Wednesday, June 17, 2015

බන්දුල එක්ක විවාද බෑ.. මා සම වන්නේ මහින්දටයි.. විවාදය ඔහු සමඟ පමණයි..

June 17, 2015 at 1:20 pm | lanka C news

බන්දුල එක්ක විවාද බෑ.. මා සම වන්නේ මහින්දටයි.. විවාදය ඔහු සමඟ පමණයි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමඟ තමන් ආර්ථාකය සම්බන්ධයෙන් විවාදයකට සූදානම් නැති බවත් ගිය රජයේ මුදල් ඇමතිවරයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පමණක් විවාද කිරීමට සූදානෙම් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
කොළඹදී පැවති මාධය හමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ පසුගිය වසර 12ක කාලයක් මෙරට ආර්ථිකයට සිදු කළ හානිය සම්බන්ධයෙන් වගකිව යුත්තා වෙනුවට වෙනත් පාර්ශ්ව සමඟ විවාද කිරීමට තමන් සූදානම් නැති බවයි.

No comments:

Post a Comment