය වසරේ ගත් ණය මුදලින් රට සංවර්ධනය කළද මේ ආණ්ඩුව මෙතරම් ණය ලබාගෙන ඩොලරය ස්ථාවරව පවත්වාගෙන යාමටවත් නොහැකිවී ඇතැයිද සදහන් කළේය.
7,249 Viewers

No comments:

Post a Comment