Wednesday, June 17, 2015

ආන්ඩුව තවත් ඩොලර් මිලියන 500ක ණයක් ගැනීමට යෝජනා කැඳවයි

June 17, 2015 at 12:40 pm | lanka C news

ආන්ඩුව තවත් ඩොලර් මිලියන 500ක ණයක් ගැනීමට යෝජනා කැඳවයි වසර තුනකින් හෝ එයට වඩා වැඩි කාලයකින් කල් පිරෙන ලෙස පාවෙන හෝ ස්ථාවර පොලී අනුපාතයකට ඩොලර් මිලියන 500 ක් දක්වා ණය මුදලක් ලබාගැනීම සඳහා රජය විසින් ආයෝජන බැංකු වලින් යෝජනා කැඳවා තිබේ.
මේ පිළිබඳව දැනුම් දෙමින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (External Resources Department) සඳහන් කර තිබෙන්නේ මෙම ණය මුදලේ පොලී අනුපාතය මාස හයකට වරක් ගෙවන බවයි.
මෙහිදී, ආයෝජන බැංකු විසින් ඩොලර් මිලියන 100 ගුණාකාර වලින් උපරිමය ඩොලර් මිලියන 500 ක් දක්වා ජුනි 25 වනදාට පෙර ලංසු (bids) ඉදිරිපත් කළ යුතුය.

No comments:

Post a Comment